Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3501-3600 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1431. කතමෙ ධම්මා අතීතාරම්මණා:
Sinhala BJT1431. අතීතාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිඤ්ඤාණඤ්චායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, ඉමෙ ධම්මා අතීතාරම්මණා:
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ, මේ ධර්‍මයෝ අතීතාලම්බන වන්නාහ.
Pali BJT1432. නියතඅනාගතාරම්මණා නත්ථි.
Sinhala BJT1432. නියත අනාගතාලම්බනයෝ නැත්තාහ.
Pali BJT1433. කතමෙ ධම්මා පච්චුප්පන්නාරම්මණා:
Sinhala BJT1433. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වෙපඤ්චවිඤ්ඤාණානි, තිස්සො ච මනොධාතුයො, ඉමෙ ධම්මා පච්චුප්පන්නාරම්මණා.
Sinhala BJTද්විපඤ්චවිඥානයෝ යැ, තුන් මනෝධාතුහු දැ යි මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති.
Pali BJTකාමාවචරකුසලස්ස විපාකතො දස චිත්තුප්පාදා, අකුසලස්ස විපාකතො මනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා, කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු සොමනස්සසහගතා, ඉමෙ ධම්මා සියා අතීතාරම්මණා සියා අනාගතාරම්මණා සියා පච්චුප්පන්නාරම්මණා.
Sinhala BJTකාමාවචර කුශලවිපාකයෙන් චිත්තෝත්පාදයෝ දසදෙනෙකැ, අකුශල විපාකයෙන් උපේක්‍ෂාසහගත මනෝවිඥානධාතු යැ ,සෞමනස්‍යසහගත ක්‍රියාහේතුක මනෝවිඥානධාතු යැයි මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති, අනාගතාලම්බන ද වෙති, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වෙත්.
Pali BJTකාමාවචරකුසලං, අකුසලං, කිරියතො නව චිත්තුප්පාදා, රූපාවචරං චතුත්ථං ඣානං කුසලතො ච කිරියතො ච, ඉමෙ ධම්මා සියා අතීතාරම්මණා සියා අනාගතාරම්මණා සියා පච්චුප්පන්නාරම්මණා; සියා න වත්තබ්බා අතීතාරම්මණාතිපි අනාගතාරම්මණාතිපි පච්චුප්පන්නාරම්මණාතිපි.
Sinhala BJTකාමාවචර කුශල යැ, අකුශල යැ, ක්‍රියා හෙයින් නවචිත්තෝත්පාදයෝ යැ, කුශල හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුරුත්‍ථධ්‍යානය දැයි මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති. අනාගතාලම්බන ද වෙති. ප්‍රත්‍යුපන්නාලම්බන ද වෙති. අතීතාලම්බන යයි ද අනාගතාලම්බන යයි ද ප්‍රත්‍යුපන්නාලම්බන යයි ද නො කියැයුත්තාහු ද වෙත්.
Pali BJTරූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්ථස්ස ඣානස්ස විපාකො, ආකාසානඤ්චායතනං ආකිඤ්චඤ්ඤායතනං, චත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, ඉමෙ ධම්මා න වත්තබ්බා අතීතාරම්මණාතිපි අනාගතාරම්මණාතිපි පච්චුප්පන්නාරම්මණාතිපි. රූපං ච නිබ්බානං ච අනාරම්මණා.
Sinhala BJTකුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ ද, චතුර්‍ත්‍ථධ්‍යානවිපාක යැ, ආකාසානඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතනයැ, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයේ යැ, මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති’යි ද අනාගතාලම්බන වෙති’යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති’යි ද නො කියැයුත්තාහ. රූපය හා නිර්‍වාණය හා අනාලම්බන යි.
Pali BJT1434. කතමෙ ධම්මා අජ්ඣත්තා:
Sinhala BJT1434. අධ්‍යාත්මධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅනින්ද්රියබද්ධරූපං ච නිබ්බානං ච ඨපෙත්වා සබ්බෙ ධම්මා සියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා, අනින්ද්රියබද්ධරූපං ච නිබ්බානං ච බහිද්ධා.
Sinhala BJTඅනින්‍ද්‍රියබද්ධ රූපය හා නිර්‍වාණය හා තබා සියලු ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති, බාහිර ද වෙති, අධ්‍යාත්ම බාහිර ද වෙත්. අනින්‍ද්‍රියබද්ධ රූපය හා නිර්‍වාණය හා බාහිර යි.
Pali BJT1435. කතමෙ ධම්මා අජ්ඣත්තාරම්මණා:
Sinhala BJT1435. අධ්‍යාත්මාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිඤ්ඤාණඤ්චායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, ඉමෙ ධම්මා අජ්ඣත්තාරම්මණා:
Sinhala BJTවිඤ්ඤාණඤ්චායාතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැයි මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙත්.
Pali BJT1436. කතමෙ ධම්මා බහිද්ධාරම්මණා:
Sinhala BJT1436. බාහ්‍යාලම්බනධර්‍මයෝ කවරහයත්:
Pali BJTරූපාවචර තිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්ථස්ස ඣානස්ස විපාකො, ආකාසානඤ්චායතනං, චත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි. ඉමෙ ධම්මා බහිද්ධාරම්මණා.
Sinhala BJTකුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, චතුර්‍ත්‍ථධ්‍යාන විපාක යැ, ආකාසානඤ්චායතන යැ, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැයි මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙත්.
Pali BJTරූපං ඨපෙත්වා සබ්බෙව කාමාවචරා කුසලාකුසලාව්යාකතා ධම්මා, රූපාවචරං, චතුත්ථං ඣානං කුසලතො ච කිරියතො ච, ඉමෙ ධම්මා සියා අජ්ඣත්තාරම්මණා සියා බහිද්ධාරම්මණා සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTරූපය තබා සියලු මැ කාමාවචර කුශලාකුශලඅව්‍යාකෘත ධර්‍මයෝ යැ. කුශල හෙයින් ද අකුශල හෙයින් ද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය දැයි මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති, බාහ්‍යාලම්බන වෙති, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වෙත්.
Pali BJTආකිඤ්චඤ්ඤායතනං න වත්තබ්බං අජ්ඣත්තාරම්මණන්තිපි බහිද්ධාරම්මණන්තිපි අජ්ඣත්තබහිද්ධාරම්මණන්තිපි.
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනය ආධ්‍යාත්මාලම්බන යයි ද බාහ්‍යාලම්බන යයි ද ආධ්‍යාත්මබාහ්‍යාලම්බන යයි ද නො කියැයුතු යැ.
Pali BJTරූපං ච නිබ්බානං ච අනාරම්මණා.
Sinhala BJTරූපය හා නිර්‍වාණය හා අනාලම්බන යි.
Pali BJT1437. කතමෙ ධම්මා සනිදස්සනසප්පටිඝා:
Sinhala BJT1437. සනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපායතනං, ඉමෙ ධම්මා සනිදස්සනසප්පටිඝා.
Sinhala BJTරූපායතන යි, මේ ධර්‍මයෝ සනිදර්‍ශනසප්‍රතිඝ වෙත්:
Pali BJT1438. කතමෙ ධම්මා අනිදස්සනසප්පටිඝා:
Sinhala BJT1438. අනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉමෙ ධම්මා අනිදස්සනසස්පටිඝා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... සප්‍රෂ්ටව්‍යාතන යි, මේ ධර්‍මයෝ අනිදර්‍ශනසප්‍රතිඝ වෙත්.
Pali BJT1439. කතමෙ ධම්මා අනිදස්සනඅප්පටිඝා:
Sinhala BJT1439. අනිදර්‍ශනඅප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, යං ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනිදස්සනඅප්පටිඝා.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන අප්‍රතිඝ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJTතිකං
Sinhala BJTත්‍රිකධර්‍ම යි.
Pali BJT1440. කතමෙ ධම්මා හෙතු:
Sinhala BJT1440. හේතුධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතයො කුසලහෙතු, තයො අකුසලහෙතු, තයො අව්යාකතහෙතු.
Sinhala BJTතුන් කුශලහේතූහු යැ, තුන් අකුශලහේතූහු යැ, තුන් අව්‍යාකෘතහේතූහු යි.
Pali BJTඅලොභො කුසලහෙතු අදොසො කුසලහෙතු චතුසු භූමිසු කුසලෙසු උප්පජ්ජන්ති, අමොහො කුසලහෙතු කාමාවචරකුසලතො චත්තාරො ඤාණවිප්පයුත්තෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු කුසලෙසු උප්පජ්ජති.
Sinhala BJTඅලෝභ කුශලහේතු හා අද්වේෂ කුශල හේතු හා චාතුර්භූමක කුශලයෙහි උපදිති. අමෝහ කුශලහේතුව කාමාවචර කුශලයෙන් සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක කුශලයෙහි උපදී.
Pali BJTලොභො අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, දොසො ද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, මොහො සබ්බාකුසලෙසු උප්පජ්ජති.
Sinhala BJTලෝභය ලෝභසහගත චිත්තෝත්පාද අටෙහි උපදී, ද්වේෂය දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙකෙහි උපදී, මෝහය සියලු අකුශලයන්හි උපදී.
Pali BJTඅලොභො විපාකහෙතු, අදොසො විපාකහෙතු, කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු විපාකෙසු උප්පජ්ජන්ති.
Sinhala BJTඅලෝභවිපාකහේතුව හා අදෝසවිපාකහේතුව හා දෙක කාමාවචරවිපාකයෙහි අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයෙහි උපදිත්.
Pali BJTඅමොහො විපාකහෙතු කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිතුප්පාදෙ ඨපෙත්වා, චත්තාරො ඤාණවිප්පයුත්තෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා, චතුසු භූමිසු විපාකෙසු උප්පජ්ජති.
Sinhala BJTඅමෝහවිපාකහේතුව කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපකායෙහි උපදී.
Pali BJTඅලොභො කිරියහෙතු අදොසො කිරියහෙතු, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා තීසු භූමිසු කිරියෙසු උප්පජ්ජන්ති,
Sinhala BJTඅලෝභක්‍රියාහේතු හා අදෝසක්‍රියාහේතු හා මොහු කාමාවචරක්‍රියායෙන් අහේතුකචිත්තෝත්පාද තබා ත්‍රෛභූමකක්‍රියායෙහි උපදිත්.
Pali BJTඅමොහො කිරියහෙතු කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා, චත්තාරො ඤාණවිප්පයුත්තෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා, තීසු භූමීසු කිරියෙසු උප්පජ්ජති, ඉමෙ ධම්මා හෙතු.
Sinhala BJTඅමෝහක්‍රියාහේතුව කාමාවචරක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාද තබා ත්‍රෛභූමකක්‍රියායෙහි උපදී. මේ ධර්‍මයෝ හේතූහු වෙත්.
Pali BJT1441. කතමෙ ධම්මා න හෙතු:
Sinhala BJT1441.හේතු නොවන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා හෙතු, චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකො තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා න හෙතු.
Sinhala BJTහේතුධර්‍ම තබා චාතුර්භූමක කුශල යැ, අකුශ යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ හේතු නොවන ධර්‍මයෝ යි.
Pali BJT1442. කතමෙ ධම්මා සහෙතුකා:
Sinhala BJT1442. සහේතුක ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිචිකිච්ඡාසහගතං උද්ධච්චසහගතං මොහං ඨපෙත්වා, අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා තීසු භූමිසු කිරියාව්යාකතං, ඉමෙ ධම්මා සහෙතුකා.
Sinhala BJTවිචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, මේ ධර්‍මයෝ සහේතුකයෝ යි.
Pali BJT1443. කතමෙ ධම්මා අහෙතුකා:
Sinhala BJT1443. අහේතුක ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිචිකිච්ඡා සහගතො මොහො, උද්ධච්චසහගතො මොහො, ද්වෙ පඤ්ච විඤ්ඤාණානි, තිස්සො ච මනොධාතුයො, පඤ්ච ච අහෙතුකමනොවිඤ්ඤාණධාතුයො, රූපඤ්ච නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා අහෙතුකා.
Sinhala BJTවිචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතූහු ද පස් අහේතුක මනෝවිඥානධාතූහු ද රූපය නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අහේතුකයෝ යි.
Pali BJT1444. කතමෙ ධම්මා හෙතුසම්පයුත්තා:
Sinhala BJT1444. හේතුසම්ප්‍රයුක්තධර්‍මයෝ කවර යත්:
Pali BJTවිචිකිච්ඡාසහගතං උද්ධච්චසහගතං මොහං ඨපෙත්වා අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා තීසු භූමිසු කිරියාව්යාකතං, ඉමෙ ධම්මා හෙතුසම්පයුත්තා.
Sinhala BJTවිචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයැ, කාමාවචර ක්‍රියා හෙයින් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මේ ධර්‍මයෝ ක්‍රියාව්‍යාකෘතයෝ යි.
Pali BJT1445. කතමෙ ධම්මා හෙතුවිප්පයුත්තා:
Sinhala BJT1445. හේතුවිප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිචිකිච්ඡාසහගතො මොහො, උද්ධච්චසහගතො මොහො, ද්වෙ පඤ්චවිඤ්ඤාණානි, තිස්සො ච මනොධාතුයො, පඤ්ච ච අහෙතුක මනොවිඤ්ඤාණධාතුයො, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා හෙතුවිප්පයුත්තා.
Sinhala BJTවිචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතුහු ද, අහේතුක මනෝවිඥානධාතු පස ද, රූපය ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ හේතුවිප්‍රයුක්තයෝ යි.
Pali BJT1446. කතමෙ ධම්මා හෙතු චෙව සහෙතුකා ච:
Sinhala BJT1446. හේතු වූ ද සම්ප්‍රයුක්තහේතු සහිත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ ද්වෙ තයො හෙතු එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා හෙතු චෙව සහෙතුකා ච.
Sinhala BJTයම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් එක්වට උපදනාහු වෙත් ද, මේ ධර්‍මයෝ හේතු ද සම්ප්‍රයුක්ත හේතුයෙන් සහේතුක ද වෙත්.
Pali BJT1447. කතමෙ ධම්මා සහෙතුකා චෙව න ච හෙතු:
Sinhala BJT1447. සහේතුක ද වූ නො ද හේතු වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා තීසු භූමිසු කිරියාව්යාකතං, එත්ථුප්පන්නෙ හෙතු ඨපෙත්වා, ඉමෙ ධම්මා සහෙතුකා චෙව න ච හෙතු.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයෙන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, මෙහි උපන් හේතුන් තබා, මේ දහම්හු සහේතුක ද නො ද හේතු වූවාහු ද වෙත්.
Pali BJTඅහෙතුකා ධම්මා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාතිපි, සහෙතුකා චෙව න ච හෙතූතිපි.
Sinhala BJTඅහේතුක ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙති’යි ද, සහේතුක ද නො ද හේතු වෙති’යි ද නොකියයුත්තාහ.
Pali BJT1448. කතමෙ ධම්මා හෙතු චෙව හෙතුසම්පයුත්තා ච:
Sinhala BJT1448. හේතු වූ ද හේතුසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයත්ථ ද්වෙ තයො හෙතු එකතො උප්පජ්ජන්ති, ඉමෙ ධම්මා හෙතු චෙව හෙතු සම්පයුත්තා ච.
Sinhala BJTයම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් (අන්‍ය හේතූන් සමග) එක්වට උපදිත් ද, මොහු හේතු වූද හේතුසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
Pali BJT1449. කතමෙ ධම්මා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු:
Sinhala BJT1449. හේතුසම්ප්‍රයුක්ත වූ ද නො ද හේතු වු ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා තීසු භූමීසු කිරියාව්යාකතං, එත්ථුප්පන්නෙ හෙතු ඨපෙත්වා, ඉමෙ ධම්මා හෙතුසම්පයුත්තා චෙ ව න ච හෙතු.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූ ධර්‍මයෝ යි.
Pali BJTහෙතුවිප්පයුත්තා ධම්මා න වත්තබ්බා හෙතු චෙව හෙතු සම්පයුත්තාතිපි, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූතිපි.
Sinhala BJTහේතුවිප්‍රයුක්ත ධර්‍මයෝ හේතු ද වූ හේතුසම්ප්‍රයුක්ත වූවෝ යයි ද, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1450. කතමෙ ධම්මා න හෙතු සහෙතුකා:
Sinhala BJT1450. හේතු නො වූ සහේතුක ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, කාමාවචරස්ස විපාකතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත්තුප්පාදෙ ඨපෙත්වා තීසු භූමිසු කිරියාව්යාකතං, එත්ථුප්පන්නෙ හෙතු ඨපෙත්වා, ඉමෙ ධම්මා න හෙතු සහෙතුකා.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචරක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පදායන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතු නො වූ සහේතුක ධර්‍මයෝ යි.
Pali BJT1451. කතමෙ ධම්මා න හෙතු අහෙතුකා:
Sinhala BJT1451. හේතු වූ නො වූ අහේතුක ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වෙ පඤ්ච විඤ්ඤාණානි, තිස්සො ච මනොධාතුයො, පඤ්ච ච අහෙතුක මනොවිඤ්ඤාණධාතුයො, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා න හෙතු අහෙතුකා.
Sinhala BJTදෙපස් විඥානයෝ යැ, මනෝධාතු ත්‍රිකය ද, අහේතුක මනෝවිඥානධාතු පඤ්චකය ද රූපය ද, නිර්‍වාණය ද, යන මේ ධර්‍මයෝ හේතු නො වූ අහේතුකයෝ යි.
Pali BJTහෙතු ධම්මා න වත්තබ්බා න හෙතු සහෙතුකාතිපි, න හෙතු අහෙතුකාතිපි.
Sinhala BJTහේතු ධර්‍මයෝ හේතු නො වූ සහේතුකයෝ යයි ද, හේතු නො වූ අහේතුකයෝ යයි ද නොකියයුත්තාහ.
Pali BJTහෙතු ගොච්ඡකං.
Sinhala BJTහේතුගොච්ඡක යි.
Pali BJT1452. කතමෙ ධම්මා සප්පච්චයා:
Sinhala BJT1452. සප්‍රත්‍යයධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සප්පච්චයා.
Sinhala BJTසියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සප්‍රත්‍යයයෝ යි.
Pali BJT1453. කතමෙ ධම්මා අප්පච්චයා:
Sinhala BJT1453. අප්‍රත්‍යයධර්‍මයෝ කවරහයත්:
Pali BJTනිබ්බානං, ඉමෙ ධම්මා අප්පච්චයා:
Sinhala BJTනිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.
Pali BJT1454. කතමෙ ධම්මා සඞ්ඛතා:
Sinhala BJT1454. සඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සඞ්ඛතා.
Sinhala BJTසියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.
Pali BJT1455. කතමෙ ධම්මා අසඞ්ඛතා:
Sinhala BJT1455. අසඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTනිබ්බානං, ඉමෙ ධම්මා අසඞ්ඛතා.
Sinhala BJTනිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අසඞ්ඛතයෝ යි.
Pali BJT1456. කතමෙ ධම්මා සනිදස්සනා:
Sinhala BJT1456. සනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපායතනං, ඉමෙ ධම්මා සනිදස්සනා.
Sinhala BJTරූපායතන යි. මොහු සනිදර්‍ශනධර්‍මයෝ යි.
Pali BJT1457. කතමෙ ධම්මා අනිදස්සනා:
Sinhala BJT1457. අනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, චතුසු භූමීසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, යං ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනිදස්සනා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ, චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මොහු අනිදර්‍ශන ධර්‍මයෝ යි.
Pali BJT1458. කතමෙ ධම්මා සප්පටිඝා:
Sinhala BJT1458. සප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉමෙ ධම්මා සප්පටිඝා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ යන මොහු සප්‍රතිඝධර්‍මයෝ යි.
Pali BJT1459. කතමෙ ධම්මා අප්පටිඝා:
Sinhala BJT1459. අප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, යං ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, නිබ්බානං ච, ඉමෙ ධම්මා අප්පටිඝා.
Sinhala BJTසියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.
Pali BJT1460. කතමෙ ධම්මා රූපිනො:
Sinhala BJT1460. රූපීධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදාය රූපං, ඉමෙ ධම්මා රූපිනො.
Sinhala BJTසතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි මොහු රූපී ධර්‍මයෝ යි.
Pali BJT1461. කතමෙ ධම්මා අරූපිනො:
Sinhala BJT1461. අරූපීධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, නිබ්බානං ච, ඉමෙ ධම්මා අරූපිනො.
Sinhala BJTසියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, නිර්‍වාණය දැයි මොහු අරූපී ධර්‍මයෝ යි.
Pali BJT1462. කතමෙ ධම්මා ලොකියා:
Sinhala BJT1462. ලෞකික ධර්‍මයෝ කවරය යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා ලොකියා.
Sinhala BJTත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද යන මොහු ලෞකික ධර්‍මයෝ යි.
Pali BJT1463. කතමෙ ධම්මා ලොකුත්තරා:
Sinhala BJT1463. ලෝකෝත්තර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා ලොකුත්තරා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ලෝකෝත්තර ධර්‍මයෝ යි.
Pali BJTසබ්බෙ ධම්මා කෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJTහැම ධර්‍මයෝ කිසි විඥානයෙකින් දතයුත්තාහු යැ, කිසි විඥානයෙකින් නොදතයුත්තාහු වෙත්.
Pali BJTචුල්ලන්තරදුකං
Sinhala BJTචුල්ලන්තර දුකයි.
Pali BJT1464. කතමෙ ධම්මා ආසවා:
Sinhala BJT1464. ආස්‍රවධර්‍මයෝ කවරය යත්:
Pali BJTචත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. කාමාසවො අට්ඨසු ලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, භවාසවො චතුසු දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, දිට්ඨාසවො චතුසු දිට්ඨිගතසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජති, අවිජ්ජාසවො සබ්බාකුසලෙසු උප්පජ්ජති, ඉමෙ ධම්මා ආසවා.
Sinhala BJTආස්‍රවයෝ සතරදෙනෙක් වෙති: කාමාස්‍රව යැ, භවාස්‍රව යැ, දෘෂ්ට්‍යාස්‍රව යැ, අවිද්‍යාස්‍රව යි. කාමාස්‍රවය අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, භවාස්‍රවය සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, දෘෂ්ට්‍යාස්‍රවය සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හි උපදී, අවිද්‍යාස්‍රවය සර්‍වාකුශලයෙහි උපදී. මේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.
Pali BJT1465. කතමෙ ධම්මා නො ආසවා:
Sinhala BJT1465. ආස්‍රව නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා ආසවෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා නො ආසවා.
Sinhala BJTආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු ආස්‍රව නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1466. කතමෙ ධම්මා සාසවා:
Sinhala BJT1466. සාස්‍රව (ආස්‍රව සහිත) ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සාසවා.
Sinhala BJTතුන්බිමැ කුශල යැ, අකුශ යැ, තුන් බිමැ විපාක යැ, තුන් බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූප දැයි මොහු සාස්‍රව ධර්‍මයෝ යි.
Pali BJT1467. කතමෙ ධම්මා අනාසවා:
Sinhala BJT1467. අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනාසවා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලය ද, නිර්‍වාණය දැයි මොහු අනාස්‍රව ධර්‍මයෝ යි.
Pali BJT1468. කතමෙ ධම්මා ආසවසම්පයුත්තා:
Sinhala BJT1468. ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, එත්ථුප්පන්නං මොහං ඨපෙත්වා, විචිකිච්ඡා සහගතෙ උද්ධච්චසහගතෙ මොහෙ ඨපෙත්වා අවසෙසං අකුසලං, ඉමෙ ධම්මා ආසවසම්පයුත්තා.
Sinhala BJTදොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් මෝහය තබා, විචිකිච්ඡාසහගත වූ උද්ධච්චසහගත වූ මෝහයන් තබා, අවශේෂ අකුශලය දැයි මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1469. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා:
Sinhala BJT1469. ආස්‍රවවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වීසු දොමනස්සසහගතෙසු චිත්තුප්පාදෙසු උප්පන්නො මොහො, විචිකිච්ඡාසහගතො මොහො, උද්ධච්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා.
Sinhala BJTදොම්නස් සහගිය චිත්තෝත්පාද දෙක්හි උපන් මෝහ යැ, විචිකිච්ඡා සහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්තධර්‍මයෝ යි.
Pali BJT1470. කතමෙ ධම්මා ආසවා චෙව සාසවා ච:
Sinhala BJT1470. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙව ආසවා ආසවා චෙව සාසවා ච.
Sinhala BJTඒ ආස්‍රවයෝ මැ ආස්‍රව වූවාහු ද ආස්‍රව සහිත වූවාහු ද වෙත්:
Pali BJT1471. කතමෙ ධම්මා සාසවා චෙව නො ච ආසවා:
Sinhala BJT1471. සාස්‍රව වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඨපෙත්වා ආසවෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා සාසවා චෙව නො ච ආසවා.
Sinhala BJTආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මේ ධර්‍මයෝ ආස්‍රව සහිත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙති.