Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 501-600 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති, සොමනස්ස සහගතං ඤාණවිප්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සද්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, හිරිබලං හොති, ඔත්තප්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අනභිජ්ඣා හොති, අව්යාපාදො හොති, හිරි හොති, ඔත්තප්පං හොති, කායපස්සද්ධි හොති, චිත්තපස්සද්ධි හොති, කාය ලහුතා හොති, චිත්ත ලහුතා හොති, කායමුදුතා හොති, චිත්තමුදුතා හොති, කායකම්මඤ්ඤතා හොති, චිත්තකම්මඤ්ඤතා හොති, කායපාගුඤ්ඤතා හොති, චිත්තපාගුඤ්ඤතා හොති, කායුජ්ජුකතා හොති, චිත්තුජ්ජුකතා හොති, සති හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා-ඉමෙ ධම්මාකුසලා.
Sinhala BJTයම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යත්‍වය වෙයි, චිත්තකර්‍මණ්‍යත්‍වය වෙයි, කායප්‍රාගුණ්‍යය වෙයි, චිත්තප්‍රාගුණ්‍යය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, සත්තින්ද්රියානි හොන්ති, පඤ්චඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, ඡ බලානි හොන්ති, ද්වෙ හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි, බලයෝ සදෙනෙක් වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT148. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT148. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං හිරිබලං ඔත්තප්පබලං අලොභො අදොසො අනභිජ්ඣා අව්යාපාදො හිරි ඔත්තප්පං කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සමථො පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, ශමථ ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතතියං චිත්තං.
Sinhala BJTතෘතීයචිත්තය යි.
Pali BJT149. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT149. කවර දහම්හු කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන, රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචතුත්ථං චිත්තං.
Sinhala BJTචතුර්‍ත්‍ථචිත්තය යි.
Pali BJT150. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT150. කවර දහම්හු කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති,
Sinhala BJTයම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි,
Pali BJTසම්මාසඞ්කප්පො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මා සමාධි හොති, සද්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත්තප්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ්ඣා හොති, අව්යාපාදො හොති, සම්මාදිට්ඨි හොති, හිරි හොති, ඔත්තප්පං හොති, කායපස්සද්ධි හොති, චිත්තපස්සද්ධි හොති, කායලහුතා හොති, චිත්තලහුතා හොති, කායමුදුතා හොති, චිත්තමුදුතා හොති, කායකම්මඤ්ඤතා හොති, චිත්තකම්මඤ්ඤතා හොති, කායපාගුඤ්ඤතා හොති, චිත්තපාගුඤ්ඤතා හොති, කායුජ්ජුකතා හොති, චිත්තුජ්ජුකතා හොති, සති හොති, සම්පජඤ්ඤං හොති, සමථො හොති, විපස්සනා හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTසම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වේ, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතා වෙයි, චිත්තකර්‍මණ්‍යතා වෙයි, කායප්‍රගුණත්‍වය වෙයි, චිත්තප්‍රගුණත්‍වය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, අවික්‍ෂේපය වේ. තවද, එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ, යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT151. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT151. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං - අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
Pali BJT152. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT152. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා - අයං තස්මිං සමයෙ වෙදනා හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි වේදනාව වේ. ...
Pali BJT153. කතමා තස්මිං සමයෙ උපෙක්ඛා හොති?
Sinhala BJT153. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා - අයං තස්මිං සමයෙ උපෙක්ඛා හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි උපේක්‍ෂාව වේ. ...
Pali BJT154. කතමං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති?
Sinhala BJT154. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා - ඉදං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ. ...
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, පඤ්චඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගමාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
Pali BJT155. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT155. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං අලොභො අදොසො අමොහො අනභිජ්ඣා අව්යාපාදො සම්මාදිට්ඨි හිරි ඔත්තප්පං කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සම්පජඤ්ඤං සමථො විපස්සනා පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අදෝස ය, අමෝහ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, සම්‍යග්දෘෂ්ටි ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, සම්‍යග්ඥාන ය, ශමථ ය, විදර්‍ශනා ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTපඤ්චමං චිත්තං.
Sinhala BJTපඤ්චමචිත්තය යි.
