Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 2101-2200 න් 3932

776. ඒ බාහිර චිත්තසහභූරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර චිත්තසහභූරූප යි.
777. ඒ බාහිර චිත්තසහභූ නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසහභූ නො වූ රූප යි.
778. ඒ අධ්‍යාත්මික චිත්තානුපරිවත්ති නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තානුපරිවත්ති නො වූ රූප යි.
779. ඒ බාහිර චිත්තානුපරිවත්තිරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර චිත්තානුපරිවත්තිරූප යි.
780. ඒ බාහිර චිත්තානුපරිවත්ති නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තානුපරිවත්ති නො වූ රූප යි.
781. ඒ අධ්‍යාත්මික ඕළාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ඖදාරිකරූප යි.
782. ඒ බාහිර ඕළාරිකරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර ඖදාරිකරූප යි.
783. ඒ බාහිර සුඛුමරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර සූක්‍ෂමරූප යි.
784. ඒ අධ්‍යාත්මික සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සන්තිකේරූප යි.
785. ඒ බාහිර දූරේරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර දුරේරූප යි.
786. ඒ බාහිර සන්තිකේරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සන්තිකේරූප යි.
(ප්‍රකීර්‍ණක ත්‍රිකයෝ යි.)
787. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූප යි.
788. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු වූ රූප යි.
789. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූප යි.
790. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය චක්‍ෂුර්විඥානයට වස්‍තු නො වූ රූප යි.
791. ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු වූ රූප යි.
792. ඒ අධ්‍යාත්මික චක්ඛුවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු නො වූ රූප යි.
793. ඒ බාහිර සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට වස්‍තු නො වූ රූප යි.
794. ඒ අධ්‍යාත්මික කායසම්ඵස්සයට වස්‍තු වූ රූපය කවරේ යත්:
කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායසංස්පර්‍ශයට වස්‍තු වූ රූප යි.
795. ඒ අධ්‍යාත්මික කායසම්ඵස්සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායසංස්පර්‍ශයට වස්‍තු නො වූ රූප යි.
796. ඒ බාහිර කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූප යි.
797. ඒ අධ්‍යාත්මික කායවිඤ්ඤාණයට වස්‍තු වූ රූපය කවරේ යත්:
කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට වස්‍තු වූ රූප යි.
798. ඒ අධ්‍යාත්මික කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට වස්‍තු නො වූ රූප යි.
(වස්‍තු ත්‍රිකයෝ යි.)
799. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූප යි.
800. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු වූ රූප යි.
801. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූප යි.
802. ඒ ආධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සජවේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
803. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර චක්‍ෂුර්විඥානයට අරමුණු වූ රූප යි.
804. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
805. ඒ ආධ්‍යාත්මික සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික කායසංස්පර්‍ශයට අරමුණු නො වූ රූප යි.
806. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු වූ රූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට අරමුණු වූ රූප යි.
807. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට අරමුණු නො වූ රූප යි.
808. ඒ ආධ්‍යාත්මික කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
809. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු වූ රූප යි.
810. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
ආලම්බන ත්‍රිකයෝ යි.
811. ඒ බාහිර චක්‍ෂුරායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුරායතන නො වූ රූප යි.
812. ඒ අධ්‍යාත්මික චක්‍ඛායතනරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන රූප යි.
813. ඒ අධ්‍යාත්මික චක්‍ඛායතන නො වූ රූපය කවරේ යත්:
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන නො වූ රූප යි.
814. ඒ බාහිර සෝතායතන නො වූ ... ඝානායතන නො වූ ... ජිව්හායතන නො වූ ... කායායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායායතන නො වූ රූප යි.
815. ඒ අධ්‍යාත්මික කායායතනරූපය කවරේ යත්:
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික කායායතනරූප යි.
816. ඒ අධ්‍යාත්මික කායායතන නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායායතන නො වූ රූප යි.
817. ඒ අධ්‍යාත්මික රූපායතන නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපායතන නො වූ රූප යි.
818. ඒ බාහිර රූපායතනරූපය කවරේ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද ... තෙලෙ රූපධාතු නමුදු වේ. මේ ඒ බාහිර රූපායතනරූප යි.
819. ඒ බාහිර රූපායතන නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපායතන නො වූ රූප යි.
820. ඒ අධ්‍යාත්මික ශබ්දායතන නො වූ ... ගන්‍ධායතන නො වූ ... රසායතන නො වූ ... ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
821. ඒ බාහිර ඵොට්ඨබ්බායතන රූපය කවරේ යත්:
පෘථිවිධාතු ය ... තෙලෙ ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
822. ඒ බාහිර ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
ආයතන ත්‍රිකයෝ යි.
823. ඒ බාහිර චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.