Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 1701-1800 න් 3932

පෘථිවිධාතු ය, අබ්ධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, යම් උපාදාරූපයෙකුත් වේ ද ඒ යැයි.
මෙසේ පස් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
පඤ්චකය යි.
592. ස කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
චක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝවිඥේයරූප යයි.
මෙසේ ස කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
ෂට්කය යි.
593. සත් කොටසෙකින් රූපසඞ්‍ග්‍රහය වෙයි:
චක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.
මෙසේ සත් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
සප්තකය යි.
594. අට කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
චක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය සුඛසංස්පර්‍ශ වූයෙක් ඇත, දුඃඛ සංස්පර්‍ශ වූයෙක් ඇත, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.
මෙසේ අට කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
අෂ්ටකය යි.
595. නව කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණෛන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.
මෙසේ නව කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
නවකය යි.
596. දස කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූපයෙකුත් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.
මෙසේ දස කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
දශකය යි.
597. එකොළොස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
චක්‍ෂුරායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ජිහ්වායතන ය, කායායතන ය, රූපායතන ය, ශබ්දායතන ය, ගන්‍ධායතන ය, රසායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, යම් අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.
මෙසෙයින් එකොළොස් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
එකාදශකය යි.
මාතෘකා යි.
රූපවිභත්ති
[ඒකකනිර්දේශය]
598. හැම රූපය හේතු නො වූයේ ම ය, අහේතුක ම ය, හේතුවිප්‍රයුක්ත ම ය, සප්‍රත්‍යය ම ය, සඞ්ඛත (-ප්‍රත්‍යයසමවායෙන් කරන ලද) ම ය, රූපී ම ය, ලෞකික ම ය, සාස්‍රව ම ය, සංයෝජනීය ම ය, ග්‍රන්‍ථනීය ම ය, ඕඝනීය ම ය, යෝගනීය ම ය, නීවරණීය ම ය, පරාමෘෂ්ට ම ය, උපාදානිය ම ය, සාංක්ලේශික ම ය, අව්‍යාකෘත ම ය, අනාලම්බන ම ය, අචෛතසික ම ය, චිත්තවිප්‍රයුක්තය ම ය, නෛව විපාක න විපාකස්වභාවධර්‍ම ම ය, අසඞ්ක්ලිෂ්ටසාංක්ලේශික ම ය, සවිතර්‍කසවිචාර නො වූයේ ම ය, අවිතර්‍කවිචාරමාත්‍ර නො වූයේ ම ය, අවිතර්‍ක - අවිචාර ම ය, ප්‍රීතිසහගත නො වූයේ ම ය, සුඛසහගත නො වූයේ ම ය, උපේක්‍ෂාසහගත නො වූයේ ම ය, නො ම දර්‍ශනයෙන් නො ම භාවනායෙන් ප්‍රහාතව්‍ය ම ය, නො ම දර්‍ශනයෙන් නො ම භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත් ම ය, නො ම ආචයගාමී නො ම අපචයගාමී ම ය, නො ම ශෛක්‍ෂ නාශෛක්‍ෂ ම ය, පරිත්ත ම ය, කාමාවචර ම ය, රූපාවචර නො වූයේ ම ය, අරූපාවචර නො වූයේ ම ය, පර්‍ය්‍යාපන්න ම ය, අපර්‍ය්‍යාපන්න නො වූයේ ම ය, අනියත ම ය, අනෛර්‍ය්‍යාණික ම ය, උත්පන්න වූයේ ෂඩ්විඥානයන් විසින් විඥේය ම ය, අනිත්‍ය ම ය, ජරාභිභූත මැ යි. මෙසෙයින් එක් කොටසින් රූප සඞ්ග්‍රහය වේ.
ඒකකනිර්දේශය යි.
[දුකනිර්දේශය]
(උපාදාරූප)
599. ඒ උපාදාරූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය ආකාශධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යත්‍ව ය උපචය රූප ය සන්තතිරූප ය ජරතාරූප ය අනිත්‍යතාරූප ය කවලීකාරාහාර යි.
600. ඒ චක්‍ෂුරයාතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා (උපන්) ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දකී නම් හෝ, (දර්‍ශනපරිණායකාර්‍ත්‍ථයෙන්) තෙලෙ චක්ඛු නමුදු වෙයි, (සඤ්ජාතිසමෝසරණාර්‍ත්‍ථයෙන්) තෙලෙ චක්ඛායතන නමුදු වෙයි, (ශුන්‍යතාදි අර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්‍ශන ලක්‍ෂණයෙහි ඉන්‍ද්‍රාර්‍ත්‍ථය කරවා නුයි) තෙලෙ චක්ඛුන්‍ද්‍රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්‍ත්‍ථයෙන්) තෙලෙ ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණීයාර්‍ත්‍ථයෙන්) තෙලෙ සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්‍ත්‍ථයෙන්) තෙලෙ පණ්ඩර නමුදු වෙයි, (ස්පර්‍ශාදීන් උපදනා හෙයින්) තෙලෙ ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට මැ ප්‍රතිෂ්ඨා වන හෙයින්) තෙලෙ වත්‍ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙලෙ නෙත්ත නමුදු වෙයි, (එ අරුතින් ම) තෙලෙ නයන නමුදු වෙයි, (සත්කාය පර්‍ය්‍යාපන්නාර්‍ත්‍ථයෙන්) තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, (බහුසාධාරණාර්‍ත්‍ථයෙන් අස්වාමිකාර්‍ත්‍ථයෙන්) තෙලෙ සුඤ්ඤගාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතනරූප නම් වේ.
601. ඒ චක්‍ෂුරායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා (උපන්) ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකැ සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම හෝ, තෙලෙ (චක්‍ෂුඃප්‍රසාදය) චක්‍ෂු නමුදු වෙයි, තෙලෙ චක්‍ෂුරායතන නමුදු වෙයි, තෙල චක්‍ෂුර්ධාතු නමුදු වෙයි, තෙලෙ චක්‍ෂුරින්‍ද්‍රිය නමුදු වෙයි, තෙලෙ ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙලෙ සමුද්‍ර නමුදු වෙයි, තෙලෙ පණ්ඩර නමුදු වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු වෙයි, තෙලෙ වාස්තු නමුදු වෙයි, තෙලෙ නේත්‍ර නමුදු වෙයි, තෙලෙ නයන නමුදු වෙයි, තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතන රූප යයි.
602. ඒ චක්‍ෂුරායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙක් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපයෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම හෝ, තෙලෙ චක්‍ෂු නමුදු වෙයි, තෙලෙ චක්‍ෂුරායතන ද වෙයි, තෙල චක්‍ෂුර්ධාතු ද වෙයි, තෙලෙ චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්‍ර ද වෙයි, තෙලෙ පඬෙර ද වෙයි, තෙලෙ කේතු දු වෙයි, තෙලෙ වාස්තු දු වෙයි, තෙලෙ නෙතු ද වෙයි, තෙලෙ නයන දු වෙයි, තෙලෙ මෙතෙර දු වෙයි, තෙලෙ සිස්ගමු දු වේ. මේ ඒ චක්‍ෂුරායතනරූප යයි.
603. ඒ චක්‍ෂුරායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, යම් චක්‍ෂුසක් නිසා රූපය අරමුණු කොට චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් චක්‍ෂුසක් නිසා රූපය අරමුණු කොට චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව … සංඥාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම හෝ … යම් චක්‍ෂුසක් නිසා රූපාලම්බන වූ චක්‍ෂුස්සංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් චක්‍ෂුසක් නිසා රූපාලම්බන වූ චක්‍ෂුස්සංපර්‍ශයෙන් උපන් වේදනාව … සංඥාව … චේතනාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ, තෙලෙ චක්‍ෂු ද වෙයි, තෙලෙ චක්‍ෂුරායතන ද වෙයි, තෙල චක්‍ෂුර්ධාතු ද වෙයි, තෙලෙ චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්‍ර ද වෙයි, තෙලෙ පණ්ඩර ද වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර ද වෙයි, තෙලෙ වාස්තු ද වෙයි, තෙලෙ නේත්‍ර ද වෙයි, තෙලෙ නයන ද වෙයි, තෙලෙ ඔරිමතිර ද වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම ද වේ. මේ ඒ චක්‍ෂුරායතන රූප යයි.
604. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙකින් අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ඇසුයේ හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ තෙලෙ (ශ්‍රෝත්‍රප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රායතන නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු වෙයි, තෙලෙ ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙලෙ සමුද්‍ර නමුදු වෙයි, තෙලෙ පණ්ඩර නමුදු වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු වෙයි, තෙලෙ වාස්තු නමුදු වෙයි, තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
605. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝතයෙක්හි අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශ්‍රෝත්‍ර ද වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රායතන ද වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු ද වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්‍ර ද වෙයි, තෙලෙ පණ්ඩර ද වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර ද වෙයි, තෙල වාස්තු ද වෙයි, තෙලෙ ඔරිමතීර ද වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම ද වේ. මේ ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
606. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශබ්දයෙහි ගැටුණේ හෝ ගැටෙයි ගැටෙන්නේ ගැටේ නම් හෝ තෙලෙ (ශොත්‍ර ප්‍රසාදය) ශොත්‍ර නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රායතන නමුදු, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
607. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දය අරමුණු කොට ශ්‍රෝත්‍රසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දය අරමුණු කොට ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝත්‍රවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ ශ්‍රෝත්‍රසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ සොතසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝත්‍රවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, තෙලෙ (ශ්‍රෝත්‍ර ප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රායතන නමුදු, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙලෙ වාස්තු නමුදු, තෙලෙ ඔරිමතිර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
608. ඒ ඝ්‍රාණායතනරූපය කවරෙ යත්:
යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ගන්‍ධය ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, තෙලෙ (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු, තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
609. ඒ ඝ්‍රාණායතනරූපය කවරෙ යත්:
යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ගන්‍ධය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙල වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
610. ඒ ඝ්‍රාණායතනරූපය කවරෙ යත්:
යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ගන්‍ධයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු, තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙල වාස්තු නමුදු තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
611. ඒ ඝ්‍රණායතනරූපය කවරෙ යත්:
යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධය අරමුණු කොට ඝානසම්ඵස්ස උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධය අරමුණු කොට ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝ්‍රාණවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝාණවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ තෙලෙ (ප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු, තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙලෙ වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
612. ඒ ජිහ්වායතනරූපය කවරෙ යත්:
යම් ජිහ්වාවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්ම භාවපාර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් දිවෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය වින්දේ හෝ විඳී හෝ විඳුනේ හෝ විඳී නම් හෝ, තෙලෙ (ජිහ්වාප්‍රසාදය) ජිහ්වා නමුදු, තෙලෙ ජිහ්වායතන නමුදු, තෙල ජිහ්වාධාතු නමුදු, තෙලෙ ජිහ්වේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙල වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
613. ඒ ජිහ්වායතනරූපය කවරෙ යත්:
යම් දිවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් දිවෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, ජිහ්වා නමුදු තෙල ය, ජිහ්වායතන නමුදු තෙලෙ ය, ජිහ්වාධාතු නමුදු තෙල ය, ජිහ්වේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
614. ඒ ජිහ්වායතන රූපය කවරෙ යත්:
යම් දිවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් දිවෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ ජිහ්වා නමුදු තෙල (ජිහ්වාප්‍රසාද) ය, ජිහ්වායතන නමුදු තෙලෙ ය, ජිහ්වාධාතු නමුදු තෙල ය, ජිහ්වේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
615. ඒ ජිහ්වායතනරූපය කවරෙ යත්:
යම් දිවෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් දිවක් නිසා රසය අරමුණු කොට ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසය අරමුණු කොට ජිව්හාසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, ජිව්හා නුමුදු තෙල (ජිහ්වාප්‍රසාද) ය, ජිහ්වායතන නමුදු තෙලෙ ය, ජිහ්වාධාතු නමුදු තෙල ය, ජිහ්වේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙලෙ ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතිර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
616. ඒ කායායතනරූපය කවරෙ යත්:
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් කයෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍ය පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහසා නම් හෝ, කාය නුමුදු තෙලෙ (කායප්‍රසාද) ය, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙලෙ ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතනරූප යි.
617. ඒ කායායතනරූපය කවරෙ යත්:
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් කයෙක්හි යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ කාය නමුදු තෙලෙ ය, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතනරූප ය යි.
618. ඒ කායායතනරූපය කවරෙ යත්:
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් කයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ කාය නමුදු තෙලෙ යැ, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතනරූප යි.
619. ඒ කායායතනරූපය කවරෙ යත්:
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යය අරමුණු කොට කායසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යය අරමුණු කොට කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ කායසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ කාය නමුදු තෙල (කායප්‍රසාද) ය, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතිර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතන රූප යි.
620. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ නිල් ය - කසාවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සියුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරු වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරු මඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමිණි පැහැ ය රන් රිදී පැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇසින් දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දකී නම් හෝ තෙලෙ (රූසටහන) රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
621. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරු වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරුමඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත් මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇස ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (රූසටහන) රූප නමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
622. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මදටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරමඬලෙහි පැහැය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇසෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතන රූප යි.
623. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරුමඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත් මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, යම් රූපයක් අරමුණු කොට ඇස නිසා චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් රූපයක් අරමුණු කොට ඇස නිසා චක්ඛුසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඇසක් නිසා රූපාලම්බන වූ චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඇසක් නිසා රූපාලම්බන වූ චක්ඛුසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ, තෙලෙ රූප නමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
624. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම් හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ නිග්ඝෝස (-අවියත්) හඬ ය ධාතූන් ගේ (උනුනුන්) ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස් හඬ ය නොමිනිස්හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශ්‍රෝතයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
625. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, - බෙරහඬ ය මිහිඟු හඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම්හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශ්‍රෝතය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
626. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම්හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම්හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් ඇද්ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශ්‍රෝතයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
627. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම් හඬය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස්හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් හෝ ඇද්ද, යම් ශබ්දයක් අරමුණු කොට ශ්‍රෝතය නිසා සෝතසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් ශබ්දයක් අරමුණු කොට ශ්‍රෝත්‍රය නිසා සොතසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝතවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ සෝතසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ සොතසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝතවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතන රූප යි.
628. ඒ ගන්‍ධායතන රූපය කවරෙ යත්:
යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද - මුල්ගඳ ය හරගඳ ය පොතුගඳ ය පත්ගඳ ය මල්ගඳ ය පලගඳ ය අමුගඳ ය කුණුගඳ ය සුවඳ ය දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, ගඳ නුමුදු තෙලෙ ය, ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතන රූප යි.
629. ඒ ගන්‍ධායතනරූපය කවරෙ යත්:
යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මූලගන්‍ධ ය සාරගන්‍ධ ය ත්‍වග්ගන්‍ධය ය පත්‍රගන්‍ධ ය පුෂ්පගන්‍ධ ය ඵලගන්‍ධය ය ආමකගන්‍ධ ය විස්‍රගන්‍ධ ය සුගන්‍ධ ය දුර්‍ගන්‍ධ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, ගන්‍ධ නමුදු තෙලෙය ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතනරූප යි.
630. ඒ ගන්‍ධායතනරූපය කවරෙ යත්:
යම ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්ගඳ ය හරගඳ ය පොතුගඳ ය පත්ගඳ ය මල්ගඳ ය පලගඳ ය අමුගඳ ය කුණුගඳ ය සුවඳ ය දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙහි ගැනුණේ හෝ හැනේ හෝ හැනෙන්නේ හෝ හැනේ නම් හෝ, ගන්‍ධ නමුදු තෙලෙ ය, ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතනරූප යි.
631. ඒ ගන්‍ධායතනරූපය කවරෙ යත්:
යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්ගඳ ය හරගඳ ය පොතුගඳ ය පත්ගඳ ය මල්ගඳ ය පලගඳ ය අමුගඳ ය කුණුගඳ ය සුවඳ ය දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, යම් ගන්‍ධයක් අරමුණු කොට ඝ්‍රාණය නිසා ඝානසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ගන්‍ධයක් අරමුණු කොට ඝ්‍රාණය නිසා ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝ්‍රාණවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ ... යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝ්‍රාණවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ, ගන්‍ධ නමුදු තෙලෙ ය, ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතන රූප ය.