Pali BJT269. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT269. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ හීන වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද ... මධ්‍යම වූ .... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ - (කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT270. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT270. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ .. උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත, සංස්කාර සහිත වැ හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වු ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (කාමාවචර කුශලචිත්තයය) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTකාමාවචරකුසලං.
Sinhala BJTකාමාවචරකුශල යි.
Pali BJT271. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT271. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්ති පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... හීන වූ පඨවිකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT272. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT272. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... හීන වූ පඨවිකසිණ - පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද .... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි .... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTරූපාවචරකුසලං.
Sinhala BJTරූපාවචරකුශල යි.
Pali BJT273. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT273. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා{1} නානත්තසඤ්ඤානං අමනසිකාරා ආකාසානඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT274. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT274. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT275. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT275. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT276. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT276. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅරූපාවචරකුසලං.
Sinhala BJTඅරූපාවචරකුශල යි.
Pali BJTතෙභූමකකුසලං නිට්ඨිතං.
Sinhala BJTත්‍රෛභූමකකුශලය නිමි.
Pali BJTලොකුත්තරං චිත්තං
Sinhala BJTලෝකෝත්තර සිත
Pali BJT277. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT277. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවාචා හොති, සම්මාකම්මන්තො හොති, සම්මාආජීවො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සද්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත්තප්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ්ඣා හොති, අව්යාපාදො හොති, සම්මාදිට්ඨි හොති, හිරි හොති, ඔත්තප්පං හොති, කායපස්සද්ධි හොති, චිත්තපස්සද්ධි හොති, කායලහුතා හොති, චිත්තලහුතා හොති, කායමුදුතා හොති, චිත්තමුදුතා හොති, කායකම්මඤ්ඤතා හොති, චිත්තකම්මඤ්ඤතා හොති, කායපාගුඤ්ඤතා හොති, චිත්තපාගුඤ්ඤතා හොති, කායුජ්ජුකතා හොති, චිත්තුජ්ජුකතා හොති, සති හොති, සම්පජඤ්ඤං හොති, සමථො හොති, විපස්සනා හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්ච සමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස (ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, විතෛත්කාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨි වෙයි, සම්මාවාචා වෙයි, සම්මාකම්මන්ත වෙයි, සම්මාආජීව වෙයි, සම්මාවායාම වෙයි, සම්මාසති වෙයි, සම්මාසමාධි වෙයි, සද්ධාබල වෙයි, විරියබල වෙයි, සතිබල වෙයි, සමාධිබල වෙයි, පඤ්ඤාබල වෙයි, හිරිබල වෙයි, ඔත්තප්පබල වෙයි, අලෝභය වෙයි, අදෝසය වෙයි, අමෝහය වෙයි, අනභිජ්ඣා වෙයි, අව්‍යාපාද වෙයි, සම්මාදිට්ඨි වෙයි, හිරි වෙයි, ඔත්තප්ප වෙයි, කායපස්සද්ධි වෙයි, චිත්තපස්සද්ධි වෙයි, කායලහුතා වෙයි, චිත්තලහුතා වෙයි, කායමුදුතා වෙයි, චිත්තමුදුතා වෙයි, කායකම්මඤ්ඤතා වෙයි, චිත්තකම්මඤ්ඤතා වෙයි, කායපාගුඤ්ඤතා වෙයි, චිත්තපාගුඤ්ඤතා වෙයි, කායුජ්ජුකතා වෙයි, චිත්තුජ්ජුකතා වෙයි, සති වෙයි, සම්පජඤ්ඤ වෙයි, සමථය වෙයි, විපස්සනා වෙයි, පග්ගාහය වෙයි, අවික්ඛේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT278. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT278. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT279. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT279. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනාව වේ.
Pali BJT280. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT280. කවරෙක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT281. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT281. කවරෙක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT282. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT282. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.
Pali BJT283. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT283. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
Pali BJT284. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT284. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො චිත්තස්ස අනුසන්ධානතා{1} අනුපෙක්ඛනතා, අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාරය වේ.
Pali BJT285. කතමා තස්මිං සමයෙ පීති හොති?
Sinhala BJT285. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස පීතිසම්බොජ්ඣඞ්ගො, අයං තස්මිං සමයෙ පීති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.
Pali BJT286. කතමං තස්මිං සමයෙ සුඛං හොති?
Sinhala BJT286. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛවේදනා වේ.
Pali BJT287. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT287. කවරෙක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැ සිටීමෙක් නොවිසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධි බලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධි සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT288. කතමං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති?
Sinhala BJT288. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔක්කප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං, ඉදං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
Pali BJT289. කතමං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති?
Sinhala BJT289. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රම (කුසීත බැවින් නික්මෙන වීර්‍ය්‍ය) යෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ථාමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක්, වීර්‍ය්‍යයෙක්, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක්, වීර්‍ය්‍යබලයෙක්, සම්‍යග්වීර්‍ය්‍යයෙක්, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
Pali BJT290. කතමං තස්මිං සමයෙ සතින්ද්රියං හොති?
Sinhala BJT290. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ සතින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘති සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වේ.
Pali BJT291. කතමං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති?
Sinhala BJT291. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධි සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJT292. කතමං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති?
Sinhala BJT292. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් (අනිත්‍යාදි ප්‍රකාරයෙන් දහම්) දැනීමෙක් දන්නා අයුරෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (සිත විදර්‍ශනාවීථියට නඟන) පතෝදයෙක් ප්‍රාඥයෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥා ප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
Pali BJT293. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT293. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදය (චිත්ත) යෙක් භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT294. කතමං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති?
Sinhala BJT294. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
Pali BJT295. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT295. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තෙසං{1} අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යැපීමෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJT296. කතමං තස්මිං සමයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං හොති?
Sinhala BJT296. කවරෙක් එසමයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයෙ තෙසං ධම්මානං අනඤ්ඤාතානං අදිට්ඨානං අප්පත්තානං අවිදිතානං අසච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං හොති.
Sinhala BJTනො දත් විරූ නුදුටු විරූ නො පත් විරූ නුවණින් නො පාළ කළ නො පසක් කළ ඒ සිවුසස් දහමුන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ.
Pali BJT297. කතමා තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
Sinhala BJT297. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් නිදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවහාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
Pali BJT298. කතමො තස්මිං සමයෙ සම්මාසඞ්කප්පො හොති?
Sinhala BJT298. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාසඞ්කප්පො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක් සංකල්ප වේ.
Pali BJT299. කතමා තස්මිං සමයෙ සම්මාවාචා හොති?
Sinhala BJT299. කවරෙක් එසමයෙහි සම්මාවාචා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චතූහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාවාචා මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාවාචා හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, සතර වාග්දුශ්චරිතයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් ආචාරසීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ එසමයෙහි සම්මාවාචා වේ.
Pali BJT300. කතමො තස්මිං සමයෙ සම්මාකම්මන්තො හොති?
Sinhala BJT300. කවරෙක් එසමයෙහි සම්‍යක්කර්‍මාන්ත වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තීහි කායදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාකම්මන්තො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාකම්මන්තො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, ත්‍රිවිධ කායදුශ්චරිතයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් සීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යක්කර්‍මාන්තයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්කර්‍මාන්ත වේ.
Pali BJT301. කතමො තස්මිං සමයෙ සම්මාආජීවො හොති?
Sinhala BJT301. කවරෙක් එසමයෙහි සම්‍යගාජීව වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාආජීවො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාආජීවො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, මිථ්‍යා ආජීවයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් සීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යක්ආජීවයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යගාජීව වේ.
Pali BJT302. කතමො තස්මිං සමයෙ සම්මාවායාමො හොති?
Sinhala BJT302. කවරෙක් එසමයෙහි සම්‍යග්ව්‍යායාම වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාවායාමො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඨ උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
Pali BJT303. කතමා තස්මිං සමයෙ සම්මාසති හොති?
Sinhala BJT303. කවරෙක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාසති හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
Pali BJT304. කතමො තස්මිං සමයෙ සම්මාසමාධි හොති?
Sinhala BJT304. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාසමාධි හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
Pali BJT305. කතමං තස්මිං සමයෙ සද්ධාබලං හොති?
Sinhala BJT305. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං, ඉදං තස්මිං සමයෙ සද්ධාබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැසැගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
Pali BJT306. කතමං තස්මිං සමයෙ විරියබලං හොති?
Sinhala BJT306. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ විරියබලං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථිරපරාක්‍රමයෙක් අනික්‍ෂිප්ත ඡන්‍දතායෙක් අනික්‍ෂිප්තධුරතායෙක් ධුරසම්ප්‍රග්‍රාහයෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
Pali BJT307. කතමං තස්මිං සමයෙ සතිබලං හොති?
Sinhala BJT307. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ සතිබලං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘතිබල වේ.
Pali BJT308. කතමං තස්මිං සමයෙ සමාධිබලං හොති?
Sinhala BJT308. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ සමාධිබලං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ.
Pali BJT309. කතමං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති?
Sinhala BJT309. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පතළ ප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්ඛොඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
Pali BJT310. කතමං තස්මිං සමයෙ හිරිබලං හොති?
Sinhala BJT310. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං තස්මිං සමයෙ හිරිබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් ලජ්ජාවිය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා කෙරේ ද, මේ එසමයෙහි හිරිබල වේ.
Pali BJT311. කතමං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති?
Sinhala BJT311. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතුකොට බිය වේ ද, ලාමක වූ අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය වේ ද, මේ එසමයෙහි ඔත්තප්පබල වේ.
Pali BJT312. කතමො තස්මිං සමයෙ අලොභො හොති?
Sinhala BJT312. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං, අයං තස්මිං සමයෙ අලොභො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත වූ කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අලෝභ වේ.
Pali BJT313. කතමො තස්මිං සමයෙ අදොසො හොති?
Sinhala BJT313. කවරෙක් එසමයෙහි අද්වේෂ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං, අයං තස්මිං සමයෙ අදොසො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක්බවෙක් අද්වේෂසඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අද්වේෂ වේ.
Pali BJT314. කතමො තස්මිං සමයෙ අමොහො හොති?
Sinhala BJT314. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ අමොහො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රකාරයෙන් දන්නා අයුරෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අමොහ වේ.
Pali BJT315. කතමා තස්මිං සමයෙ අනභිජ්ඣා හොති?
Sinhala BJT315. කවරෙක් එසමයෙහි අනභිධ්‍යා වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං, අයං තස්මිං සමයෙ අනභිජ්ඣා හොති.
Sinhala BJTඑසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණුබවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අනභිධ්‍යා වේ.
Pali BJT316. කතමො තස්මිං සමයෙ අව්යාපාදො හොති?
Sinhala BJT316. කවරෙක් එසමයෙහි අව්‍යාපාද වෙයි යත්: