Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2001-2100 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT728. කතමං තං රූපං ආකාසධාතු?
Sinhala BJT728. ඒ ආකාසධාතුරූපය කවරෙ යත්:
Pali BJTයො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතූහි මහාභූතෙහි, ඉදං තං රූපං ආකාසධාතු.
Sinhala BJTයම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටිය හැකි) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතර මහාභූතයන් විසින් නො පහස්නාලදුයෙක් වේ ද, මේ ඒ ආකාශධාතුරූප යි.
Pali BJT729. කතමං තං රූපං න ආකාසධාතු?
Sinhala BJT729. ඒ ආකාසධාතු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ආකාසධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ආකාශධාතු නො වූ රූප යි.
Pali BJT730. කතමං තං රූපං ආපොධාතු?
Sinhala BJT730. ඒ ආපෝධාතුරූපය කවරෙ යත්:
Pali BJTයං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස, ඉදං තං රූපං ආපොධාතු.
Sinhala BJTයම් ආපයෙක් අපොගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
Pali BJT731. කතමං තං රූපං න ආපොධාතු?
Sinhala BJT731. ඒ ආපෝධාතු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ආපොධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ අබ්ධාතු නො වූ රූප යි.
Pali BJT732. කතමං තං රූපං රූපස්ස ලහුතා?
Sinhala BJT732. ඒ රූපයාගේ ලහුතාරූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස ලහුතා ලහුපරිණාමතා අදන්ධනතා අවිත්ථනතා, ඉදං තං රූපං රූපස්ස ලහුතා.
Sinhala BJTරූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ ලඝුත්‍වරූප යි.
Pali BJT733. කතමං තං රූපං රූපස්ස න ලහුතා?
Sinhala BJT733. ඒ රූපයාගේ ලහුතා නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න ලහුතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ලඝුතා නො වූ රූප යි.
Pali BJT734. කතමං තං රූපං රූපස්ස මුදුතා?
Sinhala BJT734. ඒ රූපයාගේ මුදුතාරූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා, ඉදං තං රූපං රූපස්ස මුදුතා.
Sinhala BJTරූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාර්‍දවයෙක් අකර්‍කශ බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ මෘදුත්‍වරූප යි.
Pali BJT735. කතමං තං රූපං රූපස්ස න මුදුතා?
Sinhala BJT735. ඒ රූපයාගේ මුදුතා නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න මුදුතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ මුදුතා නො වූ රූප යි.
Pali BJT736. කතමං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා?
Sinhala BJT736. ඒ රූපයාගේ කම්මඤ්ඤතා රූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, ඉදං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා.
Sinhala BJTරූපයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍යභාවයෙක් වේ ද, මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍වරූප යි.
Pali BJT737. කතමං තං රූපං රූපස්ස න කම්මඤ්ඤතා?
Sinhala BJT737. ඒ රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍ව නො වූ රූප යි.
Pali BJT738. කතමං තං රූපං රූපස්ස උපචයො?
Sinhala BJT738. ඒ රූපයාගේ උපචයරූපය කවරෙ යත්:
Pali BJTයො ආයතනානං ආචයො, සො රූපස්ස උපචයො. ඉදං තං රූපං රූපස්ස උපචයො.
Sinhala BJTආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, හේ රූපයාගේ උපචය නමි. මේ ඒ රූපයාගේ උපචයරූප යි.
Pali BJT739. කතමං තං රූපං රූපස්ස න උපචයො?
Sinhala BJT739. ඒ රූපයාගේ උපචය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න උපචයො.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ උපචය නො වූ රූප යි.
Pali BJT740. කතමං තං රූපං රූපස්ස සන්තති?
Sinhala BJT740. ඒ රූපයාගේ සන්තතිරූපය කවරෙ යත්:
Pali BJTයො රූපස්ස උපචයො, සා රූපස්ස සන්තති. ඉදං තං රූපං රූපස්ස සන්තති.
Sinhala BJTරූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති නමු. මේ ඒ රූපයාගේ සන්තතිරූප යි.
Pali BJT741. කතමං තං රූපං රූපස්ස න සන්තති?
Sinhala BJT741. ඒ රූපයාගේ සන්තති නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න සන්තති.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ සන්තති නො වූ රූප යි.
Pali BJT742. කතමං තං රූපං රූපස්ස ජරතා?
Sinhala BJT742. ඒ රූපයාගේ ජරතාරූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, ඉදං තං රූපං රූපස්ස ජරතා.
Sinhala BJTරූපයාගේ යම් ජරායෙක් ජීර්‍ණාකාරයෙක් කැඩුණු බවෙක් පැසුණු බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන් මිහිකිරීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ ජරතාරූප යි.
Pali BJT743. කතමං තං රූපං රූපස්ස න ජරතා?
Sinhala BJT743. ඒ රූපයාගේ ජරතා නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න ජරතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ජරතා නො වූ රූප යි.
Pali BJT744. කතමං තං රූපං රූපස්ස අනිච්චතා?
Sinhala BJT744. ඒ රූපයාගේ අනිච්චතාරූපය කවරෙ යත්:
Pali BJTයො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං තං රූපං රූපස්ස අනිච්චතා.
Sinhala BJTරූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ අනිත්‍යතා රූප යි.
Pali BJT745. කතමං තං රූපං රූපස්ස න අනිච්චතා?
Sinhala BJT745. ඒ රූපයාගේ අනිච්චතා නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න අනිච්චතා.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ අනිත්‍යතා නො වූ රූප යි.
Pali BJT746. කතමං තං රූපං කබලිංකාරො ආහාරො?
Sinhala BJT746. ඒ කවලීකාරාහාරරූපය කවරෙ යත්:
Pali BJTඔදනො කුම්මාසො සත්තු මිච්ඡො මංසං ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං යම්හි යම්හි ජනපදෙ තෙසං තෙසං සත්තානං මුඛාසියං දන්තවිඛාදනං ගලජ්ඣොහරණීයං කුච්ඡිවිත්ථම්භනං යාය ඔජාය සත්තා යාපෙන්ති, ඉදං තං රූපං කබලිංකාරො ආහාරො.
Sinhala BJTඕදන ය කුල්මාෂ ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජනපදයෙක්හි ඒ ඒ සත්ත්‍වයන් විසින් මුවින් කෑමට නිසි දතින් විකිය යුතු ගෙලෙන් ගලනට නිසි කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි.
Pali BJT747. කතමං තං රූපං න කබලිංකාරො ආහාරො?
Sinhala BJT747. ඒ කවලීකාරාහාර නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රූපස්ස අනිච්චතා. ඉදං තං රූපං න කබලිංකාරො ආහාරො.
Sinhala BJTචක්‍ෂුරායතන ය … රූපයාගේ අනිත්‍යතාරූප යි. මේ ඒ කවලීකාරාහාර නො වූ රූප යි.
Pali BJTඑවං දුවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ දෙ අයුරින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJT(සුඛුමරූපදුකං)
Sinhala BJT(සූක්‍ෂමරූප දුක යි.)
Pali BJTදුකනිද්දෙසො.
Sinhala BJTද්විකනිර්දේශ යි.
Pali BJT[තිකනිද්දෙසො]
Sinhala BJT[ත්‍රිකනිර්දේශය]
Pali BJT748. කතමං තං රූපං අජ්ඣත්තිකං උපාදා?
Sinhala BJT748. ඒ අධ්‍යාත්මික උපාදාරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං උපාදා.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදාරූප යි.
Pali BJT749. කතමං තං රූපං බාහිරං උපාදා?
Sinhala BJT749. ඒ බාහිර උපාදාරූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං උපාදා.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදාරූප යි.
Pali BJT750. කතමං තං රූපං බාහිරං නො උපාදා?
Sinhala BJT750. ඒ උපාදා නො වූ බාහිරරූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං බාහිරං නො උපාදා.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන ය ආපෝධාතු යි. මේ ඒ උපාදා නො වූ බාහිරරූප යි.
Pali BJT751. කතමං තං රූපං අජ්ඣත්තිකං උපාදින්නං?
Sinhala BJT751. ඒ අධ්‍යාත්මික උපාදින්නරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං උපාදින්නං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නරූප යි.
Pali BJT752. කතමං තං රූපං බාහිරං උපාදින්නං?
Sinhala BJT752. ඒ බාහිර උපාදින්නරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං උපාදින්නං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නරූප යි.
Pali BJT753. කතමං තං රූපං බාහිරං අනුපාදින්නං?
Sinhala BJT753. ඒ බාහිර අනුපාදින්නරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං අනුපාදින්නං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නරූප යි.
Pali BJT754. කතමං තං රූපං අජ්ඣත්තිකං උපාදින්නුපාදානියං?
Sinhala BJT754. ඒ අධ්‍යාත්මික උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං උපාදින්නුපාදානියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නෝපාදානීයරූප යි.
Pali BJT755. කතමං තං රූපං බාහිරං උපාදින්නුපාදානියං?
Sinhala BJT755. ඒ බාහිර උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං උපාදින්නුපාදානියං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නෝපාදානීයරූප යි.
Pali BJT756. කතමං තං රූපං බාහිරං අනුපාදින්නුපාදානියං?
Sinhala BJT756. ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං අනුපාදින්නුපාදානියං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූප යි.
Pali BJT757. කතමං තං රූපං අජ්ඣත්තිකං අනිදස්සනං?
Sinhala BJT757. ඒ අධ්‍යාත්මික අනිදස්‍සනරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, ඉදං තං රූපං අජ්ඣත්තිකං අනිදස්සනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අනිදර්‍ශනරූප යි.
Pali BJT758. කතමං තං රූපං බාහිරං සනිදස්සනං?
Sinhala BJT758. ඒ බාහිර සනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTරූපායතනං, ඉදං තං රූපං බාහිරං සනිදස්සනං.
Sinhala BJTරූපායතන යි. මේ ඒ සනිදර්‍ශන බාහිර රූප යි.
Pali BJT759. කතමං තං රූපං බාහිරං අනිදස්සනං?
Sinhala BJT759. ඒ බාහිර අනිදස්‍සනරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං අනිදස්සනං.
Sinhala BJTශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනිදර්‍ශනරූප යි.
Pali BJT760. කතමං තං රූපං අජ්ඣත්තිකං සප්පටිඝං?
Sinhala BJT760. ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං සප්පටිඝං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූප යි.
Pali BJT761. කතමං තං රූපං බාහිරං සප්පටිඝං?
Sinhala BJT761. ඒ බාහිර සප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං බාහිරං සප්පටිඝං.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සප්‍රතිඝරූප යි.
Pali BJT762. කතමං තං රූපං බාහිරං අප්පටිඝං?
Sinhala BJT762. ඒ බාහිර අප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං අප්පටිඝං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අප්‍රතිඝරූප යි.
Pali BJT763. කතමං තං රූපං අජ්ඣත්තිකං ඉන්ද්රියං?
Sinhala BJT763. ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTචක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං. ඉදං තං රූපං අජ්ඣත්තිකං ඉන්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූප යි.
Pali BJT764. කතමං තං රූපං බාහිරං ඉන්ද්රියං?
Sinhala BJT764. ඒ බාහිර ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං. ඉදං තං රූපං බාහිරං ඉන්ද්රියං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රියරූප යි.
Pali BJT765. කතමං තං රූපං බාහිරං න ඉන්ද්රියං?
Sinhala BJT765. ඒ බාහිර ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඉන්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT766. කතමං තං රූපං අජ්ඣත්තිකං න මහාභූතං?
Sinhala BJT766. ඒ අධ්‍යාත්මික මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න මහාභූතං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික මහාභූත නො වූ රූප යි.
Pali BJT767. කතමං තං රූපං බාහිරං මහාභූතං?
Sinhala BJT767. ඒ බාහිර මහාභූතරූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං බාහිරං මහාභූතං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ බාහිර මහාභූතරූප යි.
Pali BJT768. කතමං තං රූපං බාහිරං න මහාභූතං?
Sinhala BJT768. ඒ බාහිර මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න මහාභූතං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර මහාභූත නො වූ රූප යි.
Pali BJT769. කතමං තං රූපං අජ්ඣත්තිකං න විඤ්ඤත්ති?
Sinhala BJT769. ඒ අධ්‍යාත්මික විඥප්ති නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න විඤ්ඤත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික විඥප්ති නො වූ රූප යි.
Pali BJT770. කතමං තං රූපං බාහිරං විඤ්ඤත්ති?
Sinhala BJT770. ඒ බාහිර විඥප්තිරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති. ඉදං තං රූපං බාහිරං විඤ්ඤත්ති.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර විඥප්තිරූප යි.
Pali BJT771. කතමං තං රූපං බාහිරං න විඤ්ඤත්ති?
Sinhala BJT771. ඒ බාහිර විඥප්ති නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න විඤ්ඤත්ති.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර විඥප්ති නො වූ රූප යි.
Pali BJT772. කතමං තං රූපං අජ්ඣත්තිකං න චිත්තසමුට්ඨානං?
Sinhala BJT772. ඒ අධ්‍යාත්මික චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න චිත්තසමුට්ඨානං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තසමුට්ඨාන නො වූ රූප යි.
Pali BJT773. කතමං තං රූපං බාහිරං චිත්තසමුට්ඨානං?
Sinhala BJT773. ඒ බාහිර චිත්තසමුට්ඨානරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං චිත්තසමුට්ඨානං.
Sinhala BJTකායවිඥප්ති ය, වාග්විඥප්ති ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසමුත්‍ථානරූප යි.
Pali BJT774. කතමං තං රූපං බාහිරං න චිත්තසමුට්ඨානං?
Sinhala BJT774. ඒ බාහිර චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න චිත්තජං න චිත්තහෙතුකං න චිත්තසමුට්ඨානං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං න චිත්තසමුට්ඨානං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද චිත්තජ නො වූ චිත්තහේතුක නො වූ චිත්තසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසමුත්‍ථාන නො වූ රූප යි.
Pali BJT775. කතමං තං රූපං අජ්ඣත්තිකං න චිත්තසහභූ?
Sinhala BJT775. ඒ අධ්‍යාත්මික චිත්තසහභූ නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න චිත්තසහභූ.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තසහභූ නො වූ රූප යි.