Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 1601-1700 න් 3932

ජිවිතේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ඉන්‍ද්‍රිය දුක යි. (8)
කායවිඥප්තිරූපයෙක් ඇත, කායවිඥප්ති නො වූ රූපයෙක් ඇත.
වාග්විඥප්තිරූපයෙක් ඇත, වාග්විඥප්ති නො වූ රූපයෙක් ඇත.
ආකාශධාතුරූපයෙක් ඇත, ආකාශධාතු නො වූ රූපයෙක් ඇත.
අබ්ධාතුරූපයෙක් ඇත, අබ්ධාතු නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ ලඝුත්‍වරූපයෙක් ඇත. රූපයාගේ ලඝුත්‍ව නො වූ රූපයෙක් ඇත;
රූපයාගේ මෘදුත්‍වරූපයෙක් ඇත, රූපයාගේ මෘදුත්‍ව නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ කර්‍මණ්‍යතා රූපයෙක් ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ උපචයරූපයෙක් ඇත, රූපයාගේ උපචය නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ සන්තතිරූපයෙක් ඇත, රූපයාගේ සන්තති නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ ජරතාරූපයෙක් ඇත, රූපයාගේ ජරතා නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ අනිත්‍යතාරූපයෙක් ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූ රූපයෙක් ඇත.
කවලීකාරාහාරරූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති.
මෙසේ දෙකොටසින් රූපසඞ්ග්‍රහය වේ.
සූක්‍ෂ්මරූප දුක යි. (12)
ද්විකය යි.
589. තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදාරූප ය. යම් බාහිරරූපයෙක් වේ ද එ උපාදාවූයේ ඇත, උපාදා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදින්න ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය උපාදින්නූපාදානිය ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අනිදර්‍ශන ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටුම් සහිත) ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය මහාභූත නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය විඥප්ති නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය විඥප්ති වූයේ ඇත, විඥප්ති නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන වූයේ ඇත, චිත්තසමුත්‍ථාන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසහභූ නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසහභූ වූයේ (-සිත සමග උපන්නේ) ඇත. චිත්තසහභූ නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී වූයේ ඇත, චිත්තානුපරිවර්‍තතී නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඖදාරික ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂ්ම වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සන්තික වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ප්‍රකීර්‍ණක ත්‍රික යි. (13)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට වස්තු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට වස්තු වූයේ ඇත, කායසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඥානයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥානයට වස්තු වූයේ ඇත, කායවිඥානයට වස්තු නො වූයේ ඇති.
වස්තු ත්‍රික යි. (25)
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායසඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට. … කායවිඥානයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥානයට අරමුණු වූයේ ඇත, කායවිඥානයට අරමුණු නො වූයේ ඇති.
ආලම්බන ත්‍රික යි. (25)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන වූයේ ඇත, චක්‍ෂුරායතන නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන වූයේ ඇත, ශ්‍රෝත්‍රායතන නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ඝ්‍රාණායතන නො වූයේ ය … ජිව්හායතන නො වූයේ ය … කායායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායායතන වූයේ ඇත, කායායතන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපායතන නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය රූපායතන වූයේ ඇත, රූපායතන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දායතන නො වූයේ ය. … ගන්‍ධායතන නො වූයේ ය … රසායතන නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යායතන වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ඇති.
ආයතන ත්‍රික යි. (10)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුධාතු වූයේ ඇත, චක්ඛුධාතු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රොතධාතු නො වූයේ ය. … ඝ්‍රාණධාතු නො වූයේ ය. … ජිහ්වාධාතු නො වූයේ ය. … කායධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායධාතු වූයේ ඇත, කායධාතු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපධාතු වූයේ ඇත, රූපධාතු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දධාතු නො වූයේ ය. … ගන්‍ධධාතු නො වූයේ ය … රසධාතු නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යධාතු වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ඇති.
ධාතු ත්‍රික යි. (10)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය වූයේ ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූයේ ය … ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූයේ ය … ජිහ්වේන්‍ද්‍රිය නො වූයේ ය … කායේන්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායේන්‍ද්‍රිය වූයේ ඇත, කායේන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය වූයේ ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය වූයේ ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය වූයේ ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ඇති.
ඉන්‍ද්‍රිය ත්‍රික යි. (8)
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥප්ති වූයේ ඇත, කායවිඥප්ති නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය වාග්විඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය වාග්විඥප්ති වූයේ ඇත, වාග්විඥප්ති නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ආකාශධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ආකාශධාතු වූයේ ඇත, ආකාශධාතු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අබ්ධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය අබ්ධාතු වූයේ ඇත, අබ්ධාතු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා වූයේ ඇත, රූපයාගේ ලඝුතා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා වූයේ ඇත, රූපයාගේ මෘදුතා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා වූයේ ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය වූයේ ඇත, රූපයාගේ උපචය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති වූයේ ඇත, රූපයාගේ සන්තති නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා වූයේ ඇත, රූපයාගේ ජරතා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා වූයේ ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කවලීකාරාහාර නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කවලීකාරාහාර වූයේ ඇත, කවලීකාරාහාර නො වූයේ ඇති.
මෙසේ තුන් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
සූක්‍ෂමරූප ත්‍රික යි. (12)
ත්‍රිකය යි.
590. සතර කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
යම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇත යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
යම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
යම් උපාදාරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යම් උපාදාරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇති.
යම් උපාදාරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන (=චක්‍ෂුර්විඥානයට ගෝචර බව සහිත) වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටීම් සහිත) වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත. අප්‍රතිඝ වූයේ ඇති.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත. සන්තික වූයේ ඇති.
යම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යම් උපාදින්නූපාදානියරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යම් උපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
යම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
යම් මහාභූතරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යම් මහාභූතරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටරූප ය, ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතරූපය, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතරූප ය, ධර්‍මායතන සඞ්ඛ්‍යාත විඥාතරූප යයි.
මෙසේ සතර කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
චතුෂ්ක යි (22)
591. පස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි: