Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3101-3200 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1240. තත්ථ කතමා විචිකිච්ඡා:
Sinhala BJT1240. එහි විචිකිත්සා කවර යත්:
Pali BJTසත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති, යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
Sinhala BJTශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පාදයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ ‘විචිකිත්සා’ යයි කියනු ලැබේ.
Pali BJT1241. තත්ථ කතමං ථීනං:
Sinhala BJT1241. එහි ථීනය කවරැ යත්:
Pali BJTයා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං ථීනං ථීයනා ථීයිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති ථීනං.
Sinhala BJTචිත්තයාගේ යම් අකල්‍යතායෙක් අකර්‍මණ්‍යතායෙක් අවලීනයෙක් (පසුබැසීමෙක්) මොනවට එල්බ සිටීමෙක් හැකිළීමෙක් හැකුළුණු අයුරෙක් හැකුළුණු බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පතළ බවෙක් ඇද්ද, මේ ‘ථීන’ යයි කියනු ලැබේ.
Pali BJT1242. තත්ථ කතමං උද්ධච්චං:
Sinhala BJT1242. එහි ඖද්ධත්‍ය කවරේ යත්:
Pali BJTයං චිත්තස්ස උද්ධච්චං අවූපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං.
Sinhala BJTචිත්තයාගේ යම් උඩඟු බවෙක් අව්‍යූපශමයෙක් චිත්තයාගේ වික්ශේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ ‘ඖද්ධත්‍ය’ යයි කියනු ලැබේ.
Pali BJT1243. තත්ථ කතමං අහිරිකං:
Sinhala BJT1243. එහි අහ්‍රීක කවරේ යත්:
Pali BJTයං න හිරීයති හිරීයිතබ්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අහිරිකං.
Sinhala BJTජුගුප්සා කටයුතු යම් කාය දුෂ්චරිතාදියක් ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අහ්‍රීක’ යයි කියනු ලැබේ.
Pali BJT1244. තත්ථ කතමං අනොත්තප්පං:
Sinhala BJT1244. එහි අනපත්‍රපා කවරේ යත්:
Pali BJTයං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අනොත්තප්පං.
Sinhala BJTබිය විය යුතු කාය දුෂ්චරිතාදී හේතුයෙන් යම් නො බිය වීමෙක් ඇද්ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් නො බිය වීමෙක් ඇද්ද, මේ ‘අනපත්‍රපා’ යයි කියනු ලැබේ.
Pali BJTඉමෙ ධම්මා කිලෙසා.
Sinhala BJTමේ ධර්‍මයෝ ක්ලේශයෝ යි.
Pali BJT1245. කතමෙ ධම්මා නො කිලෙසා:
Sinhala BJT1245. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො කිලෙසා.
Sinhala BJTඒ ක්ලේශධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍ම කෙනෙක් ඇද්ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ, සියලු රූපය ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1246. කතමෙ ධම්මා සඞ්කිලෙසිකා:
Sinhala BJT1246. සාංක්ලේශිකධර්‍මයෝ කවරහ යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඞ්කිලෙසිකා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සාංක්ලේශිකධර්‍මයෝ යි.
Pali BJT1247. කතමෙ ධම්මා අසඞ්කිලෙසිකා:
Sinhala BJT1247. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අසඞ්කිලෙසිකා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.
Pali BJT1248. කතමෙ ධම්මා සඞ්කිලිට්ඨා:
Sinhala BJT1248. සංක්ලිෂ්ටධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා සඞ්කිලිට්ඨා.
Sinhala BJTලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, එය හා එක් වැ සිටි ක්ලේශයෝ යැ, එය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු සංක්ලිෂ්ටධර්‍මයෝ යි.
Pali BJT1249. කතමෙ ධම්මා අසඞ්කිලිට්ඨා:
Sinhala BJT1249. අසංක්ලිෂ්ටධර්‍මයෝ කවරහ යත්:
Pali BJTකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අසඞ්කිලිට්ඨා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලඅව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ..... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ටයෝ යි.
Pali BJT1250. කතමෙ ධම්මා කිලෙසසම්පයුත්තා:
Sinhala BJT1250. ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා කිලෙසසම්පයුත්තා.
Sinhala BJTඒ ක්ලේශධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ යැ..... විඥානස්කන්‍ධ යැ යන මොහු ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ යි.
Pali BJT1251. කතමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා:
Sinhala BJT1251. ක්ලේශවිප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා.
Sinhala BJTඒ ක්ලේශධර්‍මයන් කෙරෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ යැ.... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශවිප්‍රයුක්තධර්‍මයෝ යි.
Pali BJT1252. කතමෙ ධම්මා කිලෙසා චෙව සඞ්කිලෙසිකා ච:
Sinhala BJT1252. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙව කිලෙසා කිලෙසා චෙව සඞ්කිලෙසිකා ච.
Sinhala BJTඑ මැ ක්ලේශයෝ ක්ලේශයෝත් සාංක්ලේශිකයෝත් වෙති.
Pali BJT1253. කතමෙ ධම්මා සඞ්කිලෙසිකා චෙව නො ච කිලෙසා:
Sinhala BJT1253. සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සඞ්කිලෙසිකා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඞ්කිලෙසිකා චෙව නො ච කිලෙසා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ක්ලේශධර්‍මයන් විසින් සාංක්ලේශික වූවාහු ද ඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
Pali BJT1254. කතමෙ ධම්මා කිලෙසා චෙව සඞ්කිලිට්ඨා ච:
Sinhala BJT1254. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙව කිලෙසා කිලෙසා චෙව සඞ්කිලිට්ඨා ච:
Sinhala BJTඑ මැ ක්ලේශයෝ ක්ලේශයෝ ද සංක්ලිෂ්ටයෝ ද වෙති.
Pali BJT1255. කතමෙ ධම්මා සඞ්කිලිට්ඨා චෙව නො ච කිලෙසා:
Sinhala BJT1255. සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සඞ්කිලිට්ඨා, තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඞ්කිලිට්ඨා චෙව නො ච කිලෙසා.
Sinhala BJTඒ ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් සංක්ලිෂ්ට වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
Pali BJT1256. කතමෙ ධම්මා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තා ච:
Sinhala BJT1256. කවර ධර්‍මයෝ ක්ලේශ වූවාහු ද ක්ලේශසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:
Pali BJTලොභො මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, මොහො ලොභෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, දොසො මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, මොහො දොසෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, මානො මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, මොහො මානෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, දිට්ඨි මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, මොහො දිට්ඨියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, විචිකිච්ඡා මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, මොහො විචිකිච්ඡාය කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, ථීනං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො ථීනෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, උද්ධච්චං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අහිරිකං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අනොත්තප්පං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච.
Sinhala BJTලෝභය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අහිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අහිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
Pali BJTලොභො උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, උද්ධච්චං ලොභෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, දොසො උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, උද්ධච්චං දොසෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, උද්ධච්චං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, මානො උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, උද්ධච්චං මානෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, දිට්ඨි උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, උද්ධච්චං දිට්ඨියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, විචිකිච්ඡා උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, උද්ධච්චං විචිකිච්ඡාය කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, ථීනං උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, උද්ධච්චං ථීනෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අහිරිකං උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, උද්ධච්චං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අනොත්තප්පං උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, උද්ධච්චං අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච.
Sinhala BJTලෝභය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය විච්කිච්චාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
Pali BJTලොභො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අහිරිකං ලොභෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, දොසො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අහිරිකං දොසෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අහිරිකං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මානො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්මයුත්තො ච, අහිරිකං මානෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, දිට්ඨි අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, අහිරිකං දිට්ඨියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, විචිකිච්ඡා අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, අහිරිකං විවචිකිච්ඡාය කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, ථීනං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අහිරිකං ථීනෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, උද්ධච්චං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච අහිරිකං උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අනොත්තප්පං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අහිරිකං අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච.
Sinhala BJTලෝභය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
Pali BJTලොභො අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අනොත්තප්පං ලොභෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, දොසො අනොත්තප්පෙන කිලොසා චෙව කිලෙසසම්පයුත්තො ච, අනොත්තප්පං දොසෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මොහො අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අනොත්තප්පං මොහෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, මානො අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අනොත්තප්පං මානෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, දිට්ඨි අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, අනොත්තප්පං දිට්ඨියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, විචිකිච්ඡා අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච, අනොත්තප්පං විචිකිච්ඡාය කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, ථීනං අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අනොත්තප්පං ථීනෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, උද්ධච්චං අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අනොත්තප්පං උද්ධච්චෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අහිරිකං අනොත්තප්පෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, අනොත්තප්පං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, ඉමෙ ධම්මා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තා ච.
Sinhala BJTලෝභය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දිට්ඨිය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය දිට්ඨිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ ක්ලේශයෝත් ක්ලේශසම්ප්‍රයුක්තෝත් වෙත්.
Pali BJT1257. කතමෙ ධම්මා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා:
Sinhala BJT1257. කවර ධර්‍මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා.
Sinhala BJTඒ ක්ලේශධර්‍මයන් සමඟ යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ … විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙත්.
Pali BJT1258. කතමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා සඞ්කිලෙසිකා:
Sinhala BJT1258. කවර ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා සඞ්කිලෙසිකා.
Sinhala BJTඒ ක්ලේශධර්‍මයන් කෙරෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශල අව්‍යාකෘතධර්‍මයෝ යැ, රූපස්කන්‍ධය යැ ... විඥානස්කන්‍ධය යැ යන මේ ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත ද සාංක්ලේශික ද වෙත්.
Pali BJT1259. කතමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා අසඞ්කිලෙසිකා:
Sinhala BJT1259. කවර ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා කිලෙසවිප්පයුත්තා අසඞ්කිලෙසිකා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන් මේ ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික්යෝ යි.
Pali BJTකිලෙසගොච්ඡකං.
Sinhala BJTක්ලේශ ගොච්ඡක යි.
Pali BJT1260. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා:
Sinhala BJT1260. ඒ කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
Pali BJTතීණි සඤ්ඤෙජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො.
Sinhala BJTසක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
Pali BJT1261. තත්ථ කතමා සක්කායදිට්ඨි:
Sinhala BJT1261. එහි සක්කාදිට්ඨි කවර යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං -පෙ- යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං{1} දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං{2} දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති සක්කායදිට්ඨි.
Sinhala BJTමෙලොව අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුනේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂ ධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුනේ රූපය ආත්ම හෙයින් දකී. රූපවත් වූ ආත්මය හෝ දකී. ආත්මයෙහි හෝ රූපය දකී. රූපයෙහි හෝ ආත්මය දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විනඥානය ආත්ම හෙයින් දකී. ආත්මය විනඥානවත් කොට හෝ දකී. ආත්මයෙහි විනඥානය ඇතැයි හෝ දකී. විනඥානයෙහි හෝ ආත්මය ඇතැයි දකී. මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්සංයෝඡනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙන් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
Pali BJT1262. තත්ථ කතමා විචිකිච්ඡා:
Sinhala BJT1262. එහි විචිකිච්ඡා කවර යත්:
Pali BJTසත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති, යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
Sinhala BJTශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි. සංඝයා කෙරෙහි සැක කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමූත්පාදයෙහි සැක කෙරෙයි. මෙබඳු යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්වේධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් අපර්‍ය්‍යවගාහනයෙක් චිත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යයි කියනු ලැබේ.
Pali BJT1263. තත්ථ කතමො සීලබ්බතපරාමාසො:
Sinhala BJT1263. එහි සීලබ්බතපරාමාස කවරෙ යත්:
Pali BJTඉතො බහිද්ධා සමණාබ්රාහ්මණානං සීලෙන සුද්ධි, වතෙන සුද්ධි, සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සීලබ්බතපරාමාසො. ඉමානි තීණි සඤ්ඤොජනානි, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTමේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ව්‍රතයෙන් ශුද්ධි යැ ශීලව්‍රතයෙන් ශුද්ධි යැ යි මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ‘සීලබ්බතපරාමාස’ යයි කියනු ලැබේ. මේ තුන් සංයෝජනයෝ යැ තදේකස්ථ ක්ලේශයෝද තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJT1264. කතමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බා:
Sinhala BJT1264. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නොවෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වෙත්.
Pali BJT1265. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බා:
Sinhala BJT1265. භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
Pali BJTඅවසෙසො ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බා.
Sinhala BJTඅවශිෂ්ට වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහය යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
Pali BJT1266. කතමෙ ධම්මා න භාවනාය පහාතබ්බා:
Sinhala BJT1266. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වන ධර්‍මයෝ යි.
Pali BJT1267. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා:
Sinhala BJT1267. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතීණි සඤ්ඤොජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො.
Sinhala BJTසක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
Pali BJT1268. තත්ථ කතමා සක්කායදිට්ඨි,
Sinhala BJT1268. එහි සක්කායදිට්ඨි කවර යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සක්කායදිට්ඨි.
Sinhala BJTමෙලො වැ අශ්‍රැතවත් පෘථග්ජන ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
Pali BJT1269. තත්ථ කතමා විචිකිච්ඡා:
Sinhala BJT1269. එහි විචිකිච්ඡා කවර යත්:
Pali BJTසත්ථරි කඞ්ඛති විචිකිච්ඡති -පෙ- ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
Sinhala BJTශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි විචිකිච්ඡා කෙරෙයි ... වීත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යැයි කියනු ලැබේ.
Pali BJT1270. තත්ථ කතමො සීලබ්බතපරාමාසො:
Sinhala BJT1270. එහි සීලබ්බතපරාමාස කවර යත්:
Pali BJTඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සීලබ්බතපරාමාසො.
Sinhala BJTමේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සීලබ්බතපරාමාස’ යැයි කියනු ලැබේ.
Pali BJTඉමානි තීණි සඤ්ඤොජනානි, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTමේ තුන් සංයෝජයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු දර්‍ශනායන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJTතීණි සඤ්ඤොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා. තදෙකට්ඨො ලොභො දොසො මොහො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතු තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTසක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යෙයෝ යැ තදේකස්ථ වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහ යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුහු යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJT1271. කතමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බහෙතුකා:
Sinhala BJT1271. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවර යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTඒ ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
Pali BJT1272. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJT1272. භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු ඇති ධර්‍මයෝ කවර යත්:
Pali BJTඅවසෙසො ලොභො දොසො මොහො, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතු, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTසෙසු ලෝභ යැ ද්වේෂ යැ මෝහ යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු වෙති. තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යය හේතු ඇති ධර්‍මයෝ යි.
Pali BJT1273. කතමෙ ධම්මා න භාවනාය පහාතබ්බහෙතුකා:
Sinhala BJT1273. භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු නැති ධර්‍මයෝ කවර යත්‍:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශල - අව්‍යාකෘතධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැති ධර්‍මයෝ යි.
Pali BJT1274. කතමෙ ධම්මා සවිතක්කා:
Sinhala BJT1274. සවිතර්‍කධර්‍මයෝ කවර යත්:
Pali BJTසවිතක්කභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ විතක්කං. ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සවිතක්කා.
Sinhala BJTකාමාවචර රූපාවචර අපරියාපන්න වූ සවිතර්‍කභූමියෙහි විතර්‍කය තබා ඒ විතර්‍කය හා සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ සවිතර්‍කයෝ යි.
Pali BJT1275. කතමෙ ධම්මා අවිතක්කා:
Sinhala BJT1275. අවිතර්‍කධර්‍මයෝ කවර යත්:
Pali BJTඅවිතක්කභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ. වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, විතක්කො ච, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අවිතක්කා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අවිතර්‍කභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ විතර්‍කය ද හැම රූ ද අසඞ්ඛතධාතු ද යන මොහු අවිතර්‍කධර්‍මයෝ යි.
Pali BJT1276. කතමෙ ධම්මා සවිචාරා:
Sinhala BJT1276. සවිචාරධර්‍මයෝ කවර යත්:
Pali BJTසවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ විචාරං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සවිචාරා:
Sinhala BJTකාමාවචර රූපාවචර අපරියාපන්න සවිචාරභූමියෙහි විචාරය තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සවිචාර ධර්‍මයෝ යි.
Pali BJT1277. කතමෙ ධම්මා අවිචාරා:
Sinhala BJT1277. අවිචාරධර්‍මයෝ කවර යත්:
Pali BJTඅවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, විචාරො ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අවිචාරා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අවිචාරභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ විචාරය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අවිචාරධර්‍මයෝ යි.
Pali BJT1278. කතමෙ ධම්මා සප්පීතිකා:
Sinhala BJT1278. සප්‍රීතිකධර්‍මයෝ කවර යත්:
Pali BJTසප්පීතිකභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ පීතිං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සප්පීතිකා.
Sinhala BJTකාමාවචර රූපාවචර අපරියාපන්න සප්‍රීතිකභූමියෙහි ප්‍රීතිය තබා තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සප්‍රීතික ධර්‍මයෝ යි.
Pali BJT1279. කතමෙ ධම්මා අප්පීතිකා:
Sinhala BJT1279. අප්‍රීතිකධර්‍මයෝ කවර යත්:
Pali BJTඅප්පීතිකභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, පීති ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අප්පීතිකා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අප්‍රීතිකභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ ප්‍රීතිය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අප්‍රීතික ධර්‍මයෝ යි.
Pali BJT1280. කතමෙ ධම්මා පීතිසහගතා:
Sinhala BJT1280. ප්‍රීතිසහගතධර්‍මයෝ කවර යත්:
Pali BJTපීතිභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ පීතිං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පීතිසහගතා.
Sinhala BJTකාමාවචර රූපාවචර අපරියාපන්න ප්‍රීතිභූමියෙහි ප්‍රීතිය තබා තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු ප්‍රීතිසහගත ධර්‍මයෝ යි.
Pali BJT1281. කතමෙ ධම්මා න පීතිසහගතා:
Sinhala BJT1281. ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ කවර යත්:
Pali BJTන පීතිභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, පීති ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න පීතිසහගතා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න ප්‍රීති නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ ප්‍රීතිය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1282. කතමෙ ධම්මා සුඛසහගතා:
Sinhala BJT1282. සුඛසහගතධර්‍මයෝ කවර යත්:
Pali BJTසුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ සුඛං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සුඛසහගතා.
Sinhala BJTකාමාවචර රූපාවචර අපරියාපන්න සුඛභූමියෙහි සුවය තබා තත්සම්ප්‍රයුක්ත සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ, විඥානස්කන්‍ධ යන මොහු සුඛසහගත ධර්‍මයෝ යි.
Pali BJT1283. කතමෙ ධම්මා න සුඛසහගතා:
Sinhala BJT1283. සුඛසහගත නො වූ ධර්‍මයෝ කවර යත්:
Pali BJTන සුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සුඛං ච, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න සුඛසහගතා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න සුඛ නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන සුවය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු සුඛසහගත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1284. කතමෙ ධම්මා උපෙක්ඛාසහගතා:
Sinhala BJT1284. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ කවර යත්:
Pali BJTඋපෙක්ඛාභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ උපෙක්ඛං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපෙක්ඛාසහගතා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්‍ෂා භූමියෙහි උපේක්‍ෂාව තබා තත්සම්ප්‍රයුක්ත සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ, විඥානස්කන්‍ධ යන මොහු උපේක්‍ෂා සහගත ධර්‍මයෝ යි.
Pali BJT1285. කතමෙ ධම්මා න උපෙක්ඛාසහගතා:
Sinhala BJT1285. උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ කවර යත්:
Pali BJTන උපෙක්ඛාභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, උපෙක්ඛා ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්‍ෂා නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ උපේක්‍ෂාව ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු උපේක්‍ෂා සහගත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1286. කතමෙ ධම්මා කාමාවචරා:
Sinhala BJT1286. කාමාවචර ධර්‍මයෝ කවර යත්: