Pali BJT10. චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො ධම්මා, 1208, 1542 නොචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො ධම්මා, 1209, 1543
Sinhala BJT10. චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT11. චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො ධම්මා, 1210, 1544 නොචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො ධම්මා, 1211, 1545
Sinhala BJT11. චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී වූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT12. අජ්ඣත්තිකා ධම්මා, 1212, 1546 බාහිරා ධම්මා, 1213, 1547
Sinhala BJT12. ආධ්‍යාත්මික වූ ධර්‍මයෝ යැ, බාහ්‍ය වූ ධර්‍මයෝ යැ,
Pali BJT13. උපාදා ධම්මා, 1214, 1548 නොඋපාදා ධම්මා, 1215, 1549
Sinhala BJT13. උපාදා (භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ යැ, උපාදා නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT14. උපාදින්නා ධම්මා, 1216, 1550 අනුපාදින්නා{1} ධම්මා, 1217, 1551
Sinhala BJT14. උපාදින්න (කර්‍මය විසින් ඵලභාවයෙන් ගන්නා ලද) වූ ධර්‍මයෝ යැ, අනුපාදින්න වූ ධර්‍මයෝ යි.
Pali BJTමහන්තරදුකං.
Sinhala BJTමහන්තරදුකය යි.
Pali BJT1. උපාදානා ධම්මා, 1218, 1552 නොඋපාදානා ධම්මා, 1223, 1553
Sinhala BJT1. උපාදාන (දැඩි වැ ගන්නා) වූ ධර්‍මයෝ යැ, උපාදාන නො වූ ධර්‍මයෝ යැ,
Pali BJT2. උපාදානියා ධම්මා, 1224, 1554 අනුපාදානියා ධම්මා, 1225, 1555
Sinhala BJT2. උපාදානිය (උපාදානයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, අනුපාදනීය ධර්‍මයෝ යැ,
Pali BJT3. උපාදානසම්පයුත්තා ධම්මා, 1226, 1556 උපාදානවිප්පයුත්තා ධම්මා, 1227, 1557
Sinhala BJT3. උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, උපාදානවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
Pali BJT4. උපාදානා චෙව ධම්මා උපාදානියා ච, 1228, 1558 උපාදානියා චෙව ධම්මා නො ච උපාදානා, 1229, 1559
Sinhala BJT4. උපාදාන වූ ද උපාදානිය වූ ද ධර්‍මයෝ යැ, උපාදානිය වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,
Pali BJT5. උපාදානා චෙව ධම්මා උපාදානසම්පයුත්තා ච, 1230, 1560 උපාදානසම්පයුත්තා චෙව ධම්මා නො ච උපාදානා, 1231, 1561
Sinhala BJT5. උපාදාන වූ ද උපාදානසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, උපාදාන සම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,
Pali BJT6. උපාදානවිප්පයුත්තා ඛො පන ධම්මා උපාදානියාපි, 1232, 1562 අනුපාදානියාපි. 1233, 1563
Sinhala BJT6. යළි උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ද වූ ධර්‍මයෝ යැ, (උපාදාන විප්‍රයුක්ත වූ) අනුපාදනීය ද වූ ධර්‍මයෝ යැ,
Pali BJTඋපාදානගොච්ඡකං.
Sinhala BJTඋපාදානගොච්ඡකය යි.
Pali BJT1. කිලෙසා ධම්මා, 1234, 1564 නොකිලෙසා ධම්මා, 1245, 1565
Sinhala BJT1. ක්ලේශ ධර්‍මයෝ ය, ක්ලේශ නො වූ ධර්‍මයෝ ය,
Pali BJT2. සඞ්කිලෙසිකා ධම්මා, 1246, 1566 අසඞ්කිලෙසිකා ධම්මා, 1247, 1567
Sinhala BJT2. සාංක්ලේශික ධර්‍මයෝ ය, අසාංක්ලේශික ධර්‍මයෝ ය,
Pali BJT3. සඞ්කිලිට්ඨා ධම්මා, 1248, 1568 අසඞ්කිලිට්ඨා ධම්මා, 1249, 1569
Sinhala BJT3. සංක්ලිෂ්ට ධර්‍මයෝ ය, අසංක්ලිෂ්ට ධර්‍මයෝ ය,
Pali BJT4. කිලෙසසම්පයුත්තා ධම්මා, 1250, 1570 කිලෙසවිප්පයුත්තා ධම්මා, 1251, 1571
Sinhala BJT4. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ය, ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ය,
Pali BJT5. කිලෙසා චෙව ධම්මා සඞ්කිලෙසිකා ච, 1252, 1572 සඞ්කිලෙසිකා චෙව ධම්මා නො ච කිලෙසා. 1253, 1573
Sinhala BJT5. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ද ධර්‍මයෝ ය, සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
Pali BJT6. කිලෙසා චෙව ධම්මා සඞ්කිලිට්ඨා ච, 1254, 1574 සඞ්කිලිට්ඨා චෙව ධම්මා නො ච කිලෙසා, 1255, 1575
Sinhala BJT6. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ ය, සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
Pali BJT7. කිලෙසා චෙව ධම්මා කිලෙසසම්පයුත්තා ච, 1256, 1576 කිලෙසසම්පයුත්තා චෙව ධම්මා නො ච කිලෙසා, 1257, 1577
Sinhala BJT7. ක්ලේශ වූ ද ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ ය, ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
Pali BJT8. කිලෙසවිප්පයුත්තා ඛො පන ධම්මා සඞ්කිලෙසිකාපි, 1258, 1578 අසඞ්කිලෙසිකාපි, 1259, 1579
Sinhala BJT8. යළි ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය, (ක්ලේශවිප්‍රයුක්ත වූ) අසාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය,
Pali BJTකිලෙසගොච්ඡකං.
Sinhala BJTක්ලේශගොච්ඡකය යි.
Pali BJT1. දස්සනෙන පහාතබ්බා ධම්මා, 1260, 1580 න දස්සනෙන පහාතබ්බා ධම්මා, 1264, 1581
Sinhala BJT1. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,
Pali BJT2. භාවනාය පහාතබ්බා ධම්මා, 1265, 1582 න භාවනාය පහාතබ්බා ධම්මා, 1266, 1583
Sinhala BJT2. භාවනායෙන් (සෙසු තුන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,
Pali BJT3. දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා, 1267, 1584 න දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා, 1271, 1585
Sinhala BJT3. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,
Pali BJT4. භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා, 1272, 1586 න භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා, 1273, 1587
Sinhala BJT4. භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,
Pali BJT5. සවිතක්කා ධම්මා, 1274, 1588 අවිතක්කා ධම්මා, 1275, 1589
Sinhala BJT5. විතර්‍ක සහිත වූ ධර්‍මයෝ ය, විතර්‍ක රහිත වූ ධර්‍මයෝ ය,
Pali BJT6. සවිචාරා ධම්මා, 1276, 1590 අවිචාරා ධම්මා, 1277, 1591
Sinhala BJT6. විචාර සහිත වූ ධර්‍මයෝ ය, විචාර රහිත වූ ධර්‍මයෝ ය,
Pali BJT7. සප්පීතිකා ධම්මා, 1278, 1592 අප්පීතිකා ධම්මා, 1279, 1593
Sinhala BJT7. ප්‍රීති සහිත වූ ධර්‍මයෝ ය, ප්‍රීති රහිත වූ ධර්‍මයෝ ය,
Pali BJT8. පීතිසහගතා ධම්මා, 1280, 1594 න පීතිසහගතා ධම්මා, 1281, 1595
Sinhala BJT8. ප්‍රීති සහගත වූ ධර්‍මයෝ ය, ප්‍රීති සහගත නො වූ ධර්‍මයෝ ය,
Pali BJT9. සුඛසහගතා ධම්මා, 1282, 1596 න සුඛසහගතා ධම්මා, 1283, 1597
Sinhala BJT9. සුඛ සහගත වූ ධර්‍මයෝ ය, සුඛ සහගත නො වූ ධර්‍මයෝ ය,
Pali BJT10. උපෙක්ඛාසහගතා ධම්මා, 1284, 1598 න උපෙක්ඛාසහගතා ධම්මා, 1285, 1599
Sinhala BJT10. උපේක්‍ෂා සහගත වූ ධර්‍මයෝ ය, උපේක්‍ෂා සහගත නො වූ ධර්‍මයෝ ය,
Pali BJT11. කාමාවචරා ධම්මා, 1286, 1600 න කාමාවචරා ධම්මා, 1287, 1601
Sinhala BJT11. කාමාවචර වූ ධර්‍මයෝ ය, කාමාවචර නො වූ ධර්‍මයෝ ය,
Pali BJT12. රූපාවචරා ධම්මා, 1288, 1602 න රූපාවචරා ධම්මා, 1289, 1603
Sinhala BJT12. රූපාවචර වූ ධර්‍මයෝ ය, රූපාවචර නො වූ ධර්‍මයෝ ය,
Pali BJT13. අරූපාවචරා ධම්මා, 1290, 1604 න අරූපාවචරා ධම්මා, 1291, 1605
Sinhala BJT13. අරූපාවචර වූ ධර්‍මයෝ ය, අරූපාවචර නො වූ ධර්‍මයෝ ය,
Pali BJT14. පරියාපන්නා ධම්මා, 1292, 1606 අපරියාපන්නා ධම්මා, 1293, 1607
Sinhala BJT14. පර්‍ය්‍යාපන්න (තුන්වටයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ ය, අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ය,
Pali BJT15. නිය්යානිකා ධම්මා,1294, 1608 අනිය්යානිකා ධම්මා,1295, 1609
Sinhala BJT15. නෛර්‍ය්‍යාණික වූ (නිවන අරමුණු කොට සසරින් නික්ම යන) ධර්‍මයෝ ය, අනෛර්‍ය්‍යාණික වූ ධර්‍මයෝ ය.
Pali BJT16. නියතා ධම්මා,1296, 1610 අනියතා ධම්මා,1297, 1611
Sinhala BJT16. නියත (ච්‍යුතියට අනතුරුව ඵල දීමෙහි නියත) වූ ධර්‍මයෝ ය, අනියත වූ ධර්‍මයෝ ය.
Pali BJT17. සඋත්තරා ධම්මා,1298, 1612 අනුත්තරා ධම්මා,1299, 1613
Sinhala BJT17. සඋත්තර (උතුරුදහම් සහිත) වූ ධර්‍මයෝ ය, අනුත්තර වූ ධර්‍මයෝ ය.
Pali BJT18. සරණා ධම්මා,1300, 1614 අරණා{1} ධම්මා,1301, 1615
Sinhala BJT18. සරණ (රාගාදී රණයන් සහිත) වූ ධර්‍මයෝ ය, අරණ වූ ධර්‍මයෝ යි.
Pali BJTපිට්ඨිදුකං.
Sinhala BJTපිට්ඨිදුකය යි.
Pali BJTඅභිධම්මමාතිකා.
Sinhala BJTඅභිධර්‍මමාතෘකා නිමි.
Pali BJT1. විජ්ජාභාගිනො ධම්මා, 1302 අවිජ්ජාභාගිනො ධම්මා, 1303
Sinhala BJT1. විද්‍යාභාගී (විද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය, අවිද්‍යාභාගී (අවිද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය,
Pali BJT2. විජ්ජූපමා ධම්මා, 1304 වජිරූපමා ධම්මා, 1305
Sinhala BJT2. විදුලිය උපමා කොට ඇති ධර්‍මයෝ ය, වජ්‍රය උපමා කොට ඇති ධර්‍මයෝ ය,
Pali BJT3. බාලා ධම්මා, 1306 පණ්ඩිතා ධම්මා, 1307
Sinhala BJT3. බාල (බාලයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය, පණ්ඩිත (පණ්ඩිතයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය,
Pali BJT4. කණ්හා ධම්මා, 1308 සුක්කා ධම්මා, 1309
Sinhala BJT4. කෘෂ්ණ (සිත අප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය, ශුක්ල (සිත ප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය,
Pali BJT5. තපනීයා ධම්මා, 1310 අතපනීයා ධම්මා, 1311
Sinhala BJT5. තපනීය (මෙලොව පරලොව තවන) ධර්‍මයෝ ය, අතපනීය ධර්‍මයෝ ය,
Pali BJT6. අධිවචනා ධම්මා, 1312 අධිවචනපථා ධම්මා, 1312
Sinhala BJT6. අධිවචන (වචනමාත්‍රය මැ ප්‍රධාන කොට පවත්නා) ධර්‍මයෝ ය, අධිවචනපථ ධර්‍මයෝ ය,
Pali BJT7. නිරුත්ති ධම්මා, 1313 නිරුත්තිපථා ධම්මා, 1313
Sinhala BJT7. නිරුක්ති ධර්‍මයෝ ය, නිරුක්තිපථ ධර්‍මයෝ ය,
Pali BJT8. පඤ්ඤත්ති ධම්මා, 1314 පඤ්ඤත්තිපථා ධම්මා, 1314
Sinhala BJT8. ප්‍රඥප්ති ධර්‍මයෝ ය, ප්‍රඥප්තිපථ ධර්‍මයෝ ය,
Pali BJT9. නාමඤ්ච, 1315 රූපඤ්ච, 1316
Sinhala BJT9. (නමන ලක්‍ෂණ වූ) නාමය ද, (රුප්පන ලක්‍ෂණ වූ) රූපය ද,
Pali BJT10. අවිජ්ජා ච, 1317 භවතණ්හා ච, 1318
Sinhala BJT10. (දුඃඛාදියෙහි නොදැනීම වූ) අවිද්‍යාව ද, (භවය ප්‍රාර්‍ත්‍ථනා කරන) භවතෘෂ්ණාව ද,
Pali BJT11. භවදිට්ඨි ච, 1319 විභවදිට්ඨි ච, 1320
Sinhala BJT11. භව (ශාශ්වත වශයෙන් උපදනා) දෘෂ්ටිය ද, විභව (උච්ඡේද වශයෙන් උපදනා) දෘෂ්ටිය ද,
Pali BJT12. සස්සතදිට්ඨි ච, 1321 උච්ඡෙදදිට්ඨි ච, 1322
Sinhala BJT12. ශාශ්වත දෘෂ්ටිය ද, උච්ඡේද දෘෂ්ටිය ද,
Pali BJT13. අන්තවා දිට්ඨි ච, 1323 අනන්තවා දිට්ඨි ච, 1324
Sinhala BJT13. අන්තවත් දෘෂ්ටිය ද, අනන්තවත් දෘෂ්ටිය ද,
Pali BJT14. පුබ්බන්තානුදිට්ඨි ච, 1325 අපරන්තානුදිට්ඨි ච, 1326
Sinhala BJT14. පූර්‍වාන්තය අනුව ගිය දෘෂ්ටිය ද, අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය ද,
Pali BJT15. අහිරිකඤ්ච, 1327 අනොත්තප්පඤ්ච, 1328
Sinhala BJT15. අහ්‍රීකය (ලජ්ජා නැති බව) ද, අනපත්‍රපාව (බිය නොවන බව) ද,
Pali BJT16. හිරි ච, 1329 ඔත්තප්පඤ්ච, 1330
Sinhala BJT16. හ්‍රිය (ලජ්ජාව) ද, අපත්‍රපාව (බිය වීම) ද,
Pali BJT17. දොවචස්සතා ච, 1331 පාපමිත්තතා ච, 1332
Sinhala BJT17. දුර්වච බව ද, සුවච බව ද,
Pali BJT18. සොවචස්සතා ච, 1333 කල්යාණමිත්තතා ච, 1334
Sinhala BJT18. පාපමිත්‍රයන් ඇති බව ද, කල්‍යාණමිත්‍රයන් ඇති බව ද,
Pali BJT19. ආපත්තිකුසලතා ච, 1335 ආපත්තිවුට්ඨානකුසලතා ච, 1336
Sinhala BJT19. අපත්තියෙහි කුශල බව ද, ආපත්තියෙන් නැගී සිටීමෙහි කුශල බව ද,
Pali BJT20. සමාපත්තිකුසලතා ච, 1337 සමාපත්තිවුට්ඨානකුසලතා ච, 1338
Sinhala BJT20. සමාපත්තියෙහි කුශල බව ද, සමාපත්තියෙන් නැගී සිටීමෙහි කුශල බව ද,
Pali BJT21. ධාතුකුසලතා ච, 1339 මනසිකාරකුසලතා ච, 1340
Sinhala BJT21. (අටළොස්) ධාතුයෙහි කුශල බව ද, (ධාතු) මනසිකාරයෙහි කුශල බව ද,
Pali BJT22. ආයතනකුසලතා ච, 1341 පටිච්චසමුප්පාදකුසලතා ච, 1342
Sinhala BJT22. (චක්‍ෂුරාදි) ආයතනයෙහි කුශල බව ද, ප්‍රතීත්‍යසමුත්පාදයෙහි කුශල බව ද,
Pali BJT23. ඨානකුසලතා ච, 1343 අට්ඨානකුසලතා ච, 1344
Sinhala BJT23. ඨාන (කාරණයෙහි) කුශල බව ද, අට්ඨාන (අකාරණයෙහි) කුශල බව ද,
Pali BJT24. අජ්ජවො ච, 1345 මද්දවො ච, 1346
Sinhala BJT24. ඍජු බව ද, මෘදු බව ද,
Pali BJT25. ඛන්ති ච, 1347 සොරච්චඤ්ච, 1348
Sinhala BJT25. ක්‍ෂාන්තිය (ඉවසීම) ද, සුරත බව ද,
Pali BJT26. සාඛල්යඤ්ච, 1349 පටිසන්ථාරො ච, 1350
Sinhala BJT26. සඛිල (මෘදු) බව ද, (ධර්‍මාමිෂයෙන්) පටිසන්‍ථාරය ද,
Pali BJT27. ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා ච, 1351 භොජනෙ අමත්තඤ්ඤුතා ච, 1352
Sinhala BJT27. ඉන්‍ද්‍රියන්හි නො පියූ දොර ඇති බව ද, භෝජනයෙහි පමණ නො දන්නා බව ද,
Pali BJT28. ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා ච, 1353 භොජනෙ මත්තඤ්ඤුතා ච, 1354
Sinhala BJT28. ඉන්‍ද්‍රියන්හි පියූ දොර ඇති බව ද, භෝජනයෙහි පමණ දන්නා බව ද,
Pali BJT29. මුට්ඨසච්චඤ්ච, 1355 අසම්පජඤ්ඤඤ්ච, 1356
Sinhala BJT29. මූඪස්මෘති (මුළා සිහි ඇති) බව ද, සම්‍යක්ප්‍රඥා නැති බව ද,
Pali BJT30. සති ච, 1357 සම්පජඤ්ඤඤ්ච, 1358
Sinhala BJT30. ස්මෘතිය ද, සම්‍යක්ප්‍රඥා ඇති බව ද,
Pali BJT31. පටිසඞ්ඛානබලඤ්ච, 1359 භාවනාබලඤ්ච, 1360
Sinhala BJT31. පටිසංධාන (ප්‍රත්‍යවේක්‍ෂා) බලය ද, භාවනා බලය ද,
Pali BJT32. සමථො ච, 1361 විපස්සනා ච, 1362
Sinhala BJT32. ශමථය ද, විදර්‍ශනාව ද,
Pali BJT33. සමථනිමිත්තඤ්ච, 1363 පග්ගාහනිමිත්තඤ්ච, 1364
Sinhala BJT33. ශමථ නිමිත්ත ද, ප්‍රග්‍රාහ නිමිත්ත ද,
Pali BJT34. පග්ගාහො ච, 1365 අවික්ඛෙපො ච, 1366
Sinhala BJT34. ප්‍රග්‍රාහය ද, අවික්‍ෂේපය ද,
Pali BJT35. සීලවිපත්තී ච, 1367 දිට්ඨිවිපත්තී ච, 1368
Sinhala BJT35. ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද,
Pali BJT36. සීලසම්පදා ච, 1369 දිට්ඨිසම්පදා ච, 1370
Sinhala BJT36. ශීලසම්පත්තිය ද, දෘෂ්ටිසම්පත්තිය ද,
Pali BJT37. සීලවිසුද්ධි ච, 1371 දිට්ඨිවිසුද්ධි ච, 1372
Sinhala BJT37. ශීලවිශුද්ධිය ද, දෘෂ්ටිවිශුද්ධිය ද,
Pali BJT38. දිට්ඨිවිසුද්ධි ඛො පන, 1373 යථාදිට්ඨිස්ස ච පධානං, 1374
Sinhala BJT38. (කර්‍මස්වකෘතඥාන සඞ්ඛ්‍යාත) දෘෂ්ටිවිශුද්ධිය ද, අනුරූපදෘෂ්ටි ඇත්තහුගේ වීර්‍ය්‍යය ද,
Pali BJT39. සංවෙගො ච සංවෙජනියෙසු ඨානෙසු, 1375 සංවිග්ගස්ස ච යොනිසො පධානං, 1376
Sinhala BJT39. සංවේජනීය කාරණයෙහි සංවේගය ද, සංවිග්න වූවහුගේ සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යය ද,
Pali BJT40. අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු, 1377 අප්පටිවානිතා ච පධානස්මිං, 1378
Sinhala BJT40. කුශලධර්‍මපූරණයෙහි අසන්තුෂ්ටි බව ද, ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො නවත්නා බව ද,
Pali BJT41. විජ්ජා ච, 1379 විමුත්ති ච, 1380
Sinhala BJT41. ත්‍රිවිද්‍යාව ද, විමුක්තිය ද,
Pali BJT42. ඛයෙ ඤාණං, 1381 අනුප්පාදෙ ඤාණන්ති, 1382
Sinhala BJT42. (ක්ලේශක්‍ෂය සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යමාර්‍ගයෙහි ඥානය, අනුත්පාදයෙහි (ආර්‍ය්‍යඵලයෙහි) ඥානය යි.
Pali BJTසුත්තන්තමාතිකා
Sinhala BJTසූත්‍රාන්තමාතෘකා යි.
Pali BJTමාතිකා නිට්ඨිතා.
Sinhala BJTමාතෘකා නිමි.
Pali BJT1. චිත්තුප්පාදකණ්ඩං
Sinhala BJT1. චිත්තෝත්පාදකාණ්ඩය
Pali BJTකාමාවචර අට්ඨමහාචිත්තානි
Sinhala BJTකාමාවචර අෂ්ට මහාචිත්තයෝ
Pali BJTපදභාජනීයං
Sinhala BJTපද බෙදුම
Pali BJT1. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT1. කවර දහම්හු කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ. තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාසංකප්පො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සද්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත්තප්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ්ඣා හොති, අව්යාපාදො හොති, සම්මාදිට්ඨි හොති, හිරි හොති, ඔත්තප්පං හොති කායපස්සද්ධි හොති, චිත්ත පස්සද්ධි හොති, කායලහුතා හොති, චිත්තලහුතා හොති, කායමුදුතා හොති, චිත්තමුදුතා හොති, කායකම්මඤ්ඤතා හොති, චිත්තකම්මඤ්ඤතා හොති, කායපාගුඤ්ඤතා හොති, චිත්තපාගුඤ්ඤතා හොති, කායුජ්ජුකතා හොති, චිත්තුජ්ජුකතා හොති, සති හොති, සම්පජඤ්ඤං හොති, සමථො හොති, විපස්සනා හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා-ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක්හි රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගිය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය උපදනේ (ක්‍ෂණත්‍රයගත) වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතින්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග් ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක් සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි. අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතාව වෙයි, චිත්තකර්‍මණ්‍යතාවය වෙයි, කායප්‍රාගුණ්‍යතාව වෙයි, චිත්තප්‍රාගුණ්‍යතාවය වෙයි, කාය-ඍජුත්‍වය වෙයි, චිත්ත-ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT2. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT2. කවරෙක් එසමයෙහි (කාමාවචර මහාකුශලචිත්තය උපදනා ඇසිල්ලෙහි) ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සමඵුසිතත්තං - අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
Pali BJT3. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT3. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා-අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඥානධාතූහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වේදනායෙක් වේ ද මේ - එසමයෙහි වේදනාව වේ.
Pali BJT4. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT4. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානිතත්තං-අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාව වේ.
Pali BJT5. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT5. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සංචෙතනා චෙතයිතත්තං{1} -අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥාධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි චේතනාව වේ.
Pali BJT6. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT6. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්: