Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 901-1000 න් 3932

එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක්බවෙක් අද්වේෂසඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අව්‍යාපාද වේ.
317. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් අනිත්‍යාදි විසින් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
318. කවරක් එසමයෙහි හිරි වෙයි යත්:
එසමයෙහි යමෙකින් ලජ්ජාවිය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා කෙරේ ද, මේ එසමයෙහි හිරි වේ.
319. කවරෙක් එසමයෙහි ඔත්තප්ප වෙයි යත්:
එසමයෙහි යමෙකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන ත්‍රස්ත වේ ද, ලාමක වූ අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ත්‍රස්ත වේ ද, මේ එසමයෙහි ඔත්තප්ප (උත්ත්‍රස්ත) වේ.
320. කවරෙක් එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් ප්‍රශ්‍රබ්ධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වේ.
321. කවරෙක් එසමයෙහි චිත්තප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හුන් බවෙක් ප්‍රශ්‍රබ්ධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තප්‍රශ්‍රබ්ධි වේ.
322. කවරෙක් එසමයෙහි කායලඝුතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ලඝුතායෙක් යුහු වැ පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි කායලඝුතා වේ.
323. කවරෙක් එසමයෙහි චිත්තලඝුතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ලඝුතායෙක් යුහු වැ පිරිවැටෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තලඝුතා වේ.
324. කවරෙක් එසමයෙහි කායමෘදුතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි කායමෘදුතා වේ.
325. කවරෙක් එසමයෙහි චිත්තමෘදුතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තමෘදුතා වේ.
326. කවරෙක් එසමයෙහි කායකර්‍මණ්‍යතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ එසමයෙහි කායකර්‍මණ්‍යතා වේ.
327. කවරෙක් එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වේ.
328. කවරෙක් එසමයෙහි කායප්‍රාගුණ්‍ය වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ ( නො ගිලන්) බවෙක් වේ ද, මේ එසමයෙහි කායප්‍රාගුණ්‍ය වේ.
329. කවරෙක් එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වේ.
330. කවරෙක් එසමයෙහි කායඍජුතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් ඍජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද, මේ එසමයෙහි කායඍජුතා වේ.
331. කවරෙක් එසමයෙහි චිත්තඍජුතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් ඍජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලාතායෙක් වේ ද, මේ එසමයෙහි චිත්තඍජුතා වේ.
332. කවරෙක් එසමයෙහි ස්මෘති වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් (අරමුණෙහි) පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්ඛොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘති වේ.
333. කවරෙක් එසමයෙහි සම්‍යග්ඥාන වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙක් විමසීමෙක් සියුසස් දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මෙ එසමයෙහි සම්‍යග්ඥාන වේ.
334. කවරෙක් එසමයෙහි ශමථ වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමෘධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ.
335. කවරෙක් එසමයෙහි විදර්‍ශනා වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සියුසස් දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරිප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි විදර්‍ශනා වේ.
336. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාහ වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩි වැ ගැන්මෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
337. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, ධර්‍මයෝ කුශලයෝ යි.
තවද එසමයෙහි සතර ස්කන්‍ධ කෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සප්තබල කෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක් චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්‍ධයෙක් වෙයි, එක් සංඥාස්කන්‍ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්‍ධයෙක් වෙයි, එක් විඥානස්කන්‍ධයෙක් වෙයි, එක් මැ මනායතනය වෙයි, එක් මනින්‍ද්‍රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි. එක් මැ ධර්‍මධාතුව වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
338. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතින්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්ප ය සම්‍යග්වාචා ය සම්‍යක්කර්‍මාන්ත ය සම්‍යක්-ආජීව ය සම්‍යග්ව්‍යායාම ය සම්‍යක්ස්මෘති ය සම්‍යක්සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල හා ප්‍රඥාබල හා හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අදෝස ය අමොහ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය සම්‍යග්දෘෂ්ටිය ය හිරි ය ඔත්තප්ප ය කායප්‍රශ්‍රබ්ධි ය චිත්තප්‍රශ්‍රබ්ධි ය කායලඝුතා ය චිත්තලඝුතා ය කායමෘදුතා ය චිත්තමෘදුතා ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍යතා ය චිත්තප්‍රාගුණ්‍යතා ය කායඍජුතා ය චිත්තඍජුතා ය ස්මෘති ය සම්‍යග්ඥාන ය ශමථ ය විදර්‍ශනා ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
339. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ද දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
340. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
341. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
342. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත වූ ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
343. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... දුඃඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සුද්ධිකපටිපදා යි.
[ශුන්‍යතය]
344. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමනයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
345. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … ශුන්‍යතපඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ශුන්‍යත යි.
[ශුන්‍යත මූලකප්‍රතිපදා]
346. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
347. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
348. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
349. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
350. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ශුන්‍යත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ශුන්‍යතමූලක ප්‍රතිපදා යි
[අප්පණිහිතය]
351. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
352. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … අප්‍රණිහිත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අප්‍රණිහිතය යි.
[අප්‍රණිහිත මූලකප්‍රතිපදා]
353. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
354. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
355. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
356. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
357. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත්ති ඇති, දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අප්‍රණීහිතමූලක ප්‍රතිපදා යි.
[විංශද්මහානය]
358. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සතිපට්ඨානය වඩා ද ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රිය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ... ලෝකෝත්තර වූ ශමථය වඩා ද ... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතනය වඩා ද ... ලෝකෝත්තර වූ ධාතු වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත්ති ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
විංශද් මහානය යි.
[අධිපති ප්‍රථමමාර්‍ගය]
359. කවර ධර්‍මයෝ කුසල්හ යත්: