Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3301-3400 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයෙ තෙ පුග්ගලා සද්ධා සීලවන්තො බහුස්සුතා චාගවන්තො පඤ්ඤවන්තො, යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්භජනා භත්ති සම්භත්ති තංසම්පවඞ්කතා, අයං වුච්චති කල්යාණමිත්තතා.
Sinhala BJTශ්‍රද්ධා ඇති සිල්වත් වූ බහුශ්‍රැති වූ ත්‍යාගවත් වූ ප්‍රඥාවත් වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඔහුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් සම්ජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් ඔහුත් කෙරෙහි නැමුණු බවෙක් ඇද්ද, මෝ ‘කල්‍යාණමිත්තතා’ යයි කියනුලබා.
Pali BJT1335. තත්ථ කතමා ආපත්තිකුසලතා:
Sinhala BJT1335. එහි ආපත්තිකුසලතා කවර යත්:
Pali BJTපඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තියො, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තියො, යා තාසං ආපත්තීනං ආපත්තිකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ආපත්ති කුසලතා.
Sinhala BJTපඤ්ච ආපත්තිස්කන්‍ධයෝ ද ආපත්තීහු යැ සප්ත ආපත්තිස්කන්‍ධයෝ ද ආපත්තීහු යැ. ඒ ආපත්තීන්ගේ පරිච්ඡේද දන්නා බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ආපත්තිකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1336. තත්ථ කතමා ආපත්තිවුට්ඨානකුසලතා:
Sinhala BJT1336. එහි ආපත්තිවුට්ඨානකුසලතා කවර යත්:
Pali BJTයා තාහි ආපත්තීහි වුට්ඨානකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ආපත්තිවුට්ඨාන කුසලතා.
Sinhala BJTඒ ආපත්තින්ගෙන් නැගීසිටීමෙහි දැනීමෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද,මෝ ‘ආපත්තිවුට්ඨානකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1337. තත්ථ කතමා සමාපත්තිකුසලතා:
Sinhala BJT1337. එහි සමාපත්තිකුසලතා කවර යත්:
Pali BJTඅත්ථි සවිතක්කසවිචාරා සමාපත්ති, අත්ථි අවිතක්කවිචාරමත්තා සමාපත්ති, අත්ථි අවිතක්ක අවිචාරා සමාපත්ති, යා තාසං සමාපත්තීනං සමාපත්තිකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සමාපත්තිකුසලතා.
Sinhala BJTසවිතර්‍කසවිචාර සමාපත්තියෙක් ඇත. අවිතර්‍කවිචාරමාත්‍ර සමාපත්තියෙක් ඇත. අවිතර්‍කඅවිචාරසමාපත්තියෙක් ඇත. ඒ සමාපත්තීන්ගේ පරිකර්‍ම සහිත අර්‍පණා පරිච්ඡේදයෙහි කුසල බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද,මෝ ‘සමාපත්තිකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1338. තත්ථ කතමා සමාපත්තිවුට්ඨානකුසලතා:
Sinhala BJT1338. එහි සමාපත්තිවුට්ඨානකුසලතා කවර යත්:
Pali BJTයා තාහි සමාපත්තීහි වුට්ඨානකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අයං වුච්චති සමාපත්තිවුට්ඨානකුසලතා.
Sinhala BJTඒ සමාපත්තින්ගෙන් යම් නැගීසිටීමෙහි නිපුණ බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘සමාපත්තිවුට්ඨානකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1339. තත්ථ කතමා ධාතුකුසලතා:
Sinhala BJT1339. එහි ධාතුකුසලතා කවර යත්:
Pali BJTඅට්ඨාරස ධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු යා තාසං ධාතූනං ධාතුකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ධාතුකුසලතා.
Sinhala BJTඅටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු යැ රූපධාතු යැ චක්ඛුවිඤ්ඤාණධාතු යැ, ඝානධාතු යැ ගන්‍ධධාතු යැ ඝානවිඤ්ඤාණධාතු යැ, ජිව්හාධාතු යැ රසධාතු යැ ජිව්හාවිඤ්ඤාණධාතු යැ, කායධාතු යැ ඵොට්ඨබ්බ ධාතු යැ කායවිඤ්ඤාණධාතු යැ, මනෝධාතු යැ ධම්මධාතු යැ මනෝවිඤ්ඤාණ ධාතු යි. ඒ ධාතුන්ගේ යම් උද්ග්‍රහමනසිකාරාදි ධාතුකුසලතායෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ධාතුකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1340. තත්ථ කතමා මනසිකාරකුසලතා:
Sinhala BJT1340. එහි මනසිකාරකුසලතා කවර යත්:
Pali BJTයා තාසං ධාතූනං මනසිකාරකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති මනසිකාරකුසලතා.
Sinhala BJTඒ ධාතුන්ගේ උද්ග්‍රහමනසිකාර දැනීමෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ධාතුකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1341. තත්ථ කතමා ආයතනකුසලතා:
Sinhala BJT1341. එහි ආයතනකුසලතා කවර යත්:
Pali BJTද්වාදසායතනානි: චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං, යා තෙසං ආයතනානං ආයතනකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ආයතනකුසලතා.
Sinhala BJTදොළොස් ආයතන කෙනෙක් වෙති: චක්ඛායතන ය රූපායතන යැ, සෝතායතන යැ සද්දායතන යැ, ඝානායතන යැ ගන්‍ධායතන යැ, ජිව්හායතන යැ රසායතන යැ, මනායතන යැ ධම්මායතන යි. ඒ ආයතනයන්ගේ යම් (උද්ග්‍රහමනසිකාරාදි) ආයතනකුසලතායෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ආයතනකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1342. තත්ථ කතමා පටිච්චසමුප්පාදකුසලතා:
Sinhala BJT1342. එහි පටිච්චසම්මුප්පාදකුසලතා කවර යත්:
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති; එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පටිච්චසමුප්පාදකුසලතා.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යෝපාදානයෝ සම්භව වෙත්. මෙසේ මේ කේවලදුඃඛරාශිහුගේ සමුදය වේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මෝ ‘පටිච්චසම්මුපාදකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1343. තත්ථ කතමා ඨානකුසලතා:
Sinhala BJT1343. එහි ස්ථානකුශලතා කවර යත්:
Pali BJTයෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං හෙතු පච්චයා උප්පාදාය{1} තං තං ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි’ අයං වුච්චති ඨානකුසලතා.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස හේතුප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්‍මය කාරණ වේ යයි එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්මාදිට්ඨියෙක් වේ ද, මෝ ‘ඨානකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1344. තත්ථ කතමා අට්ඨානකුසලතා:
Sinhala BJT1344. එහි අස්ථානකුසලතා කවර යත්:
Pali BJTයෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං න හෙතු න පච්චයා උප්පාදාය තං තං අට්ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අට්ඨානකුසලතා.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස හේතු නො වෙත් ද ප්‍රත්‍යය නො වෙත් ද ඒ ඒ ධර්‍මය අස්ථාන යයි එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ අස්ථානකුසලතා’ යයි කියනුලබා.
Pali BJT1345. තත්ථ කතමො අජ්ජවො:
Sinhala BJT1345. එහි ආජීව කවරෙ යත්:
Pali BJTයා උජුකතා{2} අජිම්හතා අවඞ්කතා අකුටිලතා, අයං වුච්චති අජ්ජවො.
Sinhala BJTයම් ඍජු බවෙක් නො ඇද බවෙක් නො වක් බවෙක් අකුටිල බවෙක් ඇද්ද, මේ ‘ආජීව’ යයි කියනුලැබේ.
Pali BJT1346. තත්ථ කතමො මද්දවො:
Sinhala BJT1346. එහි මාර්‍දව කවරෙ යත්:
Pali BJTයා මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා{3} නීචචිත්තතා, අයං වුච්චති මද්දවො.
Sinhala BJTයම් මෘදු බවෙක් සිනිඳු බවෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් යටත් සිත් ඇති බවෙක් වේ ද, මේ ‘මාර්‍දව’ යයි කියනුලැබේ.
Pali BJT1347. තත්ථ කතමා ඛන්ති:
Sinhala BJT1347. එහි ක්‍ෂාන්ති කවර යත්:
Pali BJTයා ඛන්ති ඛමනතා අධිවාසනතා අචණ්ඩික්කං අනසුරොපො අත්තමනතා චිත්තස්ස, අයං වුච්චති ඛන්ති.
Sinhala BJTයම් ක්‍ෂාන්තියක් සහන බවක් අධිවාසනා කරන බවෙක් නො සැඬ බවෙක් පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ සියමන බවෙක් ඇද්ද, මෝ ‘ක්‍ෂාන්ති’ යයි කියනු ලබා.
Pali BJT1348. තත්ථ කතමං සොරච්චං:
Sinhala BJT1348. එහි සුරතතා කවර යත්,
Pali BJTයො කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, ඉදං වුච්චති සොරච්චං; සබ්බොපි සීලසංවරො සොරච්චං.
Sinhala BJTයම් කායික අවීතික්‍රමයෙක් වාචසික අවීතික්‍රමයෙක් කායිකවාචසික අවීතික්‍රමයෙක් ඇද්ද, මේ ‘සොරච්ච’ යයි කියනු ලැබේ. හැම සීලසංවර ‘සොරච්ච’ නමි.
Pali BJT1349. තත්ථ කතමං සාඛල්යා:
Sinhala BJT1349. එහි සඛිල බව කවරෙ යත්:
Pali BJTයා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං පහාය, යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති, යා තත්ථ සණ්හවාචතා සඛිලවාචතා අඵරුසවාචතා, ඉදං වුච්චති සාඛල්යං.
Sinhala BJTයම් තෙපුලෙක් (ඛුංසන වම්භනාදීන්) හටගත් අණ්ඩක ඇති පූතික වු පරාහට කටුක වු මෙරමා ලැගෙනසුලු ක්‍රෝධයට ආසන්න වු සමාධිය පිණිස නො පවත්නේ වේ ද, එබඳු වු තෙපුල් හැරපියා යම් තෙපුලෙක් නිර්දෝෂ ද කනට සුව එළවා ද ප්‍රේමනීය ද හෘදයඞ්ගම ද නාගරිකද බොහෝ දෙනාට කාන්ත ද බොහෝ දෙනාට මනවඩා ද එබඳු තෙපුල් කියන්නේ වෙයි. ඒ පුගුල් කෙරෙහි යම් සිලුටු වචන ඇති බවෙක් මෘදු වචන ඇති බවෙක් නො පරොස් වචන ඇති බවෙක් ඇද්ද, මේ ‘සාඛල්‍ය’ (සඛිල බව) යයි කියනුලැබේ
Pali BJT1350. තත්ථ කතමො පටිසන්ථාරො:
Sinhala BJT1350.එහි පටිසන්‍ථාර කවරෙ යත්:
Pali BJTද්වෙ පටිසන්ථාරා. ආමිසපටිසන්ථාරො ච ධම්මපටිසන්ථාරො ච, ඉධෙකච්චො පටිසන්ථාරකො හොති ආමිසපටිසන්ථාරෙන වා ධම්මපටිසන්ථාරෙන වා, අයං වුච්චති පටිසන්ථාරො.
Sinhala BJTපටිසන්‍ථාරයෝ දෙදෙනෙකි: ආමිසපටිසන්‍ථාර ද ධම්මපටිසන්‍ථාර දැ යි. මෙලොවැ කිසිවෙක් ආමිසපටිසන්‍ථාරයෙන් හෝ ධම්මපටිසන්‍ථාරයෙන් හෝ අතුරු නැති කරන්නේ වෙයි. මේ ‘පටිසන්‍ථාර’ යයි කියනුලැබේ.
Pali BJT1351. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා:
Sinhala BJT1351. එහි ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා කවර යත්:
Pali BJTඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුව්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුව්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති, යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං අගුත්ති අගොපනා අනාරක්ඛො අසංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා.
Sinhala BJTමෙලොවැ කිසිවෙක් ඇසින් රූ දැක නිමිති විසින් ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන මෙ පුඟුල්හු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය නො රක්නේ වෙයි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසි පැහැස. .. මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී අනුව්‍යඤ්ජනග්‍රාහී වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය පාපක අකුශලධර්‍මයෝ මැඩැපවත්නාහු වෙත් ද ඒ මනින්‍ද්‍රියාගේ සංවරය පිණිස නො පිළිපදී, මනින්‍ද්‍රිය නො රක්නේ වෙයි. මනින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි මේ ෂඬින්‍ද්‍රියයන්ගේ යම් අගුප්තියක් අගෝපනයෙක් නො රැක්මෙක් අසංවරයෙක් ඇද්ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි නො පියූ දොර ඇති බව’ යයි කියනුලැබේ.
Pali BJT1352. තත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා:
Sinhala BJT1352. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්:
Pali BJTඉධෙකච්චො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති දවාය මදාය මණ්ඩනාය විභූසනාය, යා තත්ථ අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ අමත්තඤ්ඤුතා.
Sinhala BJTමෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා ප්‍රඥායෙන් නො දැන, නො විමසා අනුපායයෙන් කෙළි පිණිස මද පිණිස මණ්ඩන පිණිස විභූෂණ පිණිස ආහාර වළඳ කෙරෙහි, ඒ ප්‍රත්‍යවේක්‍ෂා නො කොට වැළැඳීමෙහි යම් අසන්තුෂ්ටිතායෙක් අමාත්‍රඥතායෙක් ඇද්ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යයි කියනුලබා.
Pali BJT1353. තත්ථ කතමා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා:
Sinhala BJT1353. එහි ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර බව කවර යත්:
Pali BJTඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති න අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුව්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති, යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං ගුත්ති ගොපනා ආරක්ඛා සංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා.
Sinhala BJTමෙ ලොවැ කිසිවෙක් ඇසින් රූ දැක නිමිත්ත විසින් නො ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවෘත කොට වෙසෙන තෙල පුඟුල්හු අභිධ්‍යාදෞර්‍මනස්‍ය ලාමක අකුශලධර්‍මයෝ මැඩැගෙන සිටුනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසි පැහැසැ ... මනසින් දහම් දැන නිමිත්ත විසින් නො ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත වැ වෙසෙන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද මනින්‍ද්‍රියයාගේ සංවරයට පිළිපන්නේ වෙයි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. මේ ෂඩින්‍ද්‍රියයන්ගේ යම් ගුප්තියක් ගෝපනයෙක් ආරක්‍ෂායෙක් සංවරයෙක් ඇද්ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර බව’ යයි කියනුලැබේ.
Pali BJT1354. තත්ථ කතමා භොජනෙ මත්තඤ්ඤුතා:
Sinhala BJT1354. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්:
Pali BJTඉධෙකච්චො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණං ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති, යා තත්ථ සන්තුට්ඨිතා මත්තඤ්ඤුතා පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ මත්තඤ්ඤුතා.
Sinhala BJTමෙ ලොවැ කිසිවෙක් නුනුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි. මදයට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. මේ ශරීරයාගේ ස්ථිතියට යැපීමට වෙහෙස සන්හිඳුවීමට බ්‍රහ්මචර්‍ය්‍යානුග්‍රහයට පමණ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනාත් නසමි. අලුත් බඩගිනි වේදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍ය භාවය ද සුඛවිහරණ ද වේ යයි කියා යි. ඒ ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳීමෙහි යම් සතුටු බවෙක් පමණ දන්නා බවෙක් ඇද්ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥ බව’ යයි කියනුලැබේ.
Pali BJT1355. තත්ථ කතමං මුට්ඨසච්චං:
Sinhala BJT1355. එහි මූඪස්මෘති බව කවර යත්:
Pali BJTයා අසති අනනුස්සති{1} අප්පටිස්සති{2} අසති, අසරණතා අධාරණතා පිලාපනතා{3} පම්මුස්සනතා{4} ඉදං වුච්චති මුට්ඨසච්චං.
Sinhala BJTයම් අසතියක් අනුස්මෘති රහිත බවෙක් ප්‍රතිස්මෘති රහිත බවෙක් අසතියක් සිහි නො කරන බවෙක් නො දරන බවෙක් අරමුණෙහි ඉල්පෙන බවෙක් නටසිහි ඇති බවෙක් ඇද්ද, මේ ‘මුළාසිහි ඇති බව’ යයි කියනුලැබේ.
Pali BJT1356. තත්ථ කතමං අසම්පජඤ්ඤං:
Sinhala BJT1356. එහි අසම්ප්‍රජන්‍ය කවරෙ යත්:
Pali BJTයං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අසම්පජඤ්ඤං.
Sinhala BJTයම් නො දැනීමෙක් නො දැක්මෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් (සිවුසස් දහම්) අප්‍රතිවේධයෙක් අසඞ්ග්‍රාහයෙක් නො බැසගැනීමෙක් සමව නො දැක්මෙක් ධර්‍මස්වභාව නො දැක්මෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් චිත්තසන්තානයාගේ අපවිත්‍ර බවෙක් බාල බවෙක් සම්‍යක්ප්‍රඥා රහිත බවෙක් මෝහයෙක් ප්‍රමොහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යා - ඕඝයෙක්, අවිද්‍යා - යෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යා - පර්‍ය්‍යුත්‍ථායෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘අසම්ප්‍රජන්‍ය’ යයි කියනුලැබේ.
Pali BJT1357. තත්ථ කතමා සති:
Sinhala BJT1357. එහි ස්මෘති කවර යත්:
Pali BJTයා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති, අයං වුච්චති සති.
Sinhala BJTයම් ස්මෘතියක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් ස්මෘතියක් සිහිකරන අයුරෙක් ධරණබවෙක් අරමුණෙහි නො ඉල්පෙන බවෙක් නො මුළාවන බවෙක් ස්මෘතියක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ඇද්ද, මෝ ‘ස්මෘති’ යයි කියනුලැබේ.
Pali BJT1358. තත්ථ කතමං සම්පජඤ්ඤං:
Sinhala BJT1358. එහි සම්‍යක්ප්‍රඥා කවර යත්:
Pali BJTයා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං.
Sinhala BJTයම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘සම්ප්‍රජන්‍ය’ යයි කියනුලැබේ.
Pali BJT1359. තත්ථ කතමං පටිසඞ්ඛානබලං:
Sinhala BJT1359. එහි පටිසඞ්ඛාන (ප්‍රත්‍යවේක්‍ෂා) බල කවරෙ යත්:
Pali BJTයා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති පටිසඞ්ඛාන බලං.
Sinhala BJTයම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘ප්‍රත්‍යවේක්‍ෂාබල’ යයි කියනුලැබේ.
Pali BJT1360. තත්ථ කතමං භාවනාබලං:
Sinhala BJT1360. එහි භාවනා බල කවරෙ යත්:
Pali BJTයා කුසලානං ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මං, ඉදං වුච්චති භාවනාබලං. සත්තපි බොජ්ඣඞ්ගා භාවනාබලං.
Sinhala BJTබෝධිපාක්‍ෂික කුශලධර්‍මයන්ගේ යම් ආසේවනායෙක් භාවනායෙක් පුනපුනා වැඩීමෙක් ඇද්ද, මේ ‘භාවනාබල’ යයි කියනුලැබේ. සප්තබෝධ්‍යඞ්ගයෝ මැ භාවනාබල යි.
Pali BJT1361. තත්ථ කතමො සමථො:
Sinhala BJT1361. එහි සමථ කවරෙ යත්:
Pali BJTයා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමථො.
Sinhala BJTචිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථ’ යයි කියනුලැබේ.
Pali BJT1362. තත්ථ කතමා විපස්සනා:
Sinhala BJT1362. එහි විපස්සනා කවර යත්:
Pali BJTයා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති විපස්සනා.
Sinhala BJTයම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෝ ‘විපස්සනා’ යයි කියනුලබා.
Pali BJT1363. තත්ථ කතමං සමථනිමිත්තං:
Sinhala BJT1363. එහි සමථනිමිත්ත කවරෙ යත්:
Pali BJTයා චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධි, ඉදං වුච්චති සමථනිමිත්තං.
Sinhala BJTචිත්තයාගේ අරමුණෙහි යම් අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථනිමිත්ත’ යයි කියනුලැබේ.
Pali BJT1364. තත්ථ කතමං පග්ගාහනිමිත්තං:
Sinhala BJT1364. එහි ප්‍රග්‍රාහනිමිත්ත කවරෙ යත්:
Pali BJTයො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති පග්ගාහනිමිත්තං.
Sinhala BJTයම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යක්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහනිමිත්ත’ යයි කියනුලැබේ.
Pali BJT1365. තත්ථ කතමො පග්ගාහො:
Sinhala BJT1365. එහි ප්‍රග්‍රාහ කවරෙ යත්:
Pali BJTයො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති පග්ගාහො.
Sinhala BJTයම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහ’ යයි කියනුලැබේ.
Pali BJT1366. තත්ථ කතමො අවික්ඛෙපො:
Sinhala BJT1366. එහි අවික්‍ෂේප කවරෙ යත්:
Pali BJTයා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති අවික්ඛෙපො.
Sinhala BJTචිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘අවික්‍ෂේප’ යයි කියනුලැබේ.
Pali BJT1367. තත්ථ කතමා සීලවිපත්ති:
Sinhala BJT1367. එහි ශීලවිපත්ති කවර යත්:
Pali BJTයො කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති සීලවිපත්ති, සබ්බම්පි දුස්සීල්යං සීලවිපත්ති.
Sinhala BJTයම් කායික ව්‍යතික්‍රමයෙක් වාචසික ව්‍යතික්‍රමයෙක් කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලවිපත්ති’ යයි කියනුලබා. හැම දුශ්ශිල්‍යය ශීලවිපත්ති නමු.
Pali BJT1368. තත්ථ කතමා දිට්ඨිවිපත්ති:
Sinhala BJT1368. එහි දෘෂ්ටිවිපත්ති කවර යත්:
Pali BJTනත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨිවිපත්ති. සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති.
Sinhala BJTදුන් දැය විපාක නැත, පූජායෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, උපපාදුක සත්‍වයෝ නැත, ලොවැ යැම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැතැයි මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘශ්ටි ඇති බවෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘දෘෂ්ටිවිපත්ති’ යැයි කියනු ලබා. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති නමු.
Pali BJT1369. තත්ථ කතමා සීලසම්පදා:
Sinhala BJT1369. එහි ශීලසම්පත් කවර යත්:
Pali BJTයො කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති සීලසම්පදා, සබ්බොපි සීලසංවරො සීලසම්පදා.
Sinhala BJTයම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලසම්පත්’ යයි කියනුලබා. හැම ශීලසංවර ශීලසම්පත් නමු.
Pali BJT1370. තත්ථ කතමා දිට්ඨිසම්පදා:
Sinhala BJT1370. එහි දෘෂ්ටිසම්පත් කවර යත්:
Pali BJTඅත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො. අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිටිඨි, අයං වුච්චති දිට්ඨිසම්පදා. සබ්බාපි සම්මාදිට්ඨි දිට්ඨිසම්පදා.
Sinhala BJT‘දුන් දැය විපාක ඇත, පුදනලද්දෙහි විපාක ඇත, හෝම (ආගන්තුක සත්කාර) යෙහි විපාක් ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, ලොව සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු ශ්‍රමණබ්‍රාහ්මණයෝ ඇතැ’යි යම් මෙබඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘දිට්ඨිසම්පදා’ යි කියනුලැබේ. හැම සම්‍යග්දෘෂ්ටි දිට්ඨිසම්පදා යි.
Pali BJT1371. තත්ථ කතමා සීලවිසුද්ධි:
Sinhala BJT1371. එහි ශීලවිසුද්ධි කවර යත්:
Pali BJTයො කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති සීලවිසුද්ධි. සබ්බොපි සීලසංවරො සීලවිසුද්ධි.
Sinhala BJTයම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යාතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යාතික්‍රමයෙක් ඇද්ද, මේ ‘ශීලවිසුද්ධි’ යැයි කියනු ලබා. හැම ශීලසංවරය ශීලවිසුද්ධි යි.
Pali BJT1372. තත්ථ කතමා දිට්ඨිවිසුද්ධි:
Sinhala BJT1372. එහි දිට්ඨිවිසුද්ධි කවර යත්:
Pali BJTකම්මස්සකතාඤාණං{1} සච්චානුලොමිකඤාණං මග්ගසමඞ්ගිස්ස ඤාණං ඵලසමඞ්ගිස්ස ඤාණං.
Sinhala BJTකර්‍මස්වකතාඥානය සත්‍යානුලෝමිකඥානය මාර්‍ගසමඞ්ගීහුගේ ඥානය ඵලසමඞ්ගීහුගේ ඥාන යි.
Pali BJT1373. දිට්ඨිවිසුද්ධි ඛො පනාති: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.
Sinhala BJT1373. ‘දිට්ඨිවිසුද්ධි ඛො පන’ යනු යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, එයයි.
Pali BJT1374. යථා දිට්ඨිස්ස ච පධානන්ති: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො.
Sinhala BJT1374. ‘යථාදිට්ඨිස්ස ච පධානං’ යනු යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, එයයි.
Pali BJT1375. සංවෙගොති: ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං. සංවෙජනීයං ඨානන්ති: ජාති ජරා ව්යාධි මරණං.
Sinhala BJT1375. ‘සංවේගො’ යනු ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය යි. ‘සංවෙජනීයං ඨානං’ යනු ජාති ජරා ව්‍යාධි මරණ යි.
Pali BJT1376. සංවිග්ගස්ස ච යොනිසො පධානන්ති. ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජානෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT1376. ‘සංවිග්ගස්ස ච යෝනිසෝ පධානං’ යනු මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපැදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අවිනාශයට බහුලභාවයට විපුලත්‍වයට වැඩීමට සම්පූර්‍ණ වීමට කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT1377. අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසූති: යා කුසලානං ධම්මානං භාවනාය අසන්තුට්ඨස්ස භිය්යොකම්යතා.
Sinhala BJT1377. ‘අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මේසු’ යනු කුශලධර්‍මයන්ගේ වැඩීමෙහි අසන්තුෂ්ට වූවහුගේ බොහෝ කොට කැමතිබවෙක් ඇද්ද එය යි.
Pali BJT1378. අප්පටිවානිතා ච පධානස්මින්ති: යා කුසලානං ධම්මානං භාවනාය සක්කච්චකිරියතා සාතච්චකිරියතා අට්ඨිතකිරියතා අනොලීනවුත්තිතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ආසෙවනා භාවනා බහුලීකම්මං.
Sinhala BJT1378. ‘අප්පටිචානිතා ච පධානස්මිං’ යනු කුශලධර්‍මයන්ගේ වැඩීමෙහි යම් සකස් කොට කරන බවෙක් නිරතුරු වැ කරන බවෙක් නො නැවත කරන බවෙක් නො හැකුළුණු පැවතුම් ඇති බවෙක් නො පියූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් නො පියූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවනායෙක් භාවනායෙක් බහුල කිරීමෙක් ඇද්ද එය යි.
Pali BJT1379. විජ්ජාති: තිස්සො විජ්ජා: පුබ්බෙනිවාසානුස්සති ඤාණං විජ්ජා, සත්තානං චුතූපපාතෙ ඤාණං විජ්ජා, ආසවානං ඛයෙ ඤාණං විජ්ජා.
Sinhala BJT1379. ‘විජ්ජා’ යනු ත්‍රිවිද්‍යා යැ. පූර්‍වනිවාසානුස්මෘතිඥානය විද්‍යා යැ, සත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්තියෙහි ඥානය විද්‍යා යැ, ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙහි ඥානය විද්‍යා යි.
Pali BJT1380. විමුත්තීති: ද්වෙ විමුත්තියො, චිත්තස්ස ච අධිමුත්ති නිබ්බානඤ්ච.
Sinhala BJT1380. ‘විමුක්ති’ යනු විමුක්ති දෙකෙකි: අෂ්ටසමාපත්තී සඞ්ඛ්‍යාත වූ චිත්තයාගේ අධිමුක්තිය ද නිර්‍වාණය දැ යි.
Pali BJT1381. ඛයෙ ඤාණන්ති: මග්ගසමඞ්ගිස්ස ඤාණං.
Sinhala BJT1381. ‘ඛයෙඤාණං’ යනු මාර්‍ගසමඞ්ගීහුගේ ඥානය යි.
Pali BJT1382. අනුප්පාදෙ ඤාණන්ති ඵලසමඞ්ගිස්ස ඤාණං.
Sinhala BJT1382. ‘අනුප්පාදෙඤාණං’ යනු ඵලසමඞ්ගීහුගේ ඥානය යි.
Pali BJTසුත්තන්තමාතිකාය
Sinhala BJTසූත්‍රාන්ත මාතෘකාය
Pali BJTනික්ඛෙපකණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTනික්‍ෂේපකාණඩය නිමි.
Pali BJT4. අට්ඨකථාකණ්ඩං
Sinhala BJT4. අට්ඨකථාකාණ්ඩය
Pali BJT1383. කතමෙ ධම්මා කුසලා:
Sinhala BJT1383. කුශලධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතූසු භූමිසු කුසලං, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTසතර භූමියෙහි කුශල යැ. මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT1384. කතමෙ ධම්මා අකුසලා:
Sinhala BJT1384. අකුශලධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වාදස අකුසලචිත්තුපාදා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTදොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT1385. කතමෙ ධම්මා අව්යාකතා:
Sinhala BJT1385. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචතූසු භූමිසු විපාකො, තීසු භූමීසු කිරියාව්යාකතං, රූපඤ්ච නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTසතර භූමියෙහි විපාකය ද තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT1386. කතමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා:
Sinhala BJT1386. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකාමාවචරකුසලතො චත්තාරො සොමනස්සසහගතචිත්තුප්පාදා, අකුසලතො චත්තාරො, කාමාවචරකුසලස්ස විපාකතො ච කිරියතො ච පඤ්ච, රූපාවචරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත්තරතිකචතුක්කජ්ඣානා කුසලතො ච විපාකතො ච, එත්ථුප්පන්නං සුඛං වෙදනං ඨපෙත්වා, ඉමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTකාමාවචරකුශලයෙන් සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ යැ අකුශලයෙන් (සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ) සතර දෙන යැ කාමාවචරකුශලයාගේ විපාකයෙන් ද ක්‍රියායෙන් ද (සෝමනස්සසහගත විපාක සතරයැ හසිතුප්පාදචිත්තය දැ යි චිත්තෝපාදයෝ) පස්දෙන යැ කුශලයෙන් ද විපාකයෙන් ද ක්‍රියායෙන් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ කුශලයෙන් ද විපාකයෙන් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ යන මොහු යැ. මෙහි උපන් සුඛවේදනාව තබා මේ ධර්‍මයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1387. කතමෙ ධම්මා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා:
Sinhala BJT1387. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTද්වෙ දොමනස්සසහගතා චිත්තුප්පාදා, දුක්ඛසහගතං කායවිඤ්ඤාණං එත්ථුප්පන්නං දුක්ඛං වෙදනං ඨපෙත්වා, ඉමෙ ධම්මා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTදොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුක්සහගිය කායවිඥාන යි. මෙහි උපන් දුඃඛවේදනාව තබා මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.