Pali BJTතානෙව උපාදානානි උපාදානා චෙව උපාදානියා ච.
Sinhala BJTඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.
Pali BJT1559. කතමෙ ධම්මා උපාදානියා චෙව නො ච උපාදානියා ච:
Sinhala BJT1559. උපාදානිය ද නො ද උපාදාන වු ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා උපාදානෙ අවසෙසං අකුසලං, තීසු භූමීසු කුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං ච, ඉමෙ ධම්මා උපාදානියා චෙව නො ච උපාදානා.
Sinhala BJTඋපාදානයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු උපාදානිය ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යි.
Pali BJTඅනුපාදානියා ධම්මා න වත්තබ්බා උපාදානා චෙව උපාදානියාතිපි උපාදානියා චෙව නො ච උපාදානාතිපි.
Sinhala BJTඅනුපාදානිය ධර්‍මයෝ උපාදාන ද වූ උපාදානිය යි ද උපාදානිය ද නො ද උපාදාන වූහ යි ද නො කියැයුත්තාහ.
Pali BJT1560. කතමෙ ධම්මා උපාදානා චෙව උපාදානසම්පයුත්තා ච:
Sinhala BJT1560. උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ දිට්ඨි ච ලොභො ච එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා උපාදානා චෙව උපාදානසම්පයුත්තා ච.
Sinhala BJTයම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
Pali BJT1561. කතමෙ ධම්මා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානා:
Sinhala BJT1561. උපාදානසම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅට්ඨලොභසහගතචිත්තුප්පාදා, එත්ථුප්පන්නෙ උපාදානෙ ඨපෙත්වා, ඉමෙ ධම්මා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානා.
Sinhala BJTඅෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් උපාදානයන් තබා, මොහු උපාදානසම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යි.
Pali BJTඋපාදානවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාතිපි, උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාතිපි.
Sinhala BJTඋපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ උපාදානා ද වූ උපාදානසම්ප්‍රයුක්තයෝ යයි ද, උපාදානසම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූහ යි නො කියයුත්තාහ.
Pali BJT1562. කතමෙ ධම්මා උපාදානවිප්පයුත්තා උපාදානියා:
Sinhala BJT1562. උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නො ලොභො, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා උපාදානවිප්පයුත්තා උපාදානියා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය දෙසිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්‍යසහගත සිත යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකාත යැ, හැම රූපය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත උපාදානිය ධර්‍මයෝ යි.
Pali BJT1563. කතමෙ ධම්මා උපාදානවිප්පයුත්තා අනුපාදානියා:
Sinhala BJT1563. උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි. නිබ්බානං ච, ඉමෙ ධම්මා උපාදානවිප්පයුත්තා අනුපාදානියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතරමාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය ධර්‍මයෝ යි.
Pali BJTඋපාදානසම්පයුත්තා ධම්මා න වත්තබ්බා උපාදානවිප්පයුත්තා උපාදානියාතිපි, උපාදානවිප්පයුත්තා අනුපාදානියාතිපි.
Sinhala BJTඋපාදානසම්ප්‍රයුක්ත ධර්‍මයෝ උපාදනාවිප්‍රයුක්ත උපාදානීයහ යි ද උපාදානවිප්‍රයුක්ත අනුපාදානීයහ යි ද නො කියැයුත්තාහ.
Pali BJTඋපාදාන ගොච්ඡකං.
Sinhala BJTඋපාදානගොච්ඡක යි.
Pali BJT1564. කතමෙ ධම්මා කිලෙසා:
Sinhala BJT1564. ක්ලේශධර්‍මයෝ කවරහ යත්:
Pali BJTදස කිලෙසවත්ථූනි: ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථීනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පං.
Sinhala BJTක්ලේශවස්තු දසයෙකි: ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, ඖද්ධත්‍ය යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.
Pali BJTලොභො අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, දොසො ද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, මොහො සබ්බාකුසලෙසු උප්පජ්ජති, මානො චතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, දිට්ඨි චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, විචිකිච්ඡා විචිකිච්ඡාසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, ථීනං සසඞ්ඛාරිකෙසු අකුසලෙසු උප්පජ්ජති, උද්ධච්චඤ්ච අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච සබ්බාකුසලෙසු උප්පජ්ජන්ති. ඉමෙ ධම්මා කිලෙසා.
Sinhala BJTලෝභය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ද්වේෂය දොම්නස්සහගිය දෙසිත්හි උපදී. මෝහය සියලු අකුශලයෙහි උපදී. මානය දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. විචිකිත්සාව විචිකිත්සාසහගත සිත්හි උපදී. ස්ත්‍යානය සසංස්කාරික අකුශලයන්හි උපදී. ඖද්ධත්‍යය ද අහ්‍රීකය ද අනොත්තප්පය ද සියලු අකුසල් අකුසල්සිත්හි උපදිත්. මොහු ක්ලේශ ධර්‍මයෝ යි.
Pali BJT1565. කතමෙ ධම්මා නො කිලෙසා:
Sinhala BJT1565. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා කිලෙසෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා නො කිලෙසා.
Sinhala BJTක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1566. කතමෙ ධම්මා සඞ්කිලෙසිකා:
Sinhala BJT1566. සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බඤ්ච රූපං, ඉමෙ ධම්මා සඞ්කිලෙසිකා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සාංක්ලේශික ධර්‍මයෝ යි.
Pali BJT1567. කතමෙ ධම්මා අසඞ්කිලෙසිකා:
Sinhala BJT1567. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා අසඞ්කිලෙසිකා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.
Pali BJT1568. කතමෙ ධම්මා සඞ්කිලිට්ඨා:
Sinhala BJT1568. සංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසලචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සඞ්කිලිට්ඨා.
Sinhala BJTද්වාදශ අකුශලචිත්තෝත්පාදයෝ යි. මොහු සංක්ලිෂ්ට ධර්‍මයෝ යි.
Pali BJT1569. කතමෙ ධම්මා අසඞ්කිලිට්ඨා:
Sinhala BJT1569. අසංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා අසඞ්කිලිට්ඨා.
Sinhala BJTසියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අසංක්ලිෂ්ට ධර්‍මයෝ යි.
Pali BJT1570. කතමෙ ධම්මා කිලෙසසම්පයුත්තා:
Sinhala BJT1570. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසලචිත්තුප්පාදා, ඉමෙ ධම්මා කිලෙසසම්පයුත්තා.
Sinhala BJTදොළොස් අකුශලචිත්තතෝත්පාදයෝ යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1571. කතමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා:
Sinhala BJT1571. ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1572. කතමෙ ධම්මා කිලෙසා චෙව සඞ්කිලෙසිකා ච:
Sinhala BJT1572. ක්ලේශ ද වු සාංක්ලේශික ද වු ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙව කිලෙසා කිලෙසා චෙව සඞ්කිලෙසිකා ච.
Sinhala BJTඑ මැ ක්ලේශයෝ ද ක්ලේශ ද සාංක්ලේශික ද වෙත්.
Pali BJT1573. කතමෙ ධම්මා සඞ්කිලෙසිකා චෙව නො ච කිලෙසා:
Sinhala BJT1573. සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා කිලෙසෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බඤ්ච රූපං, ඉමෙ ධම්මා සඞ්කිලෙසිකා, චෙ ව නො ච කිලෙසා.
Sinhala BJTක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු සංක්ලේශක ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
Pali BJTඅසඞ්කිලෙසිකා ධම්මා න වත්තබ්බා කිලෙසා චෙව සඞ්කිලෙසිකාතිපි සඞ්කිලෙසිකා චෙව නො ච කිලෙසාතිපි.
Sinhala BJTඅසාංක්ලේශික ධර්‍මයෝ ක්ලේශ ද වූ සාංක්ලේශික වූහ’යි ද, සාංක්ලේශික ද වූ ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1574. කතමෙ ධම්මා කිලෙසා චෙව සඞ්කිලිට්ඨා ච:
Sinhala BJT1574. ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙව කිලෙසා කිලෙසා චෙව සඞ්කිලිට්ඨා ච.
Sinhala BJTඑ මැ ක්ලේශයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වෙත්.
Pali BJT1575. කතමෙ ධම්මා සඞ්කිලිට්ඨා චෙව නො ච කිලෙසා:
Sinhala BJT1575. සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා කිලෙසෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම්මා සඞ්කිලිට්ඨා චෙව නො ච කිලෙසා.
Sinhala BJTක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු සංක්ලිෂ්ට ද වූ නොද වූ ක්ලේශ වු ධර්‍මයෝ යි.
Pali BJTඅසඞ්කිලිට්ඨා ධම්මා න වත්තබ්බා කිලෙසා චෙව සඞ්කිලිට්ඨාතිපි, සඞ්කිලිට්ඨා චෙව නො ච කිලෙසාතිපි.
Sinhala BJTඅසංක්ලිෂ්ට ධර්‍මයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට වූහ’යි ද සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1576. කතමෙ ධම්මා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තා ච:
Sinhala BJT1576. ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ ද්වෙ තයො කිලෙසා එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තා ච.
Sinhala BJTයම් තැනෙක දෙතුන් ක්ලේශ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
Pali BJT1577. කතමෙ ධම්මා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා:
Sinhala BJT1577. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා කිලෙසෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම්මා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා.
Sinhala BJTක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
Pali BJTකිලෙසවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාතිපි, කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසාතිපි.
Sinhala BJTක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත වූහ’යි ද, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූහ’යි නො කියැයුත්තාහ.
Pali BJT1578. කතමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා සඞ්කිලෙසිකා:
Sinhala BJT1578. ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බඤ්ච රූපං, ඉමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා සඞ්කිලෙසිකා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැ’යි මොහු ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ යි.
Pali BJT1579. කතමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා අසඞ්කිලෙසිකා:
Sinhala BJT1579. ක්ලේශවිප්‍රයුක්ත වූ අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා අසඞ්කිලෙසිකා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැ’යි මොහු ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයෝ යි.
Pali BJTකිලෙසසම්පයුත්තා ධම්මා න වත්තබ්බා කිලෙසවිප්පයුත්තා සඞ්කිලෙසිකාතිපි, කිලෙසවිප්පයුත්තා අසඞ්කිලෙසිකාතිපි.
Sinhala BJTක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වූහ’යි ද, ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වුහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJTකිලෙස ගොච්ඡකං.
Sinhala BJTක්ලේශගොච්ඡක යි.
Pali BJT1580. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා:
Sinhala BJT1580. දර්‍ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදය දැ’යි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ යි.
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්ස සහගත චිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා දස්සනෙන පහාතබ්බා සියා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.
Pali BJT1581. කතමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බා:
Sinhala BJT1581. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො චිත්තුප්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTඋද්ධච්චසහගත චිත්තෝත්පාදයැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1582. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බා:
Sinhala BJT1582. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො චිත්තුප්පාදො, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බා.
Sinhala BJTඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා භාවනාය පහාතබ්බා සියා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTසතර දෘෂ්ටිවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.
Pali BJT1583. කතමෙ ධම්මා න භාවනාය පහාතබ්බා:
Sinhala BJT1583. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1584. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා:
Sinhala BJT1584. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, එත්ථුප්පන්නං මොහං ඨපෙත්වා, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ මෙහි උපන් මෝහය හැර යි. මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTසතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගත දෙසිත යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.
Pali BJT1585. කතමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බහෙතුකා:
Sinhala BJT1585. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිචිකිච්ඡාසහගතො මොහො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTවිචිකිත්සාසහගත මෝහ යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
Pali BJT1586. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJT1586. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො චිත්තුප්පාදො, එත්ථුප්පන්නං මොහං ඨපෙත්වා, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJTඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මෙහි උපන් මෝහය හැර යි. මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා. ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTසතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාද යැ, දොම්නස් සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.
Pali BJT1587. කතමෙ ධම්මා න භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJT1587. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, ඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
Pali BJT1588. කතමෙ ධම්මා සවිතක්කා:
Sinhala BJT1588. සවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලං, අකුසලං, කාමාවචරකුසලස්ස විපාකතො එකාදස චිත්තුප්පාදා, අකුසලස්ස විපාකතො ද්වෙ, කිරියතො එකාදස, රූපාවචරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං විතක්කං ඨපෙත්වා, ඉමෙ ධම්මා සවිතක්කා.
Sinhala BJTකාමාවචරකුශල යැ, අකුශල යැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලයාගේ විපාකයෙන් දෙසිතෙක, ක්‍රියායෙන් එකොලොසෙක, කුශලහෙයින් ද, විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන යැ,මෙහි උපන් විතර්‍කය හැර යි. මොහු සවිතර්‍ක ධර්‍මයෝ යි.
Pali BJT1589. කතමෙ ධම්මා අවිතක්කා:
Sinhala BJT1589. අවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වෙ පඤ්චවිඤ්ඤාණානි, රූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො අරූපාවචරා කුසලතො ච, විපාකතො ච කිරියතො ච, ලොකුත්තරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච විතක්කො ච. රූපඤ්ච නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා අවිතක්කා.
Sinhala BJTදෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර අරූපාවචරයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිතර්‍කධර්‍මයෝ යි.
Pali BJT1590. කතමෙ ධම්මා සවිචාරා:
Sinhala BJT1590. සවිචාරධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලං, අකුසලං, කාමාවචරකුසලස්ස විපාකතො එකාදස චිත්තුප්පාදා, අකුසලස්ස විපාකතො ද්වෙ, කිරියතො එකාදස, රූපාවචර එකකදුකජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තර එකකදුකජ්ඣානා කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං විචාරං ඨපෙත්වා, ඉමෙ ධම්මා සවිචාරා.
Sinhala BJTකාමාවචර කුශල යැ, අකුශල යැ, කාමාවචර කුශලයාගේ විපාක හෙයින් එකොළොස් චිත්තෝත්පාද කෙනෙකැ, අකුශලවිපාකහෙයින් දෙසිතෙකැ, ක්‍රියාහෙයින් එකොළොසෙකැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ඒකකද්විකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ඒකකද්විකධ්‍යානයෝ යැ, මෙහි උපන් විචාරය හැර යි. මොහු සවිචාරධර්‍මයෝ යි.
Pali BJT1591. කතමෙ ධම්මා අවිචාරා:
Sinhala BJT1591. අවිචාරධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වෙ පඤ්චවිඤ්ඤාණානි, රූපාවචරතිකචතුක්කජ්ඣානා{1} කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච, විචාරො ච, රූපඤ්ච, නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා අවිචාරා.
Sinhala BJTදෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල විපාක හෙයින් ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, විචාරය ද, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිචාර ධර්‍මයෝ යි.
Pali BJT1592. කතමෙ ධම්මා සප්පීතිකා:
Sinhala BJT1592. සප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො චත්තාරො, කාමාවචරකුසලස්ස විපාකතො පඤ්ච, කිරියතො පඤ්ච, රූපාවචරදුකතිකජ්ඣානා කුසලතොච විපාකතො ච කිරියතො ච, ලොකුත්තර දුකතිකජ්ඣානා කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා, ඉමෙ ධම්මා සප්පීතිකා.
Sinhala BJTකාමාවචරකුශලයෙන් සතර සොම්නස්සහගිය සිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙක, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ද්විත්‍රිකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විත්‍රිකධ්‍යානයෝ යැ,මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු සප්‍රීතික ධර්‍මයෝ යි.
Pali BJT1593. කතමෙ ධම්මා අප්පීතිකා:
Sinhala BJT1593. අප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො උපෙක්ඛාසහගතචිත්තුප්පාදා, අකුසලතො අට්ඨ, කාමාවචර කුසලස්ස විපාකතො එකාදස, අකුසලස්ස විපාකතො සත්ත, කිරියතො ඡ, රූපාවචර දුකදුකජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තර දුකදුකජ්ඣානා කුසලතො ච විපාකතො ච, පීති ච, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා අප්පීතිකා.
Sinhala BJTකාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සිත් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අප්‍රීතිකධර්‍මයෝ යි.
Pali BJT1594. කතමෙ ධම්මා පීතිසහගතා:
Sinhala BJT1594. ප්‍රීතිසහගතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො චත්තාරො, කාමාවචරකුසලස්ස විපාකතො පඤ්ච, කිරියතො පඤ්ච, රූපාවචර දුකතිකජ්ඣානා කුසලතොච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරදුකතිකජ්ඣානා කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා, ඉමෙ ධම්මා පීතිසහගතා.
Sinhala BJTකාමාවචර කුශලයෙන් සතර සොම්නස්සහගියසිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ , කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ කුශලහෙයින් ද, විපාකහෙයින් ද. ලෝකෝත්තර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ, මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු ප්‍රීතිසහගතධර්‍මයෝ යි.
Pali BJT1595. කතමෙ ධම්මා න පීතිසහගතා:
Sinhala BJT1595. ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො උපෙක්ඛාසහගතචිත්තුප්පාදා, අකුසලතො අට්ඨ, කාමාවචර කුසලස්ස විපාකතො එකාදස, අකුසලස්ස විපාකතො සත්ත, කිරියතො ඡ, රූපාවචර දුකදුකජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තර දුකදුකජ්ඣානා කුසලතො ච විපාකතො ච, පීති ච, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා න පීති සහගතා.
Sinhala BJTකාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියා හෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ ,කුශලවිපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1596. කතමෙ ධම්මා සුඛසහගතා:
Sinhala BJT1596. සුඛසහගතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචර කුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො චත්තාරො, කාමාවචරකුසලස්ස විපාකතො ඡ, කිරියතො පඤ්ච, රූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච, කිරියතො ච, ලොකුත්තරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං සුඛං ඨපෙත්වා, ඉමෙ ධම්මා සුඛසහගතා.
Sinhala BJTකාමාවචර කුශලයෙන් සොම්නස්සහගිය සතරසිත්හු යැ, අකුශලයෙන් සතරෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් සයෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, මෙහි උපන් සුඛය හැර යි. මොහු සුඛසහගත ධර්‍මයෝ යි.
Pali BJT1597. කතමෙ ධම්මා න සුඛසහගතා:
Sinhala BJT1597. සුඛසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො උපෙක්ඛාසහගතචිත්තුප්පාදා, අකුසලතො අට්ඨ, කාමාවචරකුසලස්ස විපාකතො දස, අකුසලස්ස විපාකතො සත්ත, කිරියතො ඡ, රූපාවචර චතුක්කජ්ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරං චතුක්කජ්ඣානං කුසලතො ච විපාකතො ච, සුඛං ච රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා න සුඛසහගතා.
Sinhala BJTකාමාවචරකුශලයෙන් උපේක්‍ෂාසහගත සතරසිත්හු යැ, අකුශලයෙන් අටෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් දශයෙක, අකුශලයාගේ විපාකයෙන් සතෙක, ක්‍රියායෙන් සයෙක, කුශල විපාක ක්‍රියා හෙයින් රූපාවචර චතුෂ්කධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියා හෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර චතුෂ්කධ්‍යාන යැ, සුඛය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු සුඛසහගත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1598. කතමෙ ධම්මා උපෙක්ඛාසහගතා:
Sinhala BJT1598. උපේක්‍ෂාසහගතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො උපෙක්ඛාසහගතචිත්තුප්පාදා, අකුසලතො ඡ, කාමාවචරකුසලස්ස විපාකතො දස, අකුසලස්ස විපාකතො ඡ, කිරියතො ඡ, රූපාවචර චතුත්ථජ්ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරං චතුත්ථජ්ඣානං කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං උපෙක්ඛං ඨපෙත්වා, ඉමෙ ධම්මා උපෙක්ඛා සහගතා.
Sinhala BJTකාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සයෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් දසයෙක් අකුශලයාගේ විපාකයෙන් සයෙක, ක්‍රියාහෙයින් සයෙක, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, මෙහි උපන් උපේක්‍ෂාව හැරයි. මොහු උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.
Pali BJT1599. කතමෙ ධම්මා න උපෙක්ඛාසහගතා:
Sinhala BJT1599. උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො ඡ, කාමාවචරකුසලස්ස විපාකතො ඡ, අකුසලස්ස විපාකතො එකො, කිරියතො පඤ්ච, රූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච, උපෙක්ඛා ච, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTකාමාවචර කුශලයෙන් සොම්නස් සහගිය සතර සිත්හු යැ, අකුශලයෙන් සයෙක, කමාචචරකුශලයාගේ විපාකයෙන් සයෙක, අකුශලයාගේ විපාකයෙන් එකෙක, ක්‍රියා හෙයින් පසෙක, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, උපේක්‍ෂාව ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1600. කතමෙ ධම්මා කාමාවචරා:
Sinhala BJT1600. කාමාවචර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලං, අකුසලං, සබ්බො කාමාවචරස්ස විපාකො, කාමාවචරකිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා කාමාවචරා.
Sinhala BJTකාමාවචර කුශල යැ, අකුශල යැ, සියලු කාමාවචර විපාක යැ කාමාවචර ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැ යි මොහු කාමාවචර ධර්‍මයෝ යි.
Pali BJT1601. කතමෙ ධම්මා න කාමාවචරා:
Sinhala BJT1601. කාමාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: