Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3701-3800 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා නීවරණවිප්පයුත්තා අනීවරණියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණීය ධර්‍මයෝ යි.
Pali BJTනීවරණසම්පයුත්තා ධම්මා න වත්තබ්බා නීවරණවිප්පයුත්තා නීවරණියාතිපි, නීවරණවිප්පයුත්තා අනීවරණියාතිපි.
Sinhala BJTනීවරණසම්ප්‍රයුක්ත ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වූහ’යි ද, නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වූහ’යි ද නොකියයුත්තාහ.
Pali BJTනීවරණගොච්ඡකං.
Sinhala BJTනීවරණගොච්ඡක යි.
Pali BJT1514. කතමෙ ධම්මා පරාමාසා:
Sinhala BJT1514. පරාමර්‍ශ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTදිට්ඨිපරාමාසො චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, ඉමෙ ධම්මා පරාමාසා.
Sinhala BJTදෘෂ්ටිපරාමර්‍ශය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ සතර සිත්හි උපදී. මොහු පරාමර්‍ශ ධර්‍මයෝ යි.
Pali BJT1515. කතමෙ ධම්මා නො පරාමාසා:
Sinhala BJT1515. පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා පරාමාසං අවසෙසං අකුසලං, චතුසු භූමීසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමීසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නො පරාමාසා.
Sinhala BJTපරාමාසය තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1516. කතමෙ ධම්මා පරාමට්ඨා:
Sinhala BJT1516. පරාමෘෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ කවරහයත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා පරාමට්ඨා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමෘෂ්ට ධර්‍මයෝ යි.
Pali BJT1517. කතමෙ ධම්මා අපරාමට්ඨා:
Sinhala BJT1517. අපරාමෘෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අපරාමට්ඨා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපරාමෘෂ්ට ධර්‍මයෝ යි.
Pali BJT1518. කතමෙ ධම්මා පරාමාසසම්පයුත්තා:
Sinhala BJT1518. පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, එත්ථුප්පන්නං පරාමාසං ඨපෙත්වා, ඉමෙ ධම්මා පරාමාසසම්පයුත්තා.
Sinhala BJTසතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් පරාමර්‍ශය හැර යි. මොහු පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1519. කතමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා:
Sinhala BJT1519.පරාමර්‍ශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා.
Sinhala BJTසතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දෝමනස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, විචිකිච්ඡාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ. චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මෙහු පරාමර්‍ශවිප්‍රයුක්ත ධර්‍මයෝ යැ.
Pali BJTපරාමාසො න වත්තබ්බො පරාමාසසම්පයුත්තොතිපි පරාමාසවිප්පයුත්තොතිපි.
Sinhala BJTපරාමාසය තෙමේ පරාමර්‍ශසම්ප්‍රයුක්ත යයි ද, පරාමර්‍ශවිප්‍රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
Pali BJT1520. කතමෙ ධම්මා පරාමාසා චෙව පරාමට්ඨා ච:
Sinhala BJT1520. පරාමර්‍ශ ද වූ පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTසො එව පරාමාසො පරාමාසො චෙව පරාමට්ඨො ච.
Sinhala BJTඑ මැ පරාමාසය පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වේ.
Pali BJT1521. කතමෙ ධම්මා පරාමට්ඨා චෙව නො ච පරාමාසා:
Sinhala BJT1521. පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා පරාමාසං අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා පරාමට්ඨා චෙව නො ච පරාමාසා.
Sinhala BJTපරාමාසය තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූප දැයි මොහු පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යි.
Pali BJTඅපරාමට්ඨා ධම්මා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාතිපි, පරාමට්ඨා චෙව නො ච පරාමාසාතිපි.
Sinhala BJTඅපරාමෘෂ්ට ධර්‍මයෝ පරාමර්‍ශ ද වූ පරාමෘෂ්ටයහ’යිද, පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශහ’යිද නොකියයුත්තාහ.
Pali BJT1522. කතමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා:
Sinhala BJT1522. පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමාෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා.
Sinhala BJTසතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සිත්හු යැ, දෝමනස්සහගත දෙ සිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, උද්ධච්චසහගත සිත යැ, තුන්බිමැ කුසල් යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ධර්‍මයෝ යි.
Pali BJT1523. කතමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා:
Sinhala BJT1523. පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණඵලයෝ ද, නිර්‍වාණය දැ යි මොහු පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ යි.
Pali BJTපරාමාසා ච පරාමාසසම්පයුත්තා ච ධම්මා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තා පරාමට්ඨාතිපි, පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨාතිපි.
Sinhala BJTපරාමර්‍ශ වූ ද පරාමර්‍ශසම්ප්‍රයුක්ත වු ද ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයහ’යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටයහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJTපරාමාසගොච්ඡකං.
Sinhala BJTපරාමාසගොච්ඡක යි.
Pali BJT1524. කතමෙ ධම්මා සාරම්මණා.
Sinhala BJT1524. සාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමීසු කුසලං, අකුසලං, චතුසු භූමීසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, ඉමෙ ධම්මා සාරම්මණා.
Sinhala BJTසියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘතයෝ දැ යි සාලම්බන ධර්‍මයෝ යි.
Pali BJT1525. කතමෙ ධම්මා අනාරම්මණා:
Sinhala BJT1525.අනාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා අනාරම්මණා.
Sinhala BJTරූපය ද,නිර්‍වාණය දැයි මොහු අනාලම්බන ධර්‍මයෝ යි.
Pali BJT1526. කතමෙ ධම්මා චිත්තා:
Sinhala BJT1526. චිත්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොධාතු මනොවිඤ්ඤාණධාතු, ඉමෙ ධම්මා චිත්තා.
Sinhala BJTචක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝධාතු යැ, මනෝවිඥානධාතු යි. මොහු චිත්ත ධර්‍මයෝ යි.
Pali BJT1527. කතමෙ ධම්මා නො චිත්තා:
Sinhala BJT1527. චිත්ත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්ත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1528. කතමෙ ධම්මා චෙතසිකා:
Sinhala BJT1528. චෛතසික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චෙතසිකා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, මොහු චෛතසිකධර්‍මයෝ යි.
Pali BJT1529. කතමෙ ධම්මා අචෙතසිකා:
Sinhala BJT1529. අචෛතසික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා අචෙතසිකා.
Sinhala BJTචිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චෛතසික නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1530. කතමෙ ධම්මා චිත්තසම්පයුත්තා:
Sinhala BJT1530. චිත්තසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසම්පයුත්තා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1531. කතමෙ ධම්මා චිත්තවිප්පයුත්තා:
Sinhala BJT1531. චිත්තවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා චිත්තවිප්පයුත්තා.
Sinhala BJTරූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තවිපුයයුක්ත ධර්‍මයෝ යි.
Pali BJTචිත්තං න වත්තබ්බං චිත්තෙන සම්පයුත්තන්තිපි, චිත්තෙන විප්පයුත්තන්තිපි.
Sinhala BJTචිත්තය චිත්තය හා සම්ප්‍රයුක්ත යයි ද, චිත්තය හා විප්‍රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
Pali BJT1532. කතමෙ ධම්මා චිත්තසංසට්ඨා:
Sinhala BJT1532. චිත්තය හා සංසෘෂ්ටධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යි. මොහු චිත්තසංසෘෂ්ට ධර්‍මයෝ යි.
Pali BJT1533. කතමෙ ධම්මා චිත්තවිසංසට්ඨා:
Sinhala BJT1533. චිත්තය හා විසංසෘෂ්ටධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා චිත්තවිසංසට්ඨා.
Sinhala BJTරූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට ධර්‍මයෝ යි.
Pali BJTචිත්තං න වත්තබ්බං චිත්තෙන සංසට්ඨන්තිපි, චිත්තෙන විසංසට්ඨන්තිපි.
Sinhala BJTචිත්තය චිත්තය හා සංසෘෂ්ට යයි ද, චිත්තය හා විසංසෘෂ්ට යයි ද නො කියැයුත්තේ යි.
Pali BJT1534. කතමෙ ධම්මා චිත්තසමුට්ඨානා:
Sinhala BJT1534. චිත්තසමුත්‍ථානධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති කබළීකාරො ආහාරො, ඉමෙ ධම්මා චිත්තසමුට්ඨානා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යළි චිත්තජ චිත්තහේතුක චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද එ යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්‍ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, ආකාසධාතු යැ, අබ්ධාතු යැ, රූපලඝුත්‍ව යැ, රූපමෘදුත්‍ව යැ, රූපකර්‍මණ්‍යතා යැ, රූපෝපචය යැ, රූපසන්තති යැ, කවලීකාරාහාර යැ , යන මොහු චිත්තසමුත්‍ථාන ධර්‍මයෝ යි.
Pali BJT1535. කතමෙ ධම්මා නො චිත්තසමුට්ඨානා:
Sinhala BJT1535. චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච අවසෙසං ච රූපං, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තසමුට්ඨානා.
Sinhala BJTචිත්තය ද අවශේෂරූපයද නිර්‍වාණය දැයි මොහු චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1536. කතමෙ ධම්මා චිත්තසහභුනො:
Sinhala BJT1536. චිත්තසහභූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, කායවිඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, ඉමෙ ධම්මා චිත්තසහභුනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු සිත හා එක් වැ උපදනා (-චිත්තසහභූ) ධර්‍මයෝ යි.
Pali BJT1537. කතමෙ ධම්මා නො චිත්තසහභුනො:
Sinhala BJT1537. චිත්තසහභූ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච අවසෙසං ච රූපං නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තසහභුනො:
Sinhala BJTසිත ද අවශේෂ රූපය ද නිවන දැයි මොහු චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1538. කතමෙ ධම්මා චිත්තානුපරිවත්තිනො:
Sinhala BJT1538. චිත්තානුපරිවර්ති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, කායවිඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, ඉමෙ ධම්මා චිත්තානුපරිවත්තිනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු චිත්තානුපරිවර්ති ධර්‍මයෝ යි.
Pali BJT1539. කතමෙ ධම්මා නො චිත්තානුපරිවත්තිනො:
Sinhala BJT1539. චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච අවසෙසං ච රූපං නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තය ද අවශේෂ රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1540. කතමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානා:
Sinhala BJT1540. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ යි.
Pali BJT1541. කතමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානා:
Sinhala BJT1541. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTචිත්තය ද රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1542. කතමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො:
Sinhala BJT1542. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨ සමුට්ඨානසහභුනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයෝ යි.
Pali BJT1543. කතමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො:
Sinhala BJT1543. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නොවූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJTචිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන සහභූ නොවූ ධර්‍මයෝ යි.
Pali BJT1544. කතමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො:
Sinhala BJT1544. චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ යි.
Pali BJT1545. කතමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො:
Sinhala BJT1545. චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචිත්තං ච රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාතානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1546. කතමෙ ධම්මා අජ්ඣත්තිකා.
Sinhala BJT1546. ආධ්‍යාත්මික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- මනායතනං, ඉමෙ ධම්මා අජ්ඣත්තිකා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... මනායතන යි. මොහු ආධ්‍යාත්මික ධර්‍මයෝ යි.
Pali BJT1547. කතමෙ ධම්මා බාහිරා:
Sinhala BJT1547. බාහ්‍යධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපායතනං -පෙ- ධම්මායතනං, ඉමෙ ධම්මා බාහිරා.
Sinhala BJTරූපායතන යැ ... ධර්‍මායතන යි. මොහු බාහ්‍යාධර්‍මයෝ යි.
Pali BJT1548. කතමෙ ධම්මා උපාදා:
Sinhala BJT1548. උපාදා (-භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබළීකාරො ආහාරො, ඉමෙ ධම්මා උපාදා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... කවලීකාරාහාර යි. මොහු උපාදා ධර්‍මයෝ යි.
Pali BJT1549. කතමෙ ධම්මා නො උපාදා:
Sinhala BJT1549. උපාදා නොවූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, චත්තාරො ච මහාභූතා, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො උපාදා.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, සතර මහාභූතයෝ යැ, නිර්‍වාණ දැයි මොහු උපාදා නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1550. කතමෙ ධම්මා උපාදින්නා:
Sinhala BJT1550. උපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු විපාකො, යං ච රූපං කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා උපාදින්නා.
Sinhala BJTත්‍රෛභූමක විපාක යැ, කර්‍මය පිළිබඳ යම් කෘතත්‍වාත් රූපයෙක් ඇද්ද, මොහු උපාදින්න ධර්‍මයෝ යි.
Pali BJT1551. කතමෙ ධම්මා අනුපාදින්නා:
Sinhala BJT1551. අනුපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු කිරියාව්යාකතං, යං ච රූපං න කම්මස්ස කතත්තා, චත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනුපාදින්නා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, කර්‍මය පිළිබඳ කෘතත්‍වාත් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ ද, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදින්න ධර්‍මයෝ යි.
Pali BJTමහන්තර දුකං.
Sinhala BJTමහන්තර දුක යි.
Pali BJT1552. කතමෙ ධම්මා උපාදානා:
Sinhala BJT1552. උපාදනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරි උපාදානානි: කාමූපාදානං දිට්ඨුපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං,
Sinhala BJTඋපාදාන සතරෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
Pali BJTකාමූපාදානං අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, දිට්ඨුපාදානඤ්ච සීලබ්බතූපාදානඤ්ච අත්තවාදූපාදානඤ්ච චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජන්ති ඉමෙ ධම්මා උපාදානා.
Sinhala BJTකාමූපාදානය ලෝභසහගත සිත් අටෙහි උපදී. දිට්ඨූපාදානය ද සීලතබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සිත් සතරෙහි උපදිත්. මේ ධර්‍මයෝ උපාදානයෝ යි.
Pali BJT1553. කතමෙ ධම්මා නො උපාදානා:
Sinhala BJT1553. උපාදාන නො වු ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා උපාදානෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො උපාදානා.
Sinhala BJTඋපාදානයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශලයැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපාදාන නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1554. කතමෙ ධම්මා උපාදානියා:
Sinhala BJT1554. උපාදානිය (උපාදනයන්ට හිත) ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා උපාදානියා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මෙහු උපාදානිය ධර්‍මයෝ යි.
Pali BJT1555. කතමෙ ධම්මා අනුපාදානියා:
Sinhala BJT1555. අනුපාදනීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනුපාදානියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදනීය ධර්‍මයෝ යි.
Pali BJT1556. කතමෙ ධම්මා උපාදානසම්පයුත්තා:
Sinhala BJT1556. උපාදනාසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා, චත්තාරො දිට්ඨිගතවිප්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා, එත්ථුප්පන්නං ලොභං ඨපෙත්වා, ඉමෙ ධම්මා උපාදානසම්පයුත්තා.
Sinhala BJTදෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, මෙහි උපන් ලෝභය තබා යි. මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1557. කතමෙ ධම්මා උපාදානවිප්පයුත්තා:
Sinhala BJT1557. උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නො ලොභො, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, චතුසු භූමීසු කුසලං, චතුසු භූමීසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සිත් සතරෙහි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය සිත් දෙක යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්‍යසහගත සිත යැ, සියුබිමැ කුසල යැ, සියුබිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1558. කතමෙ ධම්මා උපාදානා චෙව උපාදානියා ච:
Sinhala BJT1558. උපාදාන ද උපාදානිය ද වූ ධර්‍මයෝ කවරහ යත්: