Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3201-3300 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTහෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්ති දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතු ආයතනා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා කාමාවචරා.
Sinhala BJTයටින් අවීචිනිරය හිම් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තී දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්‍ධ, ධාතු, ආයතන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයෙක් ඇද්ද, මොහු කාමාවචර ධර්‍මයෝ යි.
Pali BJT1287. කතමෙ ධම්මා න කාමාවචරා:
Sinhala BJT1287. කාමාවචර නො වූ ධර්‍මයෝ කවර යත්:
Pali BJTරූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න කාමාවචරා.
Sinhala BJTරූපාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1288. කතමෙ ධම්මා රූපාවචරා:
Sinhala BJT1288. රූපාවචරධර්‍මයෝ කවර යත්:
Pali BJTහෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨදෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා රූපාවචරා.
Sinhala BJTයට භාගයෙන් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටා දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි ඇතුලු වූ සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් ඇද්ද, මොහු රූපාවචර ධර්‍මයෝ යි.
Pali BJT1289. කතමෙ ධම්මා න රූපාවචරා:
Sinhala BJT1289. රූපාවචර නො වූ ධර්‍මයෝ කවර යත්:
Pali BJTකාමාවචරා අරූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න රූපාවචරා.
Sinhala BJTකාමාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, මොහු රූපාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1290. කතමෙ ධම්මා අරූපාවචරා:
Sinhala BJT1290. අරූපාවචරධර්‍මයෝ කවර යත්:
Pali BJTහෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ පරියන්තං කරිත්වා උපරිතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උප්පන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අරූපාවචරා.
Sinhala BJTයටින් ආකාසානඤ්චායතනූපග දෙවියන් පිරියත් කොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනනූපග දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි ඇතුලු වැ සිටි සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දිට්ඨධර්‍මසුඛවිහාරීහුගේ හෝ යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් ඇද්ද, මොහු අරූපාවචර ධර්‍මයෝ යි.
Pali BJT1291. කතමෙ ධම්මා න අරූපාවචරා:
Sinhala BJT1291. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවර යත්:
Pali BJTකාමාවචරා රූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න අරූපාවචරා.
Sinhala BJTකාමාවචර රූපාවචර අපරියාපන්න වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, අරූපාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1292. කතමෙ ධම්මා පරියාපන්නා:
Sinhala BJT1292. පරියාපන්නධර්‍මයෝ කවර යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරියාපන්නා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු පරියාපන්න ධර්‍මයෝ යි.
Pali BJT1293. කතමෙ ධම්මා අපරියාපන්නා:
Sinhala BJT1293. අපරියාපන්නධර්‍මයෝ කවර යත්:
Pali BJTමග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අපරියාපන්නා.
Sinhala BJTමාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද අපරියාපන්න ධර්‍මයෝ යි.
Pali BJT1294. කතමෙ ධම්මා නිය්යානිකා:
Sinhala BJT1294. නෛර්‍ය්‍යාණිකධර්‍මයෝ කවර යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා නිය්යානිකා.
Sinhala BJTඅපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මොහු නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
Pali BJT1295. කතමෙ ධම්මා අනිය්යානිකා:
Sinhala BJT1295. අනෛර්‍ය්‍යාණිකධර්‍මයෝ කවර යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනිය්යානිකා.
Sinhala BJTඒ නෛර්‍ය්‍යාණිකධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥාකස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
Pali BJT1296. කතමෙ ධම්මා නියතා:
Sinhala BJT1296. නියත ධර්‍මයෝ කවර යත්:
Pali BJTපඤ්චකම්මානි ආනන්තරිකානි, යා ච මිච්ඡාදිට්ඨි නියතා, චත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා නියතා.
Sinhala BJTආනන්තර්‍ය්‍ය වූ පඤ්චකර්‍මයෝ ද නියත මිත්‍යාදෘෂ්ඨියෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද යන මොහු නියත ධර්‍මයෝ යි.
Pali BJT1297. කතමෙ ධම්මා අනියතා:
Sinhala BJT1297. අනියතධර්‍මයෝ කවර යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනියතා.
Sinhala BJTඒ නියතධර්‍මයන් තබා අවශිෂ්ට වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අනියතධර්‍මයෝ යි.
Pali BJT1298. කතමෙ ධම්මා සඋත්තරා:
Sinhala BJT1298. සඋත්තරධර්‍මයෝ කවර යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඋත්තරා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සඋත්තර ධර්‍මයෝ යි.
Pali BJT1299. කතමෙ ධම්මා අනුත්තරා:
Sinhala BJT1299. අනුත්තරධර්‍මයෝ කවර යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච, මග්ගඵලානි ච, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනුත්තරා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුත්තරධර්‍මයෝ යි.
Pali BJT1300. කතමෙ ධම්මා සරණා:
Sinhala BJT1300. සරණධර්‍මයෝ කවර යත්:
Pali BJTතීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා සරණා.
Sinhala BJTලෝභ ද්වේෂ මෝහ යන තුන් අකුශලමූලයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම යන මොහු සරණධර්‍මයෝ යි.
Pali BJT1301. කතමෙ ධම්මා අරණා:
Sinhala BJT1301. අරණ ධර්‍මයෝ කවර යත්:
Pali BJTකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අරණාති.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අරණධර්‍මයෝ යි.
Pali BJTපිට්ඨිදුකං.
Sinhala BJTපිට්ඨිදුකය යි.
Pali BJT1302. කතමෙ ධම්මා විජ්ජාභාගිනො:
Sinhala BJT1302. විද්‍යාභාගීධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවිජ්ජාය සම්පයුත්තකා ධම්මා, ඉමෙ ධම්මා විජ්ජාභාගිනො.
Sinhala BJTඅෂ්ටවිද්‍යායෙන් සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ. මොහු විද්‍යාභාගී ධර්‍මයෝ යි.
Pali BJT1303. කතමෙ ධම්මා අවිජ්ජාභාගිනො:
Sinhala BJT1303. අවිද්‍යාභාගීධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅවිජ්ජාය සම්පයුත්තකා ධම්මා, ඉමෙ ධම්මා අවිජ්ජාභාගිනො.
Sinhala BJTසත්‍යප්‍රතිච්ඡාදක අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ යැ. මොහු අවිද්‍යාභාගී ධර්‍මයෝ යි.
Pali BJT1304. කතමෙ ධම්මා විජ්ජූපමා:
Sinhala BJT1304. විදුලි උපමා කොට ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTහෙට්ඨිමෙසු තීසු අරියමග්ගෙසු පඤ්ඤා, ඉමෙ ධම්මා විජ්ජූපමා.
Sinhala BJTයට තුන් අරිමගැ වූ ප්‍රඥා යැ. මොහු විදුලි උපමා කොට ඇති ධර්‍මයෝ යි.
Pali BJT1305. කතමෙ ධම්මා වජිරූපමා:
Sinhala BJT1305. වජ්‍රෝපමධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඋපරිමෙ{1} අරහත්තමග්ගෙ පඤ්ඤා, ඉමෙ ධම්මා වජිරූපමා.
Sinhala BJTඋපරිම වූ රහත්මගැ ප්‍රඥා යැ. මොහු වජ්‍රෝපමධර්‍මයෝ යි.
Pali BJT1306. කතමෙ ධම්මා බාලා:
Sinhala BJT1306. බාලධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅහිරිකං ච අනොත්තප්පං ච, ඉමෙ ධම්මා බාලා, සබ්බෙපි අකුසලා ධම්මා බාලා.
Sinhala BJTඅහ්‍රීක ද අනපත්‍රපා ද යන මොහු බාලධර්‍මයෝ යැ. හැම අකුසල්හු බාලධර්‍මයෝ යි.
Pali BJT1307. කතමෙ ධම්මා පණ්ඩිතා:
Sinhala BJT1307. පණ්ඩිතධර්‍මයෝ කවරහ යත්:
Pali BJTහිරි ච ඔත්තප්පං ච, ඉමෙ ධම්මා පණ්ඩිතා, සබ්බෙපි කුසලා ධම්මා පණ්ඩිතා.
Sinhala BJTහ්‍රී ද අපත්‍රපා ද යන මොහු පණ්ඩිතධර්‍මයෝ යැ. හැම කුසල්දහම්හු පණ්ඩිතධර්‍මයෝ යි.
Pali BJT1308. කතමෙ ධම්මා කණ්හා:
Sinhala BJT1308. කෘෂ්ණධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅහිරිකං ච අනොත්තප්පං ච, ඉමෙ ධම්මා කණ්හා, සබ්බෙපි අකුසලා ධම්මා කණ්හා.
Sinhala BJTඅහ්‍රීක ද අනපත්‍රපා ද යන මොහු කෘෂ්ණධර්‍මයෝ යැ. හැම අකුසල්හු කෘෂ්ණධර්‍මයෝ යි.
Pali BJT1309. කතමෙ ධම්මා සුක්කා:
Sinhala BJT1309. ශුක්ලධර්‍මයෝ කවරහ යත්:
Pali BJTහිරි ච ඔත්තප්පං ච, ඉමෙ ධම්මා සුක්කා, සබ්බෙපි කුසලා ධම්මා සුක්කා.
Sinhala BJTහ්‍රී ද අපත්‍රපා ද යන මොහු ශුක්ලධර්‍මයෝ යැ. හැම කුසල්හු ශුක්ලධර්‍මයෝ යි.
Pali BJT1310. කතමෙ ධම්මා තපනීයා:
Sinhala BJT1310. තපනීයධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, ඉමෙ ධම්මා තපනීයා, සබ්බෙපි අකුසලා ධම්මා තපනීයා.
Sinhala BJTකාය දුශ්චරිත යැ වාග් දුශ්චරිත යැ යන මොහු තපනීයධර්‍මයෝ යැ. හැම අකුසල්හු තපනීයධර්‍මයෝ යි.
Pali BJT1311. කතමෙ ධම්මා අතපනීයා:
Sinhala BJT1311. අතපනීයධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං, ඉමෙ ධම්මා අතපනීයා, සබ්බෙපි කුසලා ධම්මා අතපනීයා.
Sinhala BJTකායසුචරිත යැ වාග්සුචරිත යැ මනස්සුචරිත යැ යන මොහු අතපනීයධර්‍මයෝ යැ. හැම කුසල්හු අතපනීයධර්‍මයෝ යි.
Pali BJT1312. කතමෙ ධම්මා අධිවචනා:
Sinhala BJT1312. අධිවචනධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති ව්යඤ්ජනං අභිලාපො, ඉමෙ ධම්මා අධිවචනා.
Sinhala BJTඒ ඒ ධර්‍මයන්ගේ යම් සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු අධිවචනධර්‍මයෝ යි.
Pali BJTසබ්බෙව ධම්මා අධිවචනපථා.
Sinhala BJTහැම ධර්‍මයෝ මැ අධිවචනධර්‍මයෝ යි.
Pali BJT1313. කතමෙ ධම්මා නිරුත්ති:
Sinhala BJT1313. නිරුක්තිධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යෙං නිරුත්ති ව්යඤ්ජනං අභිලාපො, ඉමෙ ධම්මා නිරුත්තී.
Sinhala BJTඒ ඒ ධර්‍මයන්ගේ සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු නිරුක්තිධර්‍මයෝ යි.
Pali BJTසබ්බෙව ධම්මා නිරුත්තිපථා.
Sinhala BJTහැම ධර්‍මයෝ මැ නිරුක්තිපථයෝ යි.
Pali BJT1314. කතමෙ ධම්මා පඤ්ඤත්ති:
Sinhala BJT1314. ප්‍රඥප්තිධර්‍මයෝ කවරහ යත්:
Pali BJTයා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති ව්යඤ්ජනං අභිලාපො, ඉමෙ ධම්මා පඤ්ඤත්ති,
Sinhala BJTඒ ඒ ධර්‍මයන්ගේ සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු ප්‍රඥප්තිධර්‍මයෝ යි.
Pali BJTසබ්බෙව ධම්මා පඤ්ඤත්තිපථා.
Sinhala BJTහැම ධර්‍මයෝ මැ ප්‍රඥප්තිපථයෝ යි.
Pali BJT1315. තත්ථ කතමං නාමං:
Sinhala BJT1315. එහි නාම කවරෙ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අසඞ්ඛතා ච ධාතු, ඉදං වුච්චති නාමං.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ අසඞ්ඛතධාතු ද යන මේ ‘නාම’ යි කියනු ලැබේ.
Pali BJT1316. තත්ථ කතමං රූපං:
Sinhala BJT1316. එහි රූප කවරෙ යත්:
Pali BJTචත්තාරො මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං.
Sinhala BJTසතර මහාභූතයෝ යැ, සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ යන මේ ‘රූප’ යි කියනු ලැබේ.
Pali BJT1317. තත්ථ කතමා අවිජ්ජා:
Sinhala BJT1317. එහි විද්‍යා කවර යත්:
Pali BJTයං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTයම් නො දැනීමෙන් නො දැක්මෙන් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අනිත්‍යාදිවශයෙන් නො ගැනීමෙක් නො බැසගැනීමෙක් සම වැ නො දැකීමෙක් (ධර්‍මස්වභාව) ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවීත්‍රතායෙක් බාලබවෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමොහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් ඇද්ද, මෝ ‘අවිද්‍යා’ යි කියනුලබා.
Pali BJT1318. තත්ථ කතමා භවතණ්හා:
Sinhala BJT1318. එහි භවතෘෂ්ණා කවර යත්:
Pali BJTයො භවෙසු භවච්ඡන්දො භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං, අයං වුච්චති භවතණ්හා.
Sinhala BJTරූපාරූපභවයෙහි යම් භවච්ඡන්‍දයෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහභවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවයෙහි බැසගෙනසිටීමෙක් ඇද්ද, මෝ ‘භවතෘෂ්ණා’ යි කියනුලබා.
Pali BJT1319. තත්ථ කතමා භවදිට්ඨි:
Sinhala BJT1319. එහි භවදෘෂ්ටි කවර යත්:
Pali BJTභවිස්සති අත්තා ච ලොකො චා ති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති භවදිට්ඨි.
Sinhala BJT‘ආත්මය ද ලෝකය ද මතුයෙහි වෙයි’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘භවදෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1320. තත්ථ කතමා විභවදිට්ඨි:
Sinhala BJT1320. එහි විභවදෘෂ්ටි කවර යත්:
Pali BJTන භවිස්සති අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති විභවදිට්ඨි.
Sinhala BJT‘ආත්මය ද ලෝකය ද මතුයෙහි නො වෙයි’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මෝ ‘භවදෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1321. තත්ථ කතමා සස්සතදිට්ඨි:
Sinhala BJT1321. එහි ශාශ්වතදෘෂ්ටි කවර යත්:
Pali BJTසස්සතො අත්තා ච ලොකො චා තී යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සස්සතදිට්ඨි.
Sinhala BJT‘ආත්මය ද ලෝකය ද ශාශ්වත යැ’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘ශාශ්වතදෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1322. තත්ථ කතමා උච්ඡෙදදිට්ඨි:
Sinhala BJT1322. එහි උච්ඡේදදෘෂ්ටි කවර යත්:
Pali BJTඋච්ඡිජ්ජිස්සති අත්තා ච ලොකො චාතී යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති උච්ඡෙදදිට්ඨි.
Sinhala BJT‘ආත්මය ද ලෝකය ද සිඳී’ යෙයි යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘උච්ඡේදදෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1323. තත්ථ කතමා අන්තවාදිට්ඨි:
Sinhala BJT1323. එහි අන්තවත් දෘෂ්ටි කවර යත්:
Pali BJTඅන්තවා අත්තා ච ලොකො චා තී යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අන්තවාදිට්ඨි.
Sinhala BJT‘ආත්මය ද ලෝකය ද අන්තවත්’ යයි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘අන්තවත් දෘෂ්ටි’ යයි කියනු ලබා.
Pali BJT1324. තත්ථ කතමං අනන්තවාදිට්ඨි:
Sinhala BJT1324. එහි අනන්තවත් දෘෂ්ටි කවර යත්:
Pali BJTඅනන්තවා අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අනන්තවාදිට්ඨි.
Sinhala BJT‘ආත්මය ද ලෝකය ද අනන්තවත්’ යයි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘අනන්තවත් දෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1325. තත්ථ කතමා පුබ්බන්තානුදිට්ඨි:
Sinhala BJT1325. එහි පූර්‍වාන්තානුගත දෘෂ්ටි කවර යත්:
Pali BJTපුබ්බන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති පුබ්බන්තානුදිට්ඨි.
Sinhala BJTපූර්‍වාන්තය අරභයා යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මෝ ‘පූර්‍වාන්තානුගත දෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1326. තත්ථ කතමා අපරන්තානුදිට්ඨි:
Sinhala BJT1326. එහි අපරාන්තානුගත දෘෂ්ටි කවර යත්:
Pali BJTඅපරන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අපරන්තානුදිට්ඨි.
Sinhala BJTඅපරාන්තය අරභයා යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදීද, මෝ ‘අපරාන්තානුගත දෘෂ්ටි’ යයි කියනුලබා.
Pali BJT1327. තත්ථ කතමං අහිරිකං:
Sinhala BJT1327. එහි අහ්‍රීක කවරෙ යත්:
Pali BJTයං න හිරීයති හිරීයිතබ්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අහිරිකං.
Sinhala BJTයම් කරුණෙකින් ලජ්ජාවියයුත්තෙන් ලජ්ජා නො වේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා නො වේ ද, මේ ‘ආහ්‍රීක’ යයි කියනුලැබේ.
Pali BJT1328. තත්ථ කතමං අනොත්තප්පං:
Sinhala BJT1328. එහි අනපත්‍රපා කවර යත්:
Pali BJTයං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අනොත්තප්පං.
Sinhala BJTයම් කරුණෙකින් තැවියයුත්තෙන් නො තැවේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් නො තැවේ ද, මේ ‘අනපත්‍රපා’ යැයි කියනුලැබේ.
Pali BJT1329. තත්ථ කතමා හිරි:
Sinhala BJT1329. එහි හිරි කවර යත්:
Pali BJTයං හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියං, අයං වුච්චති හිරි.
Sinhala BJTයම් කරුණෙකින් ලජ්ජා වියයුත්තෙන් ලජ්ජාවට පැමිණේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජාවට පැමිණේද, මෝ ‘හිරි’ යයි කියනුලබා.
Pali BJT1330. තත්ථ කතමං ඔත්තප්පං:
Sinhala BJT1330. එහි ඔත්තපය කවරේ යත්:
Pali BJTයං ඔත්තප්පති{1}, ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති{1} පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති ඔත්තප්පං.
Sinhala BJTයම් කරුණෙකින් තැති ගතයුත්තෙන් තැතිගනී ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් තැතිගනී ද, මේ ‘ඔත්තපය’ යයි කියනුලැබේ.
Pali BJT1331. තත්ථ කතමා දොවචස්සතා:
Sinhala BJT1331. එහි ‘දෝවචස්සතා’ කවර යත්:
Pali BJTසහධම්මිකෙ වුච්චමානෙ දොවචස්සායං{2} දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනීකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා,{3} අයං වුච්චති දොවචස්සතා.
Sinhala BJTප්‍රඥප්තශික්‍ෂාපදය කියනු ලබන කල්හි දුර්වචකමෙක් දුර්‍වචබවෙක් දුර්‍වචතායෙක් විලෝමග්‍රාහී බවෙක් විලොමග්‍රහණයෙහි සුව ඇති බවෙක් අනාදර බවෙක් අනාදරතායෙක් අගෞරවතායෙක් නිශ්‍රයවාස රහිත බවෙක් වේ ද, මෝ ‘දෝවචස්සතා’ යයි කියනුලබා.
Pali BJT1332. තත්ථ කතමා පාපමිත්තතා:
Sinhala BJT1332. එහි පාපමිත්‍රතා කවර යත්:
Pali BJTයෙ තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා, යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්භජනා භත්තී සම්භත්තී තංසම්පවඞ්කතා, අයං වුච්චති පාපමිත්තතා.
Sinhala BJTශ්‍රද්ධා නැති දුශ්ශීල වූ අල්පශ්‍රැත වූ මාත්සර්‍ය්‍ය ඇති දුෂ්ප්‍රාඥ වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඔවුන්ගේ යම් සේවනයක් නීසේවනයෙක් සංසේවනයෙක් භජනයෙක් සම්භජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් උන් කෙරෙහි නැමුණු බවෙක් ඇද්ද, මෝ ‘පාපමිත්තතා’ යයි කියනුලබා.
Pali BJT1333. තත්ථ කතමා සොවචස්සතා:
Sinhala BJT1333. එහි සෝවචස්සතා කවර යත්:
Pali BJTසහධම්මිකෙ වුච්චමානෙ සොවචස්සායං සොවචස්සියං සොවචස්සතා අප්පටිකූලගාහිතා අවිපච්චනීකසාතතා සගාරවතා සප්පතිස්සවතා, අයං වුච්චති සොවචස්සතා.
Sinhala BJTප්‍රඥප්තිශික්‍ෂාපදය එළවා කියනුලබන කල්හි සුවචකමෙක් සුවචබවෙක් සුවචතායෙක් අවිරුද්ධග්‍රාහ ඇති බවෙක් අනුකූලග්‍රහණයෙහි සුව ඇති බවෙක් සගෞරවතායෙක් නිශ්‍රයවාස ඇති බවෙක් ඇද්ද, මෝ ‘සෝවචස්සතා’ යයි කියනුලබා.
Pali BJT1334. තත්ථ කතමා කල්යාණමිත්තතා:
Sinhala BJT1334. එහි කල්‍යාණමිත්‍රතා කවර යත්: