Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 301-400 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්ත ඡන්දතා අනික්ඛිත්ත ධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - අයං තස්මිං සමයෙ පග්ගාහො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කෞසීද්‍යයෙන්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍ද ඇති බවෙක් නො තැබූ ධූර ඇති බවෙක් වීර්‍ය්‍යධූරය දැඩි ව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
Pali BJT57. කතමො තස්මිං සමයෙ අවික්ඛෙපො හොති?
Sinhala BJT57. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි - අයං තස්මිං සමයෙ අවික්ඛෙපො හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTඑසමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTපදභාජනීයං නිට්ඨිතං.
Sinhala BJTපද බෙදුම නිමි.
Pali BJTපඨමකභාණවාරං.
Sinhala BJTපළමුවන බණවර යි.
Pali BJTකොට්ඨාසවාරො
Sinhala BJTකොට්ඨාසවාරො
Pali BJT58. තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, අට්ඨින්ද්රියානි හොන්ති, පඤ්චඞ්ගිකං ඣානං හොති, පඤ්චඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති, එකා වෙදනා හොති, එකා සඤ්ඤා හොති, එකා චෙතනා හොති, එකං චිත්තං හොති, එකො වෙදනාක්ඛන්ධො හොති, එකො සඤ්ඤාක්ඛන්ධො හොති, එකො සඞ්ඛාරක්ඛන්ධො හොති, එකො විඤ්ඤාණක්ඛන්ධො හොති, එකං මනායතනං හොති, එකං මනින්ද්රියං හොති, එකා මනො විඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJT58. තවද, එසමයෙහි (ප්‍රථම මහාකුශල චිත්තය උපදනා කෙණෙහි) ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති. පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සත්දෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්‍ධයෙක් වෙයි, එක සංඥාස්කන්‍ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්‍ධයෙක් වෙයි, එක විඥානස්කන්‍ධයෙක් වෙයි, එක් මනායතනයෙක් වෙයි, එක් මනින්‍ද්‍රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වෙයි. එසමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT59. කතමෙ තස්මිං සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති?
Sinhala BJT59. එසමයෙහි කවර ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTවේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධය යන මොහු යි.
Pali BJT60. කතමො තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධො හොති?
Sinhala BJT60. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා - අයං තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මිහිරි වූ සැප වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙක් උපන් සාත වූ මධුර වූ සුඛවේදනාවක් වේ ද - මේ එසමයෙහි වේදනාස්කන්‍ධ වේ.
Pali BJT61. කතමො තස්මිං සමයෙ සඤ්ඤාක්ඛන්ධො හොති?
Sinhala BJT61. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං - අයං තස්මිං සමයෙ සඤ්ඤාක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් සංඥායෙක් හැඳිනගන්නා අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාස්කන්‍ධ වේ.
Pali BJT62. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT62. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙකග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං අලොභො අදොසො අමොහො අනභිජ්ඣා අව්යාපාදො සම්මාදිට්ඨි හිරි ඔත්තප්පං කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සම්පජඤ්ඤං සමථො විපස්සනා පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්ච සමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තේකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යක්සඞ්කල්ප ය සම්‍යග්ව්‍යායාම ය සම්‍යක්ස්මෘති ය සම්‍යක් සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල ය ප්‍රඥාබල ය හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අද්වේෂ ය අමොහ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය සම්‍යග්දෘෂ්ටි ය හිරි ය ඔත්තප්ප යැ කායප්‍රශ්‍රබ්ධි යැ චිත්තප්‍රශ්‍රබ්ධි යැ කායලහුතා යැ චිත්තලහුතා යැ කායමෘදුත්‍ව ය චිත්තමෘදුත්‍ව ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍ය ය චිත්තප්‍රාගුණ්‍ය ය කාය-ඍජුත්‍ව ය චිත්ත-ඍජුත්‍ව ය ස්මෘති ය සම්‍යග්ඥාන ය ශමථ ය විදර්‍ශනා ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා, විඥානස්කන්‍ධය තබා, අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.
Pali BJT63. කතමො තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධො හොති?
Sinhala BJT63. එසමයෙහි කවරෙක් විඥානස්කන්‍ධ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු - අයං තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි විඥානස්කන්‍ධ වේ.
Pali BJTඉමෙ තස්මිං සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති.
Sinhala BJTමොහු එසමයෙහි සතර ස්කන්‍ධයෝ වෙත්.
Pali BJT64. කතමානි තස්මිං සමයෙ ද්වායතනානි හොන්ති?
Sinhala BJT64. එසමයෙහි කවර ආයතනයෝ දෙදෙනෙක් වෙති යත්:
Pali BJTමනායතනං, ධම්මායතනං.
Sinhala BJTමනායතන යැ ධර්‍මායතන යි,
Pali BJT65. කතමං තස්මිං සමයෙ මනායතනං හොති?
Sinhala BJT65. කවරෙක් එසමයෙහි මනායතන වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු - ඉදං තස්මිං සමයෙ මනායතනං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනායතනය වේ.
Pali BJT66. කතමං තස්මිං සමයෙ ධම්මායතනං හොති?
Sinhala BJT66. කවරෙක් එසමයෙහි ධර්‍මායතන වෙයි යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - ඉදං තස්මිං සමයෙ ධම්මායතනං හොති.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ ය යි - මේ එසමයෙහි ධර්‍මායතන වේ.
Pali BJTඉමානි තස්මිං සමයෙ ද්වායතනානි හොන්ති.
Sinhala BJTමොහු එසමයෙහි ද්වායතනයෝ වෙත්:
Pali BJT67. කතමා තස්මිං සමයෙ ද්වෙ ධාතුයො හොන්ති?
Sinhala BJT67. එසමයෙහි කවර ධාතූහු දෙදෙනෙක් වෙති යත්:
Pali BJTමනොවිඤ්ඤාණධාතු, ධම්මධාතු.
Sinhala BJTමනෝවිඥානධාතු යැ, ධර්‍මධාතු යි.
Pali BJT68. කතමා තස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු හොති?
Sinhala BJT68. කවරෙක් එසමයෙහි මනෝවිඥානධාතු වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු - අයං තස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනෝවිඥානධාතු වේ.
Pali BJT69. කතමා තස්මිං සමයෙ ධම්මධාතු හොති?
Sinhala BJT69. කවරෙක් එසමයෙහි ධර්‍මධාතු වෙයි යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - අයං තස්මිං සමයෙ ධම්මධාතු හොති.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යි. මේ එසමයෙහි ධර්‍මධාතු වේ.
Pali BJTඉමා තස්මිං සමයෙ ද්වෙ ධාතුයො හොන්ති.
Sinhala BJTමොහු එසමයෙහි ධාතූහු දෙදෙනා වෙත්:
Pali BJT70. කතමෙ තස්මිං සමයෙ තයො ආහාරා හොන්ති?
Sinhala BJT70. එසමයෙහි කවර තුන් ආහාරයෝ වෙති යත්:
Pali BJTඵස්සාහාරො, මනොසඤ්චෙතනාහාරො, විඤ්ඤාණාහාරො.
Sinhala BJTස්පර්‍ශාහාර යැ, මනස්සංචේතනාහාර යැ, විඥානාහාර යි.
Pali BJT71. කතමො තස්මිං සමයෙ ඵස්සාහාරො හොති?
Sinhala BJT71. කවරෙක් එසමයෙහි ස්පර්‍ශාහාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සමඵුසනා සමඵුසිතත්තං - අයං තස්මිං සමයෙ ඵස්සාහාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මෙ එසමයෙහි ස්පර්‍ශාහාර වේ.
Pali BJT72. කතමො තස්මිං සමයෙ මනොසඤ්චෙතනාහාරො හොති?
Sinhala BJT72. කවරෙක් එසමයෙහි මනස්සංචේතනාහාර වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං - අයං තස්මිං සමයෙ මනොසඤ්චෙතනාහාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි මනස්සංචේතනාහාර වේ.
Pali BJT73. කතමො තස්මිං සමයෙ විඤ්ඤාණාහාරො හොති?
Sinhala BJT73. කවරෙක් එසමයෙහි විඥානාහාර වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු - අයං තස්මිං සමයෙ විඤ්ඤාණාහාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි විඥානාහාර වේ.
Pali BJTඉමෙ තස්මිං සමයෙ තයො ආහාරා හොන්ති.
Sinhala BJTමොහු එසමයෙහි තුන් ආහාරයෝ වෙත්.
Pali BJT74. කතමානි තස්මිං සමයෙ අට්ඨින්ද්රියානි හොන්ති?
Sinhala BJT74. එසමයෙහි කවර ඉන්‍ද්‍රියයෝ අටදෙන වෙති යත්:
Pali BJTසද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, මනින්ද්රියං, සොමනස්සින්ද්රියං, ජීවිතින්ද්රියං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි.
Pali BJT75. කතමං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති?
Sinhala BJT75. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං- ඉදං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැගැනීමෙක් ඉතා පැහැදීමෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
Pali BJT76. කතමං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති?
Sinhala BJT76. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - ඉදං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪ උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථීරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
Pali BJT77. කතමං තස්මිං සමයෙ සතින්ද්රියං හොති?
Sinhala BJT77. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති -පෙ- සම්මාසති - ඉදං තස්මිං සමයෙ සතින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද මේ එසමයෙහි ස්මෘතීන්‍ද්‍රිය වේ.
Pali BJT78. කතමං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති?
Sinhala BJT78. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධි - ඉදං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJT79. කතමං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති?
Sinhala BJT79. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභය්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - ඉදං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥායෙක් දැනීම් අයුරෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂණයෙක් පතළ ප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
Pali BJT80. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT80. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනො විඤ්ඤාණධාතු - ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හදය - සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT81. කතමං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති?
Sinhala BJT81. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා - ඉදං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
Pali BJT82. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT82. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං - ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් පැවැත්මෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද - මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJTඉමානි තස්මිං සමයෙ අට්ඨින්ද්රියානි හොන්ති.
Sinhala BJTමොහු එසමයෙහි අෂ්ටෙන්‍ද්‍රියයෝ වෙත්:
Pali BJT83. කතමං තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති?
Sinhala BJT83. කවරෙක් එසමයෙහි පඤ්චාඞ්ගික ධ්‍යාන වෙයි යත්:
Pali BJTවිතක්කො, විචාරො, පීති, සුඛං, චිත්තස්සෙ’කග්ගතා.
Sinhala BJTවිතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි.
Pali BJT84. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT84. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසඞ්කප්පො - අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්‍ක වේ.
Pali BJT85. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT85. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා{1} අනුපෙක්ඛනතා - අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාර වේ.
Pali BJT86. කතමා තස්මිං සමයෙ පීති හොති?
Sinhala BJT86. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස - අයං තස්මිං සමයෙ පීති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීති වේ.
Pali BJT87. කතමං තස්මිං සමයෙ සුඛං හොති?
Sinhala BJT87. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා - ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛ වේ.
Pali BJT88. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT88. කවරෙක් එසමයෙහි චිත්තේකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි - අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැ ගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තේකාග්‍රතා වේ.
Pali BJTඉදං තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති.
Sinhala BJTමේ එසමයෙහි පඤ්චාඞ්ගික ධ්‍යාන වේ.
Pali BJT89. කතමො තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති?
Sinhala BJT89. කවරෙක් එසමයෙහි පඤ්චාඞ්ගික මාර්‍ග වෙයි යත්:
Pali BJTසම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJT90. කතමා තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
Sinhala BJT90. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥාවක් පජානනයෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
Pali BJT91. කතමො තස්මිං සමයෙ සම්මාසඞ්කප්පො හොති?
Sinhala BJT91. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසඞ්කප්පො - අයං තස්මිං සමයෙ සම්මාසඞ්කප්පො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සංකල්ප වේ.
Pali BJT92. කතමො තස්මිං සමයෙ සම්මාවායාමො හොති?
Sinhala BJT92. කවරෙක් එසමයෙහි සම්‍යග්ව්‍යායාම වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - අයං තස්මිං සමයෙ සම්මාවායාමො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැයෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථීරපරාක්‍රමයෙක් පරාක්‍රමතායෙක් නො පියූ ඡන්‍දය ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍ය බලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
Pali BJT93. කතමා තස්මිං සමයෙ සම්මාසති හොති?
Sinhala BJT93. කවරෙක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා{1} සති සතින්ද්රියං සතිබලං සම්මාසති - අයං තස්මිං සමයෙ සම්මාසති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
Pali BJT94. කතමො තස්මිං සමයෙ සම්මාසමාධි හොති?
Sinhala BJT94. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධි බලං සම්මාසමාධි - අයං තස්මිං සමයෙ සම්මාසමාධි හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
Pali BJTඅයං තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති.
Sinhala BJTමේ එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වේ.
Pali BJT95. කතමානි තස්මිං සමයෙ සත්තබලානි හොන්ති?
Sinhala BJT95. එසමයෙහි කවර සප්තබලයෝ වෙති යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං,{1} සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං, හිරිබලං, ඔත්තප්පබලං.
Sinhala BJTශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි.
Pali BJT96. කතමං තස්මිං සමයෙ සද්ධාබලං හොති?
Sinhala BJT96. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං - ඉදං තස්මිං සමයෙ සද්ධාබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදහීම් අයුරෙක් බැසැගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
Pali BJT97. කතමං තස්මිං සමයෙ විරියබලං{1} හොති?
Sinhala BJT97. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො - ඉදං තස්මිං සමයෙ විරියබලං{1} හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
Pali BJT98. කතමං තස්මිං සමයෙ සතිබලං හොති?
Sinhala BJT98. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - ඉදං තස්මිං සමයෙ සතිබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන බවෙක් ධරන බවෙක් බැසැගන්නා බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතිබල වේ.
Pali BJT99. කතමං තස්මිං සමයෙ සමාධිබලං හොති?
Sinhala BJT99. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි - ඉදං තස්මිං සමයෙ සමාධිබලං හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධිබල වේ.
Pali BJT100. කතමං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති?
Sinhala BJT100. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - ඉදං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
Pali BJT101. කතමං තස්මිං සමයෙ හිරිබලං හොති?
Sinhala BJT101. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්: