Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3001-3100 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1192. කතමෙ ධම්මා චිත්තා:
Sinhala BJT1192. කවර ධර්‍මයෝ චිත්ත වෙති යත්:
Pali BJTචක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොධාතු මනොවිඤ්ඤාණධාතු, ඉමෙ ධම්මා චිත්තා.
Sinhala BJTචක්‍ෂුර්විඥාන යැ ශ්‍රෝත්‍රවිඥාන යැ ඝ්‍රාණවිඥාන යැ ජිහ්වාවිඥාන යැ කායවිඥාන යැ මනෝධාතු යැ මනෝවිඥානධාතු යි. මේ ධර්‍මයෝ චිත්තයෝ යි.
Pali BJT1193. කතමෙ ධම්මා නො චිත්තා:
Sinhala BJT1193. චිත්ත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්තා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු චිත්ත නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1194. කතමෙ ධම්මා චෙතසිකා:
Sinhala BJT1194. කවර ධර්‍මයෝ චෛතසික වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චෙතසිකා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චෛතසිකයෝ යි.
Pali BJT1195. කතමෙ ධම්මා අචෙතසිකා:
Sinhala BJT1195. කවර ධර්‍මයෝ අචෛතසික වෙති යත්:
Pali BJTචිත්තං ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අචෙතසිකා.
Sinhala BJTචිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අචෛතසිකයෝ යි.
Pali BJT1196. කතමෙ ධම්මා චිත්තසම්පයුත්තා:
Sinhala BJT1196. කවර ධර්‍මයෝ චිත්තසම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො. ඉමෙ ධම්මා චිත්තසම්පයුත්තා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චිත්ත සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1197. කතමෙ ධම්මා චිත්තවිප්පයුත්තා:
Sinhala BJT1197. කවර ධර්‍මයෝ චිත්තවිප්‍රයුක්ත වෙති යත්:
Pali BJTසබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා චිත්තවිප්පයුත්තා. චිත්තං න වත්තබ්බං චිත්තෙන සම්පයුත්තන්තිපි චිත්තෙන විප්පයුත්තන්තිපි.
Sinhala BJTහැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තවිප්‍රයුක්තයෝ යැ. චිත්තය චිත්තය හා සම්ප්‍රයුක්ත යැ යි ද ච්ත්තයෙන් විප්‍රයුක්ත යැයි ද නො කියැ යුතු යැ.
Pali BJT1198. කතමෙ ධම්මා චිත්තසංසට්ඨා:
Sinhala BJT1198. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ට වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො. ඉමෙ ධම්මා චිත්තසංසට්ඨා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටයෝ යි.
Pali BJT1199. කතමෙ ධම්මා චිත්තවිසංසට්ඨා:
Sinhala BJT1199. කවර ධර්‍මයෝ චිත්තවිසංසෘෂ්ට වෙති යත්:
Pali BJTසබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා චිත්තවිසංසට්ඨා. චිත්තං න වත්තබ්බං චිත්තෙන සංසට්ඨන්තිපි චිත්තෙන විසංසට්ඨන්ති පි.
Sinhala BJTහැම රූප දඅසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තවිසංසෘෂ්ටයෝ යැ. චිත්තය සිත හා සංසෘෂ්ට යයි ද සිත හා විසංසෘෂ්ට යයි ද නො කියැ යුතු යැ.
Pali BJT1200. කතමෙ ධම්මා චිත්තසමුට්ඨානා:
Sinhala BJT1200. චිත්තසමුට්ඨාන ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති කබළිඞ්කාරො ආහාරො, ඉමෙ ධම්මා චිත්තසමුට්ඨානා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යළි චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් අන්‍ය රූපයෙක්ත් ඇද්ද, රූපායතන යැ ශබ්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ස්පෘෂ්ටව්‍යායතන යැ ආකාශධාතු යැ අබ්ධාතු යැ රූපයාගේ ලඝුතා යැ රූපයාගේ මෘදුතා යැ රූපයාගේ කර්‍මණ්‍යතා යැ රූපයාගේ උපචය යැ රූපයාගේ සන්තති යැ කවලීකාරාහාර යැ යන මේ ධර්‍මයෝ චිත්තසමුත්‍ථානයෝ යි.
Pali BJT1201. කතමෙ ධම්මා නො චිත්තසමුට්ඨානා:
Sinhala BJT1201. කවර ධර්‍මයෝ චිත්තසමුත්‍ථාන නො වෙති යත්:
Pali BJTචිත්තං ච අවසෙසං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්තසමුට්ඨානා.
Sinhala BJTචිත්තය ද අවශේෂරූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්ත සමුත්‍ථාන නො වූවාහු වෙත්.
Pali BJT1202. කතමෙ ධම්මා චිත්තසහභුනො:
Sinhala BJT1202. කවර ධර්‍මයෝ චිත්තසහභූ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, ඉමෙ ධම්මා චිත්තසහභුනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්‍මයෝ චිත්ත සහභූ (සිත හා එක් ව උපදනාහු) වෙත්.
Pali BJT1203. කතමෙ ධම්මා නො චිත්තසහභුනො:
Sinhala BJT1203. කවර ධර්‍මයෝ චිත්තසහභූ නො වෙති යත්:
Pali BJTචිත්තං ච අවසෙසං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්තසහභුනො.
Sinhala BJTචිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ සිත හා එක් වැ නූපදනාහු වෙත්.
Pali BJT1204. කතමෙ ධම්මා චිත්තානුපරිවත්තිනො:
Sinhala BJT1204. කවර ධර්‍මයෝ චිත්තානුපරිවර්ති වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, ඉමෙ ධම්මා චිත්තානුපරිවත්තිනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්‍මයෝ චිත්තානුපරිවර්තීහු වෙත්.
Pali BJT1205. කතමෙ ධම්මා නො චිත්තානුපරිවත්තිනො:
Sinhala BJT1205. කවර ධර්‍මයෝ චිත්තානුපරිවර්ති නො වෙති යත්:
Pali BJTචිත්තං ච අවසෙසං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්තානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තානුපරිවර්ති නො වෙත්.
Pali BJT1206. කතමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානා:
Sinhala BJT1206. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ යි.
Pali BJT1207. කතමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානා:
Sinhala BJT1207. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙති යත්:
Pali BJTචිත්තං ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්ත සංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTචිත්තය ද හැම රූප ද අසඞ්ඛත ධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙත්.
Pali BJT1208. කතමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො:
Sinhala BJT1208. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙත්.
Pali BJT1209. කතමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො:
Sinhala BJT1209. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති යත්:
Pali BJTචිත්තං ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJTචිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙත්.
Pali BJT1210. කතමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො:
Sinhala BJT1210. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉමෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙත්.
Pali BJT1211. කතමෙ ධම්මා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො:
Sinhala BJT1211. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති යත්:
Pali BJTචිත්තං ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො චිත්ත සංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙත්.
Pali BJT1212. කතමෙ ධම්මා අජ්ඣත්තිකා:
Sinhala BJT1212. ආධ්‍යාත්මික ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- මනායතනං, ඉමෙ ධම්මා අජ්ඣත්තිකා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... මනායතන යැ යන මේ ධර්‍මයෝ ආධ්‍යාත්මිකයෝ යි.
Pali BJT1213. කතමෙ ධම්මා බාහිරා:
Sinhala BJT1213. බාහ්‍ය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපායතනං -පෙ- ධම්මායතනං, ඉමෙ ධම්මා බාහිරා.
Sinhala BJTරූපායතන යැ ... ධර්‍මායතන යැ යන මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.
Pali BJT1214. කතමෙ ධම්මා උපාදා:
Sinhala BJT1214. උපාදා ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබළිඞ්කාරො{1} ආහාරො, ඉමෙ ධම්මා උපාදා.
Sinhala BJTචක්‍ෂුරායතන යැ ... කවලීකාරාහාර යැ යන මොහු උපාදා (භූතයන් පවත්නා) ධර්‍මයෝ යි.
Pali BJT1215. කතමෙ ධම්මා නො උපාදා:
Sinhala BJT1215. උපාදා නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො චත්තාරො ච මහාභූතා අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො උපාදා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ සතර මහාභූතයෝ යැ අසඞ්ඛතධාතු යැ යන මොහු උපාදා නො වූ (භූතයන් නො නිසා පවත්නා) ධර්‍මයෝ යි.
Pali BJT1216. කතමෙ ධම්මා උපාදින්නා:
Sinhala BJT1216. උපාදින්නධර්‍මයෝ කවරහ යත්:
Pali BJTසාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යං ච රූපං කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා උපාදින්නා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යම් කර්‍මයාගේ කෘතත්‍වාත් රූපයෙක් ඇද්ද ඒ ද යන මේ ධර්‍මයෝ උපාදින්නයෝ යි.
Pali BJT1217. කතමෙ ධම්මා අනුපාදින්නා:
Sinhala BJT1217. අනුපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTසාසවා කුසලාකුසලා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, යං ච රූපං න කම්මස්ස කතත්තා, අපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනුපාදින්නා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ නො මැ කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍ම විපාක වූ යම් ක්‍රියා ධර්‍ම කෙනෙකුත් ඇද්ද, කර්‍මයාගේ කෘතත්‍වාත් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනුපාදින්නයෝ යි.
Pali BJTමහන්තරදුකං
Sinhala BJTමහන්තර දුක යි.
Pali BJT1218. කතමෙ ධම්මා උපාදානා:?
Sinhala BJT1218. උපාදානධර්‍මයෝ කවරයහ යත්:
Pali BJTචත්තාරි උපාදානානි: කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං.
Sinhala BJTඋපාදානයෝ සතර දෙනෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
Pali BJT1219. තත්ථ කතමං කාමූපාදානං:
Sinhala BJT1219. එහි කාමූපාදාන කවරේ යත්:
Pali BJTයො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, ඉදං වුච්චති කාමූපාදානං.
Sinhala BJTපඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද, මේ කාමූපාදාන යයි කියනු ලැබේ.
Pali BJT1220. තත්ථ කතමං දිට්ඨුපාදානං:
Sinhala BJT1220. එහි දිට්ඨූපාදාන කවරේ යත්:
Pali BJTනත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො නත්ථි පරො ලොකො නත්ථි මාතා නත්ථි පිතා නත්ථි සත්තා ඔපපාතිකා නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො ඉදං වුච්චති දිට්ඨූපාදානං, ඨපෙත්වා සීලබ්බතූපාදානං ච අත්තවාදූපාදානං ච, සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨුපාදානං.
Sinhala BJTදුන් දැය ඵලවිපාක නැත, යාගයෙහි ඵලවිපාක නැත, හෝමයෙහි ඵලවිපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ නැතැ’ යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දිට්ඨූපාදාන යයි කියනු ලැබේ. සීලබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද තබා හැම මිථ්‍යාදෘෂ්ටි දිට්ඨූපාදාන නමි.
Pali BJT1221. තත්ථ කතමං සීලබ්බතූපාදානං:
Sinhala BJT1221. එහි සීලබ්බතූපාදාන කවරේ යත්:
Pali BJTඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති සීලබ්බතූපාදානං.
Sinhala BJTමේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීලව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘඪග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ සීලබ්බතූපාදාන නමි.
Pali BJT1222. තත්ථ කතමං අත්තවාදූපාදානං:
Sinhala BJT1222. එහි අත්තවාදූපාදාන කවරේ යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති අත්තවාදූපාදානං.
Sinhala BJTමෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් දකී, ආත්මය රූපවත් යයි හෝ දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම හෙයින් දකී, ආත්මය විඥානවත් යයි හෝ දකී, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකී, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී, මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ආත්මවාදෝපාදාන යයි කියනු ලැබේ.
Pali BJTඉමෙ ධම්මා උපාදානා.
Sinhala BJTමේ ධර්‍මයෝ උපාදානයෝ යි.
Pali BJT1223. කතමෙ ධම්මා නො උපාදානා:
Sinhala BJT1223.උපාදාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො උපාදානා.
Sinhala BJTඒ උපාදානධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ සෙසු කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ. වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදාන නො වෙත්.
Pali BJT1224. කතමෙ ධම්මා උපාදානියා:
Sinhala BJT1224. කවර ධර්‍මයෝ උපාදානිය වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපාදානියා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය වෙත්.
Pali BJT1225. කතමෙ ධම්මා අනුපාදානියා:
Sinhala BJT1225. කවර ධර්‍මයෝ අනුපාදානිය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනුපාදානියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුපාදානිය ධර්‍මයෝ වෙත්.
