Dhammasaṅgaṇī

Enumeration of Phenomena

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

Sinhala BJT: this passage has no verified position in this edition. Showing its beginning.

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1-100 න් 3932

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-dhs:2.1
අභිධර්‍මපිටකයෙහි
ap-dhs:2.2
ධම්මසඞ්ගණීප්‍රකරණය
ap-dhs:2.3
මාතෘකා
ap-dhs:2.4
අභිධර්‍මමාතෘකා
ap-dhs:2.5
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
ap-dhs:2.6
1. කුශලධර්‍මයෝ යැ, අකුශලධර්‍මයෝ යැ, අව්‍යාකෘතධර්‍මයෝ යි.
ap-dhs:2.7
2. සුඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ, අදුඃඛඅසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යි.
ap-dhs:2.8
3. විපාක ධර්‍මයෝ යැ, විපාක ස්වභාවධර්‍මයෝය යැ, නොමැවිපාක වූ විපාකස්වභාව නො වූ ධර්‍මයෝ යි.
ap-dhs:2.9
4. උපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ, අනුපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ, අනුපාදින්නඅනුපාදානීයධර්‍මයෝ යි.
ap-dhs:2.10
5. සඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික ධර්‍මයෝ යි.
ap-dhs:2.11
6. සවිතර්‍කසවිචාරධර්‍මයෝ යැ, අවිතර්‍කවිචාරමාත්‍රධර්‍මයෝ යැ, අවිතර්‍කඅවිචාරධර්‍මයෝ යි.
ap-dhs:2.12
7. ප්‍රීතිසහගතධර්‍මයෝ යැ, සුඛසහගතධර්‍මයෝ යැ, උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.
ap-dhs:4.1
8. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ, භාවනායෙන් (ශේෂමාර්‍ගත්‍රයෙන්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
ap-dhs:4.2
9. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
ap-dhs:4.3
10. ආචයගාමී (ප්‍රතිසන්‍ධි ච්‍යුති ගති ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යැ, අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යැ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ යි.
ap-dhs:4.4
11. ශෛක්‍ෂධර්‍මයෝ යැ, අශෛක්‍ෂධර්‍මයෝ යැ, නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.
ap-dhs:4.5
12. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ යැ, මහද්ගත (රූපාරූප) ධර්‍මයෝ යැ. අප්‍රමාණ (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.
ap-dhs:4.6
13. පරිත්තාලම්බනධර්‍මයෝ යැ, මහද්ගතාලම්බනධර්‍මයෝ යැ, අප්‍රමාණලම්බනධර්‍මයෝ යි.
ap-dhs:4.7
14. හීන (ලාමකඅකුශල) ධර්‍මයෝ යැ, මධ්‍යම (අවශේෂත්‍රෛභූමික) ධර්‍මයෝ යැ. ප්‍රණීත (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.
ap-dhs:4.8
15. මිථ්‍යාත්‍වනියත (මිථ්‍යාස්වභාව) ධර්‍මයෝ යැ, සම්‍යක්ත්‍වනියතධර්‍මයෝ යැ, අනියතධර්‍මයෝ යි.
ap-dhs:4.9
16. මාර්‍ගාලම්බනධර්‍මයෝ යැ, මාර්‍ගහේතුකධර්‍මයෝ යැ, මාර්‍ගාධිපතිධර්‍මයෝ යි.
ap-dhs:4.10
17. උත්පන්නධර්‍මයෝ යැ, අනුත්පන්නධර්‍මයෝ යැ, උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) ධර්‍මයෝ යි.
ap-dhs:4.11
18. අතීතධර්‍මයෝ යැ, අනාගතධර්‍මයෝ යැ, ප්‍රත්‍යුත්පන්නධර්‍මයෝ යි.
ap-dhs:6.1
19. අතීතාලම්බනධර්‍මයෝ යැ, අනාගතාලම්බනධර්‍මයෝ යැ, ප්‍රත්‍යුත්පන්නතාලම්බනධර්‍මයෝ යි.
ap-dhs:6.2
20. අධ්‍යාත්මධර්‍මයෝ යැ, බාහ්‍යධර්‍මයෝ යැ, අධ්‍යාත්මබාහ්‍යධර්‍මයෝ යි.
ap-dhs:6.3
21. අධ්‍යාත්මාලම්බනධර්‍මයෝ යැ, බාහ්‍යාලම්බනධර්‍මයෝ යැ, අධ්‍යාත්මබාහ්‍යාලම්බනධර්‍මයෝ යි.
ap-dhs:6.4
22. සනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ යැ, අනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ යැ, අනිදර්‍ශනඅප්‍රතිඝධර්‍මයෝ යි.
ap-dhs:6.5
ත්‍රිකමාතෘකා යි.
ap-dhs:6.6
1. හේතු නම් වූ ධර්‍මයෝ යැ, හේතු නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:6.7
2. (සම්ප්‍රයුක්ත) හේතු සහිත වූ ධර්‍මයෝ යැ, හේතු නැති ධර්‍මයෝ යැ,
ap-dhs:6.8
3. (ඒකෝත්පාදාදි වශයෙන්) හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, හේතු විප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:6.9
4. හේතු ද වූ සම්ප්‍රයුක්ත හේතු සහිත ද වූ ධර්‍මයෝ යැ, සහේතුක වූ ද හේතු නො වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:6.10
5. හේතු වූ ද හේතු සම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, හේතු සම්ප්‍රයුක්ත වූ ද හේතු නො වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:6.11
6. යළි හේතු නො වූ සහේතුක ද වූ ධර්‍මයෝ යැ, (හේතු නො වූ) අහේතුක ද වූ ධර්‍මයෝ යි.
ap-dhs:6.12
හේතුගොච්ඡකය යි.
ap-dhs:6.13
1. සප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ, අප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ,
ap-dhs:6.14
2. සඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් කළ) ධර්‍මයෝ යැ, අසඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් නො කළ) ධර්‍මයෝ යැ,
ap-dhs:6.15
3. නිදර්‍ශන (දැක්ක යුතු බව) සහිත වූ ධර්‍මයෝ යැ, අනිදර්‍ශන වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.1
4. සප්‍රතිඝ (ගැටීම් සහිත) වූ ධර්‍මයෝ යැ, අප්‍රතිඝ වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.2
5. රූපී වූ ධර්‍මයෝ යැ, අරූපී වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.3
6. ලෞකික (ලෝකයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ යැ, ලෝකෝත්තර වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.4
7. කිසි විඥානයකින් දතයුතු වූ ධර්‍මයෝ යැ, කිසි විඥානයකින් නො දතයුතු වූ ධර්‍මයෝ යි.
ap-dhs:8.5
චුල්ලන්තරදුකය යි.
ap-dhs:8.6
1. ආස්‍රව වූ ධර්‍මයෝ යැ, ආස්‍රව නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.7
2. ආස්‍රව සහිත වූ ධර්‍මයෝ යැ, ආස්‍රව රහිත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.8
3. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.9
4. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ යැ, ආස්‍රව සහිත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:8.10
5. ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, (ඛ) ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා.
ap-dhs:8.11
6. යළි ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව ද වූ ධර්‍මයෝ යැ, (ආස්‍රව විප්‍රයුක්ත වූ) අනාස්‍රව ද වූ ධර්‍මයෝ යි.
ap-dhs:8.12
ආස්‍රවගොච්ඡකය යි.
ap-dhs:8.13
1. සංයෝජන (පුඟුල්හු සසරැ බඳනා) වූ ධර්‍මයෝ යැ, සංයෝජන නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.14
2. සංයෝජනීය (සංයෝජනයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, සංයෝජනීය නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.15
3. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:8.16
4. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ යැ, සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:8.17
5. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, සංයෝජන සම්ප්‍රයුක්ත වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:8.18
6. යළි සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය ද වූ ධර්‍මයෝ යැ, (සංයෝජන විප්‍රයුක්ත වූ) අසංයෝජනිය ද වූ ධර්‍මයෝ යි.
ap-dhs:8.19
සංයෝජනගොච්ඡකය යි.
ap-dhs:10.1
1. ග්‍රන්‍ථ (ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් සසර ගැටලන) වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.2
2. ග්‍රන්‍ථනීය (අරමුණු කිරීම් වශයෙන් ග්‍රන්‍ථයන් විසින් ගෙතිය යුතු) වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.3
3. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.4
4. ග්‍රන්‍ථ වූ ද ග්‍රන්‍ථනීය වූ ද ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:10.5
5. ග්‍රන්‍ථ වූ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්‍රන්‍ථ වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:10.6
6. යළි ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යැ, (ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්‍මයෝ යි.
ap-dhs:10.7
ග්‍රන්‍ථගොච්ඡකය යි.
ap-dhs:10.8
1. ඕඝ (පුඟුල්හු සසරැ ගලනා) වූ ධර්‍මයෝ යැ, ඕඝ නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.9
2. ඕඝනීය (ඕඝයෙන් ඉක්මියයුතු) වූ ධර්‍මයෝ යැ, ඕඝනීය නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.10
3. ඕඝසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ඕඝවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.11
4. ඕඝ වූ ද ඕඝනීය වූ ද ධර්‍මයෝ යැ, ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:10.12
5. ඕඝ වූ ද ඕඝසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:10.13
6. යළි ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය ද වූ ධර්‍මයෝ යැ, (ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්‍මයෝ යි.
ap-dhs:10.14
ඕඝගොච්ඡකය යි.
ap-dhs:10.15
1. යෝග (පුඟුල්හු සසරැ යොදන) වූ ධර්‍මයෝ යැ, යෝග නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:10.16
2. යෝගනීය ධර්‍මයෝ යැ, අයෝගනීය ධර්‍මයෝ යැ,
ap-dhs:10.17
3. යෝගසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, යෝගවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.1
4. යෝග වූ ද යෝගනීය වූ ද ධර්‍මයෝ යැ, යෝගනීය වූ ද යෝග නො වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:12.2
5. යෝග වූ ද යෝගසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, යෝග සම්ප්‍රයුක්ත වූ ද නො ද යෝග වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:12.3
6. යළි යෝගවිප්‍රයුක්ත වූ යෝගනීය ද වූ ධර්‍මයෝ යැ, (යෝග විප්‍රයුක්ත වූ) අයෝගනීය ද වූ ධර්‍මයෝ යි.
ap-dhs:12.4
යෝගගොච්ඡකය යි.
ap-dhs:12.5
1. නීවරණ (සිත හාත්පසින් බැඳගන්නා) වූ ධර්‍මයෝ යැ, නීවරණ නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.6
2. නීවරණිය (නීවරණයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, අනීවරණිය වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.7
3. නීවරණසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, නීවරණවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.8
4. නීවරණ වූ ද නීවරණිය වූ ද ධර්‍මයෝ යැ, නීවරණිය වූ ද නො ද නීවරණ වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.9
5. නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, නීවරණ සම්ප්‍රයුක්ත වූ ද නො ද නීවරණ වූ ද ධර්‍මයෝ යැ,
ap-dhs:12.10
6. යළි නීවරණවිප්‍රයුක්ත වූ නීවරණිය ද වූ ධර්‍මයෝ යැ, (නීවරණ විප්‍රයුක්ත වූ) අනීවරණිය ද වූ ධර්‍මයෝ යි.
ap-dhs:12.11
නීවරණගොච්ඡකය යි.
ap-dhs:12.12
1. පරාමර්‍ශ (නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා) ධර්‍මයෝ යැ, පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.13
2. පරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ යැ, අපරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු නො කළ) ධර්‍මයෝ යැ,
ap-dhs:12.14
3. පරාමාසසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, පරාමාසවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.15
4. පරාමර්‍ශ වූ ද පරාමාෂ්ට වූ ද ධර්‍මයෝ යැ, පරාමාෂ්ට වූ ද නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යැ,
ap-dhs:12.16
5. යළි පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යැ, (පරාමර්‍ශ විප්‍රයුක්ත වූ) අපරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යි.
ap-dhs:12.17
පරාමාසගොච්ඡකය යි.
ap-dhs:14.1
1. සාරම්මණ (ආලම්බන සහිත) වූ ධර්‍මයෝ යැ, අනාරම්මණ (ආලම්බන රහිත) නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.2
2. චිත්ත ධර්‍මයෝ යැ, චිත්ත නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.3
3. චෛතසික (සිත්හි යෙදුණු) ධර්‍මයෝ යැ, චෛතසික නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.4
4. චිත්තසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.5
5. චිත්තසංසෘෂ්ට (සිත හා මිශ්‍ර) වූ ධර්‍මයෝ යැ, චිත්තවිසංසෘෂ්ට (සිත හා මිශ්‍ර නො වූ) වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.6
6. චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) වූ ධර්‍මයෝ යැ, චිත්තසමුට්ඨාන නො වූ ධර්‍මයෝ යැ.
ap-dhs:14.7
7. චිත්තසහභූ (සිත හා එක් ව උපදනා) ධර්‍මයෝ යැ, චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.8
8. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) ධර්‍මයෝ යැ, චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
ap-dhs:14.9
9. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යැ,