Dhammasaṅgaṇī

Enumeration of Phenomena

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2201-2300 න් 3932

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-dhs-3:342.3
824. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු රූපය කවරේ යත්:
ap-dhs-3:342.4
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතුරූප යි.
ap-dhs-3:342.5
825. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.6
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
ap-dhs-3:342.7
826. ඒ බාහිර සෝතධාතු නො වූ රූපය ... ඝානධාතු නො වූ ... ජිව්හාධාතු නො වූ ... කායධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.8
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායධාතු නො වූ රූප යි.
ap-dhs-3:342.9
827. ඒ අධ්‍යාත්මික කායධාතු රූපය කවරේ යත්:
ap-dhs-3:342.10
කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු රූප යි.
ap-dhs-3:342.11
828. ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.12
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූප යි.
ap-dhs-3:342.13
829. ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.14
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූප යි.
ap-dhs-3:342.15
830. ඒ බාහිර රූපධාතු රූපය කවරේ යත්:
ap-dhs-3:342.16
රූපායතන යි. මේ ඒ බාහිර රූපධාතු රූප යි.
ap-dhs-3:342.17
831. ඒ බාහිර රූපධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.18
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපධාතු නො වූ රූප යි.
ap-dhs-3:342.19
832. ඒ අධ්‍යාත්මික ශබ්දධාතු නො වූ ... ගන්‍ධධාතු නො වූ ... රසධාතු නො වූ ... ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.20
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.
ap-dhs-3:344.1
833. ඒ බාහිර ඵොට්ඨබ්බධාතු රූපය කවරේ යත්:
ap-dhs-3:344.2
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යධාතු රූප යි.
ap-dhs-3:344.3
834. ඒ බාහිර ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:344.4
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍ය නො වූ රූප යි.
ap-dhs-3:344.5
ධාතු ත්‍රිකයෝ යි.
ap-dhs-3:344.6
835. ඒ බාහිර චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:344.7
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:344.8
836. ඒ අධ්‍යාත්මික චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:
ap-dhs-3:344.9
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරින්‍ද්‍රියරූප යි.
ap-dhs-3:344.10
837. ඒ අධ්‍යාත්මික චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:344.11
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:344.12
838. ඒ බාහිර සෝතින්‍ද්‍රිය නො වූ ... ඝානින්‍ද්‍රිය නො වූ ... ජිව්හින්‍ද්‍රිය නො වූ ... කායින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:344.13
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායින්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:344.14
839. ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රියරූපය කවරේ යත්:
ap-dhs-3:344.15
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රියරූප යි.
ap-dhs-3:344.16
840. ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:344.17
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:344.18
841. ඒ අධ්‍යාත්මික ඉත්‍ථින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:344.19
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:344.20
842. ඒ බාහිර ඉත්‍ථින්‍ද්‍රියරූපය කවරේ යත්:
ap-dhs-3:344.21
යම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීසලකුණ ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්ප ස්ත්‍රීත්‍වය ස්ත්‍රීභාවය වේ ද, මේ ඒ බාහිර ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
ap-dhs-3:346.1
843. ඒ බාහිර ඉත්‍ථින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:346.2
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:346.3
844. ඒ අධ්‍යාත්මික පුරිසින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:346.4
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:346.5
845. ඒ බාහිර පුරිසින්‍ද්‍රියරූපය කවරේ යත්:
ap-dhs-3:346.6
යම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂසටහන පුරුෂසලකුණ පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ බාහ්‍ය පුරුෂේන්‍ද්‍රියරූප යි.
ap-dhs-3:346.7
846. ඒ බාහිර පුරිසින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:346.8
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:346.9
847. ඒ අධ්‍යාත්මික ජීවිතින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:346.10
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:346.11
848. ඒ බාහිර ජීවිතින්‍ද්‍රිය රූපය කවරේ යත්:
ap-dhs-3:346.12
ඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය ජීවිතේන්‍ද්‍රිය රූප යි.
ap-dhs-3:346.13
849. ඒ බාහිර ජීවිතින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:346.14
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:346.15
ඉන්‍ද්‍රිය ත්‍රිකයෝ යි.
ap-dhs-3:346.16
850. ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:346.17
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූප යි.
ap-dhs-3:346.18
851. ඒ බාහිර කායවිඥප්තිරූපය කවරේ යත්:
ap-dhs-3:346.19
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විදහන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥාපනයෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය කායවිඥප්ති රූප යි.
ap-dhs-3:348.1
852. ඒ බාහිර කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:348.2
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥප්ති නො වූ රූප යි.
ap-dhs-3:348.3
853. ඒ අධ්‍යාත්මික වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:348.4
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික වාග්විඥප්ති නො වූ රූප යි.
ap-dhs-3:348.5
854. ඒ බාහිර වචීවිඤ්ඤත්තිරූපය කවරේ යත්:
ap-dhs-3:348.6
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝෝෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
ap-dhs-3:348.7
855. ඒ බාහිර වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:348.8
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය වාග්විඥප්ති නො වූ රූප යි.
ap-dhs-3:348.9
856. ඒ අධ්‍යාත්මික ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:348.10
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ආකාශධාතු නො වූ රූප යි.
ap-dhs-3:348.11
857. ඒ බාහිර ආකාසධාතු රූපය කවරේ යත්:
ap-dhs-3:348.12
යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ බාහිර ආකාශධාතු රූප යි.
ap-dhs-3:348.13
858. ඒ බාහිර ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:348.14
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ආකාසධාතු නො වූ රූප යි.
ap-dhs-3:348.15
859. ඒ අධ්‍යාත්මික ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:348.16
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අබ්ධාතු නො වූ රූප යි.
ap-dhs-3:348.17
860. ඒ බාහිර ආපෝධාතුරූපය කවරේ යත්:
ap-dhs-3:348.18
යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධන භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය අබ්ධාතුරූප යි.
ap-dhs-3:350.1
861. ඒ බාහිර ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.2
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය අබ්ධාතු නො වූ රූප යි.
ap-dhs-3:350.3
862. ඒ අධ්‍යාත්මික රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.4
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.
ap-dhs-3:350.5
863. ඒ බාහිර රූපයාගේ ලහුතාරූපය කවරේ යත්:
ap-dhs-3:350.6
රූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍වරූප යි.
ap-dhs-3:350.7
864. ඒ බාහිර රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.8
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.
ap-dhs-3:350.9
865. ඒ අධ්‍යාත්මික රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.10
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.
ap-dhs-3:350.11
866. ඒ බාහිර රූපයාගේ මුදුතාරූපය කවරේ යත්:
ap-dhs-3:350.12
රූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව රූප යි.
ap-dhs-3:350.13
867. ඒ බාහිර රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.14
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.
ap-dhs-3:350.15
868. ඒ අධ්‍යාත්මික රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.16
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.
ap-dhs-3:350.17
869. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතාරූපය කවරේ යත්:
ap-dhs-3:350.18
රූපයාගේ යම් කර්‍මණ්‍ය බවෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා රූප යි.
ap-dhs-3:350.19
870. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:350.20
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.
ap-dhs-3:352.1
871. ඒ ආධ්‍යාත්මික රූපයාගේ උපචය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:352.2
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ උපචය නො වූ රූප යි.
ap-dhs-3:352.3
872. ඒ බාහිර රූපයාගේ උපචයරූපය කවරේ යත්:
ap-dhs-3:352.4
ආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, ඒ රූපයාගේ උපචය යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ උපචය රූප යි.