Pali BJTයෙ තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්හාහ. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා කාය විඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් කායවිඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
Pali BJTඉමෙ ධම්මා කෙනචි විඤ්ඤෙය්යා කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJTමේ ධර්‍මයෝ (චක්‍ෂුරාදි) කිසි විඥානයකින් දත යුත්තාහු, කිසි විඥානයකින් නො දත යුත්තාහු වෙත්.
Pali BJTචුල්ලන්තරදුකං.
Sinhala BJTචූළන්තරදුකය යි.
Pali BJT1101. කතමෙ ධම්මා ආසවා?
Sinhala BJT1101. කවර ධර්‍මයෝ ආස්‍රව වෙති යත්:
Pali BJTචත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො.
Sinhala BJTආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ටාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි.
Pali BJT1102. තත්ථ කතමො කාමාසවො?
Sinhala BJT1102. එහි කාමාස්‍රව කවරේ යත්:
Pali BJTයො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, අයං වුච්චති කාමාසවො.
Sinhala BJTපඤ්ච කාමගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ කාමාස්‍රව යයි කියනු ලැබේ.
Pali BJT1103. තත්ථ කතමො භවාසවො?
Sinhala BJT1103. එහි භවාස්‍රව කවරේ යත්:
Pali BJTයො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං, අයං වුච්චති භවාසවො.
Sinhala BJTරූපාරූපභවයන්හි (ප්‍රාර්‍ත්‍ථනා වශයෙන් පැවැති) යම් භවඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමුර්ච්ඡායෙක් භවයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ භවාස්‍රව යයි කියනු ලැබේ.
Pali BJT1104. තත්ථ කතමො දිට්ඨාසවො?
Sinhala BJT1104. එහි දෘෂ්ට්‍යාස්‍රව කවරේ යත්:
Pali BJTසස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්ත වා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න නහොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨාසවො. සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨාසවො.
Sinhala BJTස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යයි හෝ, ලෝකය අශාශ්වත යයි හෝ, ලෝකය අන්තවත් යයි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ඒම ජීව ය ඒම ශරීර යයි හෝ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ, තථාගත (- සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්‍වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ වූ) ග්‍රාහයෙක් පිහිටා ගැනීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ට්‍යාස්‍රව යයි කියනු ලැබේ.
Pali BJT1105. තත්ථ කතමො අවිජ්ජාසවො?
Sinhala BJT1105. එහි අවිද්‍යාස්‍රව කවරේ යත්:
Pali BJTදුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහණා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජාසවො.
Sinhala BJTදුඃඛසත්‍යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුප්පන්න ධර්‍මයන්හි නො දැනීම ය යන යම් මෙබඳු වූ නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසඞ්ගාහනයෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්‍මස්වභාවය) ප්‍රත්‍යවේක්‍ෂණය නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් හාත්පසින් මුළාවීමෙක් අවිද්‍යායෙක් අවිද්‍යා සඞ්ඛ්‍යාත ඕඝයෙක් අවිද්‍යා යෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාස්‍රව යයි කියනු ලැබේ.
Pali BJTඉමෙ ධම්මා ආසවා.
Sinhala BJTමේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.
Pali BJT1106. කතමෙ ධම්මා නො ආසවා?
Sinhala BJT1106. කවර ධර්‍මයෝ ආස්‍රව නො වූවාහු වෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො ආසවා.
Sinhala BJTඒ ආස්‍රවධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ අවශේෂ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ ආස්‍රව නො වූවෝ යි.
Pali BJT1107. කතමෙ ධම්මා සාසවා?
Sinhala BJT1107. කවර ධර්‍මයෝ සාස්‍රව වෙති යත්:
Pali BJTකුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සාසවා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සාස්‍රවයෝ යි.
Pali BJT1108. කතමෙ ධම්මා අනාසවා?
Sinhala BJT1108. කවර ධර්‍මයෝ අනාස්‍රවහ යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනාසවා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත නිබ්බානධාතුව ද, යන මේ ධර්‍මයෝ අනාස්‍රවයෝ යි.
Pali BJT1109. කතමෙ ධම්මා ආසවසම්පයුත්තා?
Sinhala BJT1109. කවර ධර්‍මයෝ ආස්‍රව සම්ප්‍රයුක්තහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආසවසම්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1110. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා?
Sinhala BJT1110. කවර ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්තහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බඤ්ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්තයෝ යි.
Pali BJT1111. කතමෙ ධම්මා ආසවා චෙව සාසවා ච?
Sinhala BJT1111. කවර ධර්‍මයෝ ආස්‍රව ද සාස්‍රව ද වෙති යත්:
Pali BJTතෙයෙව ආසවා ආසවා චෙව සාසවා ච.
Sinhala BJTඒ ආස්‍රවයෝ ආස්‍රව ද ආස්‍රව සහිත ද වෙත්.
Pali BJT1112. කතමෙ ධම්මා සාසවා චෙව නො ච ආසවා?
Sinhala BJT1112. කවර ධර්‍මයෝ සාස්‍රව ද නො ද ආස්‍රව ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සාසවා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සාසවා චෙව නො ච ආසවා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒආස්‍රවධර්‍මයන්ගෙන් සාස්‍රව වූවාහු ද ඒ ධර්‍මයන් තබා, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සෙසු ආස්‍රව සහිත වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සාස්‍රව ද නො ද ආස්‍රව ද වෙත්.
Pali BJT1113. කතමෙ ධම්මා ආසවා චෙව ආසවසම්පයුත්තා ච?
Sinhala BJT1113. කවර ධර්‍මයෝ ආස්‍රව ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වෙති යත්:
Pali BJTකාමාසවො අවිජ්ජාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අවිජ්ජාසවො කාමාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, භවාසවො අවිජ්ජාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අවිජ්ජාසවො භවාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, දිට්ඨාසවො අවිජ්ජාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අවිජ්ජාසවො දිට්ඨාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, ඉමෙ ධම්මා ආසවා චෙව ආසවසම්පයුත්තා ච.
Sinhala BJTකාමාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය කාමාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. භවාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය භවාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. දෘෂ්ට්‍යාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය දෘෂ්ට්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වේ. මේ ධර්‍මයෝ ආස්‍රව ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වෙත්.
Pali BJT1114. කතමෙ ධම්මා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා?
Sinhala BJT1114. කවර ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්ත ද නො ද ආස්‍රව ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයන් තබා, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙත්.
Pali BJT1115. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා සාසවා?
Sinhala BJT1115. කවර ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා සාසවා.
Sinhala BJTයම් ධර්‍මකෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ යි.
Pali BJT1116. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා අනාසවා?
Sinhala BJT1116. කවර ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රව වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයෝ යි.
Pali BJTආසවගොච්ඡකං.
Sinhala BJTආසවගොච්ඡකය යි.
Pali BJTනික්ඛෙපකණ්ඩෙ පඨමකභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTනික්‍ෂේපකාණ්ඩයෙහි පළමුවන බණවර නිමි.
Pali BJT1117. කතමෙ ධම්මා සඤ්ඤොජනා?
Sinhala BJT1117. කවර ධර්‍මයෝ සංයෝජන වෙති යත්:
Pali BJTදස සඤ්ඤොජනානි: කාමරාගසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, දිට්ඨිසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, සීලබ්බතපරාමාසසඤ්ඤොජනං, භවරාගසඤ්ඤොජනං, ඉස්සාසඤ්ඤොජනං, මච්ඡරියසඤ්ඤොජනං, අවිජ්ජාසඤ්ඤොජනං.
Sinhala BJTදශ සංයෝජනයෝ ය: කාමරාග සංයෝජන ය, ප්‍රතිඝ සංයෝජන ය, මාන සංයෝජන ය, දෘෂ්ටි සංයෝජන ය, විචිකිත්සා සංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශ සංයෝජන ය, භවරාග සංයෝජන ය, ඊර්‍ෂ්‍යා සංයෝජන ය, මාත්සර්‍ය්‍ය සංයෝජන ය, අවිද්‍යා සංයෝජන යි.
Pali BJT1118. තත්ථ කතමං කාමරාගසඤ්ඤොජනං?
Sinhala BJT1118. එහි කාමරාග සංයෝජන කවරේ යත්:
Pali BJTයො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, ඉදං වුච්චති කාමරාගසඤ්ඤොජනං.
Sinhala BJTපස්කම් ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාම නන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් (කාමයන්හි ගැලී සිටීමෙක්) වේ ද, මේ කාමරාග සංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1119. තත්ථ කතමං පටිඝසඤ්ඤොජනං?
Sinhala BJT1119. එහි ප්‍රතිඝ සංයෝජන කවරේ යත්:
Pali BJTඅනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අට්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉදං වුච්චති පටිඝසඤ්ඤොජනං.
Sinhala BJT‘මට අනර්‍ත්‍ථ කළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේය’යි ආඝාත උපදී. මාගේ පිය මනාප හට අනර්‍ත්‍ථ කෙළේ ය. ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්‍ත්‍ථ කෙළේ ය ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. යම් මෙබඳු වූ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ද්වේෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඬ බවෙක් නො පිරිණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ප්‍රතිඝසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1120. තත්ථ කතමං මානසඤ්ඤොජනං?
Sinhala BJT1120. එහි මානසංයෝජන කවරේ යත්:
Pali BJTසෙය්යොහමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, ඉදං වුච්චති මානසඤ්ඤොජනං.
Sinhala BJT‘මම ශ්‍රේෂ්ඨයෙමි’ මානය, ‘මම සදුශයෙමි’ මානය, ‘මම හීනයෙමි’ මානය, යම් මෙබඳු වූ මානෙයක් මානාකාරෙයක් මඤ්ඤිත බෙවක් උන්නතියෙක් ඔසොවා තැබීමෙක් ධ්වජයෙක් සිත දැඩි ව ගැනීමෙක් චිත්තයාගේ කේතුකාම්‍යතායෙක් වේ ද, මේ මානසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1121. තත්ථ කතමං දිට්ඨිසඤ්ඤොජනං?
Sinhala BJT1121. එහි දෘෂ්ටිසංයෝජන කවරේ යත්:
Pali BJTසස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්ත වා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති දිට්ඨිසඤ්ඤොජනං. ඨපෙත්වා සීලබ්බතපරාමාසසඤ්ඤොජනං සබ්බාපි මිච්ඡාදිට්ඨී දිට්ඨිසඤ්ඤොජනං.
Sinhala BJTලෝකය ශාශ්වත ය හෝ, ලෝකය අශාශ්වත ය හෝ, ලෝකය අන්තවත් ය හෝ, ලෝකය අනන්තවත් ය හෝ, ඒම ජීව ය ඒ ශරීර යයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් පිවිසීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ටිසංයෝජන යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ෂසංයෝජනය තබා සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිසංයෝජන යි.
Pali BJT1122. තත්ථ කතමං විචිකිච්ඡාසඤ්ඤොජනං?
Sinhala BJT1122. එහි විචිකිත්සාසංයෝජන කවරේ යත‍්:
Pali BJTසත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, ඉදං වුච්චති විචිකිච්ඡාසඤ්ඤොජනං.
Sinhala BJTශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සාසංයෝජනා යයි කියනු ලැබේ.
Pali BJT1123. තත්ථ කතමං සීලබ්බතපරාමාසසඤ්ඤොජනං?
Sinhala BJT1123. එහි ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන කවරේ යති:
Pali BJTඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති සීලබ්බතපරාමාසසඤ්ඤොජනං.
Sinhala BJTමේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධිය, ව්‍රතයෙන් ශුද්ධිය’යි යම් මෙබඳු වූ දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් වීර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1124. තත්ථ කතමං භවරාගසඤ්ඤොජනං?
Sinhala BJT1124. එහි භවරාගසංයෝජන කවරේ යත්:
Pali BJTයො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං, ඉදං වුච්චති භවරාගසඤ්ඤොජනං.
Sinhala BJTරූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමූර්ච්ඡායෙක් භවයන්හි බැසගැනීමෙක් වේ ද, මේ භවරාගසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1125. තත්ථ කතමං ඉස්සාසඤ්ඤොජනං?
Sinhala BJT1125. එහි ඊර්‍ෂ්‍යාසංයෝජන කවරේ යත්:
Pali BJTයා පන ලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං උසූයා උසූයනා උසූයිතත්තං, ඉදං වුච්චති ඉස්සාසඤ්ඤොජනං.
Sinhala BJTමෙරමා පිළිබඳ ලාභ - සත්කාර - ගරුකාර - මානන - වන්‍දන - පූජනා විෂයෙහි යම් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාකාරයෙක් ඊර්‍ෂ්‍යාවට පැමිණි බවෙක්, අසූයා (දොස් පහළ කිරීමෙක්) අසූයාකාරයෙක් අසූයාවට පැමිණි බවෙක් වේ ද, මේ ඊර්‍ෂ්‍යාසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1126. තත්ථ කතමං මච්ඡරියසඤ්ඤොජනං?
Sinhala BJT1126. එහි මාත්සර්‍ය්‍යසංයෝජන කවරේ යත්:
Pali BJTපඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං, යං එවරූපං මච්ඡරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියසඤ්ඤොජනං.
Sinhala BJTමාත්සර්‍ය්‍ය (මසුරුබැව්) පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුල මාත්සර්‍ය්‍ය ය, ලාභ මාත්සර්‍ය්‍ය ය, වර්‍ණ මාත්සර්‍ය්‍ය ය, ධර්‍ම මාත්සර්‍ය්‍ය යයි. යම් මෙබඳු වූ මාත්සර්‍ය්‍යයෙක් මාත්සර්‍ය්‍යකාරයෙක් මාත්සර්‍ය්‍යයට පැමිණි බවෙක් වෛවීප්සායෙක් අනාර්‍ය්‍ය (තදමසුරු) බවෙක් කටුකභාවයෙන් සිත හැකිළීමෙක් සිත හාත්පසින් ගත්බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍යසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJT1127. තත්ථ කතමං අවිජ්ජාසඤ්ඤොජනං?
Sinhala BJT1127. එහි අවිද්‍යාසංයෝජන කවරේ යත්:
Pali BJTදුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහණා අපරියොගාහණා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අවිජ්ජා සඤ්ඤොජනං.
Sinhala BJTදුඃඛසත්‍යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුප්පන්න ධර්‍මයන්හි නො දැනීම ය, යන මෙබඳු වූ යම් අඥානයෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සම ව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යෙයක් බාල්‍යයෙක් අසම්‍යග් ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ - අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාසංයෝජන යයි කියනු ලැබේ.
Pali BJTඉමෙ ධම්මා සඤ්ඤොජනා.
Sinhala BJTමේ ධර්‍මයෝ සංයෝජනයෝ යි.
Pali BJT1128. කතමෙ ධම්මා නො සඤ්ඤොජනා?
Sinhala BJT1128. කවර ධර්‍මයෝ සංයෝජන නො වූවාහු වෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො සඤ්ඤොජනා.
Sinhala BJTඒ සංයෝජන ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ සංයෝජන නො වූවෝ යි.
Pali BJT1129. කතමෙ ධම්මා සඤ්ඤොජනියා?
Sinhala BJT1129. කවර ධර්‍මයෝ සංයෝජනීය වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනියා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මොහු සංයෝජනීය ධර්‍මයෝ ය.
Pali BJT1130. කතමෙ ධම්මා අසඤ්ඤොජනියා?
Sinhala BJT1130. කවර ධර්‍මයෝ අසංයෝජනිය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අසඤ්ඤොජනියා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මොහු අසංයෝජනිය ධර්‍මයෝ යි.
Pali BJT1131. කතමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා?
Sinhala BJT1131. කවර ධර්‍මයෝ සංයෝජනසම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මොහු සංයෝජන සම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
Pali BJT1132. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා?
Sinhala BJT1132. කවර ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා සඤ්ඤාජනවිප්පයුත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්තයෝ යි.
Pali BJT1133. කතමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියා ච?
Sinhala BJT1133. කවර ධර්‍මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති යත්:
Pali BJTතානෙව සංයොජනානි සඤ්ඤොජනා චෙව සංයොජනියා ච.
Sinhala BJTඒ සංයෝජනයෝ මැ සංයෝජන ද සංයෝජනීය ද වෙත්.
Pali BJT1134. කතමෙ ධම්මා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා?
Sinhala BJT1134. කවර ධර්‍මයෝ සංයෝජනීය ද නො ද සංයෝජන ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සඤ්ඤොජනියා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන්ගෙන් සංයෝජනීය වෙත් නම්, ඒ ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සංයෝජනීය ද නො ද සංයෝජන ද වෙත්.
Pali BJT1135. කතමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච?
Sinhala BJT1135. කවර ධර්‍මයෝ සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙති යත්:
Pali BJTකාමරාගසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං කාමරාගසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. පටිඝසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. මානසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං මානසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. දිට්ඨිසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං දිට්ඨිසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. විචිකිච්ඡාසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං විචිකිච්ඡාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. සීලබ්බතපරාමාසසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං සීලබ්බතපරාමාසසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. භවරාගසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං භවරාගසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තඤ්ච. ඉස්සාසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං ඉස්සාසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. මච්ඡරියසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තඤ්ච, අවිජ්ජාසඤ්ඤොජනං මච්ඡරියසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. ඉමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච.
Sinhala BJTකාමාරාග සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය කාමාරාග සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ප්‍රතිඝ සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ප්‍රතිඝ සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. මාන සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය මාන සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටි සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය දෘෂ්ටි සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිත්සා සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය විචිකිත්සා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ශීල ව්‍රතපරාමර්‍ශ සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ශීල ව්‍රතපරාමර්‍ශ සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. භවරාග සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය භවරාග සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ඊර්‍ෂ්‍යා සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ඊර්‍ෂ්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. මාත්සර්‍ය්‍ය සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජන මාත්සර්‍ය්‍ය සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වේ. මේ ධර්‍මයෝ සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙත්.
Pali BJT1136. කතමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනා?
Sinhala BJT1136. කවර ධර්‍මයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද නො ද සංයෝජන ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයන් තබා, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද නො ද සංයෝජන ද වෙත්.
Pali BJT1137. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියා?
Sinhala BJT1137. කවර ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු නම්, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශකාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙත්.
Pali BJT1138. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියා?
Sinhala BJT1138. කවර ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මේ ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වෙත්.
Pali BJTසංයොජන ගොච්ඡකං.
Sinhala BJTසංයෝජනගොච්ඡකය යි.
Pali BJT1139. කතමෙ ධම්මා ගන්ථා?
Sinhala BJT1139. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වෙති යත්:
Pali BJTචත්තාරො ගන්ථා: අභිජ්ඣා කායගන්ථො, ව්යාපාදො කායගන්ථො, සීලබ්බතපරාමාසො කායගන්ථො, ඉදං සච්චාභිනිවෙසො කායගන්ථො.
Sinhala BJTග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: අභිධ්‍යා කායග්‍රන්‍ථය, ව්‍යාපාද කායග්‍රන්‍ථය, ශීලව්‍රතපරාමර්‍ෂ කායග්‍රන්‍ථ ය, ඉදංසත්‍යාභිවේශ කායග්‍රන්‍ථ යයි.
Pali BJT1140. තත්ථ කතමො අභිජ්ඣාකායගන්ථො?
Sinhala BJT1140. එහි අභිධ්‍යා කායග්‍රන්‍ථය කවරේ යත්:
Pali BJTයො රාගො සරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො සඞ්ගො පසඞ්ගො එජා මායා ජනිකා සංජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො සිනෙහො අපෙක්ඛා පටිබන්ධො ආසා ආසිංසනං ආසිංසිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්චිකතා සාදුකම්යතා අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං වුච්චති අභිජ්ඣාකායගන්ථො.
Sinhala BJTයම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගේධයෙක් පරිගේධයෙක් ඇලීමෙක් පඞ්කයෙක් ඒජාවක් මායාවක් ජනිකාවක් සංජනනියක් සීවනියක් ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් සූත්‍රයෙක් පැතිරීමෙක් ආයුහනියක් ද්වීතියාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් ප්‍රතිබන්‍ධයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පනය කිරීමෙක් ප්‍රජල්පයෙක් අභිජල්පයෙක් ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් නගුට සැලුමෙක් ස්වාදුකාම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂම ලෝභයෙක් නිකාන්තියෙක් කැමති වන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනයෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්ධතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතායෙක් වෛවිප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයක් තෘෂ්ණා නදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක් අභිධ්‍යාවක් ලෝභඅකුශල මූලයෙක් වේ ද, මේ අභිධ්‍යා කාය ග්‍රන්‍ථ යයි කියනු ලැබේ.
Pali BJT1141. තත්ථ කතමො ව්යාපාදො කායගන්ථො?
Sinhala BJT1141. එහි ව්‍යාපාද කායග්‍රන්‍ථ කවරේ යැ:
Pali BJTඅනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතො ජායති. අට්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති ව්යාපාදො කායගන්ථො.
Sinhala BJT‘මට අවැඩ කළැ’යි කෝප උපදී, ‘මට අවැඩ කෙරෙයි’ කෝප උපදී, ‘මට අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළ’යි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කළැ’යි ... වැඩ කෙරෙයි ... වැඩ කරන්නේ වනැ’යි කෝප උපදී. යළි නො තැන්හි හෝ කෝප උපදී. මෙබඳු වූ යම් සිත පිළිබඳ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬබවෙක් නො පිරිපුන් වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සියමන් බවෙක් වේ ද, මේ ව්‍යාපාද කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ.
Pali BJT1142. තත්ථ කතමො සීලබ්බතපරාමාසො කායගන්ථො?
Sinhala BJT1142. එහි ශීලව්‍රතපරාමර්‍ශ කාය ග්‍රන්‍ථකවරේ යැ:
Pali BJTඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති සීලබ්බතපරාමාසො කායගන්ථො.
Sinhala BJTමේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීල ව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථ යි කියනු ලැබේ.
Pali BJT1143. තත්ථ කතමො ඉදං සච්චාභිනිවෙසො කායගන්ථො?
Sinhala BJT1143. එහි ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ කවරේ යැ:
Pali BJTසස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, අසස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, අන්තවා ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, අනන්තවා ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, තං ජීවං තං සරීරං ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො. ඨපෙත්වා සීලබ්බතපරාමාසං කායගන්ථං සබ්බාපි මිච්ඡාදිට්ඨි ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො.
Sinhala BJTස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අශාශ්වත යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අනන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍ය තුච්ඡ යැයි හෝ, ඒ මැ ජීවය ඒ මැ ශරීර යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත (-සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරීතග්‍රාහයෙක් වේ ද, මේ ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය තබා හැම මිථ්‍යා දෘෂ්ටි ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යි.
Pali BJTඉමෙ ධම්මා ගන්ථා.
Sinhala BJTමේ ධර්‍මයෝ ග්‍රන්‍ථයෝ යි.