Pali BJT156. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT156. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන, රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක්හි රූපාලම්බන වේවයි ... යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඡට්ඨං චිත්තං.
Sinhala BJTෂෂ්ඨචිත්තය යි.
Pali BJT157. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT157. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ඤාණවිප්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සද්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, හිරිබලං හොති, ඔත්තප්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අනභිජ්ඣා හොති, අව්යාපාදො හොති, හිරි හොති, ඔත්තප්පං හොති, කායපස්සද්ධි හොති, චිත්තපස්සද්ධි හොති, කායලහුතා හොති, චිත්තලහුතා හොති, කායමුදුතා හොති, චිත්තමුදුතා හොති, කායකම්මඤ්ඤතා හොති, චිත්තකම්මඤ්ඤතා හොති, කායපාගුඤ්ඤතා හොති, චිත්තපාගුඤ්ඤතා හොති, කායුජ්ජුකතා හොති, චිත්තුජ්ජුකතා හොති, සති හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා. -පෙ-
Sinhala BJTයම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක්සමාධි ය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යත්‍වය වෙයි, චිත්තකර්‍මණ්‍යත්‍වය වෙයි, කායප්‍රාගුණ්‍යය වෙයි, චිත්තප්‍රාගුණ්‍යය වෙයි, කායඍජුත්‍වය වෙයි, චිත්තඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, සත්තින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, ඡ බලානි හොන්ති, ද්වෙ හෙතු හොන්ති, එකො ඵස්සො හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් වෙති, චතුරඞ්ගධ්‍යානය වෙයි, චතුරඞ්ගමාර්‍ගය වෙයි, බලයෝ සදෙනෙක් වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනයෙක් වෙයි, එක් මැ ධර්‍මධාතුයෙක් වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත් ද, - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJT158. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT158. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං හිරිබලං ඔත්තපබලං අලොභො අදොසො අනභිජ්ඣා අව්යාපාදො හිරි ඔත්තප්පං කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සමථො පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ යැ චේතනා යැ විතර්‍ක යැ විචාර යැ චිත්තේකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යක්සංකල්ප ය සම්‍යග් ව්‍යායාම ය සම්‍යක් සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල ය හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අද්වේෂ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය හිරි ය ඔත්තප්ප ය කායප්‍රශ්‍රබ්ධි ය චිත්තප්‍රශ්‍රබ්ධි ය කායලඝුත්‍ව ය චිත්තලඝුත්‍ව ය කායමෘදුත්‍ව ය චිත්තමෘදුත්‍ව ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍ය ය චිත්තප්‍රාගුණ්‍ය ය කාය - ඍජුත්‍ව ය චිත්ත - ඍජුත්‍ව ය ස්මෘති ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTසත්තමං චිත්තං.
Sinhala BJTසප්තම චිත්තය යි.
Pali BJT159. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT159. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන, රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති, -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක්හි රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර කුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅට්ඨමං චිත්තං.
Sinhala BJTඅෂ්ටම චිත්තය යි.
Pali BJTකාමාවචර අට්ඨමහාචිත්තානි.
Sinhala BJTකාමාවචර අෂ්ට මහාචිත්තයෝ යි.
Pali BJTදුතියං භාණවාරං
Sinhala BJTදෙවන බණවර යි.
Pali BJTරූපාවචර කුසලචිත්තං
Sinhala BJTරූපාවචරකුසලචිත්තය
Pali BJT[චතුක්කනයො]
Sinhala BJT[චතුක්කනය]
Pali BJT160. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT160. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති පඨවීකසිණං{2} - තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක්හි රූපභවයෙහි උප්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, ඒ ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙන ඇසිල්ලෙහි (මහද්ගත භාවයට පැමිණි) ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT161. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT161. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං{3} හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති, -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ උතුම් එකඟබව වඩන අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රිතීසුඛය ඇති පඨවිකසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, තිවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්ත බලානි හොන්ති, තයො හෙතූ හොන්ති, එකො ඵස්සො හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, තිවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJT162. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT162. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි, යත්:
Pali BJTඵස්සො චෙතනා පීති චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං{3} සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යග්ව්‍යායාම ය ... ප්‍රග්‍රාහ ය ... අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි …
Pali BJT163. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT163. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං{1} උපසම්පජ්ජ විහරති පඨවීකසිණං{2} - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, සුඛං හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං{3} හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTයම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - ප්‍රීතිය ගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියේත් සිහි ඇතියේත් සම්‍යග්ඥාන ඇතියේත් වෙසේ ද, නාමකායයෙන් සුඛයත් විඳී ද, ආර්‍ය්‍යයෝ යමක් හේතුකොටගෙන ඔහු ‘උපේක්‍ෂකය ස්මෘතිමත් ය, සුඛවිහරණ ඇත්තේය’යි පවසත් ද, ඒ පඨවිකසිණ සඞ්ඛ්‍යාත තෘතීයධ්‍යානය උපදවා වෙසේ ද - එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි සුඛය වෙයි, චිත්තෛකාග්‍රතා වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, දුවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJT164. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT164. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං{3} සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ යැ චේතනා යැ චිත්තෛකාග්‍රතා යැ ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යැ ජීවිතේන්‍ද්‍රිය යැ සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යග්ව්‍යායාම යැ ... ප්‍රග්‍රාහ යැ අවික්‍ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT165. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT165. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං{4} උපසම්පජ්ජ විහරති, පඨවීකසිණං - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති, -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTයම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයා ගේ ද ප්‍රහාණයෙන් පෙර (උපචාරක්‍ෂණයෙහි) මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂා වෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති පඨවිකසිණ සඞ්ඛ්‍යාත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද - එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, දුවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTඑසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වෙයි තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJT166. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT166. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං{1} සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො - යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යග්ව්‍යායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත්නම් - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචතුක්කනයො.
Sinhala BJTචතුෂකනය යි.
Pali BJT167. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT167. කවර ධර්‍මයෝ කුශලහ? යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං - තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස කාමයන්ගෙන් වෙන් වැ මැ ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT168. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT168. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: අවිතක්කං විචාරමත්තං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං{2} - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති, -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTයම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවි කසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
Pali BJT169. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT169. කවරක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විචාරො පීති චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT170. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT170. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති, -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTයම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත තෘතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, චිත්තය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, තිවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, තීවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
Pali BJT171. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT171. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා පීති{1} චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො - යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT172. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT172. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං{2} උපසම්පජ්ජ විහරති පඨවීකසිණං - තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, සුඛං හොති, චිත්තස්සෙ’කග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති, -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, දුවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතු වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
Pali BJT173. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT173. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො - යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT174. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT174. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- පඤ්චමං ඣානං{1} උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාවායාමො හොති, -පෙ- පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTයම් කලෙක්හි රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවීකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, දුවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
Pali BJT175. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT175. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාවායාමො -පෙ- පග්ගාහො අවික්ඛෙපො - යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTපඤ්චකනයො.
Sinhala BJTපඤ්චකනය යි.
Pali BJTචතුක්කපඤ්චකජ්ඣානං නිට්ඨිතං.
Sinhala BJTචතුෂකපඤ්චකධ්‍යාන නිමි.
Pali BJT176. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT176. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමංඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං{2} දන්ධාභිඤ්ඤං පඨවීකසිණං,{3} තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT177. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT177. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙතී: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං{1} ඛිප්පාභිඤ්ඤං පඨවීකසිණං{2}, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT178. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT178. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං{3} දන්ධාභිඤ්ඤං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුව වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT179. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT179. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුව වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT180. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT180. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං{4} -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං{1} දන්ධාභිඤ්ඤං පඨවීකසිණං{2} -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත ... සුව වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති පඨවීකසිණ … සුව වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති පඨවීකසිණ (සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචතස්සො පටිපදා.
Sinhala BJTසතර පටිපදා යි.
Pali BJT[චත්තාරි ආරම්මණානි]
Sinhala BJT[සතර ආරම්මණ]
Pali BJT181. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT181. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ පරිත්ත (අප්‍රගුණ) වූ පරිත්තාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT182. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT182. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT183. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT183. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.