Pali BJTරූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න කාමාවචරා.
Sinhala BJTරූපාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැයි මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1602. කතමෙ ධම්මා රූපාවචරා:
Sinhala BJT1602. රූපාවචර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපාවචර චතුක්කපඤ්චකජ්ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ඉමෙ ධම්මා රූපාවචරා.
Sinhala BJTකුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුෂ්කපඤ්චකධ්‍යාන යැයි මොහු රූපාවචර ධර්‍මයෝ යි.
Pali BJT1603. කතමෙ ධම්මා න රූපාවචරා:
Sinhala BJT1603. රූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරා අරූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න රූපාවචරා.
Sinhala BJTකාමාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ දැයි මොහු රූපාවචර ධර්‍මයෝ යි.
Pali BJT1604. කතමෙ ධම්මා අරූපාවචරා:
Sinhala BJT1604. අරූපාවචර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ඉමෙ ධම්මා අරූපාවචරා.
Sinhala BJTකුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද සතර ආරූප්‍යයෝ යැ යි මොහු අරූපාවචර ධර්‍මයෝ යි.
Pali BJT1605. කතමෙ ධම්මා න අරූපාවචරා:
Sinhala BJT1605. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරා රූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න අරූපාවචරා.
Sinhala BJTකාමාවචරයෝ යැ, රූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැ යි මොහු අරූපාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1606. කතමෙ ධම්මා පරියාපන්නා:
Sinhala BJT1606. පර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා පරියාපන්නා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු පර්‍ය්‍යාපන්න ධර්‍මයෝ යි.
Pali BJT1607. කතමෙ ධම්මා අපරියාපන්නා:
Sinhala BJT1607. අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අපරියාපන්නා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
Pali BJT1608. කතමෙ ධම්මා නීයානිකා:
Sinhala BJT1608. නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා නීයානිකා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ යැ, මොහු නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
Pali BJT1609. කතමෙ ධම්මා අනීයානිකා:
Sinhala BJT1609. අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනීයානිකා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
Pali BJT1610. කතමෙ ධම්මා නියතා:
Sinhala BJT1610. නියත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, ද්වෙ දොමනස්ස සහගත චිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා නියතා සියා අනියතා. චත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා නියතා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාද යෝ යැ, දෞර්‍මනස්‍ය සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මේ ධර්‍මයෝ නියත ද වන්නාහ, අනියත ද වන්නාහ. අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ යන මොහු නියත ධර්‍මයෝ යි.
Pali BJT1611. කතමෙ ධම්මා අනියතා:
Sinhala BJT1611. අනියත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, තීසු භූමිසු කුසලං, චතූසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනියතා.
Sinhala BJTදෘෂ්ටිගත විප්‍රයුක්ත වූ ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ ත්‍රෛභූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අනියත ධර්‍මයෝ යි.
Pali BJT1612. කතමෙ ධම්මා සඋත්තරා:
Sinhala BJT1612. සඋත්තර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සඋත්තරා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, සියලු රූපය දැයි මොහු සඋත්තර ධර්‍මයෝ යි.
Pali BJT1613. කතමෙ ධම්මා අනුත්තරා:
Sinhala BJT1613. අනුත්තර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනුත්තරා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුත්තර ධර්‍මයෝ යි.
Pali BJT1614. කතමෙ ධම්මා සරණා:
Sinhala BJT1614. සරණ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසල චිත්තුප්පාදා, ඉමෙ ධම්මා සරණා.
Sinhala BJTදොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ මොහු සරණ ධර්‍මයෝ යි.
Pali BJT1615. කතමෙ ධම්මා අරණා:{1}
Sinhala BJT1615. අරණ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා අරණාති.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අරණ ධර්‍මයෝ යි
Pali BJTපිට්ඨිදුකං.
Sinhala BJTපිට්ඨිදුකය යි.
Pali BJTඅට්ඨාකථාකණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTඅර්‍ත්‍ථකථා කාණ්ඩය නිමි.
Pali BJTධම්මසඞ්ගණිප්පකරණං නිට්ඨිතං.{2}
Sinhala BJTධර්‍මසඞ්ගණීප්‍රකරණය සමාප්තයි.