Pali BJT1226. කතමෙ ධම්මා උපාදානසම්පයුත්තා:
Sinhala BJT1226. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපාදානසම්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙත්.
Pali BJT1227. කතමෙ ධම්මා උපාදානවිප්පයුත්තා:
Sinhala BJT1227. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ උපාදාන ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙත්.
Pali BJT1228. කතමෙ ධම්මා උපාදානා චෙව උපාදානියා ච:
Sinhala BJT1228. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානිය ද වෙති යත්:
Pali BJTතානෙව උපාදානානි උපාදානා චෙව උපාදානියා ච.
Sinhala BJTඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.
Pali BJT1229. කතමෙ ධම්මා උපාදානියා චෙව නො ච උපාදානා:
Sinhala BJT1229. කවර ධර්‍මයෝ උපාදානිය ද නො ද උපාදාන ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා උපාදානියා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපාදානියා චෙව නො ච උපාදානා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් විසින් උපාදානිය වෙත් ද ඒ ධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර වූ සෙසු සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය ද නො ද උපාදාන ද වෙත්.
Pali BJT1230. කතමෙ ධම්මා උපාදානා චෙව උපාදානසම්පයුත්තා ච:
Sinhala BJT1230. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙති යත්:
Pali BJTදිට්ඨූපාදානං කාමූපාදානෙන උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, කාමූපාදානං දිට්ඨූපාදානෙන උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, සීලබ්බතූපාදානං කාමූපාදානෙන උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, කාමූපාදානං සීලබ්බතූපාදානෙන උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, අත්තවාදූපාදානං කාමූපාදානෙන උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, කාමූපාදානං අත්තවාදූපාදානෙන උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, ඉමෙ ධම්මා උපාදානා චෙව උපාදානසම්පයුත්තා ච.
Sinhala BJTදිට්ඨූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය දිට්ඨූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. සීලබ්බතූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය සීලබ්බතූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. අත්තවාදූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය අත්තවාදූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙත්.
Pali BJT1231. කතමෙ ධම්මා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානා:
Sinhala BJT1231. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත ද නො ද උපාදාන ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත ද නො ද උපාදාන ද වෙත්.
Pali BJT1232. කතමෙ ධම්මා උපාදානවිප්පයුත්තා උපාදානියා:
Sinhala BJT1232. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපාදානවිප්පයුත්තා උපාදානියා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු වෙත් ද කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත උපාදානිය වෙත්.
Pali BJT1233. කතමෙ ධම්මා උපාදානවිප්පයුත්තා අනුපාදානියා:
Sinhala BJT1233. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා උපාදානවිප්පයුත්තා අනුපාදානියා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය වෙත්.
Pali BJTඋපාදානගොච්ඡකං
Sinhala BJTඋපාදානගොච්ඡක යි.
Pali BJTනික්ඛෙප කණ්ඩෙ දුතියක භාණවාරං නිට්ඨිතං.
Sinhala BJTනික්‍ෂේපකාණ්ඩයෙහි දෙවැනි බණවර නිමි.
Pali BJT1234. කතමෙ ධම්මා කිලෙසා:
Sinhala BJT1234. කවර ධර්‍මයෝ ක්ලේශ වෙති යත්:
Pali BJTදස කිලෙසවත්ථූනි. ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථීනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පං.
Sinhala BJTක්ලේශ වස්තූහු දස දෙනෙකි. ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, මිද්ධ යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.
Pali BJT1235. තත්ථ කතමො ලොභො:
Sinhala BJT1235. එහි ලෝභ කවරේ යත්:
Pali BJTයො රාගො සරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පළිගෙධො සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො සිනෙහො අපෙක්ඛා පටිබන්ධු ආසා ආසිංසනා ආසිංසිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්ඡිකතා සාධුකම්යතා අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡාදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං වුච්චති ලොභො.
Sinhala BJTයම් රාගයෙක් බලවත් රාගයෙක් අරමුණෙහි සත්ත්‍වයන්ගේ පැමිණවීමෙක් ඇවිරීමෙක් (භවයෙහි) ඇලීමෙක් නන්‍දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් භවයට ඇදීමෙක් වඤ්චායෙක් (සසරවට සත්‍වයන්) ඉපැදවීමෙක් (සත්ත්‍වයන් දුක හා සමග යොදමින්) ඉපදවීමෙක් (සසරවට) හිවීමෙක් ජාලිනියක් (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නදියක් විසත්තිකායෙක් විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) දෙවැන්නක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (ඒ ඒ අරමුණෙහි ඇලෙන හෙයින්) වනයෙක් බලවත් වූ ගහනයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක් රූපෙයහි ආශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්)ජල්පායෙක් ප්‍රකර්‍ෂජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් පුනපුනා අරමුණෙහි ලොල්වීමෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් මිහිරි අරමුණු කැමති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡාදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශල වාරය ගන්නා) පර්‍ය්‍යුත්‍ථානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ගර්දුල(බලු බැඳුම)යෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් දැඩි ලෝභයෙක් ලෝභ අකුසල මූලයෙක් ඇද්ද, මේ ‘ලෝභ’ ය යි කියනු ලැබේ.
Pali BJT1236. තත්ථ කතමො දොසො:
Sinhala BJT1236. එහි ද්වේෂ කවරේ යත්:
Pali BJTඅනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති, ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අට්ඨානෙ වා පන ආඝාතො ජායති, යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති දොසො.
Sinhala BJTමට අවැඩ කළැයි කෝප උපදී. මට අවැඩ කෙරෙයි කෝප උපදී. මට අවැඩ කරන්නේ වනැයි කෝප උපදී. මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළැයි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ යයි කෝප උපදී. මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කළැයි ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි කෝප උපදී. යළි අස්ථානයෙහි හෝ කෝප උපදී. මෙබඳු චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරළීමෙක් චිත්තයාගේ ප්‍රද්වේෂයෙක් ක්‍රෝධකේ ක්‍රෝධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති ආකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ‘ද්වේෂ’ යයි කියනු ලැබේ.
Pali BJT1237. තත්ථ කතමො මොහො:
Sinhala BJT1237. එහි මෝහ කවරේ යත්:
Pali BJTදුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති මොහො.
Sinhala BJTදුඃඛය නො දැනීම, දුඃඛසමුදය නො දැනීම, දුඃඛනිරෝධය නො දැනීම, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නො දැනීම, පූර්‍වාන්තය නො දැනීම, අපරාන්තය නො දැනීම, පූර්‍වාන්තාපරාන්තය නො දැනීම, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන් නො දැනීම යන මෙබඳු වූ යම් නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංගාහනායෙක් දුර්මේධායෙක් බාල්‍යයෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘මෝහ’ යයි කියනු ලැබේ.
Pali BJT1238. තත්ථ කතමො මානො:
Sinhala BJT1238. එහි මාන කවරේ යත්:
Pali BJTසෙය්යොහමස්මීති මානො, සදිසොහමස්මීති මානො, හීනොහමස්මීති මානො, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානො.
Sinhala BJT‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි මාන යැ, ‘මම සදෘශ වෙමි’යි මාන යැ, ‘මම හීන වෙමි’යි මාන යැ, මෙබඳු වූ යම් මානෙයක් මාන ආකාරෙයක් මානිත බෙවක් උන්නතියෙක් නඟාතැබීමෙක් (මාන සඞ්ඛ්‍යාත)ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් (චිත්තයාගේ) කේතුකාම්‍යතායෙක් ඇද්ද, මේ ‘මාන’ යයි කියනු ලැබේ.
Pali BJT1239. තත්ථ කතමා දිට්ඨි:
Sinhala BJT1239. එහි දෘෂ්ටි කවරේ යත්:
Pali BJTසස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං{1}, දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨි සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨි.
Sinhala BJT‘ලෝකය ශාශ්වත’ යයි හෝ ‘ලෝකය අශාශ්වත’ යයි හෝ ‘ලෝකය අන්තවත්’ යයි හෝ ‘ලෝකය අනන්තවත්’ යයි හෝ ‘ඒ මැ ජීව යැ යි ඒ මැ ශරීර යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ ‘සත්ත්‍වයා මරණින් මතු වෙයි’ හෝ ‘සත්ත්‍වයා මරණින් මතු නො වෙයි’ හෝ ‘සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වේ’ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ) ග්‍රාහයෙක් පිහිටාගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටි’ යයි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටි මැ දෘෂ්ටි වේ.