Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 1001-1100 න් 3932

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
360. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
361. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙක ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සති පට්ඨානය වඩා ද ... ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රිය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ... ලෝකෝත්තර වූ ශමථය වඩා ද ... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතනය වඩා ද ... ලෝකෝත්තර වූ ධාතු වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වු ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇත ... චිත්තය අධිපති කොට ඇත ... විමංසාව අධිපති කොට ඇති (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අධිපති ප්‍රථමමාර්‍ගය යි.
362. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ කාමරාගව්‍යාපාදයන්ගේ තුනීබව පිණිස ද්විතීයභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ද්විතීයමාර්‍ගය යි.
363. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙක කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය පිණිස තෘතියභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තෘතීය මාර්‍ගය යි.
364. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපරාග - අරූපරාග - මාන - ඖධත්‍ය - අවිද්‍යාවගේ අනවශේෂප්‍රහාණය පිණිස චතුර්‍ත්‍ථභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
365. කවරෙක් එසමයෙහි අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්:
(පළමු මගින්) දන්නා ලද දක්නා ලද අධිගම කරන ලද ප්‍රකට කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ඒ ධර්‍මයන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙන් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උප පරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවභාෂයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එකල්හි අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
චතුර්මාර්‍ගය යි.
ලෝකෝත්තරචිත්තය යි.
දොළොස් අකුසල්සිත්
366. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවායි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපන්නේ වේ ද, එකලැ ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි. සංඥාව වෙයි. චේතනාව වෙයි. චිත්තය වෙයි. විතර්‍කය වෙයි. විචාරය වෙයි. ප්‍රීතිය වෙයි. සුඛය වෙයි. චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි. සමාධින්‍ද්‍රිය වෙයි. මනින්‍ද්‍රිය වෙයි. සෝමනස්සින්‍ද්‍රිය වෙයි. ජීවිතේන්‍ද්‍රිය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය වෙයි. මිථ්‍යාව්‍යායාමය වෙයි. මිථ්‍යාසමාධිය වෙයි. වීර්‍ය්‍යබලය වෙයි. සමාධිබලය වෙයි. අහිරිකබලය වෙයි. අනොත්තප්පබලය වෙයි. ලෝභය වෙයි. මෝහය වෙයි. අභිධ්‍යාව වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. අහිරිකය වෙයි. අනොත්තප්පය වෙයි. ශමථය වෙයි. ප්‍රග්‍රාහය වෙයි. අවික්‍ෂේපය වෙයි. තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
367. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශකළබවෙක් වේ ද, එකලැ මේ ස්පර්‍ශය වේ.
368. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වු යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
369. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥාවක් සංජානනාකාරයෙන් සඤ්ජාතිතබවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
370. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
371. කවරක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භාවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
372. කවරක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණායෙක් ව්‍යාපර්‍ණායෙක් සිතට නහාලීමෙක් මිථ්‍යාසඞ්කල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
373. කවරක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි) හැසිරීමෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් චිත්තයාගේ (අරමුණෙහි සිත) ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
374. කවරක් එසමයෙහි ප්‍රිතී වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔද වැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මෙ එසමයෙහි ප්‍රීති වේ.
375. කවරක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරිබවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
376. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
377. කවරෙක් එසමයෙහි විරියින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධුර ඇති බවෙක් වැර දැඩි වැ ගැන්මෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
378. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
379. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
380. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සොම්නස්සින්‍ද්‍රීය වේ.
381. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
382. කවරක් එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහකයෙක් පිහිටා සිටීමෙන් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙන් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යස්තග්‍රාහයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වේ.
383. කවරෙක් එසමයෙහි මිථ්‍යාසඞ්කල්ප වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසඞ්කල්ප වේ.
384. කවරෙක් එසමයෙහි මිථ්‍යාව්‍යායාම වෙයි යත්:
එසමයෙහි යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිරභාවයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාව්‍යායාම වේ.
385. කවරෙක් එසමයෙහි මිථ්‍යාසමාධි වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසමාධි වේ.
386. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍රපරාක්‍රමයෙක් ස්ථිර පරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
387. කවරක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ.
388. කවරෙක් එසමයෙහි අහිරිකබල වෙයි යත්:
එසමයෙහි යමෙකින් ලජ්ජා කටයුතු කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීම පිළිකුල් නො කෙරේ ද, මේ එසමයෙහි අහිරිකබල වේ.
389. කවරෙක් එසමයෙහි අනොත්තප්පබල වෙයි යත්:
එසමයෙහි යමෙකින් බියපත් වීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය නො වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය නො වේ ද, මේ එසමයෙහි අනොත්තප්පබල වේ.
390. කවරෙක් එසමයෙහි ලෝභ වෙයි යත්:
එසමයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ලුබ්ධබවෙක් ඇල්මෙක් ඇලෙන අයුරෙක් ඇලුණුබවෙක් අභිධ්‍යායෙක් ලෝභසංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, මේ එසමයෙහි ලෝභ වේ.
391. කවරෙක් එසමයෙහි මෝහ වෙයි යත්:
එසමයෙහි යම් නො දැනීමෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංග්‍රාහණයෙක් අපයර්‍ය්‍යවග්‍රාහණයෙක් (හාත්පසින් නො බැසගැන්මෙක්) සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙන් අපවිත්‍රබවෙක් බාලබවෙක් අසම්‍යග්ඥානයෙන් මෝහයෙන් ප්‍රමෝහයෙන් සම්මෝහයෙක් අවිද්‍යාවෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහසංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි මෝහ වේ.
392. කවරක් එසමයෙහි අභිධ්‍යා වෙයි යත්:
එසමයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ලුබ්ධබවෙක් ඇල්මෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යායෙක් ලෝභ සංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, මේ එසමයෙහි අභිධ්‍යා වේ.
393. කවරක් එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යස්තග්‍රාහයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වේ.
394. කවරෙක් එසමයෙහි අහිරික වෙයි යත්:
එසමයෙහි යමෙකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් පිළිකුල් නො කෙරේ ද, මේ එසමයෙහි අහිරික වේ.
395. කවරෙක් එසමයෙහි අනොත්තප්ප වෙයි යත්:
එසමයෙහි තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය නො වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය නො වේ ද, මේ එසමයෙහි අනොත්තප්ප වේ.
396. කවරක් එසමයෙහි ශමථ වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ.
397. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාන වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් ස්ථිරපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමතායෙක් බහා නො තැබූ ඡන්‍ද ඇති බවෙක් බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි වැ ගැනීමෙන් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
398. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති. ආයතනයෝ දෙදෙනෙක් වෙති. ධාතුහු දෙදෙනෙක් වෙති. ආහාරයෝ තිදෙනෙක් වෙති. ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති. පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි. චතුරඞ්ගික මාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති. හේතුහු දෙදෙනෙක් වෙති. එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි. එක් මැ ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍මකෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි. ...
399. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාදෘෂ්ටි ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධි බලය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය මෝහ ය අභිධ්‍යා ය මිථ්‍යාදෘෂ්ටි ය අහිරික ය අනොත්තප්පය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුසලයෝ යි.
400. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගියා වූ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වු අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
401. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස්සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේවේ ද, එකල්හි - ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි,මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
තවද, එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වු ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි. ...
402. කවරක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබල ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය අභිධ්‍යා ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥානස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
403. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
404. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාදෘෂ්ටිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, මිථ්‍යාදෘෂ්ටිය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.