Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2301-2400 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT873. කතමං තං රූපං බාහිරං රූපස්ස න උපචයො?
Sinhala BJT873. ඒ බාහිර රූපයාගේ උපචය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස්ස න උපචයො{*}.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ උපචය නො වූ රූප යි.
Pali BJT874. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න සන්තති?
Sinhala BJT874. ඒ ආධ්‍යාත්මික රූපයාගේ සන්තති නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න සන්තති. {*}
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ සන්තති නො වූ රූප යි.
Pali BJT875. කතමං තං රූපං බාහිරං රූපස්ස සන්තති?
Sinhala BJT875. ඒ බාහිර රූපයාගේ සන්තතිරූපය කවරේ යත්:
Pali BJTයො රූපස්ස උපචයො, සා රූපස්ස සන්තති. ඉදං තං රූපං බාහිරං රූපස්ස සන්තති.
Sinhala BJTරූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ සන්තතිරූප යි.
Pali BJT876. කතමං තං රූපං බාහිරං රූපස්ස න සන්තති?
Sinhala BJT876. ඒ බාහිර රූපයාගේ සන්තති නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස්ස න සන්තති.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ සන්තති නො වූ රූප යි.
Pali BJT877. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න ජරතා?
Sinhala BJT877. ඒ ආධ්‍යාත්මික රූපයාගේ ජරතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න ජරතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ ජරතා නො වූ රූප යි.
Pali BJT878. කතමං තං රූපං බාහිරං රූපස්ස ජරතා?
Sinhala BJT878. ඒ බාහිර රූපයාගේ ජරතාරූපය කවරේ යත්:
Pali BJTයා රූපස්ස ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො. ඉදං තං රූපං බාහිරං රූපස්ස ජරතා.
Sinhala BJTරූපයාගේ යම් ජරාවෙක් ජීර්‍ණාකාරයෙක් කැඩුණු බවෙක් නරනැගී බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ජරතා රූප යි.
Pali BJT879. කතමං තං රූපං බාහිරං රූපස්ස න ජරතා?
Sinhala BJT879. ඒ බාහිර රූපයාගේ ජරතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න ජරතා.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ජරතා නො වූ රූප යි.
Pali BJT880. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න අනිච්චතා?
Sinhala BJT880. ඒ ආධ්‍යාත්මික රූපයාගේ අනිච්චතා නො වන රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න අනිච්චතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ අනිත්‍යතා නො වන රූප යි.
Pali BJT881. කතමං තං රූපං බාහිරං රූපස්ස අනිච්චතා?
Sinhala BJT881. ඒ බාහිර රූපයාගේ අනිච්චතාරූපය කවරේ යත්:
Pali BJTයො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං තං රූපං බාහිරං රූපස්ස අනිච්චතා.
Sinhala BJTරූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ බාහිර රූපයාගේ අනිත්‍යතාරූප යි.
Pali BJT882. කතමං තං රූපං බාහිරං රූපස්ස න අනිච්චතා?
Sinhala BJT882. ඒ බාහිර රූපයාගේ අනිච්චතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස්ස න අනිච්චතා.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ අනිත්‍යතා නො වූ රූප යි.
Pali BJT883. කතමං තං රූපං අජ්ඣත්තිකං න කබලිංකාරො ආහාරො?
Sinhala BJT883. ඒ ආධ්‍යාත්මික කබලීකාරාහාර නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න කබලිංකාරො ආහාරො.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික කබලීකාරාහාර නො වූ රූප යි.
Pali BJT884. කතමං තං රූපං බාහිරං කබලිංකාරො ආහාරො?
Sinhala BJT884. ඒ බාහිර කබලීකාරාහාරරූපය කවරේ යත්:
Pali BJTඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං යම්හි යම්හි ජනපදෙ තෙසං තෙසං සත්තානං මුඛාසියං දන්තවිඛාදනං ගලජ්ඣොහරණීයං කුච්ඡි විත්ථම්භනං යාය ඔජාය සත්තා යාපෙන්ති, ඉදං තං රූපං බාහිරං කබලිංකාරො ආහාරො.
Sinhala BJTඕදන ය කුල්මාස ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් දනවියෙක්හි ඒ ඒ සත්ත්‍වයන් මුවින් කෑ යුතු දතින් විකිය යුතු ගෙලෙන් ගිලිය යුතු කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම් එබඳු වූ අන්‍ය වූ ද යම් රූපයෙක් ඇද්ද, මේ ඒ බාහ්‍ය කබලීකාරාහාර රූප යි.
Pali BJT885. කතමං තං රූපං බාහිරං න කබලිංකාරො ආහාරො?
Sinhala BJT885. ඒ බාහිර කබලීකාරාහාර නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- රූපස්ස අනිච්චතා, ඉදං තං රූපං බාහිරං න කබලිංකාරො ආහාරො. එවං තිවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTරූපායතන ය ... රූපයාගේ අනිත්‍යතා යි. මේ ඒ බාහ්‍ය කබලීකාරාහාරරූප යි. මෙසේ තුන් අයුරෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTසුඛුමරූපතිකා.
Sinhala BJTසූක්‍ෂ්මරූප ත්‍රිකයෝ යි.
Pali BJTතිකනිද්දෙසො.
Sinhala BJTත්‍රිකනිර්දේශය යි.
Pali BJTචතුක්කං.
Sinhala BJTචතුෂ්කය
Pali BJT886. කතමං තං රූපං උපාදා උපාදින්නං?
Sinhala BJT886. ඒ උපාදාඋපාදින්නරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදා උපාදින්නං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්න රූප යි.
Pali BJT887. කතමං තං රූපං උපාදා අනුපාදින්නං?
Sinhala BJT887. ඒ උපාදාඅනුපාදින්නරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදා අනුපාදින්නං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුත්‍ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්න රූප යි.
Pali BJT888. කතමං තං රූපං නො උපාදාඋපාදින්නං?
Sinhala BJT888. ඒ උපාදාඋපාදින්න නො වූ රූපය කවරේ යත්:
Pali BJTකම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඋපාදින්නං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්න නො වූ රූප යි.
Pali BJT889. කතමං තං රූපං නො උපාදාඅනුපාදින්නං?
Sinhala BJT889. ඒ උපාදාඅනුපාදින්න නො වූ රූපය කවරේ යත්:
Pali BJTන කම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං, ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඅනුපාදින්නං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්න නො වූ රූප යි.
Pali BJT890. කතමං තං රූපං උපාදාඋපාදින්නුපාදානියං?
Sinhala BJT890. ඒ උපාදාඋපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදාඋපාදින්නුපාදානියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය රූප යි.
Pali BJT891. කතමං තං රූපං උපාදාඅනුපාදින්නුපාදානියං?
Sinhala BJT891. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදාඅනුපාදින්නුපාදානියං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූප යි.
Pali BJT892. කතමං තං රූපං නො උපාදාඋපාදින්නුපාදානියං?
Sinhala BJT892. ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:
Pali BJTකම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඋපාදින්නුපාදානියං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූප යි.
Pali BJT893. කතමං තං රූපං නො උපාදාඅනුපාදින්නුපාදානියං?
Sinhala BJT893. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:
Pali BJTන කම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඅනුපාදින්නුපාදානියං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූප යි.
Pali BJT894. කතමං තං රූපං උපාදාසප්පටිඝං?
Sinhala BJT894. ඒ උපාදාසප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං උපාදාසප්පටිඝං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝරූප යි.
Pali BJT895. කතමං තං රූපං උපාදාඅප්පටිඝං?
Sinhala BJT895. ඒ උපාදාඅප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදා අප්පටිඝං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාඅප්‍රතිඝරූප යි.
Pali BJT896. කතමං තං රූපං නො උපාදාසප්පටිඝං.
Sinhala BJT896. ඒ උපාදාසප්පටිඝ නො වූ රූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං නො උපාදාසප්පටිඝං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝ නො වූ රූප යි.
Pali BJT897. කතමං තං රූපං නො උපාදාඅප්පටිඝං?
Sinhala BJT897. ඒ උපාදාඅප්පටිඝ නො වූ රූපය කවරේ යත්:
Pali BJTආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඅප්පටිඝං.
Sinhala BJTඅබ්ධාතු යි. මේ ඒ උපාදාඅප්‍රතිඝ නො වූ රූප යි.
Pali BJT898. කතමං තං රූපං උපාදාඔළාරිකං?
Sinhala BJT898. ඒ උපාදාඕළාරිකරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං උපාදාඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාඖදාරිකරූප යි.
Pali BJT899. කතමං තං රූපං උපාදාසුඛුමං?
Sinhala BJT899. ඒ උපාදාසුඛුමරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදාසුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාසුඛුමරූප යි.
Pali BJT900. කතමං තං රූපං නො උපාදාඔළාරිකං?
Sinhala BJT900. ඒ උපාදාඕළාරික නො වූ රූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං නො උපාදාඔළාරිකං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාඖදාරික නො වූ රූප යි.
Pali BJT901. කතමං තං රූපං නො උපාදාසුඛුමං?
Sinhala BJT901. ඒ උපාදාසුඛුම නො වූ රූපය කවරේ යත්:
Pali BJTආපොධාතු. ඉදං තං රූපං නො උපාදාසුඛුමං.
Sinhala BJTඅබ්ධාතු යි. මේ ඒ උපාදාසුඛුම නො වූ රූප යි.
Pali BJT902. කතමං තං රූපං උපාදාදූරෙ?
Sinhala BJT902. ඒ උපාදාදුරේ රූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො ඉදං තං රූපං උපාදාදූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාදූරේ රූප යි.
Pali BJT903. කතමං තං රූපං උපාදාසන්තිකෙ?
Sinhala BJT903. ඒ උපාදා සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං උපාදාසන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසන්තිකේ රූප යි.
Pali BJT904. කතමං තං රූපං නො උපාදාදූරෙ?
Sinhala BJT904. ඒ උපාදාදුරේ නො වූ රූපය කවරේ යත්:
Pali BJTආපොධාතු. ඉදං තං රූපං නො උපාදාදූරෙ.
Sinhala BJTඅබ්ධාතු යි. මේ ඒ උපාදාදූරේ නො වූ රූප යි.
Pali BJT905. කතමං තං රූපං නො උපාදාසන්තිකෙ?
Sinhala BJT905. ඒ උපාදාසන්තිකේ නො වූ රූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං නො උපාදාසන්තිකෙ.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසන්තිකේ නො වූ රූප යි.
Pali BJT906. කතමං තං රූපං උපාදින්නං සනිදස්සනං?
Sinhala BJT906. ඒ උපාදින්න වූ සනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTකම්මස්ස කතත්තා රූපායතනං. ඉදං තං රූපං උපාදින්නං සනිදස්සනං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය වූ රූපායතන යි. මේ ඒ උපාදින්න වූ සනිදර්‍ශන රූප යි.
Pali BJT907. කතමං තං රූපං උපාදින්නං අනිදස්සනං?
Sinhala BJT907. ඒ උපාදින්න වූ අනිදර්‍ශනරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නං අනිදස්සනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ අනිදර්‍ශන රූප යි.
Pali BJT908. කතමං තං රූපං අනුපාදින්නං සනිදස්සනං?
Sinhala BJT908. ඒ අනුපාදින්න වූ සනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTන කම්මස්ස කතත්තා රූපායතනං. ඉදං තං රූපං අනුපාදින්නං සනිදස්සනං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන යි. මේ ඒ අනුපාදින්න වූ සනිදර්‍ශන රූප යි.
Pali BJT909. කතමං තං රූපං අනුපාදින්නං අනිදස්සනං?
Sinhala BJT909. ඒ අනුපාදින්න අනිදස්‍සන වූ රූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නං අනිදස්සනං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුතා ය රූපමෘදුතා ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ අනිදර්‍ශන රූප යි.
Pali BJT910. කතමං තං රූපං උපාදින්නං සප්පටිඝං?
Sinhala BJT910. ඒ උපාදින්න වූ සප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං උපාදින්නං සප්පටිඝං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ සප්‍රතිඝරූප යි.
Pali BJT911. කතමං තං රූපං උපාදින්නං අප්පටිඝං?
Sinhala BJT911. ඒ උපාදින්න වූ අප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නං අප්පටිඝං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ අප්‍රතිඝ රූප යි.
Pali BJT912. කතමං තං රූපං අනුපාදින්නං සප්පටිඝං?
Sinhala BJT912. ඒ අනුපාදින්න වූ සප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං අනුපාදින්නං සප්පටිඝං.
Sinhala BJTශබ්දායතන ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය යන යම් රූපයෙක් හො ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ සප්‍රතිඝරූප යි.
Pali BJT913. කතමං තං රූපං අනුපාදින්නං අප්පටිඝං?
Sinhala BJT913. ඒ අනුපාදින්න වූ අප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නං අප්පටිඝං.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුතා ය රූපමෘදුතා ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ අප්‍රතිඝරූප යි.
Pali BJT914. කතමං තං රූපං උපාදින්නං මහාභූතං?
Sinhala BJT914. ඒ උපාදින්න වූ මහාභූතරූපය කවරේ යත්:
Pali BJTකම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං, ආපොධාතු. ඉදං තං රූපං උපාදින්නං මහාභූතං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදින්න වූ මහාභූතරූප යි.
Pali BJT915. කතමං තං රූපං උපාදින්නං න මහාභූතං?
Sinhala BJT915. ඒ උපාදින්න වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නං න මහාභූතං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ මහාභූත නො වූ රූප යි.
Pali BJT916. කතමං තං රූපං අනුපාදින්නං මහාභූතං?
Sinhala BJT916. ඒ අනුපාදින්න වූ මහාභූතරූපය කවරේ යත්:
Pali BJTන කම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං අනුපාදින්නං මහාභූතං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ අනුපාදින්න වූ මහාභූත රූප යි.
Pali BJT917. කතමං තං රූපං අනුපාදින්නං න මහාභූතං?
Sinhala BJT917. ඒ අනුපාදින්න වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නං න මහාභූතං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න මහාභූත නො වූ රූප යි.
Pali BJT918. කතමං තං රූපං උපාදින්නං ඔළාරිකං?
Sinhala BJT918. ඒ උපාදින්න ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං උපාදින්නං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් හෝ ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්න ඖදාරිකරූප යි.
Pali BJT919. කතමං තං රූපං උපාදින්නං සුඛුමං?
Sinhala BJT919. ඒ උපාදින්න සුඛුමරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න සූක්‍ෂ්මරූප යි.
Pali BJT920. කතමං තං රූපං අනුපාදින්නං ඔළාරිකං?
Sinhala BJT920. ඒ අනුපාදින්න ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං අනුපාදින්නං ඔළාරිකං.
Sinhala BJTශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්න ඖදාරික රූප යි.
Pali BJT921. කතමං තං රූපං අනුපාදින්නං සුඛුමං?
Sinhala BJT921. ඒ අනුපාදින්න සුඛුමරූපය කවරේ යත්: