Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 1901-2000 න් 3932

681. ඒ සන්තිකෙරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සන්තිකේරූප යි.
(ප්‍රකීර්‍ණකදුක යි.)
682. ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූප යි.
683. ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූප ය යි.
684. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතනය යි. මේ චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූප යි.
685. ඒ චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූප යි.
686. ඒ සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපය කවරෙ යත්:
කායායතන යි. මේ ඒ කායසංස්පර්‍ශයට වස්තු වූ රූප යි.
687. ඒ කායසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසංස්පර්‍ශයට වස්තු නො වූ රූප යි.
688. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපය කවරෙ යත්:
කායායතන යි. මේ ඒ කායවිඥානයට වස්තු වූ රූප යි.
689. ඒ කායවිඥානයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට වස්තු නො වූ රූප යි.
(වස්තු දුක යි.)
690. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
රූපායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.
691. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූප යි.
692. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
රූපායතන යි. මේ චක්‍ෂුර්විඥානයට ආලම්බන වූ රූප යි.
693. ඒ චක්‍ෂුර්විඥානයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්විඥානයට ආලම්බන නො වූ රූප යි.
694. ඒ සෝතසම්ඵස්සයට ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ කායසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.
695. ඒ කායසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
696. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට අරමුණු වූ රූපය කවරෙ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ කායවිඥානයට අරමුණු වූ රූප යි.
697. ඒ කායවිඥානයට අරමුණු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
(ආලම්බන දුක යි.)
698. ඒ චක්ඛායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ එ චක්‍ෂුරායතන රූප යි.
699. ඒ චක්‍ෂුරායතන නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරායතන නො වූ රූප යි.
700. ඒ ශ්‍රෝත්‍රායතන … ඝ්‍රාණායතන ... ජිහ්වායතන … කායායතන රූපය කවරෙ යත්:
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ කායායතනරූප යි.
701. ඒ කායායතන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායායතන නො වූ රූප යි.
702. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද … තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
703. ඒ රූපායතන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපායතන නො වූ රූප යි.
704. ඒ ශබ්දායතනරූපය … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය කවරෙ යත්:
පෘථිවිධාතු ය … තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය යි.
705. ඒ ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
(ආයතන දුක යි.)
706. ඒ චක්ඛුධාතු රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ චක්‍ෂූර්ධාතුරූප යි.
707. ඒ චක්ඛුධාතු නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
708. ඒ සෝතධාතුරූපය … ඝානධාතු … ජිව්හාධාතු … කායධාතුරූපය කවරෙ යත්:
කායායතන යි. මේ ඒ කායධාතු රූප යි.
709. ඒ කායධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායධාතු නො වූ රූප යි.
710. ඒ රූපධාතුරූපය කවරෙ යත්:
රූපායතන යි. මේ ඒ රූපධාතුරූප යි.
711. ඒ රූපධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපධාතු නොවූ රූප යි.
712. ඒ ශබ්දධාතුරූපය … ගන්‍ධධාතු … රසධාතු … ඵොට්ඨබ්බධාතු රූපය කවරෙ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතුරූප යි.
713. ඒ ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.
(ධාතු දුක යි.)
714. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්‍ෂුරින්‍ද්‍රිය රූප යි.
715. ඒ චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
716. ඒ සෝතින්‍ද්‍රියරූපය … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායේන්‍ද්‍රිය රූප යි.
717. කායේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායේන්‍ද්‍රිය නො වූ රූප යි.
718. ඒ ඉත්‍ථින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
යම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීනිමිත්ත ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්පය ස්ත්‍රීත්‍වය ස්ත්‍රිභාවය වේ ද, මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
719. ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
720. ඒ පුරිසින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂ සටහන පුරුෂනිමිත්ත පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂෙන්‍ද්‍රියරූප යි.
721. ඒ පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
722. ඒ ජීවිතින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
ඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජිවිතෙන්‍ද්‍රියරූප යි.
723. ඒ ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.
(ඉන්‍ද්‍රිය දුක යි.)
724. ඒ කායවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විහිදුවන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්ති රූප යි.
725. ඒ කායවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥප්ති නො වූ රූප යි.
726. ඒ වචීවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්‍මයෙක් වාක් සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යි (කියනු ලැබේ.) ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
727. ඒ වචීවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාරය යි. මේ ඒ වාග්විඥප්ති නො වූ රූප යි.