Pali BJTයං තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ හිරිබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා කෙරේ ද - මේ එසමයෙහි හිරිබල වේ.
Pali BJT102. කතමං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති?
Sinhala BJT102. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොටගෙන ත්‍රස්ත වේ ද - මේ ඔත්තප්පබල වේ.
Pali BJTඉමානි තස්මිං සමයෙ සත්තබලානි හොන්ති.
Sinhala BJTමේ එසමයෙහි සප්තබලයෝ වෙත්.
Pali BJT103. කතමෙ තස්මිං සමයෙ තයො හෙතු හොන්ති?
Sinhala BJT103. එසමයෙහි කවර හේතු තිදෙන වෙති යත්:
Pali BJTඅලොභො අදොසො අමොහො.
Sinhala BJTඅලෝභ ය අදෝස ය අමෝහය යි.
Pali BJT104. කතමො තස්මිං සමයෙ අලොභො හොති?
Sinhala BJT104. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං - අයං තස්මිං සමයෙ අලොභො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යයෙක් අලෝභ කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අලෝභ වේ.
Pali BJT105. කතමො තස්මිං සමයෙ අදොසො හොති?
Sinhala BJT105. කවරෙක් එසමයෙහි අදෝස වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ඣො{1} අදොසො කුසලමූලං - අයං තස්මිං සමයෙ අදොසො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අදෝස කුසලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අදෝස වේ.
Pali BJT106. කතමො තස්මිං සමයෙ අමොහො හොති?
Sinhala BJT106. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ අමොහො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි අමොහ වේ.
Pali BJTඉමෙ තස්මිං සමයෙ තයො හෙතු හොන්ති.
Sinhala BJTමොහු එසමයෙහි තුන්හෙතූහු වෙත්.
Pali BJT107. කතමො තස්මිං සමයෙ එකො ඵස්සො හොති?
Sinhala BJT107. කවරෙක් එසමයෙහි එක් මැ ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං - අයං තස්මිං සමයෙ එකො ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ ස්පර්‍ශ වේ.
Pali BJT108. කතමා තස්මිං සමයෙ එකා වෙදනා හොති?
Sinhala BJT108. කවරෙක් එසමයෙහි එක් මැ වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා - අයං තස්මිං සමයෙ එකා වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මධුර බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ වේදනා වේ.
Pali BJT109. කතමා තස්මිං සමයෙ එකා සඤ්ඤා හොති?
Sinhala BJT109. කවරෙක් එසමයෙහි එක් මැ සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං - අයං තස්මිං සමයෙ එකා සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි යම් සංඥායෙක් සංජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සංඥා වේ.
Pali BJT110. කතමා තස්මිං සමයෙ එකා චෙතනා හොති?
Sinhala BJT110. කවරෙක් එසමයෙහි එක් මැ චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං - අයං තස්මිං සමයෙ එකා චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි යම් චේතනාවක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ චේතනා වේ.
Pali BJT111. කතමං තස්මිං සමයෙ එකං චිත්තං හොති?
Sinhala BJT111. කවරෙක් එසමයෙහි එක් මැ සිත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු - ඉදං තස්මිං සමයෙ එකං චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සිත වේ.
Pali BJT112. කතමො තස්මිං සමයෙ එකො වෙදනාක්ඛන්ධො හොති?
Sinhala BJT112. කවරෙක් එසමයෙහි එක් මැ වේදනාස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා - අයං තස්මිං සමයෙ එකො වෙදනාක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශජ වූ සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශජ වූ සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ වේදනාස්කන්‍ධ වේ.
Pali BJT113. කතමො තස්මිං සමයෙ එකො සඤ්ඤාක්ඛන්ධො හොති?
Sinhala BJT113. කවරෙක් එසමයෙහි එක් මැ සංඥාස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං - අයං තස්මිං සමයෙ එකො සඤ්ඤාක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් සංඥාවක් සංජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සංඥාස්කන්‍ධ වේ.
Pali BJT114. කතමො තස්මිං සමයෙ එකො සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT114. කවරෙක් එසමයෙහි එක් මැ සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙ’කග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං අලොභො අදොසො අමොහො අනභිජ්ඣා අව්යාපාදො සම්මාදිට්ඨි හිරි ඔත්තප්පං කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සතිසම්පජඤ්ඤං සමථො විපස්සනා පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ එකො සඞ්ඛාරක්ඛන්ධො හොති.
Sinhala BJTස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්දෘෂ්ටිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අමොහ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, සම්‍යග්දෘෂ්ටි ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කාය ඍජුත්‍ව ය, චිත්ත ඍජුත්‍ව ය, ස්මෘති ය, සම්‍යග්ඥාන ය, ශමථ ය, විදර්‍ශනා ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍ය සමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි එක් මැ සංස්කාරස්කන්‍ධ වේ.
Pali BJT115. කතමො තස්මිං සමයෙ එකො විඤ්ඤාණක්ඛන්ධො හොති?
Sinhala BJT115. කවරෙක් එසමයෙහි එක් මැ විඥානස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු - අයං තස්මිං සමයෙ එකො විඤ්ඤාණක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ විඥානස්කන්‍ධ වේ.
Pali BJT116. කතමං තස්මිං සමයෙ එකං මනායතනං හොති?
Sinhala BJT116. කවරෙක් එසමයෙහි එක් මැ මනායතන වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණ ධාතු - ඉදං තස්මිං සමයෙ එකං මනායතනං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනායතන වේ.
Pali BJT117. කතමං තස්මිං සමයෙ එකං මනින්ද්රියං හොති?
Sinhala BJT117. කවරෙක් එසමයෙහි එක් මැ මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනො විඤ්ඤාණධාතු - ඉදං තස්මිං සමයෙ එකං මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනින්‍ද්‍රිය වේ.
Pali BJT118. කතමා තස්මිං සමයෙ එකා මනොවිඤ්ඤාණධාතු හොති?
Sinhala BJT118. කවරෙක් එසමයෙහි එක් මැ මනෝවිඥානධාතු වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු - අයං තස්මිං සමයෙ එකා මනොවිඤ්ඤාණධාතු හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනෝවිඥානධාතු වේ.
Pali BJT119. කතමං තස්මිං සමයෙ එකං ධම්මායතනං හොති?
Sinhala BJT119. කවරෙක් එසමයෙහි එක් මැ ධර්‍මායතන වෙයි යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - ඉදං තස්මිං සමයෙ එකං ධම්මායතනං හොති.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, මේ එසමයෙහි එක් මැ ධර්‍මායතන වේ.
Pali BJT120. කතමා තස්මිං සමයෙ එකා ධම්මධාතු හොති?
Sinhala BJT120. කවරක් එසමයෙහි එක් මැ ධර්‍මධාතු වෙයි යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - අයං තස්මිං සමයෙ එකා ධම්මධාතු හොති.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි - මේ එසමයෙහි එක් මැ ධර්‍මධාතු වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න අරූපීධර්‍මයෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTකොට්ඨාසවාරං.
Sinhala BJTකොට්ඨාසවාරය යි.
Pali BJTසුඤ්ඤතවාරො
Sinhala BJTසුඤ්ඤතවාරො
Pali BJT121. තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති, ඛන්ධා හොන්ති ආයතනානි හොන්ති, ධාතුයො හොන්ති, ආහාරා හොන්ති, ඉන්ද්රියානි හොන්ති, ඣානං හොති, මග්ගො හොති, බලානි හොන්ති, හෙතු හොන්ති, ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, වෙදනාක්ඛන්ධො හොති, සඤ්ඤාක්ඛන්ධො හොති, සඞ්ඛාරක්ඛන්ධො හොති, විඤ්ඤාණක්ඛන්ධො හොති, මනායතනං හොති, මනින්ද්රියං හොති, මනොවිඤ්ඤාණධාතු හොති, ධම්මායතනං හොති, ධම්මධාතු හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJT121. තවද එසමයෙහි ධර්‍මයෝ වෙති, ස්කන්‍ධයෝ වෙති, ආයතනයෝ වෙති, ධාතූහු වෙති, ආහාරයෝ වෙති, ඉන්‍ද්‍රියයෝ වෙති, ධ්‍යානය වෙයි, මාර්‍ගය වෙයි, බලයෝ වෙති, හෙතූහු වෙති, ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, වේදනාස්කන්‍ධය වෙයි, සංඥාස්කන්‍ධය වෙයි, සංස්කාරස්කන්‍ධය වෙයි, විඥානස්කන්‍ධය වෙයි, මනායතනය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, මනෝවිඥානධාතුව වෙයි, ධර්‍මායතනය වෙයි, ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT122. කතමෙ තස්මිං සමයෙ ධම්මා හොන්ති?
Sinhala BJT122. කවරහු එසමයෙහි ධර්‍මයෝ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො - ඉමෙ තස්මිං සමයෙ ධම්මා හොන්ති.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මයෝ වෙත්.
Pali BJT123. කතමෙ තස්මිං සමයෙ ඛන්ධා හොන්ති?
Sinhala BJT123. කවරහු එසමයෙහි ස්කන්‍ධයෝ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො - ඉමෙ තස්මිං සමයෙ ඛන්ධා හොන්ති.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ස්කන්‍ධයෝ වෙත්.
Pali BJT124. කතමානි තස්මිං සමයෙ ආයතනානි හොන්ති?
Sinhala BJT124. කවරහු එසමයෙහි ආයතනයෝ වෙති යත්:
Pali BJTමනායතනං, ධම්මායතනං - ඉමානි තස්මිං සමයෙ ආයතනානි හොන්ති.
Sinhala BJTමනායතන ය, ධර්‍මායතන යි. එසමයෙහි මේ ආයතනයෝ වෙත්.
Pali BJT125. කතමා තස්මිං සමයෙ ධාතුයො හොන්ති?
Sinhala BJT125. කවරහු එසමයෙහි ධාතූහු වෙති යත්:
Pali BJTමනො විඤ්ඤාණධාතු, ධම්මධාතු - ඉමා තස්මිං සමයෙ ධාතුයො හොන්ති.
Sinhala BJTමනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. එසමයෙහි මේ ධාතූහු වෙත්.
Pali BJT126. කතමෙ තස්මිං සමයෙ ආහාරා හොන්ති?
Sinhala BJT126. කවරහු එසමයෙහි ආහාරයෝ වෙති යත්:
Pali BJTඵස්සාහාරො, මනොසඤ්චෙතනාහාරො, විඤ්ඤාණාහාරො - ඉමෙ තස්මිං සමයෙ ආහාරා හොන්ති.
Sinhala BJTස්පර්‍ශාහාර ය, මනස්සංචේතනාහාර ය, විඥානාහාර යි. එසමයෙහි මේ ආහාරයෝ වෙත්.
Pali BJT127. කතමානි තස්මිං සමයෙ ඉන්ද්රියානි හොන්ති?
Sinhala BJT127. කවරහු එසමයෙහි ඉන්‍ද්‍රියයෝ වෙති යත්:
Pali BJTසද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, මනින්ද්රියං, සොමනස්සින්ද්රියං, ජීවිතින්ද්රියං - ඉමානි තස්මිං සමයෙ ඉන්ද්රියානි හොන්ති.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි මේ ඉන්‍ද්‍රියයෝ වෙත්.
Pali BJT128. කතමං තස්මිං සමයෙ ඣානං හොති?
Sinhala BJT128. කවරෙක් එසමයෙහි ධ්‍යාන වෙයි යත්:
Pali BJTවිතක්කො විචාරො පීති සුඛං චිත්තස්සෙකග්ගතා - ඉදං තස්මිං සමයෙ ඣානං හොති.
Sinhala BJTවිතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි. එසමයෙහි මේ ධ්‍යානය වේ.
Pali BJT129. කතමො තස්මිං සමයෙ මග්ගො හොති?
Sinhala BJT129. කවරෙක් එසමයෙහි මාර්‍ග වෙයි යත්:
Pali BJTසම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි - අයං තස්මිං සමයෙ මග්ගො හොති.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක් සමාධි යි. එසමයෙහි මේ මාර්‍ගය වේ.
Pali BJT130. කතමානි තස්මිං සමයෙ බලානි හොන්ති?
Sinhala BJT130. කවරහු එසමයෙහි බලයෝ වෙති යත්:
Pali BJTසද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං - ඉමානි තස්මිං සමයෙ බලානි හොන්ති.
Sinhala BJTශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි. එසමයෙහි මේ බලයෝ වෙත්.
Pali BJT131. කතමෙ තස්මිං සමයෙ හෙතු හොන්ති?
Sinhala BJT131. කවරහු එසමයෙහි හෙතූහු වෙති යත්:
Pali BJTඅලොභො අදොසො අමොහො - ඉමෙ තස්මිං සමයෙ හෙතු හොන්ති.
Sinhala BJTඅලෝභ ය, අද්වේෂ ය, අමොහ යි. එසමයෙහි මේ හෙතූහු වෙත්.
Pali BJT132. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT132. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො -පෙ- අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... එසමයෙහි මේ ස්පර්‍ශය වේ.
Pali BJT133. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT133. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං සාතං -පෙ- අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික සාතයෙක් ... එසමයෙහි මේ වේදනාව වේ.
Pali BJT134. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT134. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා -පෙ- අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාව වේ.
Pali BJT135. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT135. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා -පෙ- අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් ... එසමයෙහි මේ චේතනා වේ.
Pali BJT136. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT136. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං -පෙ- ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ චිත්තය වේ.
Pali BJT137. කතමො තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධො හොති?
Sinhala BJT137. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං -පෙ- අයං තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසිකසාතයෙක් ... එසමයෙහි මේ වේදනාස්කන්‍ධ වේ.
Pali BJT138. කතමො තස්මිං සමයෙ සඤ්ඤාක්ඛන්ධො හොති?
Sinhala BJT138. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සඤ්ඤා -පෙ- අයං තස්මිං සමයෙ සඤ්ඤාක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාස්කන්‍ධ වේ.
Pali BJT139. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT139. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා -පෙ- පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති.
Sinhala BJTස්පර්‍ශ ය, චේතනා ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.
Pali BJT140. කතමො තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධො හොති?
Sinhala BJT140. කවරෙක් එසමයෙහි විඥානස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං -පෙ- අයං තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ විඥානස්කන්‍ධ වේ.
Pali BJT141. කතමං තස්මිං සමයෙ මනායතනං හොති?
Sinhala BJT141. කවරෙක් එසමයෙහි මනායතන වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං -පෙ- ඉදං තස්මිං සමයෙ මනායතනං හොති.
Sinhala BJTඑසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනායතන වේ.
Pali BJT142. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT142. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං -පෙ- ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනින්‍ද්‍රිය වේ.
Pali BJT143. කතමා තස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු හොති?
Sinhala BJT143. කවරක් එසමයෙහි මනෝවිඤ්ඤාණධාතු වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං -පෙ- අයං තස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු හොති.
Sinhala BJTඑසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනෝවිඤ්ඤාණධාතු වේ.
Pali BJT144. කතමං තස්මිං සමයෙ ධම්මායතනං හොති?
Sinhala BJT144. කවරෙක් එසමයෙහි ධර්‍මායතන වෙයි යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - ඉදං තස්මිං සමයෙ ධම්මායතනං හොති.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය, සඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධ යි - එසමයෙහි මේ ධර්‍මායතන වේ.
Pali BJT145. කතමා තස්මිං සමයෙ ධම්මධාතු හොති?
Sinhala BJT145. කවරක් එසමයෙහි ධර්‍මධාතු වෙයි යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - අයං තස්මිං සමයෙ ධම්මධාතු හොති.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මධාතු වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTසුඤ්ඤතවාරො.
Sinhala BJTශුන්‍යතවාරය යි.
Pali BJTපඨමං චිත්තං.
Sinhala BJTප්‍රථමචිත්තය යි.
Pali BJT146. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT146. කවර දහම්හු කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක්හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTදුතියං චිත්තං.
Sinhala BJTද්වීතීයචිත්තය යි.
Pali BJT147. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT147. කවර දහම්හු කුසල්හ යත්: