Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2201-2300 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT824. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුධාතු?
Sinhala BJT824. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතුරූප යි.
Pali BJT825. කතමං තං රූපං අජ්ඣත්තිකං න චක්ඛුධාතු?
Sinhala BJT825. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTසොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න චක්ඛුධාතු.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
Pali BJT826. කතමං තං රූපං බාහිරං න සොතධාතු -පෙ- න ඝානධාතු -පෙ- න ජිව්හාධාතු -පෙ- න කායධාතු?
Sinhala BJT826. ඒ බාහිර සෝතධාතු නො වූ රූපය ... ඝානධාතු නො වූ ... ජිව්හාධාතු නො වූ ... කායධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න කායධාතු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායධාතු නො වූ රූප යි.
Pali BJT827. කතමං තං රූපං අජ්ඣත්තිකං කායධාතු?
Sinhala BJT827. ඒ අධ්‍යාත්මික කායධාතු රූපය කවරේ යත්:
Pali BJTකායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායධාතු.
Sinhala BJTකායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු රූප යි.
Pali BJT828. කතමං තං රූපං අජ්ඣත්තිකං න කායධාතු?
Sinhala BJT828. ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ජිව්හායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න කායධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූප යි.
Pali BJT829. කතමං තං රූපං අජ්ඣත්තිකං න රූපධාතු?
Sinhala BJT829. ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න රූපධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූප යි.
Pali BJT830. කතමං තං රූපං බාහිරං රූපධාතු?
Sinhala BJT830. ඒ බාහිර රූපධාතු රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං. ඉදං තං රූපං බාහිරං රූපධාතු.
Sinhala BJTරූපායතන යි. මේ ඒ බාහිර රූපධාතු රූප යි.
Pali BJT831. කතමං තං රූපං බාහිරං න රූපධාතු?
Sinhala BJT831. ඒ බාහිර රූපධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න රූපධාතු.
Sinhala BJTශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපධාතු නො වූ රූප යි.
Pali BJT832. කතමං රූපං අජ්ඣත්තිකං න සද්දධාතු -පෙ- න ගන්ධධාතු -පෙ- න රසධාතු -පෙ- න ඵොට්ඨබ්බධාතු?
Sinhala BJT832. ඒ අධ්‍යාත්මික ශබ්දධාතු නො වූ ... ගන්‍ධධාතු නො වූ ... රසධාතු නො වූ ... ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.
Pali BJT833. කතමං තං රූපං බාහිරං ඵොට්ඨබ්බධාතු?
Sinhala BJT833. ඒ බාහිර ඵොට්ඨබ්බධාතු රූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං බාහිරං ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යධාතු රූප යි.
Pali BJT834. කතමං තං රූපං බාහිරං න ඵොට්ඨබ්බධාතු?
Sinhala BJT834. ඒ බාහිර ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍ය නො වූ රූප යි.
Pali BJTධාතුතිකා.
Sinhala BJTධාතු ත්‍රිකයෝ යි.
Pali BJT835. කතමං තං රූපං බාහිරං න චක්ඛුන්ද්රියං?
Sinhala BJT835. ඒ බාහිර චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චක්ඛුන්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT836. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුන්ද්රියං?
Sinhala BJT836. ඒ අධ්‍යාත්මික චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුන්ද්රියං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරින්‍ද්‍රියරූප යි.
Pali BJT837. කතමං තං රූපං අජ්ඣත්තිකං න චක්ඛුන්ද්රියං?
Sinhala BJT837. ඒ අධ්‍යාත්මික චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTසොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න චක්ඛුන්ද්රියං.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT838. කතමං තං රූපං බාහිරං න සොතින්ද්රියං -පෙ- න ඝානින්ද්රියං -පෙ- න ජිව්හින්ද්රියං -පෙ- න කායින්ද්රියං?
Sinhala BJT838. ඒ බාහිර සෝතින්‍ද්‍රිය නො වූ ... ඝානින්‍ද්‍රිය නො වූ ... ජිව්හින්‍ද්‍රිය නො වූ ... කායින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න කායින්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායින්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT839. කතමං තං රූපං අජ්ඣත්තිකං කායින්ද්රියං?
Sinhala BJT839. ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායින්ද්රියං.
Sinhala BJTයම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රියරූප යි.
Pali BJT840. කතමං තං රූපං අජ්ඣත්තිකං න කායින්ද්රියං?
Sinhala BJT840. ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ජිව්හායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න කායින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT841. කතමං තං රූපං අජ්ඣත්තිකං න ඉත්ථින්ද්රියං?
Sinhala BJT841. ඒ අධ්‍යාත්මික ඉත්‍ථින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න ඉත්ථින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT842. කතමං තං රූපං බාහිරං ඉත්ථින්ද්රියං?
Sinhala BJT842. ඒ බාහිර ඉත්‍ථින්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයං ඉත්ථියා ඉත්ථිලිඞ්ගං ඉත්ථිනිමිත්තං ඉත්ථිකුත්තං ඉත්ථාකප්පො ඉත්ථත්තං ඉත්ථිභාවො, ඉදං තං රූපං බාහිරං ඉත්ථින්ද්රියං.
Sinhala BJTයම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීසලකුණ ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්ප ස්ත්‍රීත්‍වය ස්ත්‍රීභාවය වේ ද, මේ ඒ බාහිර ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
Pali BJT843. කතමං තං රූපං බාහිරං න ඉත්ථින්ද්රියං?
Sinhala BJT843. ඒ බාහිර ඉත්‍ථින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඉත්ථින්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT844. කතමං තං රූපං අජ්ඣත්තිකං න පුරිසින්ද්රියං?
Sinhala BJT844. ඒ අධ්‍යාත්මික පුරිසින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න පුරිසින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT845. කතමං තං රූපං බාහිරං පුරිසින්ද්රියං?
Sinhala BJT845. ඒ බාහිර පුරිසින්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTයං පුරිසස්ස පුරිසලිඞ්ගං පුරිසනිමිත්තං පුරිසකුත්තං පුරිසාකප්පො පුරිසත්තං පුරිසභාවො. ඉදං තං රූපං බාහිරං පුරිසින්ද්රියං.
Sinhala BJTයම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂසටහන පුරුෂසලකුණ පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ බාහ්‍ය පුරුෂේන්‍ද්‍රියරූප යි.
Pali BJT846. කතමං තං රූපං බාහිරං න පුරිසින්ද්රියං.
Sinhala BJT846. ඒ බාහිර පුරිසින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න පුරිසින්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT847. කතමං තං රූපං අජ්ඣත්තිකං න ජීවිතින්ද්රියං?
Sinhala BJT847. ඒ අධ්‍යාත්මික ජීවිතින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න ජීවිතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT848. කතමං තං රූපං බාහිරං ජීවිතින්ද්රියං?
Sinhala BJT848. ඒ බාහිර ජීවිතින්‍ද්‍රිය රූපය කවරේ යත්:
Pali BJTයො තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං බාහිරං ජීවිතින්ද්රියං.
Sinhala BJTඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය ජීවිතේන්‍ද්‍රිය රූප යි.
Pali BJT849. කතමං තං රූපං බාහිරං න ජීවිතින්ද්රියං?
Sinhala BJT849. ඒ බාහිර ජීවිතින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ජීවිතින්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJTඉන්ද්රියතිකා.
Sinhala BJTඉන්‍ද්‍රිය ත්‍රිකයෝ යි.
Pali BJT850. කතමං තං රූපං අජ්ඣත්තිකං න කායවිඤ්ඤත්ති?
Sinhala BJT850. ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න කායවිඤ්ඤත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූප යි.
Pali BJT851. කතමං තං රූපං බාහිරං කායවිඤ්ඤත්ති?
Sinhala BJT851. ඒ බාහිර කායවිඥප්තිරූපය කවරේ යත්:
Pali BJTයා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා අභික්කමන්තස්ස වා පටික්කමන්තස්ස වා ආලොකෙන්තස්ස වා විලොකෙන්තස්ස වා සම්මිඤ්ජෙන්තස්ස වා පසාරෙන්තස්ස වා කායස්ස ථම්භනා සන්ථම්භනා සන්ථම්භිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං. ඉදං තං රූපං බාහිරං කායවිඤ්ඤත්ති.
Sinhala BJTකුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විදහන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥාපනයෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය කායවිඥප්ති රූප යි.
Pali BJT852. කතමං තං රූපං බාහිරං න කායවිඤ්ඤත්ති?
Sinhala BJT852. ඒ බාහිර කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න කායවිඤ්ඤත්ති.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥප්ති නො වූ රූප යි.
Pali BJT853. කතමං තං රූපං අජ්ඣත්තිකං න වචීවිඤ්ඤත්ති?
Sinhala BJT853. ඒ අධ්‍යාත්මික වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික වාග්විඥප්ති නො වූ රූප යි.
Pali BJT854. කතමං තං රූපං බාහිරං වචීවිඤ්ඤත්ති?
Sinhala BJT854. ඒ බාහිර වචීවිඤ්ඤත්තිරූපය කවරේ යත්:
Pali BJTයා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා වාචා ගිරා ව්යප්පථො උදීරණං ඝොසො ඝොසකම්මං වාචා වචීභෙදො, අයං වුච්චති වාචා. යා තාය වාචාය විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං බාහිරං වචීවිඤ්ඤත්ති.
Sinhala BJTකුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝෝෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
Pali BJT855. කතමං තං රූපං බාහිරං න වචීවිඤ්ඤත්ති?
Sinhala BJT855. ඒ බාහිර වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය වාග්විඥප්ති නො වූ රූප යි.
Pali BJT856. කතමං තං රූපං අජ්ඣත්තිකං න ආකාසධාතු?
Sinhala BJT856. ඒ අධ්‍යාත්මික ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න ආකාසධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ආකාශධාතු නො වූ රූප යි.
Pali BJT857. කතමං තං රූපං බාහිරං ආකාසධාතු?
Sinhala BJT857. ඒ බාහිර ආකාසධාතු රූපය කවරේ යත්:
Pali BJTයො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතූහි මහාභූතෙහි. ඉදං තං රූපං බාහිරං ආකාසධාතු.
Sinhala BJTයම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ බාහිර ආකාශධාතු රූප යි.
Pali BJT858. කතමං තං රූපං බාහිරං න ආකාසධාතු?
Sinhala BJT858. ඒ බාහිර ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ආකාසධාතු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ආකාසධාතු නො වූ රූප යි.
Pali BJT859. කතමං තං රූපං අජ්ඣත්තිකං න ආපොධාතු?
Sinhala BJT859. ඒ අධ්‍යාත්මික ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න ආපොධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අබ්ධාතු නො වූ රූප යි.
Pali BJT860. කතමං තං රූපං බාහිරං ආපොධාතු?
Sinhala BJT860. ඒ බාහිර ආපෝධාතුරූපය කවරේ යත්:
Pali BJTයං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස. ඉදං තං රූපං බාහිරං ආපොධාතු.
Sinhala BJTයම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධන භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය අබ්ධාතුරූප යි.
Pali BJT861. කතමං තං රූපං බාහිරං න ආපොධාතු?
Sinhala BJT861. ඒ බාහිර ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ආපොධාතු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය අබ්ධාතු නො වූ රූප යි.
Pali BJT862. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න ලහුතා?
Sinhala BJT862. ඒ අධ්‍යාත්මික රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න ලහුතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.
Pali BJT863. කතමං තං රූපං බාහිරං රූපස්ස ලහුතා?
Sinhala BJT863. ඒ බාහිර රූපයාගේ ලහුතාරූපය කවරේ යත්:
Pali BJTයා රූපස්ස ලහුතා ලහුපරිණාමතා අදන්ධනතා අවිත්ථනතා, ඉදං තං රූපං බාහිරං රූපස්ස ලහුතා.
Sinhala BJTරූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍වරූප යි.
Pali BJT864. කතමං තං රූපං බාහිරං රූපස්ස න ලහුතා?
Sinhala BJT864. ඒ බාහිර රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස්ස න ලහුතා.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.
Pali BJT865. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න මුදුතා?
Sinhala BJT865. ඒ අධ්‍යාත්මික රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න මුදුතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.
Pali BJT866. කතමං තං රූපං බාහිරං රූපස්ස මුදුතා?
Sinhala BJT866. ඒ බාහිර රූපයාගේ මුදුතාරූපය කවරේ යත්:
Pali BJTයා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා, ඉදං තං රූපං බාහිරං රූපස්ස මුදුතා.
Sinhala BJTරූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව රූප යි.
Pali BJT867. කතමං තං රූපං බාහිරං රූපස්ස න මුදුතා?
Sinhala BJT867. ඒ බාහිර රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස්ස න මුදුතා?
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.
Pali BJT868. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න කම්මඤ්ඤතා?
Sinhala BJT868. ඒ අධ්‍යාත්මික රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.
Pali BJT869. කතමං තං රූපං බාහිරං රූපස්ස කම්මඤ්ඤතා?
Sinhala BJT869. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතාරූපය කවරේ යත්:
Pali BJTයා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, ඉදං තං රූපං බාහිරං රූපස්ස කම්මඤ්ඤතා.
Sinhala BJTරූපයාගේ යම් කර්‍මණ්‍ය බවෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා රූප යි.
Pali BJT870. කතමං තං රූපං බාහිරං රූපස්ස න කම්මඤ්ඤතා?
Sinhala BJT870. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.
Pali BJT871. කතමං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න උපචයො?
Sinhala BJT871. ඒ ආධ්‍යාත්මික රූපයාගේ උපචය නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං රූපස්ස න උපචයො.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ උපචය නො වූ රූප යි.
Pali BJT872. කතමං තං රූපං බාහිරං රූපස්ස උපචයො?
Sinhala BJT872. ඒ බාහිර රූපයාගේ උපචයරූපය කවරේ යත්:
Pali BJTයො ආයතනානං ආචයො, සො රූපස්ස උපචයො. ඉදං තං රූපං බාහිරං රූපස්ස උපචයො.
Sinhala BJTආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, ඒ රූපයාගේ උපචය යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ උපචය රූප යි.