Pali BJT1388. කතමෙ ධම්මා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා:
Sinhala BJT1388. අදුඃඛාසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො උපෙක්ඛාසහගතචිත්තුප්පාදා, අකුසලතො ඡ, කාමාවචරකුසලස්ස විපාකතො දස, අකුසලස්ස විපාකතො ඡ, කිරියතො ඡ, රූපාවචරං චතුත්ථං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො අරූපාවචරා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරං චතුත්ථං ඣානං කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං අදුක්ඛමසුඛං වෙදනං ඨපෙත්වා, ඉමෙ ධම්මා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTකාමාවචර - කුශලයන් කෙරෙන් සතර උපේක්‍ෂා සහගත චිත්තෝත්පාදයෝ යැ. අකුශලයන් කෙරෙන් (චිත්තෝත්පාද) සයෙක. කාමාවචර කුශලවිපාකයන් කෙරෙන් දශයෙක. අකුශලවිපාකයන් කෙරෙන් සයෙක. ක්‍රියා සිත් අතුරෙන් සයෙක. කුශල විපාක - ක්‍රියා විසින් රූපාවචර චතුථිධ්‍යනය ද කුශල විපාක - ක්‍රියා විසින් සතර අරූපාවචරයෝ ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර චතුථිධ්‍යනය ද යන මෙහි උපන් අදුක්ඛමසුඛවේදනාව තබා මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතිස්සො ච වෙදනා රූපඤ්ච නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි, දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි.
Sinhala BJTත්‍රිවිධ වේදනාවෝ ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ‘සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’ යි ද ‘දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද ‘අදුක්මසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද නො කියැයුත්තාහ.
Pali BJT1389. කතමෙ ධම්මා විපාකා:
Sinhala BJT1389. විපාකධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමීසු විපාකො, ඉමෙ ධම්මා විපාකා.
Sinhala BJTසතර භූමියෙහි විපාක යැ. මේ විපාකයෝ යි.
Pali BJT1390. කතමෙ ධම්මා විපාකධම්මධම්මා:
Sinhala BJT1390. විපාකස්වභාවධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමීසු කුසලං, අකුසලං, ඉමෙ ධම්මා විපාකධම්මධම්මා.
Sinhala BJTසතර භූමියෙහි කුශල යැ, අකුශල යැ යන මේ ධර්‍මයෝ විපාකස්වභාව ධර්‍මයෝ යි.
Pali BJT1391. කතමෙ ධම්මා නෙවවිපාකනවිපාකධම්මධම්මා:
Sinhala BJT1391. නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කිරියාව්යාකතං රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTතුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1392. කතමෙ ධම්මා උපාදින්නුපාදානියා:
Sinhala BJT1392.උපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු විපාකො, යං ච රූපං කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා උපාදින්නුපාදානියා.
Sinhala BJTතුන් භූමියෙහි විපාක ද කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් වේ ද, මොහු උපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.
Pali BJT1393. කතමෙ ධම්මා අනුපාදින්නුපාදානියා:
Sinhala BJT1393. අනුපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමීසු කිරියාව්යාකතං, යං ච රූපං න කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා අනුපාදින්නුපාදානියා.
Sinhala BJTතුන් භූමියෙහි කුශල යැ අකුශල යැ තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මොහු අනූපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.
Pali BJT1394. කතමෙ ධම්මා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJT1394. අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ යි.
Pali BJT1395. කතමෙ ධම්මා සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා:
Sinhala BJT1395. සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසලචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා.
Sinhala BJTදොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මොහු සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ යි.
Pali BJT1396. කතමෙ ධම්මා අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා:
Sinhala BJT1396. අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා.
Sinhala BJTතුන් භූමියෙහි කුශල යැ තුන් භූමියෙහි විපාක යැ තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ යි.
Pali BJT1397. කතමෙ ධම්මා අසඞ්කිලිට්ඨඅසඞ්කිලෙසිකා:
Sinhala BJT1397. අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අසඞ්කිලිට්ඨඅසඞ්කිලෙසිකා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ යි.
Pali BJT1398. කතමෙ ධම්මා සවිතක්කසවිචාරා:
Sinhala BJT1398. සවිතර්‍කසවිචාර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරං කුසලං, අකුසලං, කාමාවචරකුසලස්ස විපාකතො එකාදස චිත්තුප්පාදා, අකුසලස්ස විපාකතො ද්වෙ, කිරියතො එකාදස, රූපාවචරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච එත්ථුප්පන්නෙ විතක්කවිචාරෙ ඨපෙත්වා, ඉමෙ ධම්මා සවිතක්කසවිචාරා.
Sinhala BJTකාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචර කුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලවිපාකයෙන් දෙකෙක, ක්‍රියායෙන් එකොළොසෙක, කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යානය යැ, යන මෙතෙක් තැන්හි උපන් විතර්‍කවිචාරයන් තබා මේ ධර්‍මයෝ සවිතර්‍කසවිචාරයෝ යි.
Pali BJT1399. කතමෙ ධම්මා අවිතක්කවිචාරමත්තා:
Sinhala BJT1399. අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපාවචරපඤ්චකනයෙ දුතියං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරපඤ්චකනයෙ දුතියං ඣානං කුසලතො ච විපාකතො ච එත්ථුප්පන්නං විචාරං ඨපෙත්වා, විතක්කො ච, ඉමෙ ධම්මා අවිතක්කවිචාරමත්තා.
Sinhala BJTකුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර පඤ්චකනයෙහි ද්විතීයධ්‍යානය ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානය ද මෙහි උපන් විචාරය තබා, විතර්‍කය ද යන මොහු අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ යි.
Pali BJT1400. කතමෙ ධම්මා අවිතක්කඅවිචාරා:
Sinhala BJT1400. අවිතර්‍කඅවිචාර ධර්‍මයෝ කවරහි යත්:
Pali BJTද්වෙ පඤ්චවිඤ්ඤාණානි, රූපාවචරතිකජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරතිකජ්ඣානා කුසලොතො ච විපාකතො ච, පඤ්චකනයෙ දුතියජ්ඣානෙ උප්පන්නො ච විචාරො, රූපඤ්ච නිබ්බානං ච, ඉමෙ ධම්මා අවිතක්කඅවිචාරා.
Sinhala BJTදෙ පස් විඥානයෝ ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ත්‍රිකධ්‍යානයෝ ද, කුශල විපාක ක්‍රියා විසින් සතර ආරුප්‍යයෝද , කුශල විපාක විසින් ලෝකෝත්තර ත්‍රිකධ්‍යානයෝ ද,පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානයේ උපන් විචාරය ද, රූපය ද, නිර්‍වාණය ද යන මොහු අවිතර්‍කඅවිචාර ධර්‍මයෝ යි.
Pali BJTවිතක්කසහජාතො විචාරො න වත්තබ්බො සවිතක්කසවිචාරොතිපි, අවිතක්කවිචාරමත්තොතිපි, අවිතක්කඅවිචාරොතිපි.
Sinhala BJTවිතර්‍කසහජාතක වූ විචාරය සවිතර්‍කසවිචාර යි ද, අවිතර්‍කවිචාරමාත්‍ර යයි ද, අවිතර්‍කඅවිචාර යයි ද නො කියැයුත්තේ යි.
Pali BJT1401. කතමෙ ධම්මා පීතිසහගතා:
Sinhala BJT1401. ප්‍රීතිසහගත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො චත්තාරො, කාමාවචරකුසලස්ස විපාකතො පඤ්ච, කිරියතො පඤ්ච, රූපාවචරදුකතිකජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරදුකතිකජ්ඣානා කුසලතො ච විපාකතො ච එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා, ඉමෙ ධම්මා පීතිසහගතා.
Sinhala BJTකාමාවචර කුශලයන් කෙරෙහි සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සොම්නස් සහගිය) සතර චිත්තෝත්පාදයෝ ද,කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙහි (සිත්) පසෙක් ද, ක්‍රියාචිත්තයන් කෙරෙහි පසෙක් ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ ද, කුශල විපාක විසින් ලෝකෝත්තර ද්වික - ත්‍රිකධ්‍යානයෝ ද යන මෙහි උපන් ප්‍රීතිය තබා, මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යි.
Pali BJT1402. කතමෙ ධම්මා සුඛසහගතා:
Sinhala BJT1402. සුඛසහගත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො චත්තාරො, කාමාවචර කුසලස්ස විපාකතො ඡ, කිරියතො පඤ්ච, රූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච එත්ථුප්පන්නං සුඛං ඨපෙත්වා, ඉමෙ ධම්මා සුඛසහගතා.
Sinhala BJTකාමාවචර කුශලයන් කෙරෙහි සතර සොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සිත්) සතරෙක් ද, කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙන් සයෙක් ද, ක්‍රියා (සිත්) අතුරෙහි පසෙක් ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ත්‍රික - චතුෂ්කධ්‍යානයෝද, කුශල විපාක විසින් ලෝකෝත්තර ත්‍රික - චතුෂ්කධ්‍යානයෝද යන මෙහි උපන් සුවය තබා, මේ ධර්‍මයෝ සුඛසහගතයෝ යි.
Pali BJT1403. කතමෙ ධම්මා උපෙක්ඛාසහගතා:
Sinhala BJT1403. උපේක්‍ෂාසහගත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො උපෙක්ඛාසහගතචිත්තුප්පාදා, අකුසලතො ඡ, කාමාවචරස්ස කුසලස්ස විපාකතො දස, අකුසලස්ස විපාකතො ඡ, කිරියතො ඡ, රූපාවචරං චතුත්ථං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරං චතුත්ථං ඣානං කුසලතො ච විපාකතො ච එත්ථුප්පන්නං උපෙක්ඛං ඨපෙත්වා, ඉමෙ ධම්මා උපෙක්ඛාසහගතා.
Sinhala BJTකාමාවචර කුශලයන් කෙරෙහි සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සිත්) සයෙක් ද, කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙහි දසයෙක, අකුශලවිපාකයෙහි සයෙක, ක්‍රියායෙහි සයෙක, කුශලවිපාක ක්‍රියා විසින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියා විසින් සතර ආරූප්‍යයෝ යැ, කුශලවිපාක විසින් ලෝකෝත්තර චතුර්‍ත්‍ථධ්‍යාන යැ යන මෙහි උපන් උපේක්‍ෂාව තබා, මේ ධර්‍මයෝ උපේක්‍ෂා සහගතතයෝ යි.
Pali BJTපීති න පීතිසහගතා, සුඛසහගතා න උපෙක්ඛා සහගතා, සුඛං න සුඛසහගතං සියා පීතිසහගතං න උපෙක්ඛාසහගතං, සියා න වත්තබ්බං පීතිසහගතන්ති. ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා දුක්ඛසහගතං කායවිඤ්ඤාණං, යා ච වෙදනා උපෙක්ඛා, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා න වත්තබ්බා පීතිසහගතාතිපි, සුඛසහගතාතිපි, උපෙක්ඛාසහගතාතිපි.
Sinhala BJTප්‍රීතිය ප්‍රීතිසහගත නො වෙයි, සුඛසහගත යැ, උපේක්‍ෂාසහගත නො වේ. සුඛය සුඛසහගත නො වෙයි, ප්‍රීතිසහගත වන්නේ යැ, උපේක්‍ෂාසහගත නො වේ, ප්‍රීතිසහගත යයි නො කියැයුතු ද වන්නේ යැ. දොම්නස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුඃඛසහගත කායවිඥාන යැ උපේක්‍ෂාවේදනාව ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යයි ද සුඛසහගතයෝ යයි ද උපේක්‍ෂාසහගතයෝ යයි ද නො කියැයුත්තාහ.
Pali BJT1404. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා:
Sinhala BJT1404. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ විචිකිත්සාසහගත චිත්තෝත්පාදය යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJT1405. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බා:
Sinhala BJT1405. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො චිත්තුප්පාදො, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බා.
Sinhala BJTඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යි. මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යැ.
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා දස්සනෙන පහාතබ්බා සියා භාවනාය පහාතබ්බා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ දෝමනස්සසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ.
Pali BJT1406. කතමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා
Sinhala BJT1406. නො මැ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමීසු කුසලං, චතුසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTසතරභූමියෙහි කුශල යැ සතරභූමියෙහි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපයද නිර්‍වාණය ද යන මොහු නො මැ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1407. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා:
Sinhala BJT1407. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, එත්ථුප්පන්නං මොහං ඨපෙත්වා, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTසතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ මෙහි උපන් මෝහය තබා මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහු යි.
Pali BJT1408. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJT1408. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋද්ධච්චසහගතො චිත්තුප්පාදො, එත්ථුප්පන්නං මොහං ඨපෙත්වා, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTඖද්ධත්‍යසහගත චිත්තෝපාද යැ මෙහි උපන් මෝහය තබා මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ දෝමනස්සසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ.
Pali BJT1409. කතමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJT1409. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිචිකිච්ඡාසහගතො මොහො, උද්ධච්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTවිචිකිච්ඡා සහගත මෝහ යැ ඖද්ධත්‍ය සහගත මෝහ යැ සියුබිම්හි කුශල යැ සියුබිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපය ද නිර්‍වාණය ද යන මොහු නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJT1410. කතමෙ ධම්මා ආචයගාමිනො:
Sinhala BJT1410. ආචයගාමී ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කුසලං, අකුසලං, ඉමෙ ධම්මා ආචයගාමිනො.
Sinhala BJTතුන්බිම්හි කුශල යැ අකුශල යැ යන මොහු ආචයගාමී (ප්‍රතිසන්‍ධි, ච්‍යුති, ගති, ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යි.
Pali BJT1411. කතමෙ ධම්මා අපචයගාමිනො:
Sinhala BJT1411. අපචයගාමී ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා අපචයගාමිනො.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ. මොහු අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යි.
Pali BJT1412. කතමෙ ධම්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො:
Sinhala BJT1412. නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො.
Sinhala BJTසතර බිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, මොහු නො මැ ආචයගාමී නො අපචයගාමී ධර්‍මයෝ යි.
Pali BJT1413. කතමෙ ධම්මා සෙඛා:
Sinhala BJT1413. ශෛක්‍ෂධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, හෙට්ඨිමානි ච තීණි සාමඤ්ඤඵලානි, ඉමෙ ධම්මා සෙඛා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද හෙට්ඨිම් වූ තුන් ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මොහු ශෛක්‍ෂධර්‍මයෝ යි.
Pali BJT1414. කතමෙ ධම්මා අසෙඛා:
Sinhala BJT1414. අශෛක්‍ෂධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋපරිට්ඨිමං අරහත්තඵලං, ඉමෙ ධම්මා අසෙඛා.
Sinhala BJTමතුයෙහි සිටි අර්‍හත්ඵලය යි. මේධර්‍මයෝ අශෛක්‍ෂයෝ යි.
Pali BJT1415. කතමෙ ධම්මා නෙවසෙඛා නාසෙඛා:
Sinhala BJT1415. නො මැ ශෛක්‍ෂ වූ ද නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච නිබ්බානං ච, ඉමෙ ධම්මා නෙවසෙඛා නාසෙඛා.
Sinhala BJTතුන්බිම්හි කුශල යැ අකුශල යැ තුන්බිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපය ද නිර්‍වාණය ද යන මොහු නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.
Pali BJT1416. කතමෙ ධම්මා පරිත්තා:
Sinhala BJT1416. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලං, අකුසලං, සබ්බො කාමාවචරස්ස විපාකො, කාමාවචරකිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා පරිත්තා.
Sinhala BJTකාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචරයාගේ හැම විපාක යැ කාමාවචර ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු පරිත්තධර්‍මයෝ යි.
Pali BJT1417. කතමෙ ධම්මා මහග්ගතා:
Sinhala BJT1417. මහද්ගතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපාවචරා අරූපාවචරා කුසලාව්යාකතා, ඉමෙ ධම්මා මහග්ගතා.
Sinhala BJTරූපාවචර අරූපාවචර කුශලාව්‍යාකෘතයෝ ය. මොහු මහද්ගත ධර්‍මයෝ යි.
Pali BJT1418. කතමෙ ධම්මා අප්පමාණා:
Sinhala BJT1418. අප්‍රමාණධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා අප්පමාණා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අප්‍රමාණධර්‍මයෝ යි.
Pali BJT1419. කතමෙ ධම්මා පරිත්තාරම්මණා:
Sinhala BJT1419. පරිත්තාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTසබ්බො කාමාවචරස්ස විපාකො, කිරියාමනොධාතු, කිරියාහෙතුක මනොවිඤ්ඤාණධාතු සොමනස්සසහගතා, ඉමෙ ධම්මා පරිත්තාරම්මණා.
Sinhala BJTසියලු කාමාවචර විපාක යැ ක්‍රියා මනෝධාතු යැ සොම්නස් සහගිය ක්‍රියාඅහේතුක මනෝවිඥානධාතු යැ යන මොහු පරිත්තාලම්බනධර්‍මයෝ යි.
Pali BJT1420. කතමෙ ධම්මා මහග්ගතාරම්මණා:
Sinhala BJT1420. මහද්ගතාලම්බනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිඤ්ඤාණඤ්චායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, ඉමෙ ධම්මා මහග්ගතාරම්මණා.
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතන යැ නේසවඤ්ඤානාසඤ්ඤයතන යැ යන මොහු මහද්ගතාලම්බනාධර්‍මයේ යි.
Pali BJT1421. කතමෙ ධම්මා අප්පමාණාරම්මණා?
Sinhala BJT1421. අප්‍රමාණාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, ඉමෙ ධම්මා අප්පමාණාරම්මණා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මොහු අප්‍රමාණාලම්බන ධර්‍මයෝ යැ.
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො ඤාණවිප්පයුත්තචිත්තුප්පාදා, කිරියතො චත්තාරො ඤාණවිප්පයුත්තචිත්තුප්පාදා, සබ්බං අකුසලං, ඉමෙ ධම්මා සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, න අප්පමාණාරම්මණා, සියා න වත්තබ්බා පරිත්තාරම්මණාතිපි, මහග්ගතාරම්මණාතිපි.
Sinhala BJTකාමාවචර කුශලයෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ. ක්‍රියායෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ සියලු අකුශල යැ යන මේ ධර්‍මයෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන නො වෙති. ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද නො කියයුතු ද වන්නාහ.
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො ඤාණසම්පයුත්තචිත්තුප්පාදා, කිරියතො චත්තාරො ඤාණසම්පයුත්තචිත්තුප්පාදා, රූපාවචරචතුත්ථං ඣානං කුසලතො ච කිරියතො ච, කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා, ඉමෙ ධම්මා සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා, සියා න වත්තබ්බා පරිත්තාරම්මණාතිපි, මහග්ගතාරම්මණාතිපි, අප්පමාණාරම්මණාතිපි.
Sinhala BJTකාමාවචර කුශලයෙහි සතර ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ ද ක්‍රියායෙහි සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයෝ ද කුශලක්‍රියා හෙයින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය ද උපේක්‍ෂාසහගත ක්‍රියාඅහේතුක මනෝවිඥානධාතු ද යන මේ ධර්‍මයෝ පරිත්තාලම්බන වන්නාහ. මහද්ගතාලම්බන ද වන්නාහ. අප්‍රමාණාලම්බන ද වන්නාහ. ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද ‘අප්‍රමාණාලම්බනහ’යි ද නො කියැ යුතු ද වන්නාහ.
Pali BJTරූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්ථස්ස ඣානස්ස විපාකො, ආකාසානඤ්චායතනං, ආකිඤ්චඤ්ඤායතනං, ඉමෙ ධම්මා න වත්තබ්බා පරිත්තාරම්මණාතිපි, මහග්ගතාරම්මණාතිපි.
Sinhala BJTකුශලවිපාකක්‍රියා විසින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ ද චතුර්‍ත්‍ථධ්‍යානයාගේ විපාකය ද ආකාසානඤ්චායතනය ද ආකිඤ්චඤ්ඤායතනය ද යන මේ ධර්‍මයෝ ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද ‘අප්‍රමාණාලම්බන’යි ද නො කියැයුත්තාහ.
Pali BJTරූපං ච නිබ්බානං ච අනාරම්මණා.
Sinhala BJTරූපය ද නිර්‍වාණය ද අනාලම්බනයෝ ය.
Pali BJT1422. කතමෙ ධම්මා හීනා:
Sinhala BJT1422. හීන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසලචිත්තුප්පාදා, ඉමෙ ධම්මා හීනා.
Sinhala BJTදොළොස් අකුශල චිත්තෝත්පාදයෝ යැ. මොහු හීන ධර්‍මයෝ යි.
Pali BJT1423. කතමෙ ධම්මා මජ්ඣිමා:
Sinhala BJT1423. මධ්‍යම ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, සබ්බං ච රූපං, ඉමෙ ධම්මා මජ්ඣිමා:
Sinhala BJTතුන්බිමැ කුශල යැ තුන්බිමැ විපාක යැ තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ හැම රූපය ද යන මොහු මධ්‍යම ධර්‍මයෝ යි.
Pali BJT1424. කතමෙ ධම්මා පණීතා:
Sinhala BJT1424. ප්‍රණීත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානං ච, ඉමෙ ධම්මා පණීතා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ප්‍රණීත ධර්‍මයෝ යි.
Pali BJT1425. කතමෙ ධම්මා මිච්ඡත්තනියතා:
Sinhala BJT1425. මිථ්‍යාත්‍වනියත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා, ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා මිච්ඡත්තනියතා සියා අනියතා.
Sinhala BJTදෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියත වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJT1426. කතමෙ ධම්මා සම්මත්තනියතා:
Sinhala BJT1426. සම්‍යක්ත්‍වනියත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා සම්මත්තනියතා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ. මොහු සම්‍යක්ත්‍වනියත ධර්‍මයෝ යි.
Pali BJT1427. කතමෙ ධම්මා අනියතා:
Sinhala BJT1427. අනියත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචත්තාරො දිට්ඨිගතවිප්පයුත්තා ලොභසහගතචිත්තුප්පාදා, විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො, උද්ධච්චසහගතො චිත්තුප්පාදො, තීසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්යාකතං, රූපං ච, නිබ්බානං ච, ඉමෙ ධම්මා අනියතා.
Sinhala BJTදෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ, ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, ත්‍රෛභූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අනියතයෝ යි.
Pali BJT1428. කතමෙ ධම්මා මග්ගාරම්මණා:
Sinhala BJT1428. මාර්‍ගාලම්බනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො ඤාණසම්පයුත්තචිත්තුප්පාදා, කිරියතො චත්තාරො ඤාණසම්පයුත්තචිත්තුප්පාදා, ඉමෙ ධම්මා සියා මග්ගාරම්මණා, න මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාතිපි මග්ගාධිපතිනොතිපි.
Sinhala BJTකාමාවචර කුශලයන් කෙරෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, ක්‍රියායෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, යන මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බන වන්නාහු යැ, මාර්‍ගහේතුක නො වෙති. මාර්‍ගාධිපති වන්නාහු යැ, මාර්‍ගාලම්බනාහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කියැයුතු ද වන්නාහු යැ.
Pali BJTචත්තාරො අරියමග්ගා න මග්ගාරම්මණා, මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාධිපතිනොති.
Sinhala BJTසතර ආර්‍ය්‍යමාර්‍ගයෝ මාර්‍ගාලම්බන මාර්‍ගහේතුක නො වෙති, මාර්‍ගාධිපති ද වන්නාහ, ‘මාර්‍ගාධිපතිහ’යි නො කියැයුතු ද වන්නාහ.
Pali BJTරූපාවචරචතුත්ථජ්ඣානං කුසලතො ච කිරියතො ච, කිරියාහෙතුක මනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා, ඉමෙ ධම්මා සියා මග්ගාරම්මණා, න මග්ගහෙතුකා න මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාති.
Sinhala BJTකුශල හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, උපේක්‍ෂාසහගත ක්‍රියාහේතුක මනෝවිඥාන ධාතු යැ, යන මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බන වන්නාහ, මාර්‍ගහේතුක නො වෙති, මාර්‍ගාධිපති නො වෙති, ‘මාර්‍ගාලම්බනහ’යි නො කියැයුතු ද වන්නාහ.
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො ඤාණවිප්පයුත්තචිත්තුප්පාදා, සබ්බං අකුසලං, සබ්බො කාමාවචරස්ස විපාකො, කිරියතො ඡ චිත්තුප්පාදා, රූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්ථස්ස ඣානස්ස විපාකො, චත්තාරො ආරුප්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත්තාරි ච සාමඤ්ඤඵලානි, ඉමෙ ධම්මා න වත්තබ්බා මග්ගාරම්මණාතිපි, මග්ගහෙතුකාතිපි, මග්ගාධිපතිනොතිපි, රූපං ච නිබ්බානං ච අනාරම්මණා.
Sinhala BJTකාමාවචර කුශලයන් කෙරෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, සියලු කාමාවචර විපාක යැ, ක්‍රියා විසින් චිත්තෝත්පාදයෝ සදෙනෙකැ, කුශලවිපාකක්‍රියා විසින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, චතුර්‍ත්‍ථධ්‍යාන විපාක යැ, කුශලවිපාකක්‍රියා විසින් සතර ආරූප්‍යයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මේ දහම්හු මාර්‍ගාලම්බනහ යි ද, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නොකියැයුත්තාහ. රූපය ද නිර්‍වාණය ද අනාලම්බනයෝ යි.
Pali BJT1429. කතමෙ ධම්මා උප්පන්නා:
Sinhala BJT1429. උත්පන්නධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතුසු භූමීසු විපාකො, යං ච රූපං කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා සියා උප්පන්නා, සියා උප්පාදිනො, න වත්තබ්බා අනුප්පන්නාති.
Sinhala BJTචාතුර්භූමක විපාක යැ, කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද, මේ ධර්‍මයෝ උත්පන්න වෙති, උත්පාදී ද වෙත්, අනුත්පන්නයහ’යි නො කියයුත්තාහ.
Pali BJTචතුසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු කිරියාව්යාකතං, යං ච රූපං න කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා සියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනොති.
Sinhala BJTචාතුර්භූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මේ ධර්‍මයෝ උත්පන්න ද වෙති. අනුත්පන්න ද වෙති ‘උත්පාදීහ’යි නො කියැයුත්තාහ.
Pali BJTනිබ්බානං න වත්තබ්බං උප්පන්නන්තිපි අනුප්පන්නන්තිපි උප්පාදිනොතිපි.
Sinhala BJTනිර්‍වාණය උත්පන්න යයි ද, අනුත්පන්න යයි ද, උත්පාදී යයි ද නො කියැයුතු ය.
Pali BJT1430. කතමෙ ධම්මා අතීතා:{1}
Sinhala BJT1430. අතීතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTනිබ්බානං ඨපෙත්වා සබ්බෙ ධම්මා සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා, නිබ්බානං න වත්තබ්බං අතීතන්තිපි අනාගතන්තිපි පච්චුප්පන්නන්තිපි.
Sinhala BJTනිවන තබා හැම දහම්හු අතීත වෙති, අනාගත වෙති, ප්‍රත්‍යුපන්න වෙති. නිවන අතීත යයි ද, අනාගත යයි ද, ප්‍රත්‍යුපන්න යයි ද නො කියැයුතු යැ.