Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 101-200 න් 3932

10. චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වූ ධර්‍මයෝ යැ,
11. චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී වූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
12. ආධ්‍යාත්මික වූ ධර්‍මයෝ යැ, බාහ්‍ය වූ ධර්‍මයෝ යැ,
13. උපාදා (භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ යැ, උපාදා නො වූ ධර්‍මයෝ යැ,
14. උපාදින්න (කර්‍මය විසින් ඵලභාවයෙන් ගන්නා ලද) වූ ධර්‍මයෝ යැ, අනුපාදින්න වූ ධර්‍මයෝ යි.
මහන්තරදුකය යි.
1. උපාදාන (දැඩි වැ ගන්නා) වූ ධර්‍මයෝ යැ, උපාදාන නො වූ ධර්‍මයෝ යැ,
2. උපාදානිය (උපාදානයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, අනුපාදනීය ධර්‍මයෝ යැ,
3. උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, උපාදානවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. උපාදාන වූ ද උපාදානිය වූ ද ධර්‍මයෝ යැ, උපාදානිය වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,
5. උපාදාන වූ ද උපාදානසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, උපාදාන සම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,
6. යළි උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ද වූ ධර්‍මයෝ යැ, (උපාදාන විප්‍රයුක්ත වූ) අනුපාදනීය ද වූ ධර්‍මයෝ යැ,
උපාදානගොච්ඡකය යි.
1. ක්ලේශ ධර්‍මයෝ ය, ක්ලේශ නො වූ ධර්‍මයෝ ය,
2. සාංක්ලේශික ධර්‍මයෝ ය, අසාංක්ලේශික ධර්‍මයෝ ය,
3. සංක්ලිෂ්ට ධර්‍මයෝ ය, අසංක්ලිෂ්ට ධර්‍මයෝ ය,
4. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ය, ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ය,
5. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ද ධර්‍මයෝ ය, සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
6. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ ය, සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
7. ක්ලේශ වූ ද ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ ය, ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
8. යළි ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය, (ක්ලේශවිප්‍රයුක්ත වූ) අසාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය,
ක්ලේශගොච්ඡකය යි.
1. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,
2. භාවනායෙන් (සෙසු තුන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,
3. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,
4. භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,
5. විතර්‍ක සහිත වූ ධර්‍මයෝ ය, විතර්‍ක රහිත වූ ධර්‍මයෝ ය,
6. විචාර සහිත වූ ධර්‍මයෝ ය, විචාර රහිත වූ ධර්‍මයෝ ය,
7. ප්‍රීති සහිත වූ ධර්‍මයෝ ය, ප්‍රීති රහිත වූ ධර්‍මයෝ ය,
8. ප්‍රීති සහගත වූ ධර්‍මයෝ ය, ප්‍රීති සහගත නො වූ ධර්‍මයෝ ය,
9. සුඛ සහගත වූ ධර්‍මයෝ ය, සුඛ සහගත නො වූ ධර්‍මයෝ ය,
10. උපේක්‍ෂා සහගත වූ ධර්‍මයෝ ය, උපේක්‍ෂා සහගත නො වූ ධර්‍මයෝ ය,
11. කාමාවචර වූ ධර්‍මයෝ ය, කාමාවචර නො වූ ධර්‍මයෝ ය,
12. රූපාවචර වූ ධර්‍මයෝ ය, රූපාවචර නො වූ ධර්‍මයෝ ය,
13. අරූපාවචර වූ ධර්‍මයෝ ය, අරූපාවචර නො වූ ධර්‍මයෝ ය,
14. පර්‍ය්‍යාපන්න (තුන්වටයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ ය, අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ය,
15. නෛර්‍ය්‍යාණික වූ (නිවන අරමුණු කොට සසරින් නික්ම යන) ධර්‍මයෝ ය, අනෛර්‍ය්‍යාණික වූ ධර්‍මයෝ ය.
16. නියත (ච්‍යුතියට අනතුරුව ඵල දීමෙහි නියත) වූ ධර්‍මයෝ ය, අනියත වූ ධර්‍මයෝ ය.
17. සඋත්තර (උතුරුදහම් සහිත) වූ ධර්‍මයෝ ය, අනුත්තර වූ ධර්‍මයෝ ය.
18. සරණ (රාගාදී රණයන් සහිත) වූ ධර්‍මයෝ ය, අරණ වූ ධර්‍මයෝ යි.
පිට්ඨිදුකය යි.
අභිධර්‍මමාතෘකා නිමි.
