Pali BJTයො අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං, අයං වුච්චති අලොභො.
Sinhala BJTයම් අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශල මූලයෙක් වේ ද, මේ අලෝභ ය යි කියනු ලැබේ.
Pali BJT1061. තත්ථ කතමො අදොසො?
Sinhala BJT1061. එහි අද්වේෂ කවරේ යත්:
Pali BJTයො අදොසො අදුස්සනා අදුස්සිතත්තං මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං අනුද්දයා අනුද්දයතා අනුද්දයිතත්තං හිතෙසිතා අනුකම්පා අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං, අයං වුච්චති අදොසො.
Sinhala BJTයම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් මෛත්‍රියක් මෛත්‍ර්‍යාකාරයෙක් මෛත්‍රී ඇති බවෙක් අනුද්දයාවෙක් (රැකීමෙක්) අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පායෙක් අව්‍යාපාදයෙක් ක්‍රෝධ දුඃඛය නැති බවෙක් අදෝස සඞ්ඛ්‍යාත කුසල මූලයෙක් වේ ද, මේ අද්වේෂයයි කියනු ලැබේ.
Pali BJT1062. තත්ථ කතමො අමොහො?
Sinhala BJT1062. එහි අමෝහ කවරේ යත්:
Pali BJTදුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං පුබ්බන්තෙ ඤාණං අපරන්තෙ ඤාණං පුබ්බන්තාපරන්තෙ ඤාණං ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං, යා එවරූපා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අමොහො.
Sinhala BJTදුඃඛසත්‍යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඥානය, පූර්‍වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්‍වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි ඥානය, යන මෙබඳු වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදීන්ගේ ලක්‍ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.
Pali BJTඉමෙ තයො කුසලහෙතු.
Sinhala BJTමේ තුන් අකුසල් හේතු වෙත්.
Pali BJT1063. තත්ථ කතමෙ තයො අකුසලහෙතු?
Sinhala BJT1063. එහි තුන් අකුශලහේතු කවරහ යත්:
Pali BJTලොභො දොසො මොහො.
Sinhala BJTලෝභ ය. දෝස ය. මෝහ යි.
Pali BJT1064. තත්ථ කතමො ලොභො?
Sinhala BJT1064. එහි ලෝභ කවරේ යත්:
Pali BJTයො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පළිගෙධො සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බනී{1} ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයූහනී{2} දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො සිනෙහො අපෙක්ඛා පටිබන්ධු ආසා ආසිංසනා ආසිංසිතත්තං{3} රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා{4} ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්චිකතා{5} සාදුකම්යතා අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං{6} බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං වුච්චති ලොභො.
Sinhala BJTයම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් (විෂයයන්හි පැමිණැවීමෙක්) අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් එජායෙක් මායාවක් (සසරැ උපදවන) ජනිකාවක් සඤ්ජනනියක්(චුති - පිළිසිඳ විසින්) හිවීමෙක් ජාලිනියක් සරිතාවක් විසත්තිකායෙක් සූත්‍ර(හූ)යෙක් පැතිරීමෙක් ආයූහිනියක් ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවරජ්ජු (රැහැන)යෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් පටිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් ස්වාදු කම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් කැමතිවන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් රිසි වීමෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපයෙහි තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පෘෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් (කුසලයන්ගේ) ආවරණයෙක් නීවරණයෙක් ඡාදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (පරියුට්ඨාන) කුශලවාරය ගැනීමෙක් ලතායෙක් විවිධ ඉච්ඡායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාසයෙක් මාරබලිස (බිලි)යෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියක් තෘෂ්ණා ජාලයෙක් තෘෂ්ණා ගර්දුලයෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ - අකුසල මූලයෙක් වේ ද, මේ ලෝභ ය යි කියනු ලැබේ.
Pali BJT1065. තත්ථ කතමො දොසො?
Sinhala BJT1065. එහි ද්වේෂය කවරේ යත්:
Pali BJTඅනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතො ජායති. අට්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති දොසො.
Sinhala BJT‘මට අවැඩ කෙළේ’යි ආඝාත උපදී. ‘මට අවැඩ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අවැඩ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රිය මනාපය හට අනර්‍ත්‍ථ කෙළේය ... දැන් අනර්‍ත්‍ථ කෙරෙයි ... මතු අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්‍ත්‍ථ කෙළේ ය … අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි ද ආඝාත උපදී. යම් මෙබඳු චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපන්න බවවෙක් මනස්ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂණාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරීමෙක් ප්‍රකෘතිය හරන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ අනත්තමන (නො සතුටු) භාවයෙක් වේ ද, මේ ද්වේෂ යයි කියනු ලැබේ.
Pali BJT1066. තත්ථ කතමො මොහො?
Sinhala BJT1066. එහි මෝහය කවරේ යත්:
Pali BJTදුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති මොහො.
Sinhala BJTදුඃඛසත්‍යයෙහි නො දැනීම, දුඃඛසමුදයෙහි නො දැනීම, දුඃඛනිරෝධයෙහි නො දැනීම, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම, පූර්‍වාන්තයෙහි නො දැනීම, අපරාන්තයෙහි නො දැනීම, පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම. ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම, යන යම් මෙබඳු වූ අඥානයෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්‍මස්වභාවය) නො දැකීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් වේ ද, මේ මෝහ යයි කියනු ලැබේ.
Pali BJTඉමෙ තයො අකුසලහෙතු.
Sinhala BJTමේ තුන් අකුසල හේතු යි.
Pali BJT1067. තත්ථ කතමෙ තයො අව්යාකතහෙතු?
Sinhala BJT1067. එහි තුන් අව්‍යාකෘතහේතු කවරහ යත්:
Pali BJTකුසලානං වා ධම්මානං විපාකතො කිරියාව්යාකතෙසු වා ධම්මෙසු අලොභො අදොසො අමොහො. ඉමෙ තයො අව්යාකතහෙතු.
Sinhala BJTකුශලධර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියා - අව්‍යාකෘත ධර්‍මයන්හි හෝ අලෝභ ය, අදෝස ය, අමෝහය යි. මොහු තුන් අව්‍යාකෘත හේතු යි.
Pali BJT1068. තත්ථ කතමෙ නව කාමාවචරහෙතු?
Sinhala BJT1068. එහි නව කාමාවචර හේතු කවර යත්:
Pali BJTතයො කුසලහෙතු, තයො අකුසලහෙතු, තයො අව්යාකතහෙතු. ඉමෙ නව කාමාවචරහෙතු.
Sinhala BJTතුන් කුසල හේතු ය. තුන් අකුසල හේතුය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු නව කාමාවචර හේතු යි.
Pali BJT1069. තත්ථ කතමෙ ඡ රූපාවචර හෙතු?
Sinhala BJT1069. එහි ෂඩ් රූපාවචර හේතු කවරහ යත්:
Pali BJTතයො කුසලහෙතු, තයො අව්යාකතහෙතු. ඉමෙ ඡ රූපාවචරහෙතු.
Sinhala BJTතුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් රූපාවචර හේතු යි.
Pali BJT1070. තත්ථ කතමෙ ඡ අරූපාවචරහෙතු?
Sinhala BJT1070. එහි ෂඩ් අරූපාවචර හේතු කවරහ යත්:
Pali BJTතයො කුසලහෙතු, තයො අව්යාකතහෙතු. ඉමෙ ඡ අරූපාවචරහෙතු.
Sinhala BJTතුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් අරූපාවචර හේතු යි.
Pali BJT1071. තත්ථ කතමෙ ඡ අපරියාපන්නහෙතු?
Sinhala BJT1071. එහි ෂඩ් අපරියාපන්න හේතු කවරහ යත්:
Pali BJTතයො කුසලහෙතු, තයො අව්යාකතහෙතු, ඉමෙ ඡ අපරියාපන්නහෙතු.
Sinhala BJTතුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් අපරියාපන්න හේතු යි.
Pali BJT1072. තත්ථ කතමෙ තයො කුසලහෙතු?
Sinhala BJT1072. එහි තුන් කුශල හේතු කවර යත්:
Pali BJTඅලොභො අදොසො අමොහො.
Sinhala BJTඅලෝභ ය, අදෝස ය, අමෝහ යි.
Pali BJT1073. තත්ථ කතමො අලොභො?
Sinhala BJT1073. එහි අලෝභය කවරේ යත්:
Pali BJTයො අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං, අයං වුච්චති අලොභො.
Sinhala BJTයම් අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් අසංරාගයෙක් අසංරක්තාකාරයෙක් අසංරක්ත බවෙක් අනභිධ්‍යාවක් අලෝභ - කුසල මූලයෙක් වේ ද, මේ අලෝභ යි කියනු ලැබේ.
Pali BJT1074. තත්ථ කතමො අදොසො?
Sinhala BJT1074. එහි අදෝසය කවරේ යත්:
Pali BJTයො අදොසො අදුස්සනා අදුස්සිතත්තං -පෙ- අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං, අයං වුච්චති අදොසො.
Sinhala BJTයම් අදෝෂයෙක් අදූෂ්‍යාකාරයෙක් අදූෂිත බවෙක් ... අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ - කුශල මූලයෙක් වේ ද, මේ අදෝස ය යි කියනු ලැබේ.
Pali BJT1075. තත්ථ කතමො අමොහො?
Sinhala BJT1075. එහි අමෝහය කවරේ යත්:
Pali BJTදුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං පුබ්බන්තෙ ඤාණං අපරන්තෙ ඤාණං පුබ්බන්තාපරන්තෙ ඤාණං ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං, යා එවරූපා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති අමොහො.
Sinhala BJTදුඃඛසත්‍යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඥානය, පූර්‍වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්‍වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි ඥානය, යන මෙබඳු වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂාවෙක් භූරිප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා - ආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් මාර්‍ගාඞ්ගයෙක් මාර්‍ගපර්‍ය්‍යාපන්නයෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.
Pali BJTඉමෙ තයො කුසලහෙතු.
Sinhala BJTමොහු තුන් කුසල හේතු යි.
Pali BJT1076. තත්ථ කතමෙ තයො අව්යාකතහෙතු?
Sinhala BJT1076. එහි තුන් අව්‍යාකෘත හේතු කවරහ යත්:
Pali BJTකුසලානං ධම්මානං විපාකතො අලොභො අදොසො අමොහො, ඉමෙ තයො අව්යාකතහෙතු.
Sinhala BJTකුසල ධර්‍මයන්ගේ විපාක හෙයින් අලෝභ ය, අදෝස ය, අමෝහ ය, යන මොහු තුන් අව්‍යාකෘත හේතු යි.
Pali BJTඉමෙ ඡ අපරියාපන්නහෙතු.
Sinhala BJTමොහුසදෙන අපරියාපන්න හේතු යි.
Pali BJTඉමෙ ධම්මා හෙතු.
Sinhala BJTමේ ධර්‍මයෝ හේතු නම් වෙත්.
Pali BJT1077. කතමෙ ධම්මා න හෙතු?
Sinhala BJT1077. කවර ධර්‍මයෝ නහේතු (හේතු නො වූවාහු) වෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බඤ්ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න හෙතු.
Sinhala BJTඒ (හේතු) ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර - රූපාවචර - අරූපාවචර - අපරියාපන්න වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය. වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මේ ධර්‍මයෝ නහේතු නම් වෙත්.
Pali BJT1078. කතමෙ ධම්මා සහෙතුකා?
Sinhala BJT1078. කවර ධර්‍මයෝ සහේතුක වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සහෙතුකා: වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සහෙතුකා.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සහේතුක වෙත් ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ සහේතුකයෝ යි.
Pali BJT1079. කතමෙ ධම්මා අහෙතුකා?
Sinhala BJT1079. කවර ධර්‍මයෝ අහේතුක වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා අහෙතුකා: වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අහෙතුකා.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් අහේතුක වෙත් ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අහේතුකයෝ යි.
Pali BJT1080. කතමෙ ධම්මා හෙතුසම්පයුත්තා?
Sinhala BJT1080. කවර ධර්‍මයෝ හේතු සම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා: වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා හෙතුසම්පයුත්තා.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ හේතු සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT1081. කතමෙ ධම්මා හෙතුවිප්පයුත්තා?
Sinhala BJT1081. හේතු විප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා: වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා හෙතුවිප්පයුත්තා.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ හේතු විප්‍රයුක්තයෝ යි.
Pali BJT1082. කතමෙ ධම්මා හෙතු චෙව සහෙතුකා ච?
Sinhala BJT1082. කවර ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙති යත්:
Pali BJTලොභො මොහෙන හෙතු චෙව සහෙතුකො ච, මොහො ලොභෙන හෙතු චෙව සහෙතුකො ච, දොසො මොහෙන හෙතු චෙව සහෙතුකො ච, මොහො දොසෙන හෙතු චෙව සහෙතුකො ච. අලොභො අදොසො අමොහො තෙ අඤ්ඤමඤ්ඤං හෙතු චෙව සහෙතුකා ච. ඉමෙ ධම්මා හෙතු චෙව සහෙතුකා ච.
Sinhala BJTලෝභය මෝහය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. මෝහය ලෝභය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. දෝසය මෝහය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. මෝහය දෝසය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. අලෝභ ය අදෝස ය අමෝහ ය යන මොහු ඔවුනොවුන් හේතු වූවාහු ද සහේතුක වූවාහු ද වෙත්. මේ ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙත්.
Pali BJT1083. කතමෙ ධම්මා සහෙතුකා චෙව න ච හෙතු?
Sinhala BJT1083. කවර ධර්‍මයෝ සහේතුක ද නො ද හේතු ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සහෙතුකා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සහෙතුකා චෙව න ච හෙතු.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සහේතුක වූවාහු ද, ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ සහේතුක ද නො ද හේතු වූවාහු ද වෙත්.
Pali BJT1084. කතමෙ ධම්මා හෙතු චෙව හෙතුසම්පයුත්තා ච?
Sinhala BJT1084. කවර ධර්‍මයෝ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙති යත්:
Pali BJTලොභො මොහෙන හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, මොහො ලොභෙන හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, දොසො මොහෙන හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, මොහො දොසෙන හෙතු චෙව හෙතුසම්පයුත්තො ච. අලොභො අදොසො අමොහො තෙ අඤ්ඤමඤ්ඤං හෙතු චෙව හෙතුසම්පයුත්තා ච. ඉමෙ ධම්මා හෙතු චෙව හෙතුසම්පයුත්තා ච.
Sinhala BJTලෝභය මෝහය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ලෝභය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. දෝසය මෝහය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය දෝසය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. අලෝභ ය අදෝස ය අමෝහ ය යන මොහු ඔවුනොවුන් හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙත්. මේ ධර්‍මයෝ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙත්.
Pali BJT1085. කතමෙ ධම්මා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු?
Sinhala BJT1085. කවර ධර්‍මයෝ හේතුසම්ප්‍රයුක්ත ද නො ද හේතු ද වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ හේතුසම්ප්‍රයුක්ත ද නො ද හේතු ද වෙත්.
Pali BJT1086. කතමෙ ධම්මා න හෙතු සහෙතුකා?
Sinhala BJT1086. කවර ධර්‍මයෝ නහේතු සහේතුක වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා න හෙතු සහෙතුකා: වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා න හෙතු සහෙතුකා.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් හේතු නො වැ සහේතුක වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ නහේතු සහේතුකයෝ යි.
Pali BJT1087. කතමෙ ධම්මා න හෙතු අහෙතුකා?
Sinhala BJT1087. කවර ධර්‍මයෝ නහේතු අහේතුක වෙති යත්:
Pali BJTතෙහි ධම්මෙහි යෙ ධම්මා න හෙතු අහෙතුකා: වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න හෙතු අහෙතුකා.
Sinhala BJTඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් හේතු නො වැ අහේතුක වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව ද, යන මේ ධර්‍මයෝ නහේතු අහේතුකයෝ යි.
Pali BJTහෙතුගොච්ඡකං.
Sinhala BJTහේතු ගොච්ඡකය යි.
Pali BJT1088. කතමෙ ධම්මා සප්පච්චයා?
Sinhala BJT1088. කවර ධර්‍මයෝ සප්‍රත්‍යය වෙති යත්:
Pali BJTපඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සප්පච්චයා.
Sinhala BJTපඤ්චස්කන්‍ධයෝ ය: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සප්‍රත්‍යයෝ යි.
Pali BJT1089. කතමෙ ධම්මා අප්පච්චයා?
Sinhala BJT1089. කවර ධර්‍මයෝ අප්‍රත්‍යය වෙති යත්:
Pali BJTඅසඞ්ඛතා ධාතු, ඉමෙ ධම්මා අප්පච්චයා.
Sinhala BJTඅසඞ්ඛත (නිබ්බාන) ධාතුව ය. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.
Pali BJT1090. කතමෙ ධම්මා සඞ්ඛතා?
Sinhala BJT1090. කවර ධර්‍මයෝ සඞ්ඛත වෙති යත්:
Pali BJTයෙව තෙ ධම්මා සප්පච්චයා, තෙව තෙ ධම්මා සඞ්ඛතා.
Sinhala BJTඒ යම් ම ධර්‍මකෙනෙක් සප්‍රත්‍යයෝ ද, එම ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.
Pali BJT1091. කතමෙ ධම්මා අසඞ්ඛතා?
Sinhala BJT1091. කවර ධර්‍මයෝ අසඞ්ඛත වෙති යත්:
Pali BJTයො එව සො ධම්මො අප්පච්චයො සො එව සො ධම්මො අසඞ්ඛතො.
Sinhala BJTඒ යම් ම ධර්‍මයෙක් අප්‍රත්‍යය වේ ද, එම ධර්‍මය අසඞ්ඛත යි.
Pali BJT1092. කතමෙ ධම්මා සනිදස්සනා?
Sinhala BJT1092. කවර ධර්‍මයෝ සනිදර්‍ශන වෙති යත්:
Pali BJTරූපායතනං, ඉමෙ ධම්මා සනිදස්සනා.
Sinhala BJTරූපායතන ය. මේ ධර්‍මයෝ සනිදර්‍ශනයෝ යි.
Pali BJT1093. කතමෙ ධම්මා අනිදස්සනා?
Sinhala BJT1093. කවර ධර්‍මයෝ අනිදර්‍ශන වෙති යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, වෙදනාක්ඛන්ධො, -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යඤ්ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනිදස්සනා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අනිදර්‍ශනයෝ යි.
Pali BJT1094. කතමෙ ධම්මා සප්පටිඝා?
Sinhala BJT1094. කවර ධර්‍මයෝ සප්‍රතිඝ වෙති යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉමෙ ධම්මා සප්පටිඝා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යාතන ය, යන මේ ධර්‍මයෝ සප්‍රතිඝයෝ යි.
Pali BJT1095. කතමෙ ධම්මා අප්පටිඝා?
Sinhala BJT1095. කවර ධර්‍මයෝ අප්‍රතිඝ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යං ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අප්පටිඝා.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනයෙහි ඇතුලු වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.
Pali BJT1096. කතමෙ ධම්මා රූපිනො?
Sinhala BJT1096. කවර ධර්‍මයෝ රූපී වෙති යත්:
Pali BJTචත්තාරො ච මහාභූතා චතුන්නං ච මහාභූතානං උපාදාය රූපං, ඉමෙ ධම්මා රූපිනො.
Sinhala BJTසතර මහා භූතයෝ ද, සතර මාහාභූතයන් නිසා පවත්නා රූපය ද, යන මේ ධර්‍මයෝ රූපී වෙත්.
Pali BJT1097. කතමෙ ධම්මා අරූපිනො?
Sinhala BJT1097. කවර ධර්‍මයෝ අරූපී වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අරූපිනො.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අරූපී වෙත්.
Pali BJT1098. කතමෙ ධම්මා ලොකියා?
Sinhala BJT1098. කවර ධර්‍මයෝ ලෞකික වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ලොකියා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ ආස්‍රව සහිත වූ කුශලාකුශල අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ලෞකිකයෝ යි.
Pali BJT1099. කතමෙ ධම්මා ලොකුත්තරා?
Sinhala BJT1099. කවර ධර්‍මයෝ ලෝකෝත්තර වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ලොකුත්තරා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ලෝකෝත්තරයෝ යි.
Pali BJT1100. කතමෙ ධම්මා කෙනචි විඤ්ඤෙය්යා කෙනචි න විඤ්ඤෙය්යා?
Sinhala BJT1100. කවර ධර්‍මයෝ චක්‍ෂුරාදි කිසි විඥානයෙකින් දතයුතු ද කිසි විඥානයකින් නො දතයුතු ද වෙති යත්:
Pali BJTයෙ තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥානයෙන් නො දත යුත්තාහ. යළි යම් ධර්‍මකෙනෙක් ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුත්තාහු නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්තාහ.
Pali BJTයෙ තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා, න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා න තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා සොතවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ඝානවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා න තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා කායවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.
Pali BJTයෙ තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා න තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා. යෙ වා පන තෙ ධම්මා චක්ඛුවිඤ්ඤෙය්යා න තෙ ධම්මා ජිව්හාවිඤ්ඤෙය්යා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.