Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2601-2700 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං{1} දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො{2} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො{3}, අයං වුච්චති සීලබ්බතපරාමාසො.
Sinhala BJTමේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.
Pali BJTඉමානි තීණි සංයොජනානි, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා.
Sinhala BJTමේ තුන් සංයෝජනයෝ ය, ඔවුන් හා ප්‍රහාණෛකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ තදේකස්ථ ලෝභ දි අටකෙලෙසුන් හා සම්ප්‍රයෝග වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදිය විසින් උපදවන ලද කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJT1014. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බා?
Sinhala BJT1014. කවර ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
Pali BJTඅවසෙසො ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බා.
Sinhala BJTඅවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, (ප්‍රහාණවශයෙන්) තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යි. මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJT1015. කතමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා?
Sinhala BJT1015. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් - භාවනායෙන් නො ම ප්‍රහාතව්‍ය වෙති යත්:
Pali BJTකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතු දැයි මේ ධර්‍මයෝ නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJT1016. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා?
Sinhala BJT1016. කවර ධර්‍මයෝ දර්‍ශනයෙ ප්‍රහාතව්‍ය හේතු ඇතියහ යත්:
Pali BJTතීණි සඤ්ඤොජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො.
Sinhala BJTසත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්‍රතපරාමර්‍ෂ ය යන තුන් සංයෝජනයෝ යි.
Pali BJTතත්ථ කතමා සක්කායදිට්ඨි? ඉධ අස්සුතවා පුථුජ්ජනො -පෙ- රූපං අත්තතො සමනුපස්සති -පෙ- අයං වුච්චති සක්කායදිට්ඨි.
Sinhala BJTඑහි සත්කායදෘෂ්ටි කවරෙ යත්: මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ... රූපය ආත්මයයි දකී ... මේ සත්කායද්‍රෂ්ටි යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විචිකිච්ඡා? සත්ථරි කඞ්ඛති -පෙ- අයං වුච්චති විචිකිච්ඡා.
Sinhala BJTඑහි විචිකිත්සා කවර යත්: ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි ... මේ විචිකිත්සා යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සීලබ්බතපරාමාසො? ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙනසුද්ධි -පෙ- අයං වුච්චති සීලබ්බතපරාමාසො.
Sinhala BJTඑහි ශීලව්‍රතපරාමර්‍ෂය කවරෙ යත්: මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධිය ... මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.
Pali BJTඉමානි තීණි සංයොජනානි තදෙකට්ඨා ච කිලෙසා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා. තීණි සඤ්ඤොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා. තදෙකට්ඨො ලොභො දොසො මොහො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා. තදෙකට්ඨා ච කිලෙසා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTමේ තුන් සංයෝජනයෝ ය, තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, ඒ කෙලෙසුන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහු ය. සත්කායදිට්ඨි ය විචිකිච්ඡා ය සීලබ්බතපරාමාස ය යන තුන් සංයෝජනයෝ ය, මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ය. තදේකස්ථ වූ ලෝභ ය දෝස ය මෝහ ය, යන මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුහු ය. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්‍ථිත වූ කායකර්‍මය වාක්කර්‍මය මනඃකර්‍ම ය, මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ යි.
Pali BJT1017. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා?
Sinhala BJT1017. කවර දහම්හු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියහ යත්:
Pali BJTඅවසෙසො ලොභො දොසො මොහො, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTඅවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, මේ දහම්හු භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියහ. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
Pali BJT1018. කතමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා?
Sinhala BJT1018. කවර ධර්‍මයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියහ යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත වූ ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතු දැ යි මේ ධර්‍මයෝ නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ යි.
Pali BJT1019. කතමෙ ධම්මා ආචයගාමිනො?
Sinhala BJT1019. කවර දහම්හු ආචයගාමී වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආචයගාමිනො.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ ආචයගාමීහු ය.
Pali BJT1020. කතමෙ ධම්මා අපචයගාමිනො?
Sinhala BJT1020. කවර දහම්හු අපචයගාමී වෙති යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා අපචයගාමිනො.
Sinhala BJTඅපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මේ ධර්‍මයෝ අපචයගාමීහු ය.
Pali BJT1021. කතමෙ ධම්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො?
Sinhala BJT1021. කවර දහම්හු නො ම ආචයගාමී නො ද අපචයගාමී වෙති යත්:
Pali BJTකුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, සියලු රූපය ද, අසඞ්ඛත (නිවන) ධාතුව දැ යි, මේ ධර්‍මයෝ නො ම ආචයගාමී නො ද අපචයගාමී වෙත්.
Pali BJT1022. කතමෙ ධම්මා සෙඛා{1}?
Sinhala BJT1022. කවර දහම්හු ශෛක්‍ෂ වෙති යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, හෙට්ඨිමානි ච තීණි සාමඤ්ඤඵලානි ඉමෙ ධම්මා සෙඛා.
Sinhala BJTඅපරියාපන්න වූ සතරමාර්‍ගයෝ ද, හෙට්ඨිම වූ තුන් ශ්‍රාමාණ්‍යඵලයෝ දැ යි, මේ ධර්‍මයෝ ශෛක්‍ෂයෝ යි.
Pali BJT1023. කතමෙ ධම්මා අසෙඛා{2}?
Sinhala BJT1023. කවර දහම්හු අශෛක්‍ෂ වෙති යත්:
Pali BJTඋපරිට්ඨිමං අරහත්තඵලං, ඉමෙ ධම්මා අසෙඛා.
Sinhala BJTමතුයෙහි වූ අර්‍හත්ත්‍වඵල ය. මේ ධර්‍මයෝ අශෛක්‍ෂ යෝ යි.
Pali BJT1024. කතමෙ ධම්මා නෙවසෙඛා නාසෙඛා?
Sinhala BJT1024. කවර ධර්‍මයෝ නෛව ශෛක්‍ෂ නාශෛක්‍ෂ වෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාකන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නෙව සෙඛා නාසෙඛා.
Sinhala BJTඒ (ශෛක්‍ෂාශෛක්‍ෂ) ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව දැ යි මේ ධර්‍මයෝ නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂයෝ යි.
Pali BJT1025. කතමෙ ධම්මා පරිත්තා?
Sinhala BJT1025. කවර ධර්‍මයෝ පරිත්ත වෙති යත්:
Pali BJTසබ්බෙව කාමාවචරා කුසලාකුසලාව්යාකතා ධම්මා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරිත්තා.
Sinhala BJTසියලු ම කාමාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ පරිත්තයෝ යි.
Pali BJT1026. කතමෙ ධම්මා මහග්ගතා?
Sinhala BJT1026. කවර ධර්‍මයෝ මහද්ගත වෙති යත්:
Pali BJTරූපාවචරා අරූපාවචරා කුසලාව්යාකතා ධම්මා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා මහග්ගතා.
Sinhala BJTරූපාවචර අරූපාවචර වූ කුශලාව්‍යකෘතධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ මහද්ගතයෝ ය.
Pali BJT1027. කතමෙ ධම්මා අප්පමාණා?
Sinhala BJT1027. කවර ධර්‍මයෝ අප්‍රමාණ වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අප්පමාණා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි, මේ ධර්‍මයෝ අප්‍රමාණයෝ යි.
Pali BJT1028. කතමෙ ධම්මා පරිත්තාරම්මණා?
Sinhala BJT1028. කවර ධර්‍මයෝ පරිත්තාලම්බන වෙති යත්:
Pali BJTපරිත්තෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා පරිත්තාරම්මණා.
Sinhala BJTපරිත්ත වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ පරිත්තාලම්බනයෝ යි.
Pali BJT1029. කතමෙ ධම්මා මහග්ගතාරම්මණා?
Sinhala BJT1029. කවර ධර්‍මයෝ මහද්ගතාලම්බන වෙති යත්:
Pali BJTමහග්ගතෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා මහග්ගතාරම්මණා.
Sinhala BJTමහද්ගත වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මහද්ගතාලම්බනයෝ යි.
Pali BJT1030. කතමෙ ධම්මා අප්පමාණාරම්මණා?
Sinhala BJT1030. කවර ධර්‍මයෝ අප්‍රමාණාලම්බන වෙති යත්:
Pali BJTඅප්පමාණෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අප්පමාණාරම්මණා.
Sinhala BJTඅප්‍රමාණ වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මෙ ධර්‍මයෝ අප්‍රමාණාලම්බනයෝ යි.
Pali BJT1031. කතමෙ ධම්මා හීනා?
Sinhala BJT1031. කවර ධර්‍මයෝ හීන වෙති යත්:
Pali BJTතීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා හීනා.
Sinhala BJTලෝභ ය දෝස ය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, (සහජ වශයෙන්) තෙදෙකස්ථ වූ ක්ලේශයෝ ද, උන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යි. මේ ධර්‍මයෝ හීනයෝ යි.
Pali BJT1032. කතමෙ ධම්මා මජ්ඣිමා?
Sinhala BJT1032. කවර ධර්‍මයෝ මධ්‍යම වෙති යත්:
Pali BJTසාසවා කුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා මජ්ඣිමා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ මධ්‍යමයෝ යි.
Pali BJT1033. කතමෙ ධම්මා පණීතා?
Sinhala BJT1033. කවර ධර්‍මයෝ ප්‍රණීත වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච, මග්ගඵලානි ච, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා පණීතා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද , අසඞ්ඛත ධාතුව දැයි. මේ ධර්‍මයෝ ප්‍රණීතයෝ යි.
Pali BJT1034. කතමෙ ධම්මා මිච්ඡත්තනියතා?
Sinhala BJT1034. කවර ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියත වෙති යත්:
Pali BJTපඤ්ච කම්මානි ආනන්තරිකානි, යා ච මිච්ඡාදිට්ඨි නියතා, ඉමෙ ධම්මා මිච්ඡත්තනියතා.
Sinhala BJTමාතෘවධාදි පඤ්ච ආනන්තරික කර්‍මයෝ ද, යම් නියත මිත්‍ථ්‍යාදෘෂ්ටියකුත් වේ ද, මේ ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියතයෝ යි.
Pali BJT1035. කතමෙ ධම්මා සම්මත්තනියතා?
Sinhala BJT1035. කවර ධර්‍මයෝ සම්‍යක්ත්‍වනියත වෙති යත්:
Pali BJTචත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා සම්මත්තනියතා.
Sinhala BJTඅපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මේ ධර්‍මයෝ සම්‍යක්ත්‍ව නියතයෝ යි.
Pali BJT1036. කතමෙ ධම්මා අනියතා?
Sinhala BJT1036. කවර ධර්‍මයෝ අනියත වෙති යත්:
Pali BJTතෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනියතා.
Sinhala BJTඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව දැ යි මේ ධර්‍මයෝ අනියතයෝ යි.
Pali BJT1037. කතමෙ ධම්මා මග්ගාරම්මණා?
Sinhala BJT1037. කවර ධර්‍මයෝ මාර්‍ගාලම්බන වෙති යත්:
Pali BJTඅරියමග්ගං ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා මග්ගාරම්මණා.
Sinhala BJTආර්‍ය්‍යමාර්‍ගය අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බනයෝ යි.
Pali BJT1038. කතමෙ ධම්මා මග්ගහෙතුකා?
Sinhala BJT1038. කවර ධර්‍මයෝ මාර්‍ගහේතුක වෙති යත්:
Pali BJTඅරියමග්ගසමඞ්ගිස්ස මග්ගඞ්ගානි ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා මග්ගහෙතුකා. අරියමග්ගසමඞ්ගිස්ස සම්මාදිට්ඨි මග්ගො චෙව හෙතු ච. සම්මාදිට්ඨිං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා මග්ගහෙතුකා. අරියමග්ගසමඞ්ගිස්ස අලොභො අදොසො අමොහො, ඉමෙ ධම්මා මග්ගහෙතු. තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා මග්ගහෙතුකා.
Sinhala BJTආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ මාර්‍ගාඞ්ගයන් තබා ඒ මාර්‍ගසම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ ය, ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ සම්‍යග්දෘෂ්ටිය මාර්‍ග ද හේතු ද වෙයි. සම්‍යග්දෘෂ්ටිය තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ ය. ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ අලෝභ ය අදෝස ය අමෝහ ය යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුහු ය. උන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ යි.
Pali BJT1039. කතමෙ ධම්මා මග්ගාධිපතිනො?
Sinhala BJT1039. කවර ධර්‍මයෝ මාර්‍ගාධිපති වෙති යත්:
Pali BJTඅරියමග්ගං අධිපතිං කරිත්වා යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා මග්ගාධිපතිනො. අරියමග්ගසමඞ්ගිස්ස වීමංසාධිපතෙය්යං මග්ගං භාවයන්තස්ස වීමංසං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො, -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා මග්ගාධිපතිනො.
Sinhala BJTආර්‍ය්‍යමාර්‍ගය ආරම්මණාධිපති කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මාර්‍ගාධිපතිහු ය. වීමංසාව අධිපති කොට මාර්‍ගය වඩන ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ වීමංසාව තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ මාර්‍ගාධිපති වෙත්.
Pali BJT1040. කතමෙ ධම්මා උප්පන්නා?
Sinhala BJT1040. කවර ධර්‍මයෝ උත්පන්න වෙති යත්:
Pali BJTයෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා උප්පන්නා සමුප්පන්නා උට්ඨිතා සමුට්ඨිතා උප්පන්නා උප්පන්නංසෙන සඞ්ගහිතා රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා උප්පන්නා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු පහළ වූවාහු මොනොවට හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු ප්‍රකට වූවාහු උපන්නාහු වෙසෙසින් උපන්නාහු උත්‍ථිත වූවාහු සමුත්‍ථිත වූවාහු උපන්නාහු උපන් කොටසින් ගැණුනාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ උත්පන්නයෝ යි.
Pali BJT1041. කතමෙ ධම්මා අනුප්පන්නා?
Sinhala BJT1041. කවර ධර්‍මයෝ අනුත්පන්න වෙති යත්:
Pali BJTයෙ ධම්මා අජාතා අභූතා අසඤ්ජාතා අනිබ්බත්තා අනභිනිබ්බත්තා අපාතුභූතා අනුප්පන්නා අසමුප්පන්නා අනුට්ඨිතා අසමුට්ඨිතා අනුප්පන්නා අනුප්පන්නංසෙන සඞ්ගහිතා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා අනුප්පන්නා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත අනුත්පන්න වූවාහු අනුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනුත්පන්නයෝ යි.
Pali BJT1042. කතමෙ ධම්මා උප්පාදිනො?
Sinhala BJT1042. කවර ධර්‍මයෝ උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) වෙති යත්:
Pali BJTකුසලාකුසලානං ධම්මානං අවිපක්කවිපාකානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යඤ්ච රූපං කම්මස්ස කතත්තා උප්පජ්ජිස්සති, ඉමෙ ධම්මා උප්පාදිනො.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ නො මූ කළ විපාක ඇති කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් උපදනේ ද, මේ ධර්‍මයෝ උත්පාදීහ.
Pali BJT1043. කතමෙ ධම්මා අතීතා?
Sinhala BJT1043. කවර ධර්‍මයෝ අතීත වෙති යත්:
Pali BJTයෙ ධම්මා අතීතා නිරුද්ධා විගතා විපරිණතා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා උප්පජ්ජිත්වා විගතා අතීතා අතීතංසෙන සඞ්ගහිතා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා අතීතා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ක්‍ෂණත්‍රය ඉක්මවූවාහු නිරුද්ධ වූවාහු පහව ගියාහු (ප්‍රකෘතිය හැරීමෙන්) විපරිණාමයට ගියාහු අස්තයට ගියාහු අභ්‍යස්තයට ගියාහු ඉපිදැ පහව ගියාහු ද, අතීත වූවාහු අතීතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අතීතයෝ යි.
Pali BJT1044. කතමෙ ධම්මා අනාගතා?
Sinhala BJT1044. කවර ධර්‍මයෝ, අනාගත වෙති යත්:
Pali BJTයෙ ධම්මා අජාතා අභූතා අසඤ්ජාතා අනිබ්බත්තා අනභිනිබ්බත්තා අපාතුභූතා අනුප්පන්නා අසමුප්පන්නා අනුට්ඨිතා අසමුට්ඨිතා අනාගතා අනාගතංසෙන සඞ්ගහිතා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා අනාගතා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත්ත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත වූවාහු අනාගත වූවාහු අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනාගතයෝ යි.
Pali BJT1045. කතමෙ ධම්මා පච්චුප්පන්නා?
Sinhala BJT1045. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්න වෙති යත්:
Pali BJTයෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා උප්පන්නා සමුප්පන්නා උට්ඨිතා සමුට්ඨිතා පච්චුප්පන්නා පච්චුප්පන්නංසෙන සඞ්ගහිතා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා පච්චුප්පන්නා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත ප්‍රාදුර්භූත උත්පන්න සමුත්පන්න උත්‍ථිත සමුත්‍ථිත වූවාහු ප්‍රත්‍යුත්පන්න වූවාහු ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූපයෝ ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නයෝ යි.
Pali BJT1046. කතමෙ ධම්මා අතීතාරම්මණා?
Sinhala BJT1046. කවර ධර්‍මයෝ අතීතාලම්බන වෙති යත්:
Pali BJTඅතීතෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අතීතාරම්මණා.
Sinhala BJT(පරිත්ත මහද්ගත වූ) අතීත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අතීතාලම්බනයෝ ය.
Pali BJT1047. කතමෙ ධම්මා අනාගතාරම්මණා?
Sinhala BJT1047. කවර ධර්‍මයෝ අනාගතාලම්බන වෙති යත්:
Pali BJTඅනාගතෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අනාගතාරම්මණා.
Sinhala BJTඅනාගත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අනාගතාලම්බනයෝ යි.
Pali BJT1048. කතමෙ ධම්මා පච්චුප්පන්නාරම්මණා?
Sinhala BJT1048. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති යත්:
Pali BJTපච්චුප්පන්නෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා පච්චුප්පන්නාරම්මණා.
Sinhala BJTප්‍රත්‍යුත්පන්න ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ යි.
Pali BJT1049. කතමෙ ධම්මා අජ්ඣත්තා?
Sinhala BJT1049. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති යත්:
Pali BJTයෙ ධම්මා තෙසං තෙසං සත්තානං අජ්ඣත්තං පච්චත්තං නියකා{1} පාටිපුග්ගලිකා උපාදින්නා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා අජ්ඣත්තා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ඒ සත්ත්තවයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු (සිය සිය සතනැ උපන්නාහු) තිජක (තමා කෙරෙහි) වූවාහු ප්‍රාතිපෞද්ගලික (වෙන් වෙන් ව පුඟුල්සතු) වූවාහු උපාදින්න (ශරීරස්ථ) වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ අධ්‍යාත්මයෝ යි.
Pali BJT1050. කතමෙ ධම්මා බහිද්ධා?
Sinhala BJT1050. කවර ධර්‍මයෝ බාහ්‍ය වෙති යත්:
Pali BJTයෙ ධම්මා තෙසං තෙසං පරසත්තානං පරපුග්ගලානං අජ්ඣත්තං පච්චත්තං නියකා පාටිපුග්ගලිකා උපාදින්නා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා බහිද්ධා.
Sinhala BJTයම් ධර්‍ම කෙනෙක් ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු නිජාත්මයෙහි උපන්නාහු ප්‍රාතිපෞද්ගලික වූවාහු උපාදින්න වූවාහු ද, ඒ රූප - වේදනා -සංඥා ය සංස්කාර - විඥාන යි. මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.
Pali BJT1051. කතමෙ ධම්මා අජ්ඣත්තබහිද්ධා?
Sinhala BJT1051. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍ය වෙති යත්:
Pali BJTතදුභයං, ඉමෙ ධම්මා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTඒ (අධ්‍යාත්ම - බාහ්‍ය යන) දෙකය. මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යයෝ යි.
Pali BJT1052. කතමෙ ධම්මා අජ්ඣත්තාරම්මණා?
Sinhala BJT1052. කවර ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති යත්:
Pali BJTඅජ්ඣත්තෙ ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අජ්ඣත්තාරම්මණා.
Sinhala BJTඅධ්‍යාත්ම වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍මකෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බනයෝ යි.
Pali BJT1053. කතමෙ ධම්මා බහිද්ධාරම්මණා?
Sinhala BJT1053. කවර ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙති යත්:
Pali BJTබහිද්ධා ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා බහිද්ධාරම්මණා.
Sinhala BJTබාහ්‍ය වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බනයෝ යි.
Pali BJT1054. කතමෙ ධම්මා අජ්ඣත්තබහිද්ධාරම්මණා?
Sinhala BJT1054. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍යාලම්බන වෙති යත්:
Pali BJTඅජ්ඣත්තබහිද්ධා ධම්මෙ ආරබ්භ යෙ උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTඅධ්‍යාත්ම - බාහ්‍ය වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යාලම්බනයෝ යි.
Pali BJT1055. කතමෙ ධම්මා සනිදස්සනසප්පටිඝා?
Sinhala BJT1055. කවර ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:
Pali BJTරූපායතනං, ඉමෙ ධම්මා සනිදස්සනසප්පටිඝා.
Sinhala BJTරූපායතන ය, මේ ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.
Pali BJT1056. කතමෙ ධම්මා අනිදස්සනසප්පටිඝා?
Sinhala BJT1056. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:
Pali BJTචක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉමෙ ධම්මා අනිදස්සනසප්පටිඝා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.
Pali BJT1057. කතමෙ ධම්මා අනිදස්සනඅප්පටිඝා?
Sinhala BJT1057. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - අප්‍රතිඝ වෙති යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, යං රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනිදස්සනඅප්පටිඝා.
Sinhala BJTවේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, අනිදර්‍ශන - අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයකුත් වේ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - ප්‍රතිඝයෝ යි.
Pali BJTතිකං.
Sinhala BJTත්‍රික නිර්දේශ යි.
Pali BJT1058. කතමෙ ධම්මා හෙතු?
Sinhala BJT1058. කවර ධර්‍මයෝ හේතු වෙති යත්:
Pali BJTතයො කුසලහෙතු තයො අකුසලහෙතු තයො අව්යාකතහෙතු නව කාමාවචරහෙතු ඡ රූපාවචරහෙතු ඡ අරූපාවචරහෙතු ඡ අපරියාපන්නහෙතු.
Sinhala BJTතුන් කුශල හේතු ය. තුන් අකුශල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු ය. නව කාමාවචර හේතුය. ෂඩ් රූපාවචර හේතු ය. ෂඩ් අරූපාවචර හේතු ය. ෂඩ් අපරියාපන්න හේතු යි.
Pali BJT1059. තත්ථ කතමෙ තයො කුසලහෙතු?
Sinhala BJT1059. එහි තුන් කුශල හේතු කවරහ යත්:
Pali BJTඅලොභො අදොසො අමොහො.
Sinhala BJTඅලෝභ ය. අදෝස ය. අමෝහ යි.
Pali BJT1060. තත්ථ කතමො අලොභො?
Sinhala BJT1060. එහි අලෝභ කවරේ යත්: