එසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
449. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
450. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් කාකිය වූ සාතයෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
451. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
452. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප කායවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
453. කවරෙක් එසමයෙහි සුඛේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් කායික වූ සාතයෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛේන්‍ද්‍රිය වේ.
454. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ කායවිඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
455. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
කුශලවිපාක පඤ්චවිඥානයෝ යි.
[කුසලවිපාකමනෝධාතු]
456. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි ශබ්දාලම්බන ඇති වේවයි ගන්‍ධාලම්බන ඇති වේවයි රසාලම්බන ඇති වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන ඇති වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
457. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්: ...
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
458. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
459. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
460. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
461. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
462. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
463. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
464. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
465. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
466. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
467. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛකසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
468. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ මනෝධාතුව වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
469. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
කුශලවිපාකමනෝධාතු යි.
[සොම්නස් සහගත කුශලවිපාක මනෝවිඥානධාතු]
470. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් රූපාලම්බන ඇති වේවයි, ශබ්දාලම්බන ඇති වේවයි, ගන්‍ධාලම්බන ඇති වේවයි, රසාලම්බන ඇති වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන ඇති වේවයි, ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සෝමනස්සසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
471. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
472. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
473. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
474. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
475. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.
476. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
477. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
478. කවරක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.
479. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
480. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
481. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
482. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
483. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ මනෝවිඥානධාතුව වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
484. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතාය ජීවිතේන්‍ද්‍රිය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
සෝමනස්සසහගත කුසලවිපාක මනෝවිඤ්ඤාණධාතු යි.
[උපේක්‍ෂා සහගත කුශලවිපාක මනෝවිඥානධාතු]
485. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි, ... ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛක්‍රගතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
486. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
487. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූපමනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
488. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූපමනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
489. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූපමනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
490. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
491. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
492. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්: