Pali BJT971. කතමං තං රූපං පඨවීධාතු?
Sinhala BJT971. ඒ පඨවිධාතුරූපය කවරේ යත්:
Pali BJTයං කක්ඛළං ඛරිගතං{1} කක්ඛළත්තං කක්ඛළභාවො අජ්ඣත්තං වා බහිද්ධා වා උපාදින්නං වා අනුපාදින්නං වා, ඉදං තං රූපං පඨවීධාතු.
Sinhala BJTඅධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න (ශරීරස්ථ) වූ හෝ අනුපාදින්න වූ හෝ යම් කර්‍කශයෙක් පරුෂයෙක් කර්‍කශත්‍වයෙක් කර්‍කශභාවයෙක් වේ ද, මේ ඒ පෘථිවිධාතුරූප යි.
Pali BJT972. කතමං තං රූපං ආපොධාතු?
Sinhala BJT972. ඒ ආපෝධාතු රූපය කවරේ යත්:
Pali BJTයං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස අජ්ඣත්තං වා බහිද්ධා වා උපාදින්නං වා අනුපාදින්නං වා, ඉදං තං රූපං ආපොධාතු.
Sinhala BJTඅධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
Pali BJT973. කතමං තං රූපං තෙජොධාතු?
Sinhala BJT973. ඒ තේජෝධාතු රූපය කවරේ යත්:
Pali BJTයං තෙජො තෙජොගතං උස්මා උස්මාගතං උසුමං උසුමගතං අජ්ඣත්තං වා බහිද්ධා වා උපාදින්නං වා අනුපාදින්නං වා, ඉදං තං රූපං තෙජොධාතු.
Sinhala BJTඅධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුමෙක් උණුසුම් අයුරෙක් තද උණුසුමෙක් තද උණුසුම් අයුරෙක් වේ ද, මේ ඒ තේජෝධාතුරූප යි.
Pali BJT974. කතමං තං රූපං වායොධාතු?
Sinhala BJT974. ඒ වායෝධාතු රූපය කවරේ යත්:
Pali BJTයං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස අජ්ඣත්තං වා බහිද්ධා වා උපාදින්නං වා අනුපාදින්නං වා, ඉදං තං රූපං වායොධාතු.
Sinhala BJTඅධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් වායුවෙක් වායෝගතයෙක් රූපයාගේ පිරුණුබවෙක් වේ ද, මේ ඒ වායෝධාතුරූප යි.
Pali BJT975. කතමං තං රූපං උපාදා?
Sinhala BJT975. ඒ උපාදාරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාරූප යි.
Pali BJTඑවං පඤ්චවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ පඤ්චප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTපඤ්චකං.
Sinhala BJTපඤ්චකය යි.
Pali BJT976. රූපායතනං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සද්දායතනං සොතවිඤ්ඤෙය්යං රූපං, ගන්ධායතනං ඝානවිඤ්ඤෙය්යං රූපං, රසායතනං ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤෙය්යං රූපං, සබ්බං රූපං මනොවිඤ්ඤෙය්යං රූපං.
Sinhala BJT976. රූපායාතනය චක්‍ෂුර්විඥේය (චක්‍ෂුර්විඥානයෙන් දත හැකි) රූපය, ශබ්දායතනය ශ්‍රෝතවිඥේය රූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේය රූපය, රසායතනය ජිහ්වාවිඥේය රූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේය රූප ය, හැම රූපය මනෝවිඥෙය රූප යි.
Pali BJTඑවං ඡබ්බිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ ෂට්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඡක්කං.
Sinhala BJTෂට්කය යි.
Pali BJT977. රූපායතනං චක්ඛු විඤ්ඤෙය්යං රූපං, සද්දායතනං සොතවිඤ්ඤෙය්යං රූපං, ගන්ධායතනං ඝානවිඤ්ඤෙය්යං රූපං, රසායතනං ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤෙය්යං රූපං, රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනොධාතුවිඤ්ඤෙය්යං රූපං, සබ්බං රූපං මනොවිඤ්ඤාණධාතු විඤ්ඤෙය්යං රූපං.
Sinhala BJT977. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥේය (ත්‍රිවිධ මනෝධාතුයෙන් දත හැකි) රූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
Pali BJTඑවං සත්තවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ සප්තප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTසත්තකං.
Sinhala BJTසප්තකය යි.
Pali BJT978. රූපායතනං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සද්දායතනං සොතවිඤ්ඤෙය්යං රූපං, ගන්ධායතනං ඝානවිඤ්ඤෙය්යං රූපං, රසායතනං ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, මනාපියො ඵොට්ඨබ්බො සුඛසම්ඵස්සො කායවිඤ්ඤෙය්යං රූපං, අමනාපියො ඵොට්ඨබ්බො දුක්ඛසම්ඵස්සො කායවිඤ්ඤෙය්යං රූපං, රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනොධාතුවිඤ්ඤෙය්යං රූපං, සබ්බං රූපං මනොවිඤ්ඤාණධාතුවිඤ්ඤෙය්යං රූපං.
Sinhala BJT978. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, සුවපහස් වූ මනවඩවන පහස කායවිඥේයරූප ය, දුක්පහස් වූ නො මනවඩවන පහස කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥෙයරූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
Pali BJTඑවං අට්ඨවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ අෂ්ටප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඅට්ඨකං.
Sinhala BJTඅෂ්ටකය යි.
Pali BJT979. කතමං තං රූපං චක්ඛුන්ද්රියං?
Sinhala BJT979. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයං චක්ඛුං{1} චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක්ඛුන්ද්රියං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රියරූපයි.
Pali BJT980. කතමං තං රූපං සොතින්ද්රියං -පෙ- ඝානින්ද්රියං -පෙ- ජිව්හින්ද්රියං -පෙ- කායින්ද්රියං -පෙ- ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං -පෙ- ජීවිතින්ද්රියං?
Sinhala BJT980. ඒ සෝතින්‍ද්‍රියරූපය ... ඝානින්‍ද්‍රිය ... ජිව්හින්‍ද්‍රිය ... කායින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයො තෙසං{2} රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ජීවිතින්ද්රියං.
Sinhala BJTඒ රූපීධර්‍මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්‍ද්‍රියරූප යි.
Pali BJT981. කතමං තං රූපං න ඉන්ද්රියං?
Sinhala BJT981. ඒ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ඉන්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJTඑවං නවවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ නවප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTනවකං.
Sinhala BJTනවකය යි.
Pali BJT982. කතමං තං රූපං චක්ඛුන්ද්රියං?
Sinhala BJT982. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක්ඛුන්ද්රියං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රියරූපයි.
Pali BJT983. කතමං තං රූපං සොතින්ද්රියං -පෙ- ඝානින්ද්රියං -පෙ- ජිව්හින්ද්රියං -පෙ- කායින්ද්රියං -පෙ- ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං -පෙ- ජීවිතින්ද්රියං?
Sinhala BJT983. ඒ සෝතින්‍ද්‍රියරූපය ... ඝානින්‍ද්‍රිය ... ජිව්හින්‍ද්‍රිය ... කායින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයො තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ජීවිතින්ද්රියං.
Sinhala BJTඒ රූපීධර්‍මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඊර්‍ය්‍යාපථයෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්‍ද්‍රියරූප යි.
Pali BJT984. කතමං තං රූපං න ඉන්ද්රියං සප්පටිඝං?
Sinhala BJT984. ඒ ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං න ඉන්ද්රියං සප්පටිඝං.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූප යි.
Pali BJT985. කතමං තං රූපං න ඉන්ද්රියං අප්පටිඝං?
Sinhala BJT985. ඒ ඉන්‍ද්‍රිය නො වූ අප්‍රතිඝරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ඉන්ද්රියං අප්පටිඝං.
Sinhala BJTකායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ අප්‍රතිඝරූප යි.
Pali BJTඑවං දසවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ දශප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTදසකං.
Sinhala BJTදශකය යි.
Pali BJT986. කතමං තං රූපං චක්ඛායතනං?
Sinhala BJT986. ඒ චක්‍ඛායතන රූපය කවරේ යත්:
Pali BJTයං චක්ඛු චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතන රූපයි.
Pali BJT987. කතමං තං රූපං සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT987. ඒ සෝතායතනරූපය ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... සද්දායතන ... ගන්‍ධායතන ... රසායතන ... ඵොට්ඨබ්බායතනරූපය කවරේ යත්:
Pali BJTපඨවීධාතු -පෙ- ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTපෘථිවිධාතු ය ... තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
Pali BJT988. කතමං තං රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං?
Sinhala BJT988. ඒ අනිදස්සන අප්පටිඝ වූ ධම්මායතනපරියාපන්න රූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්නරූප යි.
Pali BJTඑවං එකාදසවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ ඒකාදශප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඑකාදසකං.
Sinhala BJTඒකාදශකය යි.
Pali BJTරූපවිභත්ති
Sinhala BJTරූපකාණ්ඩය නිමි.
Pali BJTඅට්ඨමං භාණවාරං.
Sinhala BJTඅටවැනි බණවර යි.
Pali BJT3. නික්ඛෙපකණ්ඩං
Sinhala BJT3. නික්‍ෂේපකාණ්ඩය
Pali BJT989. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT989. කවර ධර්‍මයෝ කුශල වෙති යත්:
Pali BJTතීණි කුසලමූලානි: අලොභො අදොසො අමොහො තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTඅලෝභ ය අදෝස ය අමෝහ ය යන තුන් කුශලමූලයෝ ය. උන් (ඒ අලෝභාදීන්) හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, ඒ අලෝභාදීන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍මය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT990. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT990. කවර ධර්‍මයෝ අකුශල වෙති යත්:
Pali BJTතීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTලෝභ ය දෝසය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, තදේකස්ථ (ඒ ලෝභාදිය සමග එක් සිතෙක සිටියා) වූ ක්ලේශයෝ ය, ඒ ලෝභාදීන් හා සම්ප්‍රයුක්ත වු වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT991. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT991. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTකුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු. ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTකාමාවචර වූ රූපාවචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ (තුන් වටහි ඇතුළු නො වු ) කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, නො ම කුශලාකුශල වූ නො ද කර්‍මවිපාක වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු ද, සියලු රූපය ද අසඞ්ඛතධාතු (නිවන ) ද, යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT992. කතමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා?
Sinhala BJT992. කවර ධර්‍ම කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTසුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ සුඛං වෙදනං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි සුඛභූමි වූ සිත්හි සුඛවේදනාව තබා ඒ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJT993. කතමෙ ධම්මා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා?
Sinhala BJT993. කවර ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTදුක්ඛභූමියං කාමාවචරෙ දුක්ඛං වෙදනං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ ධම්මා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTකාමාවචරයෙහි දුකට භූමි වූ සිත්හි දුඃඛවේදනාව තබා ඒ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJT994. කතමෙ ධම්මා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා?
Sinhala BJT994. කවර ධර්‍මයෝ අදුක්ඛමසුඛ (උපේක්‍ෂා ) වේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:
Pali BJTඅදුක්ඛමසුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ අදුක්ඛමසුඛං වෙදනං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි උපේක්‍ෂාභූමි වූ සිත්හි උපේක්‍ෂාවේදනාව තබා තත්සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛ (උපේක්‍ෂා) වේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJT995. කතමෙ ධම්මා විපාකා?
Sinhala BJT995. කවර ධර්‍මයෝ විපාක වෙති යත්:
Pali BJTකුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා විපාකා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ විපාකයෝ යි.
Pali BJT996. කතමෙ ධම්මා විපාකධම්මධම්මා?
Sinhala BJT996. කවර ධර්‍මයෝ විපාකස්වභාවධර්‍ම වෙති යත්:
Pali BJTකුසලාකුසලා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා විපාකධම්මධම්මා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලා කුශලධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ විපාකධර්‍ම (විපාකස්වභාව) ධර්‍මයෝ යි.
Pali BJT997. කතමෙ ධම්මා නෙවවිපාකනවිපාකධම්මධම්මා?
Sinhala BJT997. කවර ධර්‍මයෝ නො ම විපාක වූවාහු විපාකස්වභාවධර්‍ම නො වූවාහු වෙති යත්:
Pali BJTයෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTනො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, සියලු රූපය ද, අසංඛතධාතු (නිවන) ද යන මේ ධර්‍මයෝ නෛව විපාක න විපාකස්වභාව ධර්‍මයෝ යි.
Pali BJT998. කතමෙ ධම්මා උපාදින්නුපාදානියා?
Sinhala BJT998. කවර ධර්‍මයෝ උපාදින්න - උපාදානිය වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යං ච රූපං කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා උපාදින්නුපාදානියා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයකුත් වේ ද, මේ ධර්‍මයෝ උපාදින්න උපාදානියයෝ යි.
Pali BJT999. කතමෙ ධම්මා අනුපාදින්නුපාදානියා?
Sinhala BJT999. කවර ධර්‍මයෝ අනුපාදින්න - උපාදානිය වෙති යත්:
Pali BJTසාසවා කුසලාකුසලා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, යං ච රූපං න කම්මස්ස කතත්තා, ඉමෙ ධම්මා අනුපාදින්නුපාදානියා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ අනුපාදින්න - උපාදානියයෝ යි.
Pali BJT1000. කතමෙ ධම්මා අනුපාදින්නඅනුපාදානියා?
Sinhala BJT1000. කවර ධර්‍මයෝ අනුපාදින්න - අනුපාදානිය වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අනුපාදින්න - අනුපාදානියයෝ යි.
Pali BJT1001. කතමෙ ධම්මා සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා?
Sinhala BJT1001. කවර ධර්‍මයෝ සඞ්කිලිට්ඨ සඞ්කිලේසික වෙති යත්:
Pali BJTතීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා.
Sinhala BJTලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ ය, තත්සහජෛකස්ථ වූ ක්ලේශයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ සංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ යි.
Pali BJT1002. කතමෙ ධම්මා අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා?
Sinhala BJT1002. කවර ධර්‍මයෝ අසඞ්කිලිට්ඨසඞ්කිලෙසික වෙති යත්:
Pali BJTසාසවා කුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා.
Sinhala BJTකාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාව්‍යාකෘතධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ යි.
Pali BJT1003. කතමෙ ධම්මා අසඞ්කිලිට්ඨඅසඞ්කිලෙසිකා?
Sinhala BJT1003. කවර ධර්‍මයෝ අසඞ්කිලිට්ඨ අසඞ්කිලේසික වෙති යත්:
Pali BJTඅපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අසඞ්කිලිට්ඨඅසඞ්කිලෙසිකා.
Sinhala BJTඅපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ට - අසාංක්ලේශිකයෝ යි.
Pali BJT1004. කතමෙ ධම්මා සවිතක්කසවිචාරා?
Sinhala BJT1004. කවර ධර්‍මයෝ සවිතර්‍ක - සවිචාර වෙති යත්:
Pali BJTසවිතක්කසවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ විතක්ක විචාරෙ ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සවිතක්කසවිචාරා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි, අපරියාපන්නයෙහි සවිතර්‍ක සවිචාරභූමියෙහි වූ විතර්‍කවිචාරයන් තබා තත් (සවිතර්‍කසවිචාර චිත්තය හා) සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ සවිතර්‍ක සවිචාරයෝ යි.
Pali BJT1005. කතමෙ ධම්මා අවිතක්කවිචාරමත්තා?
Sinhala BJT1005. කවර ධර්‍මයෝ අවිතර්‍කවිචාරමාත්‍ර වෙති යත්:
Pali BJTඅවිතක්කවිචාරමත්තභූමියං රූපාවචරෙ අපරියාපන්නෙ විචාරං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා අවිතක්කවිචාරමත්තා.
Sinhala BJTරූපාවචරයෙහි අපරියාපන්නයෙහි අවිතර්‍ක විචාරමාත්‍රභූමියෙහි වූ විචාරය තබා ඒ අවිතර්‍කවිචාරමාත්‍රචිත්තය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අවිතර්‍කවිචාරමාත්‍රයෝ යි.
Pali BJT1006. කතමෙ ධම්මා අවිතක්කඅවිචාරා?
Sinhala BJT1006. කවර ධර්‍මයෝ අවිතර්‍ක - අවිචාර වෙති යත්:
Pali BJTඅවිතක්කඅවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අවිතක්කඅවිචාරා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි අවිතර්‍ක - අවිචාරභූමියෙහි වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අවිතර්‍ක - අවිචාරයෝ යි.
Pali BJT1007. කතමෙ ධම්මා පීතිසහගතා?
Sinhala BJT1007. කවර ධර්‍මයෝ ප්‍රීතිසහගත වෙති යත්:
Pali BJTපීතිභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ පීතිං ඨපෙත්වා තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පීතිසහගතා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි ප්‍රීතිභූමියෙහි වූ, ප්‍රීතිය තබා ඒ (ප්‍රීතිය උපදනා සිත හා) සම්ප්‍රයෝග වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යි.
Pali BJT1008. කතමෙ ධම්මා සුඛසහගතා?
Sinhala BJT1008. කවර ධර්‍මයෝ සුඛසහගත වෙති යත්:
Pali BJTසුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ සුඛං ඨපෙත්වා තං සම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සුඛසහගතා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි සුඛභූමියෙහි වූ, සුඛය තබා ඒ (සුඛභූමිය) හා සම්ප්‍රයෝග වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සුඛසහගතයෝ යි.
Pali BJT1009. කතමෙ ධම්මා උපෙක්ඛාසහගතා?
Sinhala BJT1009. කවර ධර්‍මයෝ උපේක්‍ෂාසහගත වෙති යත්:
Pali BJTඋපෙක්ඛාභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ උපෙක්ඛං ඨපෙත්වා තං සම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපෙක්ඛාසහගතා.
Sinhala BJTකාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි උපේක්‍ෂාභූමියෙහි වූ, උපේක්‍ෂාව තබා ඒ (උපේක්‍ෂාව උපදනා සිත) හා සම්ප්‍රයෝග වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ උපෙක්‍ෂාසහගතයෝ යි.
Pali BJT1010. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා?
Sinhala BJT1010. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
Pali BJTතීණි සඤ්ඤොජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො.
Sinhala BJTසත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්‍රතපරාමර්‍ෂ ය යන තුන් සංයෝජනයෝ යි.
Pali BJT1011. තත්ථ කතමා සක්කායදිට්ඨි?
Sinhala BJT1011. එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සංඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද (අදක්‍ෂ) වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මයයි (ද්‍රෂ්ටිවශයෙන්) දකී. (සෙවණ ඇති රුකක් මෙන්) ආත්මය රූපවත් කොට හෝ, (මලෙහි සුවඳ මෙන්) ආත්මයෙහි රූපය හෝ, (කරඬුයෙහි මැණික මෙන්) රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මීය යි (ද්‍රෂ්ටිදර්‍ශනයෙන්) දකී. ආත්මය වේදනාවත් කොට හෝ, ආත්මයෙහි වේදනාව හෝ, වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මයයි දකී. ආත්මය සංඥාවත් කොට හෝ, ආත්මයෙහි සංඥාව හෝ, සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මය යි දකී. ආත්මය සංස්කාරවත් කොට හෝ, ආත්මයෙහි සංස්කාරයන් හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මය යි දකී. ආත්මය විඥානවත් කොට හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ දකී.
Pali BJTයා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසුකායිකං{1} දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො{2} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනා විපරියෙසගාහො,{3} අයං වුච්චති සක්කායදිට්ඨි.
Sinhala BJTමෙබඳු වූ යම් ද්‍රෂ්ටියක ද්‍රෂ්ටිගතයෙක් ද්‍රෂ්ටිගහනයෙක් ද්‍රෂ්ටිකාන්තාරයෙක් ද්‍රෂ්ටිවිසූකායිකයෙක් ද්‍රෂ්ටිවිෂ්පන්‍දිතයෙක් ද්‍රෂ්ටිසංයෝජනයෙක්, (දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි විසින්) අභිනිවේශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක්, මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථ්‍යායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ.
Pali BJT1012. තත්ථ කතමා විචිකිච්ඡා?
Sinhala BJT1012. එහි විචිකිත්සා කවර යත්:
Pali BJTසත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
Sinhala BJTශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නවලොවුතුරු දහම්හි ... අට අරී සඟුන් කෙරෙහි ... ත්‍රිවිධ ශික්‍ෂායෙහි, (අතීතස්කන්‍ධාදි) පූර්‍වාන්තයෙහි, (අනාගතාස්කන්‍ධයෙහි) අපරාන්තයෙහි, පූර්‍වාන්ත අපරාන්තයෙහි, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මවිෂයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පමුණුවන ලද බවෙක් විමතියෙක් විචිකිත්සාවක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයයෙක් අනෛකාන්තග්‍රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් (අරමුණට) නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සා යයි කියනු ලැබේ.
Pali BJT1013. තත්ථ කතමො සීලබ්බතපරාමාසො?
Sinhala BJT1013. එහි ශීලව්‍රතපරාමර්‍ෂය කවරෙ යත්: