Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 201-300 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු-ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි චිත්තය වේ.
Pali BJT7. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT7. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා{1}. ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මා සඞ්කප්පො-අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්‍කය වේ.
Pali BJT8. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT8. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා-අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාරය වේ.
Pali BJT9. කතමා තස්මිං සමයෙ පීති හොති?
Sinhala BJT9. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස - අයං තස්මිං සමයෙ පීති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍ය (තරුණප්‍රීති) යෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයා ගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීතිය වේ.
Pali BJT10. කතමා තස්මිං සමයෙ සුඛං හොති?
Sinhala BJT10. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛවෙදනා- ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛවේදනාව වේ.
Pali BJT11. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT11. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි-අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයා ගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT12. කතමං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති?
Sinhala BJT12. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං-ඉදං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ශ්‍රද්ධාවෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් සැදැහැයෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
Pali BJT13. කතමං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති?
Sinhala BJT13. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො{1} පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරින්ද්රියං විරියබලං සම්මාවායාමො-ඉදං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රම (කුසීත බැවින් නික්මෙන) වීර්‍ය්‍යයෙක් පරාක්‍රම (වීර්‍ය්‍ය) යෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් දෘඪපරාක්‍රම (ථාම) යෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි වැ ගැනීමෙක් වේ ද, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
Pali BJT14. කතමං තස්මිං සමයෙ සතින්ද්රියං හොති?
Sinhala BJT14. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති-ඉදං තස්මිං සමයෙ සතින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් (සිහි කිරීමෙක්) පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක්, ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතීන්‍ද්‍රිය වේ.
Pali BJT15. කතමං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති?
Sinhala BJT15. කවරෙක් එසමයෙහි සාමාධීන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි-ඉදං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සාමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJT16. කතමං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති?
Sinhala BJT16. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිනායිකා. විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි-ඉදං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥායෙක් දන්නා අයුරෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරිප්‍රඥායෙක් (කෙලෙසුන් නසන හෙයින්) මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (සිත විදර්‍ශනාවීථියට නගන) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
Pali BJT17. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT17. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණ ධාතු-ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් භවාඞ්ගචිත්තයෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT18. කතමං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති?
Sinhala BJT18. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා-ඉදං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සජ - සාත - සුඛ - වේදනායෙක් වේ ද - මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
Pali BJT19. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT19. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං-ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යැපීමෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද - මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJT20. කතමා තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
Sinhala BJT20. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී (-පතළ)ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදැයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
Pali BJT21. කතමො තස්මිං සමයෙ සම්මාසංකප්පො හොති?
Sinhala BJT21. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සංකප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසංකප්පො - අයං තස්මිං සමයෙ සම්මා සංකප්පො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සංකල්ප වේ.
Pali BJT22. කතමො තස්මිං සමයෙ සම්මාවායාමො හොති?
Sinhala BJT22. කවරෙක් එසමයෙහි සම්‍යක්ව්‍යායාම වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - අයං තස්මිං සමයෙ සම්මාවායාමො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪ පරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධූර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
Pali BJT23. කතමා තස්මිං සමයෙ සම්මාසති හොති?
Sinhala BJT23. කවරක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - අයං තස්මිං සමයෙ සම්මාසති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
Pali BJT24. කතමො තස්මිං සමයෙ සම්මාසමාධි හොති?
Sinhala BJT24. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි - අයං තස්මිං සමයෙ සම්මාසමාධි හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැ ගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
Pali BJT25. කතමං තස්මිං සමයෙ සද්ධාබලං හොති?
Sinhala BJT25. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං - ඉදං තස්මිං සමයෙ සද්ධාබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක්, ශ්‍රද්ධාවෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
Pali BJT26. කතමං තස්මිං සමයෙ විරියබලං{1} හොති?
Sinhala BJT26. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - ඉදං තස්මිං සමයෙ විරියබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථිරපරාක්‍රමයෙක් අතික්‍ෂිප්තඡන්‍දතායෙක් අතික්‍ෂිප්තධුරතායෙක් ධුරසම්ප්‍රග්‍රාහයෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
Pali BJT27. කතමං තස්මිං සමයෙ සතිබලං හොති?
Sinhala BJT27. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - ඉදං තස්මිං සමයෙ සතිබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතිබල වේ.
Pali BJT28. කතමං තස්මිං සමයෙ සමාධිබලං හොති?
Sinhala BJT28. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි - ඉදං තස්මිං සමයෙ සමාධිබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයාගේ සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධිබල වේ.
Pali BJT29. කතමං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති?
Sinhala BJT29. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - ඉදං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥායෙක් පජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි (පතළ) ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
Pali BJT30. කතමං තස්මිං සමයෙ හිරිබලං{2} හොති?
Sinhala BJT30. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ හිරිබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් ලජ්ජාවියයුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා කෙරේ ද- මේ එසමයෙහි හිරිබල වේ.
Pali BJT31. කතමං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති?
Sinhala BJT31. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් බියට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය ගනී ද, ලාමක වූ අකුශලධර්‍මයන්ට පැමිණීමෙන් තැතිගනී ද - මේ එසමයෙහි ඔත්තප්පබල වේ.
Pali BJT32. කතමො තස්මිං සමයෙ අලොභො හොති?
Sinhala BJT32. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං - අයං තස්මිං සමයෙ අලොභො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත වූ කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අලෝභ වේ.
Pali BJT33. කතමො තස්මිං සමයෙ අදොසො හොති?
Sinhala BJT33. කවරෙක් එසමයෙහි අද්වේෂ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං{1} අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං - අයං තස්මිං සමයෙ අදොසො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අද්වේෂ වේ.
Pali BJT34. කතමො තස්මිං සමයෙ අමොහො හොති?
Sinhala BJT34. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී{2} මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අමොහො කුසලමූලං - අයං තස්මිං සමයෙ අමොහො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥායෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් (අනිත්‍යාදි වශයෙන්) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී (-පතළ) ප්‍රඥායෙක් මේධා සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් (යාථාවලක්‍ෂණ ප්‍රතිවේධයට පමුණුවන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා සඞ්ඛ්‍යාත) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා-ආලොකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් අමොහ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අමොහ වේ.
Pali BJT35. කතමා තස්මිං සමයෙ අනභිජ්ඣා හොති?
Sinhala BJT35. කවරෙක් එසමයෙහි අනභිධ්‍යා වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං - අයං තස්මිං සමයෙ අනභිජ්ඣා හොති.
Sinhala BJTඑසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අනභිධ්‍යා වේ.
Pali BJT36. කතමො තස්මිං සමයෙ අව්යාපාදො හොති?
Sinhala BJT36. කවරෙක් එසමයෙහි අව්‍යාපාද වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං{1} අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං - අයං තස්මිං සමයෙ අව්යාපාදො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අව්‍යාපාද වේ.
Pali BJT37. කතමා තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
Sinhala BJT37. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤාඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා-ආලොකයෙක් ප්‍රඥා-අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
Pali BJT38. කතමා තස්මිං සමයෙ හිරි හොති?
Sinhala BJT38. කවරෙක් එසමයෙහි හිරි වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - අයං තස්මිං සමයෙ හිරි හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද - මේ එසමයෙහි හිරි වේ.
Pali BJT39. කතමං තස්මිං සමයෙ ඔත්තප්පං හොති?
Sinhala BJT39. කවරෙක් එසමයෙහි අපත්‍රපා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ ඔත්තප්පං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් බියට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොටගෙන ත්‍රස්ත වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ට පැමිණීමෙන් ත්‍රස්ත වේ ද - මේ එසමයෙහි අපත්‍රපා වේ.
Pali BJT40. කතමා තස්මිං සමයෙ කායපස්සද්ධි හොති?
Sinhala BJT40. කවරෙක් එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං අයං තස්මිං සමයෙ කායපස්සද්ධි හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්ඛන්‍ධයා ගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් වේ ද - මේ එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වේ.
Pali BJT41. කතමා තස්මිං සමයෙ චිත්තපස්සද්ධි හොති?
Sinhala BJT41. කවරෙක් එසමයෙහි චිත්තප්‍රශබ්ධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං - අයං තස්මිං සමයෙ චිත්තපස්සද්ධි හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් සංහිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තප්‍රශබ්ධි වේ.
Pali BJT42. කතමා තස්මිං සමයෙ කායලහුතා හොති?
Sinhala BJT42. කවරෙක් එසමයෙහි කායලඝුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා - අයං තස්මිං සමයෙ කායලහුතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ලඝුත්‍වයෙක් යුහුව පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි කායලඝුතා වේ.
Pali BJT43. කතමා තස්මිං සමයෙ චිත්තලහුතා හොති?
Sinhala BJT43. කවරෙක් එසමයෙහි චිත්තලඝුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා - අයං තස්මිං සමයෙ චිත්තලහුතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ලඝුත්‍වයෙක් යුහුව පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තලඝුතා වේ.
Pali BJT44. කතමා තස්මිං සමයෙ කායමුදුතා හොති?
Sinhala BJT44. කවරෙක් එසමයෙහි කායමෘදුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා - අයං තස්මිං සමයෙ කායමුදුතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මර්‍දවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි කායමෘදුතා වේ.
Pali BJT45. කතමා තස්මිං සමයෙ චිත්තමුදුතා හොති?
Sinhala BJT45. කවරක් එසමයෙහි චිත්තමෘදුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා - අයං තස්මිං සමයෙ චිත්තමුදුතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් මෘදුත්‍වයෙක් මර්‍දවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තමෘදුතා වේ.
Pali BJT46. කතමා තස්මිං සමයෙ කායකම්මඤ්ඤතා හොති?
Sinhala BJT46. කවරෙක් එසමයෙහි කායකර්‍මණ්‍යතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො - අයං තස්මිං සමයෙ කායකම්මඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද - මේ එසමයෙහි කායකර්‍මණ්‍යතා වේ.
Pali BJT47. කතමා තස්මිං සමයෙ චිත්තකම්මඤ්ඤතා හොති?
Sinhala BJT47. කවරෙක් එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො - අයං තස්මිං සමයෙ චිත්තකම්මඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වේ.
Pali BJT48. කතමා තස්මිං සමයෙ කායපාගුඤ්ඤතා හොති?
Sinhala BJT48. කවරක් එසමයෙහි කායප්‍රාගුණ්‍ය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පගුණතා පගුණත්තං පගුණභාවො - අයං තස්මිං සමයෙ කායපාගුඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද - මේ එසමයෙහි කායප්‍රාගුණ්‍ය වේ.
Pali BJT49. කතමා තස්මිං සමයෙ චිත්තපාගුඤ්ඤතා හොති?
Sinhala BJT49. කවරෙක් එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස පගුණතා පගුණත්තං පගුණභාවො - අයං තස්මිං සමයෙ චිත්තපාගුඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ප්‍රාගුණ්‍යයෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වේ.
Pali BJT50. කතමා තස්මිං සමයෙ කායුජ්ජුකතා හොති?
Sinhala BJT50. කවරෙක් එසමයෙහි කායර්ජුකතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස උජුතා උජ්ජුකතා{1} අජිම්හතා අවඞ්කතා අකුටිලතා - අයං තස්මිං සමයෙ කායුජ්ජුකතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් සෘජුත්‍වයෙක් අජිම්හතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද - මේ එසමයෙහි කායර්ජුකතා වේ.
Pali BJT51. කතමා තස්මිං සමයෙ චිත්තුජ්ජුකතා හොති?
Sinhala BJT51. කවරෙක් එසමයෙහි චිත්තර්ජුකතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස උජුතා උජ්ජුකතා{1} අජිම්හතා අවඞ්කතා අකුටිලතා - අයං තස්මිං සමයෙ චිත්තුජ්ජුකතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ඍජුතායෙක් සෘජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද - මේ එසමයෙහි චිත්තර්ජුකතා වේ.
Pali BJT52. කතමා තස්මිං සමයෙ සති හොති?
Sinhala BJT52. කවරෙක් එසමයෙහි ස්මෘති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - අයං තස්මිං සමයෙ සති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් (අරමුණෙහි) පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘති වේ.
Pali BJT53. කතමං තස්මිං සමයෙ සම්පජඤ්ඤං හොති?
Sinhala BJT53. කවරෙක් එසමයෙහි සම්‍යග්ඥාන වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - ඉදං තස්මිං සමයෙ සම්පජඤ්ඤං හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශලයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි සඞ්ඛ්‍යාත (පැතිරුණු) ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥාසඞ්ඛ්‍යාත) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ඥාන වේ.
Pali BJT54. කතමො තස්මිං සමයෙ සමථො හොති?
Sinhala BJT54. කවරෙක් එසමයෙහි ශමථ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි - අයං තස්මිං සමයෙ සමථො හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂප්යෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි ශමථ වේ.
Pali BJT55. කතමා තස්මිං සමයෙ විපස්සනා හොති?
Sinhala BJT55. කවරෙක් එසමයෙහි විදර්‍ශනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ විපස්සනා හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (නො මඟ යන සිත වීථියට නඟන) පතෝදය වැනි ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා-අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි විදර්‍ශනා වෙයි.
Pali BJT56. කතමො තස්මිං සමයෙ පග්ගාහො හොති?
Sinhala BJT56. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාහ වෙයි යත්: