Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 1401-1500 න් 3932

[ඡන්‍දාධිපතෙය්‍ය සුද්ධික පටිපදා]
530. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
531. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
532. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
533. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
534. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ඡන්‍දාධිපතෙය්‍යසුද්ධිකපටිපදා යි.
[ඡන්‍දාධිපතෙය්‍ය ශුද්ධිකශුන්‍යත]
535. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
536. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
537. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
538. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ඡන්‍දාධිපතෙය්‍ය ශුද්ධික ශුන්‍යත යි.
[ප්‍රථම මාර්‍ග විපාකය]
539. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
540. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
541. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
542. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
543. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
544. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශල ධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
545. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
546. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
547. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
548. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
549. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
550. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
551. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
552. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
553. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ලොකොත්තරමාර්‍ගය වඩා ද ... ලෝකෝත්තරසතිපට්ඨානය වඩා ද ... ලොකොත්තරසම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තරඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර ඉන්‍ද්‍රියය වඩා ද ... ලෝකෝත්තර බලය වඩා ද ... ලෝකෝත්තරබෝධ්‍යඞ්ග වඩා ද ... ලෝකෝත්තර සත්‍යය වඩා ද ... ලොකොත්තරශමථය වඩා ද ...... ලෝකෝත්තරධර්‍මය වඩා ද ... ලෝකෝත්තරස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර ආයතන වඩා ද ... ලොකොත්තරධාතුව වඩා ද ... ලෝකෝත්තර ආහාරය වඩා ද ... ලෝකෝත්තර ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වේදනාව වඩා ද ... ලෝකෝත්තර සංඥාව වඩා ද ... ලෝකෝත්තර චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද අනිමිත්ත ... අප්පණිහිත ඡන්‍දාධිපතෙය්‍ය ... විරියාධිපතෙය්‍ය ... චිත්තාධිපතෙය්‍ය ... විමංසාධිපතෙය්‍ය ... (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ප්‍රථමමාර්‍ගවිපාක යි.
554. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමරාග ව්‍යාපාදයන්ගේ තුනුබව පිණිස, (සකෘදාගාමි සඞ්ඛ්‍යාත) ද්විතීයභූමියට පැමිණීම පිණිස, ... කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂප්‍රහාණය පිණිස, (අනාගාමීමාර්‍ග සඞ්ඛ්‍යාත) තෘතීයභූමියට පැමිණීම පිණිස ... රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිද්‍යාවගේ නිරවශේෂප්‍රහාණය පිණිස, (අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත) චතුර්‍ත්‍ථභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
555. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන බවෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
556. කවරෙක් එසමයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්:
ඒ අඤ්ඤාතාවින්ගේ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන් අතුරෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් දැනීමෙක් ප්‍රඥායෙක් පජානනයෙක් විචයයෙක් පවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණයයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ලෝකෝත්තරවිපාක යි.
[අකුශලවිපාක පඤ්චවිඥාන]
557. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන උපේක්‍ෂා සහගත වු චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන උපේක්‍ෂා සහගත වු ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන උපේක්‍ෂා සහගත වු ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන උපේක්‍ෂා සහගත වු ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන උපේක්‍ෂා සහගත වු කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, දුක්ඛින්‍ද්‍රියය වෙයි, ජීවිතේන්‍ද්‍රියය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
558. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
559. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...
560. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:
එසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛ වේ ...
561. කවරෙක් එසමයෙහි දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුක්ඛින්‍ද්‍රිය වේ ... තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම කායවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
562. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අකුශලවිපාකපඤ්චවිඥානයෝ යි.
[අකුශලවිපාකමනෝධාතු]
563. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ විපාක මනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
564. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අකුශලවිපාක මනෝධාතු යි.
[අකුශල විපාක අව්‍යාකෘත]
565. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ විපාක මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
566. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අකුශලවිපාක අව්‍යාකෘතයෝ යි.
[ක්‍රියාමනෝධාතු]
567. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂා සහගත වූ ක්‍රියාමනෝධාතු උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
568. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ක්‍රියාමනෝධාතු යි.
[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය]
569. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සෝමනස්සසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.