1. විද්‍යාභාගී (විද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය, අවිද්‍යාභාගී (අවිද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය,
2. විදුලිය උපමා කොට ඇති ධර්‍මයෝ ය, වජ්‍රය උපමා කොට ඇති ධර්‍මයෝ ය,
3. බාල (බාලයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය, පණ්ඩිත (පණ්ඩිතයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය,
4. කෘෂ්ණ (සිත අප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය, ශුක්ල (සිත ප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය,
5. තපනීය (මෙලොව පරලොව තවන) ධර්‍මයෝ ය, අතපනීය ධර්‍මයෝ ය,
6. අධිවචන (වචනමාත්‍රය මැ ප්‍රධාන කොට පවත්නා) ධර්‍මයෝ ය, අධිවචනපථ ධර්‍මයෝ ය,
7. නිරුක්ති ධර්‍මයෝ ය, නිරුක්තිපථ ධර්‍මයෝ ය,
8. ප්‍රඥප්ති ධර්‍මයෝ ය, ප්‍රඥප්තිපථ ධර්‍මයෝ ය,
9. (නමන ලක්‍ෂණ වූ) නාමය ද, (රුප්පන ලක්‍ෂණ වූ) රූපය ද,
10. (දුඃඛාදියෙහි නොදැනීම වූ) අවිද්‍යාව ද, (භවය ප්‍රාර්‍ත්‍ථනා කරන) භවතෘෂ්ණාව ද,
11. භව (ශාශ්වත වශයෙන් උපදනා) දෘෂ්ටිය ද, විභව (උච්ඡේද වශයෙන් උපදනා) දෘෂ්ටිය ද,
12. ශාශ්වත දෘෂ්ටිය ද, උච්ඡේද දෘෂ්ටිය ද,
13. අන්තවත් දෘෂ්ටිය ද, අනන්තවත් දෘෂ්ටිය ද,
14. පූර්‍වාන්තය අනුව ගිය දෘෂ්ටිය ද, අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය ද,
15. අහ්‍රීකය (ලජ්ජා නැති බව) ද, අනපත්‍රපාව (බිය නොවන බව) ද,
16. හ්‍රිය (ලජ්ජාව) ද, අපත්‍රපාව (බිය වීම) ද,
17. දුර්වච බව ද, සුවච බව ද,
18. පාපමිත්‍රයන් ඇති බව ද, කල්‍යාණමිත්‍රයන් ඇති බව ද,
19. අපත්තියෙහි කුශල බව ද, ආපත්තියෙන් නැගී සිටීමෙහි කුශල බව ද,
20. සමාපත්තියෙහි කුශල බව ද, සමාපත්තියෙන් නැගී සිටීමෙහි කුශල බව ද,
21. (අටළොස්) ධාතුයෙහි කුශල බව ද, (ධාතු) මනසිකාරයෙහි කුශල බව ද,
22. (චක්‍ෂුරාදි) ආයතනයෙහි කුශල බව ද, ප්‍රතීත්‍යසමුත්පාදයෙහි කුශල බව ද,
23. ඨාන (කාරණයෙහි) කුශල බව ද, අට්ඨාන (අකාරණයෙහි) කුශල බව ද,
24. ඍජු බව ද, මෘදු බව ද,
25. ක්‍ෂාන්තිය (ඉවසීම) ද, සුරත බව ද,
26. සඛිල (මෘදු) බව ද, (ධර්‍මාමිෂයෙන්) පටිසන්‍ථාරය ද,
27. ඉන්‍ද්‍රියන්හි නො පියූ දොර ඇති බව ද, භෝජනයෙහි පමණ නො දන්නා බව ද,
28. ඉන්‍ද්‍රියන්හි පියූ දොර ඇති බව ද, භෝජනයෙහි පමණ දන්නා බව ද,
29. මූඪස්මෘති (මුළා සිහි ඇති) බව ද, සම්‍යක්ප්‍රඥා නැති බව ද,
30. ස්මෘතිය ද, සම්‍යක්ප්‍රඥා ඇති බව ද,
31. පටිසංධාන (ප්‍රත්‍යවේක්‍ෂා) බලය ද, භාවනා බලය ද,
32. ශමථය ද, විදර්‍ශනාව ද,
33. ශමථ නිමිත්ත ද, ප්‍රග්‍රාහ නිමිත්ත ද,
34. ප්‍රග්‍රාහය ද, අවික්‍ෂේපය ද,
35. ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද,
36. ශීලසම්පත්තිය ද, දෘෂ්ටිසම්පත්තිය ද,
37. ශීලවිශුද්ධිය ද, දෘෂ්ටිවිශුද්ධිය ද,
38. (කර්‍මස්වකෘතඥාන සඞ්ඛ්‍යාත) දෘෂ්ටිවිශුද්ධිය ද, අනුරූපදෘෂ්ටි ඇත්තහුගේ වීර්‍ය්‍යය ද,
39. සංවේජනීය කාරණයෙහි සංවේගය ද, සංවිග්න වූවහුගේ සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යය ද,
40. කුශලධර්‍මපූරණයෙහි අසන්තුෂ්ටි බව ද, ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො නවත්නා බව ද,
41. ත්‍රිවිද්‍යාව ද, විමුක්තිය ද,
42. (ක්ලේශක්‍ෂය සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යමාර්‍ගයෙහි ඥානය, අනුත්පාදයෙහි (ආර්‍ය්‍යඵලයෙහි) ඥානය යි.
සූත්‍රාන්තමාතෘකා යි.
මාතෘකා නිමි.
1. චිත්තෝත්පාදකාණ්ඩය
කාමාවචර අෂ්ට මහාචිත්තයෝ
පද බෙදුම
1. කවර දහම්හු කුසල්හ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගිය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය උපදනේ (ක්‍ෂණත්‍රයගත) වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතින්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග් ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක් සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි. අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතාව වෙයි, චිත්තකර්‍මණ්‍යතාවය වෙයි, කායප්‍රාගුණ්‍යතාව වෙයි, චිත්තප්‍රාගුණ්‍යතාවය වෙයි, කාය-ඍජුත්‍වය වෙයි, චිත්ත-ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්‍මයෝ කුශලයෝ යි.
2. කවරෙක් එසමයෙහි (කාමාවචර මහාකුශලචිත්තය උපදනා ඇසිල්ලෙහි) ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
3. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතූහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වේදනායෙක් වේ ද මේ - එසමයෙහි වේදනාව වේ.
4. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාව වේ.
5. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥාධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි චේතනාව වේ.
6. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්: