Pali BJTඅනාසවා ධම්මා න වත්තබ්බා ආසවා චෙව සාසවාතිපි සාසවා චෙව නො ච ආසවාතිපි.
Sinhala BJTඅනාස්‍රව ධර්‍මයෝ ආස්‍රවයෝත් ආස්‍රව සහිතයෝත් වෙති යි ද, සාස්‍රව වූවොත් නො ද ආස්‍රව වූවෝත් වෙති යි ද නො කියැයුත්තාහු වෙත්.
Pali BJT1472. කතමෙ ධම්මා ආසවා චෙව ආසවසම්පයුත්තා ච:
Sinhala BJT1472. ආස්‍රව වු ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ ද්වෙ තයො ආසවා එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා ආසවා චෙව ආසවසම්පයුත්තා ච.
Sinhala BJTයම් චිත්තෝත්පාදයෙක්හි දෙතුන් ආස්‍රව කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
Pali BJT1473. කතමෙ ධම්මා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා:
Sinhala BJT1473. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා ආසවෙ අවසෙසා අකුසලා, ඉමෙ ධම්මා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා.
Sinhala BJTආස්‍රවයන් තබා අවශේෂ අකුශලයෝ යැ. මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යි.
Pali BJTආසවවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තා තිපි ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාතිපි.
Sinhala BJTආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ ආස්‍රව ද වූ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යයි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූවෝ යයි ද නො කියයුත්තාහ:
Pali BJT1474. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා සාසවා:
Sinhala BJT1474. ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නො මොහො, විචිකිච්ඡාසහගතො මොහො, උද්ධච්චසහගතො මොහො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා සාසවා.
Sinhala BJTදොම්නස්සහගිය දෙ සිත්හි උපන් මෝහ යැ, විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, තුන්බිම්හි කුශල යැ, තුන්බිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ යි.
Pali BJT1475. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා අනාසවා:
Sinhala BJT1475. ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයෝ යි.
Pali BJTආසවසම්පයුත්තා ධම්මා න වත්තබ්බා ආසවවිප්පයුත්තා සාසවාතිපි ආසවවිප්පයුත්තා අනාසවාතිපි.
Sinhala BJTආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව (ආස්‍රව සහිත) යෝ යයි ද, ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යයි ද නො කියැයුත්තාහ.
Pali BJTආසවගොච්ඡකං.
Sinhala BJTආස්‍රවගොච්ඡක යි.
Pali BJT1476. කතමෙ ධම්මා සඤ්ඤොජනා:
Sinhala BJT1476. සංයෝජනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTදස සඤ්ඤොජනානි: කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං මානසඤ්ඤොජනං දිට්ඨිසඤ්ඤොජනං විචිකිච්ඡාසඤ්ඤොජනං සීලබ්බතපරාමාසසඤ්ඤොජනං භවරාගසඤ්ඤොජනං ඉස්සාසඤ්ඤොජනං මච්ඡරියසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනං.
Sinhala BJTසංයෝජන දසයෙකි: කාමරාගසංයෝජන යැ, ප්‍රතිඝසංයෝජන යැ, මානසංයෝජන යැ, දෘෂ්ටිසංයෝජන යැ, විචිකිත්සාසංයෝජන යැ, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන යැ, භවරාගසංයෝජන යැ, ඊර්‍ෂ්‍යාසංයෝජන යැ, මාත්සර්‍ය්‍යසංයෝජන යැ, අවිද්‍යාසංයෝජන යි.
Pali BJTකාමරාගසඤ්ඤොජනං අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, පටිඝසඤ්ඤොජනං ද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, මානසඤ්ඤොජනං චතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, දිට්ඨිසඤ්ඤොජනං චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, විචිකිච්ඡාසඤ්ඤොජනං විචිකිච්ඡාසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, සීලබ්බතපරාමාසසඤ්ඤොජනං චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, භවරාගසඤ්ඤොජනං චතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, ඉස්සා සඤ්ඤොජනං මච්ඡරිය සඤ්ඤොජනං ච ද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජන්ති, අවිජ්ජාසඤ්ඤොජනං සබ්බාකුසලෙසු උප්පජ්ජති, ඉමෙ ධම්මා සඤ්ඤොජනා.
Sinhala BJTකාමරාගසංයෝජනය අෂ්ට ලෝභසසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ප්‍රතිඝසංයෝජනය දොම්නස් සහගිය දෙ සිත්හි උපදී. මානසංයෝජනය දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභ සහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිසංයෝජනය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ සතර සිත්හි උපදී. විචිකිත්සාසංයෝජනය විචිකිත්සාසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ශීලව්‍රතපරාමර්‍ශසංයෝජනය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. භවරාගසංයෝජනය දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සිත්හි උපදී. ඊර්‍ෂ්‍යාසංයෝජනයත් මාත්සර්‍ය්‍යසංයෝජනයත් දොම්නස්සහගිය දෙසිත්හි උපදිති. අවිද්‍යාසංයෝජනය සියලු අකුශල සිත්හි උපදී. මොහු සංයෝජන ධර්‍මයෝ යි.
Pali BJT1477. කතමෙ ධම්මා නො සඤ්ඤොජනා:
Sinhala BJT1477. සංයෝජන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා සඤ්ඤොජනෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො සඤ්ඤොජනා.
Sinhala BJTසංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජන නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1478. කතමෙ ධම්මා සඤ්ඤොජනියා:
Sinhala BJT1478. සංයෝජනය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සඤ්ඤොජනියා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ධර්‍මයෝ යි.
Pali BJT1479. කතමෙ ධම්මා අසඤ්ඤොජනියා:
Sinhala BJT1479. අසංයෝජනිය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි නිබ්බානං ච, ඉමෙ ධම්මා අසඤ්ඤොජනියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ ද, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනීය නොවූ ධර්‍මයෝ යි.
Pali BJT1480. කතමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා:
Sinhala BJT1480.සංයෝජනසම්ප්‍රයුක්ත වු ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතං මොහං ඨපෙත්වා අවසෙසං අකුසලං, ඉමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා.
Sinhala BJTඖද්ධත්‍යසහගත මෝහය තබා අවශේෂ අකුශලය යි. මොහු සංයෝජනසම්ප්‍රයුක්ත වු ධර්‍මයෝ යි.
Pali BJT1481. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා:
Sinhala BJT1481. සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා.
Sinhala BJTඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූප ය ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යි.
Pali BJT1482. කතමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියා ච:
Sinhala BJT1482. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතානෙව සඤ්ඤොජනානි සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියා ච.
Sinhala BJTඒ සංයෝජනයෝ මැ සංයෝජනයෝ ද සංයෝජනයන්ට හිත වූවාහු ද වෙත්.
Pali BJT1483. කතමෙ ධම්මා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා:
Sinhala BJT1483. සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා සඤ්ඤොජනෙ අවසෙසං අකුසලං, තීසු භූමීසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා.
Sinhala BJTසංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, තුන්බිමැ කුශල යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යි.
Pali BJTඅසඤ්ඤොජනියා ධම්මා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියාතිපි, සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනාතිපි.
Sinhala BJTඅසංයෝජනිය ධර්‍මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති’යි ද, සංයෝජනීයත් නො ද සංයෝජනත් වෙති’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1484. කතමෙ ධම්මා සංයොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච.
Sinhala BJT1484. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ ද්වෙ තීණි සඤ්ඤොජනානි එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච.
Sinhala BJTයම් සිතෙක දෙතුන් සංයෝජන කෙනෙක් එක්වට උපදිත් ද, මොහු සංයෝජන වූත් සංයෝජනසම්ප්‍රයුක්ත වූ ත් ධර්‍මයෝ යි.
Pali BJT1485. කතමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤෙජනා:
Sinhala BJT1485. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා සඤ්ඤොජනෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනා.
Sinhala BJTසංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, මොහු සංයෝජනසම්ප්‍රයුක්ත වූත් නො ද සංයෝජන වූත් ධර්‍මයෝ යි.
Pali BJTසඤ්ඤොජනවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තාතිපි, සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනාතිපි.
Sinhala BJTසංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ සංයෝජනයෝත් සංයෝජනසම්ප්‍රයුක්තයෝත් වෙති’යි ද, සංයෝජනසම්ප්‍රයුක්ත වූවෝත් නො ද සංයෝජනයෝත් වෙතී’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1486. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියා:
Sinhala BJT1486. සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජනීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො මොහො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියා.
Sinhala BJTඖද්ධත්‍යසහගත මෝහ යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජන ධර්‍මයෝ යි.
Pali BJT1487. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියා:
Sinhala BJT1487. සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය ධර්‍මයෝ යි.
Pali BJTසඤ්ඤොජනසම්පයුත්තා ධම්මා න වත්තබ්බා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියාතිපි සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියාතිපි.
Sinhala BJTසංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජනීය වූහ යි ද, සංයෝජන විපුයයුක්ත වූ අසංයෝජනීයහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJTසංයොජනගොච්ඡකං.
Sinhala BJTසංයෝජනගොච්ඡක යි.
Pali BJT1488. කතමෙ ධම්මා ගන්ථා:
Sinhala BJT1488. ග්‍රන්‍ථධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො ගන්ථා: අභිජ්ඣා කායගන්ථො, ව්යාපාදො කායගන්ථො, සීලබ්බතපරාමාසො කායගන්ථො, ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො.
Sinhala BJTග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථ යි.
Pali BJTඅභිජ්ඣා කායගන්ථො අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, ව්යාපාදො කායගන්ථො ද්වීසු දොමනස්ස සහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති සීලබ්බතපරාමාසො කායගන්ථො ච ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො ච චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා ගන්ථා.
Sinhala BJTඅභිධ්‍යාකායග්‍රන්‍ථය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, ව්‍යාපාදකායග්‍රන්‍ථය දොම්නස්සහගත දෙ සිත්හි උපදී, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථය ද ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදිත්. මොහු ග්‍රන්‍ථධර්‍මයෝ යි.
Pali BJT1489. කතමෙ ධම්මා නො ගන්ථා:
Sinhala BJT1489. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා ගන්ථෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො ගන්ථා.
Sinhala BJTග්‍රන්‍ථයන් තබා සෙසු අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1490. කතමෙ ධම්මා ගන්ථනීයා:
Sinhala BJT1490. ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා ගන්ථනීයා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනී ය ධර්‍මයෝ යි.
Pali BJT1491. කතමෙ ධම්මා අගන්ථනීයා:
Sinhala BJT1491. ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අගන්ථනීයා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1492. කතමෙ ධම්මා ගන්ථසම්පයුත්තා:
Sinhala BJT1492. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, චත්තාරො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තුප්පාදා, එත්ථුප්පන්නං ලොභං ඨපෙත්වා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, එත්ථුප්පන්නං පටිඝං ඨපෙත්වා, ඉමෙ ධම්මා ගන්ථසම්පයුත්තා.
Sinhala BJTදෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, මෙහි උපන් ලෝභය තබා යි. දෞර්‍මනස්‍යසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් ප්‍රතිඝය හැර යි. මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි
Pali BJT1493. කතමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා:
Sinhala BJT1493. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නො ලොභො, ද්වීසු දොමනස්ස සහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නං පටිඝං, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත වූ සතර සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිච්ඡාසහගත චිත්ත යැ, ඖද්ධත්‍යසහගත චිත්ත යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1494. කතමෙ ධම්මා ගන්ථා චෙව ගන්ථනීයා ච:
Sinhala BJT1494. ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙව ගන්ථා ගන්ථා චෙව ගන්ථනීයා ච.
Sinhala BJTඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යි.
Pali BJT1495. කතමෙ ධම්මා ගන්ථනීයා චෙව නො ච ගන්ථා:
Sinhala BJT1495. ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා ගන්ථෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා ගන්ථනීයා චෙව නො ච ගන්ථා.
Sinhala BJTග්‍රන්‍ථයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.
Pali BJTඅගන්ථනීයා ධම්මා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනීයාතිපි ගන්ථනීයා චෙව නො ච ගන්ථාතිපි.
Sinhala BJTග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය වූහ’යි ද ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1496. කතමෙ ධම්මා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා ච:
Sinhala BJT1496. ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරයත්:
Pali BJTයත්ථ දිට්ඨි ච ලොභො ච එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා ච.
Sinhala BJTයම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
Pali BJT1497. කතමෙ ධම්මා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථා:
Sinhala BJT1497. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅට්ඨ ලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, එත්ථුප්පන්නෙ ගන්ථෙ ඨපෙත්වා, ඉමෙ ධම්මා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථා.
Sinhala BJTඑහි උපන් ග්‍රන්‍ථයන් තබා, ලෝභසහගත චිත්තෝත්පාදයෝ අටදෙන යැ, දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙනා යැයි මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.
Pali BJTගන්ථවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා තිපි, ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාතිපි.
Sinhala BJTග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යයි ද, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථයෝ යයි ද නො කියැයුත්තාහ.
Pali BJT1498. කතමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා:
Sinhala BJT1498. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නො ලොභො, ද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නං පටිඝං, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, තීසු භූමීසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බංච රූපං, ඉමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස් සහගත දෙ සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිත්සා සහගත චිත්තෝත්පාද යැ, ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාදයෝ යැ, තුන්බිමැ කුශලයැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැ යි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ධර්‍මයෝ යි.
Pali BJT1499. කතමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා:
Sinhala BJT1499. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ යි.
Pali BJTගන්ථසම්පයුත්තා ධම්මා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා තිපි ගන්ථවිප්පයුත්තා අගන්ථනීයාතිපි.
Sinhala BJTග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූහ යි ද, ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූහ’ යිද නො කියැයුත්තාහ.
Pali BJTගන්ථ ගොච්ඡකං.
Sinhala BJTග්‍රන්‍ථගොච්ඡක යි.
Pali BJT1500. කතමෙ ධම්මා ඔඝා: -පෙ-
Sinhala BJT1500. ඕඝධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඔඝගොච්ඡකං.
Sinhala BJTඕඝගොච්ඡක යි.
Pali BJT1501. කතමෙ ධම්මා යොගා: -පෙ-
Sinhala BJT1501. යෝගධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයොගගොච්ඡකං.
Sinhala BJTයෝගගොච්ඡක යි.
Pali BJT1502. කතමෙ ධම්මා නීවරණා:
Sinhala BJT1502. නීවරණධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඡ නීවරණානි: කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං අවිජ්ජානීවරණං.
Sinhala BJTනීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිජ්ජානීවරණ යි.
Pali BJTකාමච්ඡන්දනීවරණං අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, ව්යාපාදනීවරණං ද්වීසු දොමනස්ස සහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, ථීනමිද්ධනීවරණං සසඞ්ඛාරිකෙසු අකුසලෙසු උප්පජ්ජති, උද්ධච්චනීවරණං උද්ධච්චසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, කුක්කුච්චනීවරණං ද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, විචිකිච්ඡානීවරණං විචිකිච්ඡාසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, අවිජ්ජා නීවරණං සබ්බාකුසලෙසු උප්පජ්ජති, ඉමෙ ධම්මා නීවරණා.
Sinhala BJTකාමාච්ඡන්‍දනීවරණය ලෝභසහගත සිත් අටෙහි උපදී. ව්‍යාපාදනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. ථීනමිද්ධනීවරණය සසංස්කාරික අකුසල් සිත්හි උපදී. උද්ධච්චනීවරණය ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාදයන්හි උපදී. කුක්කුච්චනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. අවිජ්ජානීවරණය සියලු අකුසල් සිත්හි උපදී. මොහු නීවරණ ධර්‍මයෝ යි.
Pali BJT1503. කතමෙ ධම්මා නො නීවරණා:
Sinhala BJT1503. නීවරණ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා නීවරණෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො නීවරණා.
Sinhala BJTනීවරණයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු නීවරණ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1504. කතමෙ ධම්මා නීවරණියා:
Sinhala BJT1504. නීවරණීය (නීවරණයන්ට හිත) වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා නීවරණියා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය ධර්‍මයෝ යි.
Pali BJT1505. කතමෙ ධම්මා අනීවරණියා:
Sinhala BJT1505. අනීවරණීය වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනීවරණියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනීවරණීය ධර්‍මයෝ යි.
Pali BJT1506. කතමෙ ධම්මා නීවරණසම්පයුත්තා:
Sinhala BJT1506. නීවරණසමුප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසලචිත්තුප්පාදා, ඉමෙ ධම්මා නීවරණසම්පයුත්තා.
Sinhala BJTදොළොස් අකුසල් සිත්හු යැ. මෙහු නීවරණසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1507. කතමෙ ධම්මා නීවරණවිප්පයුත්තා:
Sinhala BJT1507. නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං, ඉමෙ ධම්මා නීවරණවිප්පයුත්තා.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1508. කතමෙ ධම්මා නීවරණා චෙව නීවරණියා ච:
Sinhala BJT1508. නීවරණ වූ ද නීවරණීය වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතානෙව නීවරණානි නීවරණා චෙව නීවරණියා ච.
Sinhala BJTඑ මැ නීවරණයෝ නීවරණ ද නීවරණීය ද වෙති.
Pali BJT1509. කතමෙ ධම්මා නීවරණියා චෙව නො ච නීවරණා:
Sinhala BJT1509. නීවරණීය ද නො ද නීවරණ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා නීවරණෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා නීවරණියා චෙව නො ච නීවරණා.
Sinhala BJTනීවරණයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය වූ ද නො ද නීවරණ වූ ධර්‍මයෝ යි.
Pali BJTඅනීවරණියා ධම්මා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාතිපි, නීවරණියා චෙව නො ච නීවරණාතිපි.
Sinhala BJTඅනීවරණීය ධර්‍මයෝ නීවරණ වූ නො ද නීවරණීයහ’යි ද නීවරණීය ද වූ නො ද නීවරණ වු හ’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1510. කතමෙ ධම්මා නීවරණා චෙව නීවරණ සම්පයුත්තා ච:
Sinhala BJT1510. නීවරණ ද වූ නීවරණසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ ද්වෙ තීණි නීවරණානි එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා නීවරණා චෙව නීවරණසම්පයුත්තා ච.
Sinhala BJTයම් සිතෙක දෙ තුන් නීවරණ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
Pali BJT1511. කතමෙ ධම්මා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණා:
Sinhala BJT1511. නීවරණසම්ප්‍රයුක්ත ද නො ද නීවරණ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා නීවරණෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම්මා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණා.
Sinhala BJTනීවරණයන් තබා අවශේෂ අකුශල යැ. මොහු නීවරණසම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ ධර්‍මයෝ යි.
Pali BJTනීවරණවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තාතිපි, නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාතිපි.
Sinhala BJTනීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ නීවරණ ද වූ නීවරණසම්ප්‍රයුක්ත වූහ’යි ද, නීවරණසම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ වූහ’යි නොකියැයුත්තාහ.
Pali BJT1512. කතමෙ ධම්මා නීවරණවිප්පයුත්තා නීවරණියා:
Sinhala BJT1512. නීවරණවිප්‍රයුක්ත වූ නීවරණීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා නීවරණවිප්පයුත්තා නීවරණියා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණ විප්‍රයුක්ත වු නීවරණීය ධර්‍මයෝ යි.
Pali BJT1513. කතමෙ ධම්මා නීවරණවිප්පයුත්තා අනීවරණියා:
Sinhala BJT1513. නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණීය ධර්‍මයෝ කවරහ යත්: