Dhammasaṅgaṇī

Enumeration of Phenomena

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2001-2100 න් 3932

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-dhs-3:322.1
728. ඒ ආකාසධාතුරූපය කවරෙ යත්:
ap-dhs-3:322.2
යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටිය හැකි) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතර මහාභූතයන් විසින් නො පහස්නාලදුයෙක් වේ ද, මේ ඒ ආකාශධාතුරූප යි.
ap-dhs-3:322.3
729. ඒ ආකාසධාතු නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:322.4
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ආකාශධාතු නො වූ රූප යි.
ap-dhs-3:322.5
730. ඒ ආපෝධාතුරූපය කවරෙ යත්:
ap-dhs-3:322.6
යම් ආපයෙක් අපොගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
ap-dhs-3:322.7
731. ඒ ආපෝධාතු නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:322.8
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ අබ්ධාතු නො වූ රූප යි.
ap-dhs-3:322.9
732. ඒ රූපයාගේ ලහුතාරූපය කවරෙ යත්:
ap-dhs-3:322.10
රූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ ලඝුත්‍වරූප යි.
ap-dhs-3:322.11
733. ඒ රූපයාගේ ලහුතා නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:322.12
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ලඝුතා නො වූ රූප යි.
ap-dhs-3:322.13
734. ඒ රූපයාගේ මුදුතාරූපය කවරෙ යත්:
ap-dhs-3:322.14
රූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාර්‍දවයෙක් අකර්‍කශ බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ මෘදුත්‍වරූප යි.
ap-dhs-3:322.15
735. ඒ රූපයාගේ මුදුතා නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:322.16
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ මුදුතා නො වූ රූප යි.
ap-dhs-3:322.17
736. ඒ රූපයාගේ කම්මඤ්ඤතා රූපය කවරෙ යත්:
ap-dhs-3:322.18
රූපයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍යභාවයෙක් වේ ද, මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍වරූප යි.
ap-dhs-3:322.19
737. ඒ රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:322.20
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍ව නො වූ රූප යි.
ap-dhs-3:324.1
738. ඒ රූපයාගේ උපචයරූපය කවරෙ යත්:
ap-dhs-3:324.2
ආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, හේ රූපයාගේ උපචය නමි. මේ ඒ රූපයාගේ උපචයරූප යි.
ap-dhs-3:324.3
739. ඒ රූපයාගේ උපචය නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:324.4
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ උපචය නො වූ රූප යි.
ap-dhs-3:324.5
740. ඒ රූපයාගේ සන්තතිරූපය කවරෙ යත්:
ap-dhs-3:324.6
රූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති නමු. මේ ඒ රූපයාගේ සන්තතිරූප යි.
ap-dhs-3:324.7
741. ඒ රූපයාගේ සන්තති නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:324.8
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ සන්තති නො වූ රූප යි.
ap-dhs-3:324.9
742. ඒ රූපයාගේ ජරතාරූපය කවරෙ යත්:
ap-dhs-3:324.10
රූපයාගේ යම් ජරායෙක් ජීර්‍ණාකාරයෙක් කැඩුණු බවෙක් පැසුණු බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන් මිහිකිරීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ ජරතාරූප යි.
ap-dhs-3:324.11
743. ඒ රූපයාගේ ජරතා නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:324.12
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ජරතා නො වූ රූප යි.
ap-dhs-3:324.13
744. ඒ රූපයාගේ අනිච්චතාරූපය කවරෙ යත්:
ap-dhs-3:324.14
රූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ අනිත්‍යතා රූප යි.
ap-dhs-3:324.15
745. ඒ රූපයාගේ අනිච්චතා නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:324.16
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ අනිත්‍යතා නො වූ රූප යි.
ap-dhs-3:324.17
746. ඒ කවලීකාරාහාරරූපය කවරෙ යත්:
ap-dhs-3:324.18
ඕදන ය කුල්මාෂ ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජනපදයෙක්හි ඒ ඒ සත්ත්‍වයන් විසින් මුවින් කෑමට නිසි දතින් විකිය යුතු ගෙලෙන් ගලනට නිසි කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි.
ap-dhs-3:326.1
747. ඒ කවලීකාරාහාර නො වූ රූපය කවරෙ යත්:
ap-dhs-3:326.2
චක්‍ෂුරායතන ය … රූපයාගේ අනිත්‍යතාරූප යි. මේ ඒ කවලීකාරාහාර නො වූ රූප යි.
ap-dhs-3:326.3
මෙසේ දෙ අයුරින් රූපසඞ්ග්‍රහය වේ.
ap-dhs-3:326.4
(සූක්‍ෂමරූප දුක යි.)
ap-dhs-3:326.5
ද්විකනිර්දේශ යි.
ap-dhs-3:326.6
[ත්‍රිකනිර්දේශය]
ap-dhs-3:326.7
748. ඒ අධ්‍යාත්මික උපාදාරූපය කවරේ යත්:
ap-dhs-3:326.8
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදාරූප යි.
ap-dhs-3:326.9
749. ඒ බාහිර උපාදාරූපය කවරේ යත්:
ap-dhs-3:326.10
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදාරූප යි.
ap-dhs-3:326.11
750. ඒ උපාදා නො වූ බාහිරරූපය කවරේ යත්:
ap-dhs-3:326.12
ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආපෝධාතු යි. මේ ඒ උපාදා නො වූ බාහිරරූප යි.
ap-dhs-3:326.13
751. ඒ අධ්‍යාත්මික උපාදින්නරූපය කවරේ යත්:
ap-dhs-3:326.14
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නරූප යි.
ap-dhs-3:326.15
752. ඒ බාහිර උපාදින්නරූපය කවරේ යත්:
ap-dhs-3:326.16
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නරූප යි.
ap-dhs-3:326.17
753. ඒ බාහිර අනුපාදින්නරූපය කවරේ යත්:
ap-dhs-3:326.18
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නරූප යි.
ap-dhs-3:326.19
754. ඒ අධ්‍යාත්මික උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
ap-dhs-3:326.20
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නෝපාදානීයරූප යි.
ap-dhs-3:328.1
755. ඒ බාහිර උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
ap-dhs-3:328.2
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නෝපාදානීයරූප යි.
ap-dhs-3:328.3
756. ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
ap-dhs-3:328.4
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූප යි.
ap-dhs-3:328.5
757. ඒ අධ්‍යාත්මික අනිදස්‍සනරූපය කවරේ යත්:
ap-dhs-3:328.6
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අනිදර්‍ශනරූප යි.
ap-dhs-3:328.7
758. ඒ බාහිර සනිදස්සනරූපය කවරේ යත්:
ap-dhs-3:328.8
රූපායතන යි. මේ ඒ සනිදර්‍ශන බාහිර රූප යි.
ap-dhs-3:328.9
759. ඒ බාහිර අනිදස්‍සනරූපය කවරේ යත්:
ap-dhs-3:328.10
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනිදර්‍ශනරූප යි.
ap-dhs-3:328.11
760. ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූපය කවරේ යත්:
ap-dhs-3:328.12
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූප යි.
ap-dhs-3:328.13
761. ඒ බාහිර සප්පටිඝරූපය කවරේ යත්:
ap-dhs-3:328.14
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සප්‍රතිඝරූප යි.
ap-dhs-3:328.15
762. ඒ බාහිර අප්පටිඝරූපය කවරේ යත්:
ap-dhs-3:328.16
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අප්‍රතිඝරූප යි.
ap-dhs-3:328.17
763. ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
ap-dhs-3:328.18
චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූප යි.
ap-dhs-3:328.19
764. ඒ බාහිර ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
ap-dhs-3:328.20
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රියරූප යි.
ap-dhs-3:330.1
765. ඒ බාහිර ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:330.2
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
ap-dhs-3:330.3
766. ඒ අධ්‍යාත්මික මහාභූත නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:330.4
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික මහාභූත නො වූ රූප යි.
ap-dhs-3:330.5
767. ඒ බාහිර මහාභූතරූපය කවරේ යත්:
ap-dhs-3:330.6
ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ බාහිර මහාභූතරූප යි.
ap-dhs-3:330.7
768. ඒ බාහිර මහාභූත නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:330.8
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර මහාභූත නො වූ රූප යි.
ap-dhs-3:330.9
769. ඒ අධ්‍යාත්මික විඥප්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:330.10
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික විඥප්ති නො වූ රූප යි.
ap-dhs-3:330.11
770. ඒ බාහිර විඥප්තිරූපය කවරේ යත්:
ap-dhs-3:330.12
කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර විඥප්තිරූප යි.
ap-dhs-3:330.13
771. ඒ බාහිර විඥප්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:330.14
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර විඥප්ති නො වූ රූප යි.
ap-dhs-3:330.15
772. ඒ අධ්‍යාත්මික චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:330.16
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තසමුට්ඨාන නො වූ රූප යි.
ap-dhs-3:330.17
773. ඒ බාහිර චිත්තසමුට්ඨානරූපය කවරේ යත්:
ap-dhs-3:330.18
කායවිඥප්ති ය, වාග්විඥප්ති ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසමුත්‍ථානරූප යි.
ap-dhs-3:332.1
774. ඒ බාහිර චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:332.2
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද චිත්තජ නො වූ චිත්තහේතුක නො වූ චිත්තසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසමුත්‍ථාන නො වූ රූප යි.
ap-dhs-3:332.3
775. ඒ අධ්‍යාත්මික චිත්තසහභූ නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:332.4
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තසහභූ නො වූ රූප යි.