Pali BJT1144. කතමෙ ධම්මා නො ගන්ථා:
Sinhala BJT1144. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො ගන්ථා.
Sinhala BJTඒ ග්‍රන්‍ථධර්‍මයන් තබා ශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ, හැම රූප ද, අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ නො වූවෝ යි.
Pali BJT1145. කතමෙ ධම්මා ගන්ථනීයා:
Sinhala BJT1145. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො ඉමෙ ධම්මා ගන්ථනීයා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වෙති.
Pali BJT1146. කතමෙ ධම්මා අගන්ථනීයා:
Sinhala BJT1146. කවර ධර්‍මයෝ අගන්‍ථනීය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච, මග්ගඵලානි ච, අසඞ්ඛතා ච ධාතු ඉමෙ ධම්මා අගන්ථනීයා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛත ධාතුව ද යන මොහු අගන්‍ථනීය ධර්‍මයෝ යි.
Pali BJT1147. කතමෙ ධම්මා ගන්ථසම්පයුත්තා:
Sinhala BJT1147. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො ඉමෙ ධම්මා ගන්ථසම්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1148. කතමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා:
Sinhala BJT1148. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය සියලු රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ විප්‍රයුක්තයෝ යි.
Pali BJT1149. කතමෙ ධම්මා ගන්ථා චෙව ගන්ථනීයා ච:
Sinhala BJT1149. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථනීය වූවාහු ද වෙති යත්:
Pali BJTතෙව ගන්ථා ගන්ථා චෙව ගන්ථනීයා ච.
Sinhala BJTඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වෙත්.
Pali BJT1150. කතමෙ ධම්මා ගන්ථනීයා චෙව නො ච ගන්ථා:
Sinhala BJT1150. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථනීය ද නො ද ග්‍රන්‍ථ ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා ගන්ථනීයා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ගන්ථනීයා චෙව නො ච ගන්ථා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් ග්‍රන්‍ථනීය වෙත් නම් ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වූවාහු ද නො ද ග්‍රන්‍ථ වූවාහු ද වෙත්.
Pali BJT1151. කතමෙ ධම්මා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා ච:
Sinhala BJT1151. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:
Pali BJTසීලබ්බතපරාමාසො කායගන්ථො අභිජ්ඣාකායගන්ථෙන ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො ච, අභිජ්ඣාකායගන්ථො සීලබ්බතපරාමාසෙන කායගන්ථෙන ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො ච, ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො අභිජ්ඣාකායගන්ථෙන ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො ච, අභිජ්ඣාකායගන්ථො ඉදංසච්චාභිනිවෙසෙන කායගන්ථෙන ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො ච ඉමෙ ධම්මා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා ච.
Sinhala BJTශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය අභිධ්‍යාකායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි. අභිධ්‍යාකායග්‍රන්‍ථය ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ වූයේ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථය අභිධ්‍යාකායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි. අභිධ්‍යාකායග්‍රන්‍ථය ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වේ. මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූවාහු ද වෙත්.
Pali BJT1152. කතමෙ ධම්මා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථා:
Sinhala BJT1152. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද නො ද ග්‍රන්‍ථ ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද නො ද ග්‍රන්‍ථ ද වෙත්.
Pali BJT1153. කතමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා:
Sinhala BJT1153. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු නම් කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූවාහු වෙත්.
Pali BJT1154. කතමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා:
Sinhala BJT1154. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූවාහු වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච, මග්ගඵලානි ච, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූවාහු වෙත්.
Pali BJTගන්ථගොච්ඡකං.
Sinhala BJTග්‍රන්‍ථ ගොච්ඡක යි.
Pali BJT1155. කතමෙ ධම්මා ඔඝා -පෙ-
Sinhala BJT1155. කවර ධර්‍මයෝ ඕඝ වෙති යත්: ...
Pali BJTඔඝගොච්ඡකං.
Sinhala BJTඕඝ ගොච්ඡක යි.
Pali BJT1156. කතමෙ ධම්මා යොගා -පෙ-
Sinhala BJT1156. කවර ධර්‍මයෝ යෝග වෙති යත්: ...
Pali BJTයොගගොච්ඡකං
Sinhala BJTයෝග ගොච්ඡක යි.
Pali BJT1157. කතමෙ ධම්මා නීවරණා:
Sinhala BJT1157. කවර ධර්‍මයෝ නීවරණ වෙති යත්:
Pali BJTඡ නීවරණා: කාමච්ඡන්දනීවරණං, ව්යාපාදනීවරණං, ථීනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං, අවිජ්ජානීවරණං.
Sinhala BJTනීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිද්‍යානීවරණ යි.
Pali BJT1158. තත්ථ කතමං කාමච්ඡන්දනීවරණං:
Sinhala BJT1158. එහි කාමච්ඡන්‍දනීවරණය කවරේ යත්:
Pali BJTයො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, ඉදං වුච්චති කාමච්ඡන්දනීවරණං.
Sinhala BJTකාම විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද මේ කාමච්ඡන්‍ද නීවරණ යයි කියනු ලැබේ.
Pali BJT1159. තත්ථ කතමං ව්යාපාදනීවරණං:
Sinhala BJT1159. එහි ව්‍යාපාදනීවරණ කවරේ යත්:
Pali BJT‘අනත්ථං මෙ අචරී’ති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතී’ති ආඝාතො ජායති, ‘අනත්ථං මෙ චරිස්සතී’ති ආඝාතො ජායති. ‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතී’ති ආඝාතො ජායති. ‘අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතී’ති ආඝාතො ජායති. අට්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං විරොධො පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා{1} දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉදං වුච්චති ව්යාපාදනීවරණං.
Sinhala BJT‘මට අනර්‍ත්‍ථ කෙළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රියමනාප වූවහුට අනර්‍ත්‍ථ කෙළේ ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේ යැ ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මෙබඳු වූ යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ පෙරැළීමෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරැළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් චණ්ඩ බවෙක් වාක් අපරිපූර්‍ණතායෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ව්‍යාපාදනීවරණ යයි කියනු ලැබේ.
Pali BJT1160. තත්ථ කතමං ථීනමිද්ධනීවරණං:
Sinhala BJT1160. එහි ථීනමිද්ධනීවරණ කවරේ යත්:
Pali BJTඅත්ථි ථීනං අත්ථි මිද්ධං.
Sinhala BJTථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති.
Pali BJT1161. තත්ථ තකමං ථීනං:
Sinhala BJT1161. එහි ථීනය කවරේ යත්:
Pali BJTයා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං ථීනං ථීයනා ථීයිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති ථීනං.
Sinhala BJTචිත්තයාගේ යම් අකල්‍ය (ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මොනවට එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවෙක් ස්ත්‍යානයෙක් ස්ත්‍යානාකාරයෙක් ස්ත්‍යානභාවයෙක් (තද බවෙක්) වේ ද, මේ ථීන යයි කියනු ලැබේ.
Pali BJT1162. තත්ථ කතමං මිද්ධං:
Sinhala BJT1162. එහි මිද්ධය කවරේ යත්:
Pali BJTයා කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔනාහො පරියොනාහො අන්තොසමොරොධො මිද්ධං සොප්පං පචලායිකා සුපනා සුපිතත්තං, ඉදං වුච්චති මිද්ධං. ඉති ඉදඤ්ච ථීනං, ඉදඤ්ච මිද්ධං, ඉදං වුච්චති ථීනමිද්ධනීවරණං.
Sinhala BJTකයෙහි යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍යභාවයෙක් බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙක්) පෙළීමෙක් නිද්‍රායෙක් (ඇස් පිය සැලීම් ආදී) සල බවෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් ඇද්ද, මේ මිද්ධ යයි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත් මේ මිද්ධයත් ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.
Pali BJT1163. තත්ථ කතමං උද්ධච්චකුක්කුච්චනීවරණං:
Sinhala BJT1163. එහි උද්ධච්චකුක්කුච්චනීවරණ කවරේ යත්:
Pali BJTඅත්ථි උද්ධච්චං, අත්ථි කුක්කුච්චං.
Sinhala BJTඋද්ධච්චයෙක් ඇත, කුක්කුච්චයෙක් ඇති.
Pali BJT1164. තත්ථ කතමං උද්ධච්චං:
Sinhala BJT1164. එහි උද්ධච්ච කවරේ යත්:
Pali BJTයං චිත්තස්ස උද්ධච්චං අවූපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං.
Sinhala BJTචිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්ත වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ උද්ධච්ච යයි කියනු ලැබේ.
Pali BJT1165. තත්ථ කතමං කුක්කුච්චං:
Sinhala BJT1165. එහි කුක්කුච්ච කවරේ යත්:
Pali BJTඅකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා, වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං. ඉති ඉදං ච උද්ධච්චං ඉදං ච කුක්කුච්චං, ඉදං වුච්චති උද්ධච්චකුක්කුච්චනීවරණං.
Sinhala BJTඅකැපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්‍යෙයහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යෙයහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළ බවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් සිත හිරිනැගීමෙක් ඇද්ද, මේ කුක්කුච්ච යයි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චයත් මේ කුක්කුච්චයත් යන මේ උද්ධච්චකුක්කුච්චනීවරණ යයි කියනු ලැබේ.
Pali BJT1166. තත්ථ කතමං විචිකිච්ඡානීවරණං:
Sinhala BJT1166. එහි විචිකිච්ඡා නීවරණ කවරේයත්:
Pali BJTසත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති, යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං, විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, ඉදං වුච්චති විචිකිච්ඡානීවරණං.
Sinhala BJTශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ විචිකිච්ඡානීවරණ යයි කියනු ලැබේ.
Pali BJT1167. තත්ථ කතමං අවිජ්ජානීවරණං:
Sinhala BJT1167. එහි අවිද්‍යානීවරණ කවරේ යත්:
Pali BJTදුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි{1} මොහො අකුසලමූලං, ඉදං වුච්චති අවිජ්ජානීවරණං.
Sinhala BJTදුඃඛසත්‍යයෙහි නො දැනීම යැ, දුඃඛසමුදයෙහි නො දැනීම යැ, දුඃඛනිරෝධයෙහි නො දැනීම යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම යැ, පූර්‍වාන්තයෙහි නො දැනීම යැ, අපරාන්තයෙහි නො දැනීම යැ, පූර්‍වාපරාන්තයෙහි නො දැනීම යැ, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි නො දැනීම යැ යන නොදැනීමෙක් අදර්‍ශනයෙක් ධර්‍මයට නුවණින් අනභිමුඛ වීමෙක් අනවබෝධයෙක් අනිත්‍යාදි විසින් නො දැනීමෙක් සිවුසස් නො දැනීමෙක් (අනිත්‍යාදි වශයෙන්) සඟහා නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැක්මෙක් ධර්‍මස්වභාවය නො දැකීමෙක් (කුශලාකුශලයන්) ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් අපවිත්‍ර බවෙක් බාල බවෙක් මුළායෙක් බලවත් මෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් අකුශලමූලයෙක් ඇද්ද, මේ අවිද්‍යානීවරණ යි කියනු ලැබේ.
Pali BJTඉමෙ ධම්මා නීවරණා.
Sinhala BJTමේ ධර්‍මයෝ නීවරණයෝ යි.
Pali BJT1168. කතමෙ ධම්මා නො නීවරණා:
Sinhala BJT1168. නීවරණ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො නීවරණං.
Sinhala BJTඒ නීවරණ ධර්‍මයන් තබා ශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත වූ ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු නීවරණ නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1169. කතමෙ ධම්මා නීවරණියා:
Sinhala BJT1169. කවර ධර්‍මයෝ නීවරණීය වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා නීවරණියා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු නීවරණීය ධර්‍මයෝ යි.
Pali BJT1170. කතමෙ ධම්මා අනීවරණියා:
Sinhala BJT1170. කවර දහම්හු අනීවරණීය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනීවරණියා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනීවරණීය වෙත්.
Pali BJT1171. කතමෙ ධම්මා නීවරණසම්පයුත්තා:
Sinhala BJT1171. කවර ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා නීවරණසම්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණ සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1172. කතමෙ ධම්මා නීවරණවිප්පයුත්තා:
Sinhala BJT1172. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නීවරණවිප්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්තයෝ යි.
Pali BJT1173. කතමෙ ධම්මා නීවරණා චෙව නීවරණියා ච:
Sinhala BJT1173. කවර ධර්‍මයෝ නීවරණ ද නීවරණීය ද වෙති යත්:
Pali BJTතානෙව නීවරණානි නීවරණා චෙව නීවරණියා ච.
Sinhala BJTඒ නීවරණයෝ මැ නීවරණයෝ ද නීවරණීය වූවාහු ද වෙත්.
Pali BJT1174. කතමෙ ධම්මා නීවරණියා චෙව නො ච නීවරණා:
Sinhala BJT1174. කවර ධර්‍මයෝ නීවරණීය ද නො ද නීවරණ ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා නීවරණියා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො ච, ඉමෙ ධම්මා නීවරණියා චෙව නො ච නීවරණා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන්ගෙන් නීවරණීය වෙත් ද ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණීය ද නො ද නීවරණ ද වෙත්.
Pali BJT1175. කතමෙ ධම්මා නීවරණා චෙව නීවරණසම්පයුත්තා ච:
Sinhala BJT1175. කවර ධර්‍මයෝ නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙති යත්:
Pali BJTකාමච්ඡන්දනීවරණං අවිජ්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, අවිජ්ජානීවරණං කාමච්ඡන්දනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, ව්යාපාදනීවරණං අවිජ්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, අවිජ්ජානීවරණං ව්යාපාදනීවරණෙන නීවරණං චෙව නීවරණ සම්පයුත්තං ච, ථීනමිද්ධනීවරණං අවිජ්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, අවිජ්ජානීවරණං ථීනමිද්ධනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං අවිජ්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, අවිජ්ජානීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, කුක්කුච්චනීවරණං අවිජ්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, අවිජ්ජානීවරණං කුක්කුච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, විචිකිච්ඡානීවරණං අවිජ්ජානීවරණෙන නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තඤ්ච, අවිජ්ජානීවරණං විචිකිච්ඡානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, කාමච්ඡන්දනීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං කාමච්ඡන්දනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, ව්යාපාදනීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං ව්යාපාදනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, ථීනමිද්ධනීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං ථීනමිද්ධනීවරණෙන නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තං ච, කුක්කුච්චනීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං කුක්කුච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, විචිකිච්ඡානීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං විචිකිච්ඡානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, අවිජ්ජානීවරණං උද්ධච්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, උද්ධච්චනීවරණං අවිජ්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, ඉමෙ ධම්මා නීවරණා චෙව නීවරණසම්පයුත්තා ච.
Sinhala BJTකාමච්ඡන්‍දනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය කාමච්ඡන්‍දනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ව්‍යාපාදනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය ව්‍යාපාදනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනමිද්ධනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය ථීනමිද්ධනීවරණය හා නීවරණ ද නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කුක්කුච්චනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය කුක්කුච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡානීවරණය අවිජ්ජානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිජ්ජානීවරණය විචිකිච්ඡානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කාමච්ඡන්‍දනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය කාමච්ඡන්‍දනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ව්‍යාපාදනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය ව්‍යාපාදනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනමිද්ධනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය ථීනමිද්ධනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කුක්කුච්චනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය කුක්කුච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය විචිකිච්ඡානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිජ්ජානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය අවිජ්ජානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ නීවරණ වූවාහු ද නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද වෙත්.
Pali BJT1176. කතමෙ ධම්මා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණා:
Sinhala BJT1176. කවර ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද නීවරණ වූවාහු ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණ ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද නීවරණ වූවාහු ද වෙත්.
Pali BJT1177. කතමෙ ධම්මා නීවරණවිප්පයුත්තා නීවරණියා:
Sinhala BJT1177. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා නීවරණවිප්පයුත්තා නීවරණියා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයෙන් විප්‍රයුක්ත වූවාහු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍ම කෙනෙක් ඇද්ද, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වෙත්.
Pali BJT1178. කතමෙ ධම්මා නීවරණවිප්පයුත්තා අනීවරණියා:
Sinhala BJT1178. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නීවරණවිප්පයුත්තා අනීවරණියා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වෙත්.
Pali BJTනීවරණගොච්ඡකං.
Sinhala BJTනීවරණ ගොච්ඡක යි.
Pali BJT1179. කතමෙ ධම්මා පරාමාසා:
Sinhala BJT1179. කවර ධර්‍මයෝ පරාමාස වෙති යත්:
Pali BJTදිට්ඨිපරාමාසො.
Sinhala BJTදෘෂ්ටි පරාමර්‍ශයයි.
Pali BJT1180. තත්ථ කතමො දිට්ඨිපරාමාසො:
Sinhala BJT1180. එහි දෘෂ්ටිපරාමර්‍ශ කවරේ යත්:
Pali BJTසස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං{1} දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො{2} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨිපරාමාසො, සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිපරාමාසො. ඉමෙ ධම්මා පරාමාසා.
Sinhala BJTස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ ඒ මැ ජීව යැ ඒ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි නො මැ වෙයි නො වන්නේ නො වේ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් කුන්මාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දෘෂ්ටිපරාමර්‍ශය යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිපරාමර්‍ශ යි. මේ ධර්‍මයෝ පරාමර්‍ශයෝ යි.
Pali BJT1181. කතමෙ ධම්මා නො පරාමාසා:
Sinhala BJT1181. කවර ධර්‍මයෝ පරාමාස නො වෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො පරාමාසා.
Sinhala BJTඒ පරාමාස ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමාස නො වෙත්.
Pali BJT1182. කතමෙ ධම්මා පරාමට්ඨා:
Sinhala BJT1182. කවර ධර්‍මයෝ පරාමෘෂ්ට වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරාමට්ඨා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධයැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමෘෂ්ටයෝ යි.
Pali BJT1183. කතමෙ ධම්මා අපරාමට්ඨා:
Sinhala BJT1183. කවර ධර්‍මයෝ අපරාමෘෂ්ට වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අපරාමට්ඨා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අපරාමෘෂ්ටයෝ යි.
Pali BJT1184. කතමෙ ධම්මා පරාමාසසම්පයුත්තා:
Sinhala BJT1184. කවර ධර්‍මයෝ පරාමර්‍ශසම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරාමාසසම්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ පරාමර්‍ශ ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමර්‍ශසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1185. කතමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා:
Sinhala BJT1185. කවර ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ පරාමර්‍ශ ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්තයෝ යි.
Pali BJT1186. කතමෙ ධම්මා පරාමාසා චෙව පරාමට්ඨා ච:
Sinhala BJT1186. කවර ධර්‍මයෝ පරාමර්‍ශ වූවාහු ද පරාමෘෂ්ට වූවාහු ද වෙති යත්:
Pali BJTස්වෙව පරාමාසො පරාමාසො චෙව පරාමට්ඨො ච.
Sinhala BJTඒ පරාමර්‍ශ මැ පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වෙත්.
Pali BJT1187. කතමෙ ධම්මා පරාමට්ඨා චෙව නො ච පරාමාසා:
Sinhala BJT1187. කවර ධර්‍මයෝ පරාමෘෂ්ට වූවාහු ද නො ද පරාමර්‍ශ වූවාහු ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා පරාමට්ඨා, තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරාමට්ඨා චෙව නො ච පරාමාසා.
Sinhala BJTඒ පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් පරාමෘෂ්ට වෙත් ද ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමෘෂ්ට ද නො ද පරාමර්‍ශ ද වෙත්.
Pali BJT1188. කතමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා:
Sinhala BJT1188. කවර ධර්‍මයෝ පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා.
Sinhala BJTඒ ධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ යි.
Pali BJT1189. කතමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා:
Sinhala BJT1189. කවර ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටයෝ වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටයෝ යි.
Pali BJTපරාමාසගොච්ඡකං.
Sinhala BJTපරාමාස ගොච්ඡක යි.
Pali BJT1190. කතමෙ ධම්මා සාරම්මණා:
Sinhala BJT1190. කවර ධර්‍මයෝ සාරම්මණ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සාරම්මණා.
Sinhala BJTවේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සාලම්බනයෝ යි.
Pali BJT1191. කතමෙ ධම්මා අනාරම්මණා:
Sinhala BJT1191. කවර ධර්‍මයෝ අනාලම්බන වෙති යත්:
Pali BJTසබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනාරම්මණා.
Sinhala BJTහැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනාලම්බනයෝ යි.