405. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
406. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
407. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
408. කවරෙක් එසමයෙහි උපෙක්ඛින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපෙක්ඛින්‍ද්‍රිය වේ ...
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, එක් මැ වේදනායෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
409. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාදෘෂ්ටි ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය මෝහ ය අභිධ්‍යා ය මිථ්‍යාදෘෂ්ටි ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
410. කවර ධර්‍මයෝ අකුසල් වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ අකුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
411. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගිකමාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
412. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝභ ය මෝහය අභිධ්‍යා ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. … මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
413. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයේ යි.
414. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට දොම්නස් සහගත වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි. දෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ද්වේෂය වෙයි, මෝහය වෙයි, ව්‍යාපාදය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
415. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
416. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ෂයෙක් උපන් අමිහිරි වූ දුඃඛවේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...
417. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛය වේ ...
418. කවරෙක් එසමයෙහි දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දෝමනස්සින්‍ද්‍රිය වේ ...
419. කවරෙක් එසමයෙහි දෝෂ වෙයි යත්:
එසමයෙහි යම් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යපත්තියෙක් ව්‍යාපජ්ජනයෙක් ව්‍යාපන්න බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් තද බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි දෝෂය වේ ...
420. කවරෙක් එසමයෙහි ව්‍යාපාද වෙයි යත්:
එසමයෙහි යම් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තීයෙක් ව්‍යාපජ්ජනයෙක් ව්‍යාපන්න බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් තද බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ව්‍යාපාද වේ ...
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තීවඞ්ගිකමාර්‍ගය වෙයි, සතර බලයෝ වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි ... එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇදීද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
421. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ද්වේෂ ය මෝහ ය ව්‍යාපාද ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
422. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට දොම්නස් සහගත වූ ප්‍රතිඝ සම්ප්‍රයුක්ත වූ අකුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
423. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, විචික්ච්ඡා ව වෙයි, මෝහය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ප්‍රග්‍රාහය වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙතෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
424. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...
425. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ ...
426. කවරක් එසමයෙහි විචිකිච්ඡා වෙයි යත්:
එසමයෙහි යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් දේවළහකයෙක් දර්‍වධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් පසුබැස්මෙක් හාත්පසින් පසුබැස්මෙක් නො බැසැගැන්මෙක් තදබවෙක් සිත පිළිබඳ මනෝවිලේඛයෙක් වේ ද, මේ එසමයෙහි විචිකිච්ඡා වේ ...
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතිත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, දුවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ තිදෙනෙක් වෙති, එක් මැ හේතුයෙක් වෙයි, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙතෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
427. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාරය චිත්තෛකාග්‍රතාය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය වීර්‍ය්‍යබලය අහිරිකබලය අනොත්තප්පබල ය විචිකිත්සා ය මෝහ ය අහිරික ය අනොත්තප්ප ය ප්‍රග්‍රාහ යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ … මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
428. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වු ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත වූ අකුශලචිත්ත ය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ඖද්ධත්‍යය වෙයි, මෝහය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
429. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...
430. කවරෙක් එසමයෙහි ඖද්ධත්‍ය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ ඖද්ධත්‍යයෙක් චිත්තයාගේ අව්‍යුපශමයෙක් වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ එසමයෙහි ඖද්ධත්‍ය වේ ...
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සතර දෙනෙක් වෙති, එක් මැ හේතුයෙක් වෙයි, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ ධර්‍මයෝ අකුශලයෝ යි..
431. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාරය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබල ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ඖද්ධත්‍ය ය මෝහ ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
දොළොස් අකුසල් සිත්හුයි.
අව්‍යාකෘත විපාක විඥාන
432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්‍ෂා සහගත විපාක වූ චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
433. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මෙ එසමයෙහි ස්පර්‍ශ වේ.
434. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
435. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වු චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
436. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
437. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
438. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
439. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
440. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
441. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
442. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපිධර්‍මයන් ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ චක්‍ෂුර්විඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
443. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධ තබා සංඥාස්කන්‍ධ තබා විඥානස්කන්‍ධ තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
444. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගත විපාක වූ කායවිඥානය උපදනේ වේ ද ... එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සුඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍මකෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
445. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන ආකාරයෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
446. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් කායික වූ මිහිරි බවෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
447. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත (හැඳිනගත්) බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
448. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්: