Pali BJT632. කතමං තං රූපං රසායතනං?
Sinhala BJT632. ඒ රසායතනරූපය කවරෙ යත්:
Pali BJTයො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං{1} කසාවො සාදු අසාදු, යො වා පනඤ්ඤොපි අත්ථි රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං රසං අනිදස්සනං සප්පටිඝං ජිව්හාය අනිදස්සනාය සප්පටිඝාය සායි වා සායති වා සායිස්සති වා සායෙ වා, රසොපෙසො, රසායතනම්පෙතං, රසධාතුපෙසා. ඉදං තං රූපං රසායතනං.
Sinhala BJTයම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය ඇඹුලැ මිහිරැ තිත්ත ය කුළු ය ලුණු ය කර ය ලපිල (-දිවුල් ඈ කසටැඹුල) ය කසට ය මිහිරි ය නොමිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ දිවින් වින්දේ හෝ විඳී හෝ විඳුනේ හෝ විඳි නම් හෝ, තෙලෙ රස නුමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතන රූප යි.
Pali BJT633. කතමං තං රූපං රසායතනං?
Sinhala BJT633. ඒ රසායතනරූපය කවරෙ යත්:
Pali BJTයො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං කසාවො සාදු අසාදු, යො වා පනඤ්ඤොපි අත්ථි රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යම්හි රසම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි ජිව්හා අනිදස්සනා සප්පටිඝා පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, රසොපෙසො, රසායතනම්පෙතං, රසධාතුපෙසා. ඉදං තං රූපං රසායතනං.
Sinhala BJTයම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මූලරස ය ස්කන්‍ධරස ය ත්‍වග්රස ය පත්‍රරස ය පුෂ්පරස ය අම්බිල ය මධුර ය තික්ත ය කටුක ය ලවණ ය ක්‍ෂාර ය ලපිල ය කසාව ය ස්වාදු ය අස්වාදු ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ දිව ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රස නමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතනරූප යි.
Pali BJT634. කතමං තං රූපං රසායතනං?
Sinhala BJT634. ඒ රසායතනරූපය කවරෙ යත්:
Pali BJTයො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං කසාවො සාදු අසාදු, යො වා පනඤ්ඤොපි අත්ථි රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යො රසො අනිදස්සනො සප්පටිඝො ජිව්හාය අනිදස්සනාය සප්පටිඝාය පටිහඤ්ඤි වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, රසොපෙසො, රසායතනම්පෙතං, රසධාතුපෙසා. ඉදං තං රූපං රසායතනං.
Sinhala BJTයම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය ඇඹුලැ මිහිරැ ය තිත්ත ය කුළුරස ය ලුණුරස ය කරරස ය ලපිලරස ය කසටරස ය මිහිරි ය නොමිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ දිවෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රස නුමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතනරූප යි.
Pali BJT635. කතමං තං රූපං රසායතනං?
Sinhala BJT635. ඒ රසායතනරූපය කවරෙ යත්:
Pali BJTයො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං කසාවො සාදු අසාදු, යො වා පනඤ්ඤොපි අත්ථි රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං රසං ආරබ්භ ජිව්හං නිස්සාය ජිව්හාසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං රසං ආරබ්භ ජිව්හං නිස්සාය ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ජිව්හං නිස්සාය රසාරම්මණො ජිව්හාසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ජිව්හං නිස්සාය රසාරම්මණා ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, රසොපෙසො, රසායතනම්පෙතං, රසධාතුපෙසා. ඉදං තං රූපං රසායතනං.
Sinhala BJTයම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය ඇඹුලැ මිහිරි ය තිත්ත ය කටුක ය ලුණු ය කර ය ලපිලරස ය කසට ය මිහිරි ය නොමිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, යම් රසයක් අරමුණු කොට දිව නිසා ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් රසයක් අරමුණු කොට දිව නිසා ජිව්හාසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සජ වේදනාව .. සංඥාව .. චේතනාව .. ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, තෙලෙ රස නමුදු වෙයි, තෙලෙ රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ ඒ රසායතන රූප යි.
Pali BJT636. කතමං තං රූපං ඉත්ථින්ද්රියං?
Sinhala BJT636. ඒ ඉත්‍ථින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
Pali BJTයං ඉත්ථියා ඉත්ථිලිඞ්ගං{1} ඉත්ථිනිමිත්තං ඉත්ථිකුත්තං ඉත්ථාකප්පො ඉත්ථත්තං{2} ඉත්ථිභාවො, ඉදං තං රූපං ඉත්ථින්ද්රියං.
Sinhala BJTයම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රිසටහන ස්ත්‍රීසලකුණ ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්පය ස්ත්‍රීත්‍වය ස්ත්‍රීභාවය වේ ද, මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
Pali BJT637. කතමං තං රූපං පුරිසින්ද්රියං?
Sinhala BJT637. ඒ පුරිසින්‍ද්‍රියරූපය කවරෙ යත්:
Pali BJTයං පුරිසස්ස පුරිසලිඞ්ගං පුරිසනිමිත්තං පුරිසකුත්තං පුරිසාකප්පො පුරිසත්තං පුරිසභාවො, ඉදං තං රූපං පුරිසින්ද්රියං.
Sinhala BJTයම් කරුණෙකින් පුරුසයාගේ පුරුෂසටහන පුරුෂසලකුණ පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂේන්‍ද්‍රියරූපයි.
Pali BJT638. කතමං තං රූපං ජීවිතින්ද්රියං?
Sinhala BJT638. ඒ ජිවිතින්‍ද්‍රියරූපය කවරෙ යත්:
Pali BJTයං තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ජීවිතින්ද්රියං.
Sinhala BJTඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනෙයක් ඉරීයනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජිවිතෙන්‍ද්‍රියරූප යි.
Pali BJT639. කතමං තං රූපං කායවිඤ්ඤත්ති?
Sinhala BJT639. ඒ කායවිඤ්ඤප්තිරූපය කවරෙ යත්:
Pali BJTයා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා අභික්කමන්තස්ස වා පටික්කමන්තස්ස වා ආලොකෙන්තස්ස වා විලොකෙන්තස්ස වා සම්මිඤ්ජෙන්තස්ස වා පසාරෙන්තස්ස වා කායස්ස ථම්භනා සන්ථම්භනා සන්ථම්භිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං කායවිඤ්ඤත්ති.
Sinhala BJTකුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු ව බලන්නහුගේ හෝ හාත්පස බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ දිගහරින්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥාපනයෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්තිරූප යි.
Pali BJT640. කතමං තං රූපං වචීවිඤ්ඤත්ති?
Sinhala BJT640. ඒ වචීවිඤ්ඤප්තිරූපය කවරෙ යත්:
Pali BJTයා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා වාචා ගිරා ව්යප්පථො උදීරණං ඝොසො ඝොසකම්මං වාචා වචීභෙදො, අයං වුච්චති වාචා. යා තාය වාචාය විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං වචීවිඤ්ඤත්ති.
Sinhala BJTකුසල් සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්තිරූප යි.
Pali BJT641. කතමං තං රූපං ආකාසධාතු?
Sinhala BJT641. ඒ ආකාසධාතුරූපය කවරෙ යත්:
Pali BJTයො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතූහි මහාභූතෙහි, ඉදං තං රූපං ආකාසධාතු.
Sinhala BJTයම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටියැ හැකි) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතර මහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ ආකාශධාතුරූප යි.
Pali BJT642. කතමං තං රූපං රූපස්ස ලහුතා?
Sinhala BJT642. ඒ රූපයාගේ ලහුතාරූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා. ඉදං තං රූපං රූපස්ස ලහුතා.
Sinhala BJTරූපයාගේ යම් ලඝුත්‍වාකාරයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ ලඝුත්‍ව රූප යි.
Pali BJT643. කතමං තං රූපං රූපස්ස මුදුතා?
Sinhala BJT643. ඒ රූපයාගේ මුදුතාරූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා, ඉදං තං රූපං රූපස්ස මුදුතා.
Sinhala BJTරූපයාගේ යම මෘදුත්‍වයෙක් මාර්‍දවයෙක් (-සිනිඳු බවෙක්) නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ මෘදුත්‍වරූප යි.
Pali BJT644. කතමං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා?
Sinhala BJT644. ඒ රූපයාගේ කම්මඤ්ඤතා රූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, ඉදං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා.
Sinhala BJTරූපයාගේ යම් කර්‍මණ්‍ය බවෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍යභාවයෙක් වේ ද, මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යතාරූප යි.
Pali BJT645. කතමං තං රූපං රූපස්ස උපචයො?
Sinhala BJT645. ඒ රූපයාගේ උපචයරූපය කවරෙ යත්:
Pali BJTයො ආයතනානං ආචයො, සො රූපස්ස උපචයො. ඉදං තං රූපං රූපස්ස උපචයො.
Sinhala BJT(අඩෙකොළොස් රූපායතන සඞ්ඛ්‍යාත) ආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, හේ රූපයාගේ උපචය නමි. මේ ඒ රූපයාගේ උපචයරූප යි.
Pali BJT646. කතමං තං රූපං රූපස්ස සන්තති?
Sinhala BJT646. ඒ රූපයාගේ සන්තතිරූපය කවරෙ යත්:
Pali BJTයො රූපස්ස උපචයො, සා රූපස්ස සන්තති. ඉදං තං රූපං රූපස්ස සන්තති.
Sinhala BJTරූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති නමි. මේ ඒ රූපයාගේ සන්තතිරූප යි.
Pali BJT647. කතමං තං රූපං රූපස්ස ජරතා?
Sinhala BJT647. ඒ රූපයාගේ ජරතාරූපය කවරෙ යත්:
Pali BJTයා රූපස්ස ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, ඉදං තං රූපං රූපස්ස ජරතා.
Sinhala BJTරූපයාගේ ජරාවක් ජීර්‍ණාකාරයෙක් (දන්තාදිය) කැඩුණු බවෙක් (කේශයන්ගේ) පලිත බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන් මිහිකිරීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ ජරතාරූප යි.
Pali BJT648. කතමං තං රූපං රූපස්ස අනිච්චතා?
Sinhala BJT648. ඒ රූපයාගේ අනිච්චතා රූපය කවරෙ යත්:
Pali BJTයො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං තං රූපං රූපස්ස අනිච්චතා.
Sinhala BJTරූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ අනිත්‍යතා රූප යි.
Pali BJT649. කතමං තං රූපං කබලිංකාරො ආහාරො?
Sinhala BJT649. ඒ කවලීකාරාහාරරූපය කවරෙ යත්:
Pali BJTඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං යම්හි යම්හි ජනපදෙ තෙසං තෙසං සත්තානං මුඛාසියං දන්තවිඛාදනං ගලජ්ඣොහරණීයං කුච්ඡිවිත්ථම්භනං යාය ඔජාය සත්තා යාපෙන්ති, ඉදං තං රූපං කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදා.
Sinhala BJTඕදන ය කුල්මාස ය හත්වට ය මාළු මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජන පදයෙක් හි ඒ ඒ සත්ත්‍වයන් විසින් මුවින් කෑ යුතු දතින් විකිය යුතු ගෙලෙන් ගිලිය යුතු කුස පුරාලන යම් ඔජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි. මේ ඒ උපාදාරූප යි.
Pali BJTඋපාදා භාජනීයං.
Sinhala BJTඋපාදාභාජනීය යි.
Pali BJTරූපකණ්ඩෙ පඨමභාණවාරං.
Sinhala BJTරූපකාණ්ඩයෙහි පළමුවැනි බණවර යි.
Pali BJT650. කතමං තං රූපං නො උපාදා?
Sinhala BJT650. ඒ උපාදා නො වූ රූපය කවරෙ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං ආපොධාතු, ඉදං තං රූපං නො උපාදා.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදා නො වූ රූප යි.
Pali BJT651. කතමං තං ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT651. ඒ ඵොට්ඨබ්බායතනය කවරෙ යත්:
Pali BJTපඨවීධාතු තෙජොධාතු වායොධාතු කක්ඛළං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං, යං ඵොට්ඨබ්බං අනිදස්සනං සප්පටිඝං කායෙන අනිදස්සනෙන සප්පටිඝෙන ඵුසි වා ඵුසති වා ඵුසිස්සති වා ඵුසෙ වා, ඵොට්ඨබ්බොපෙසො, ඵොට්ඨබ්බායතනම්පෙතං, ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTතද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නොබර වූ (කර්‍කශත්‍වලක්‍ෂණ) පෘථිවිධාතු ය උෂ්ණත්‍ව ලක්‍ෂණ වූ තේජෝ ධාතු ය (විස්තම්බ්භනලක්‍ෂණ වූ) වායෝධාතු යි. අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ කයින් පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහසා නම් හෝ, තෙලෙ (පඨවි - තේජෝ - වායෝධාතුව) ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
Pali BJT652. කතමං තං රූපං ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT652. ඒ ඵොට්ඨබ්බායතනරූපය කවරෙ යත්:
Pali BJTපඨවීධාතු තෙජොධාතු වායොධාතු කක්ඛළං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං, යම්හි ඵොට්ඨබ්බම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි කායො අනිදස්සනො සප්පටිඝො පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, ඵොට්ඨබ්බොපෙසො, ඵොට්ඨබ්බායතනම්පෙතං, ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTකර්‍කශ වූ මෘදු වූ සිලුටු වූ පරුෂ වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නො බර වූ පෘථිවිධාතු ය තෙජොධාතු ය වායෝධාතු යි. අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ කය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
Pali BJT653. කතමං තං රූපං ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT653. ඒ ඵොට්ඨබ්බායතන රූපය කවරෙ යත්:
Pali BJTපඨවීධාතු තෙජොධාතු වායොධාතු කක්ඛළං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං, යො ඵොට්ඨබ්බො අනිදස්සනො සප්පටිඝො කායම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤි වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, ඵොට්ඨබ්බොපෙසො, ඵොට්ඨබ්බායතනම්පෙතං, ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTතද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නොබර වූ පෘථිවිධාතු ය තෙජොධාතු ය වායෝධාතු යි. අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ කයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ඵොට්ඨබ්බායතනරූප යි.
Pali BJT654. කතමං තං රූපං ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT654. ඒ ඵොට්ඨබ්බායතනරූපය කවරෙ යත්:
Pali BJTපඨවීධාතු තෙජොධාතු වායොධාතු කක්ඛළං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං, යං ඵොට්ඨබ්බං ආරබ්භ කායං නිස්සාය කායසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ඵොට්ඨබ්බං ආරබ්භ කායං නිස්සාය කායසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- කායවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං කායං නිස්සාය ඵොට්ඨබ්බාරම්මණො කායසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං කායං නිස්සාය ඵොට්ඨබ්බාරම්මණා කායසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- කායවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, ඵොට්ඨබ්බොපෙසො, ඵොට්ඨබ්බායතනම්පෙතං, ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTතද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක් පහස් වූ බර වූ නොබර වූ පෘථිවිධාතු ය තෙජොධාතු ය වායෝධාතු යි. යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අරමුණු කොට කය නිසා කායසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අරමුණු කොට කය නිසා කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ කායසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍ර්ෂ්ටව්‍යාලම්බන වූ කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ තෙලෙ ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙලෙ ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
Pali BJT655. කතමං තං රූපං ආපොධාතු?
Sinhala BJT655. එ ආපෝධාතුරූපය කවරෙ යත්:
Pali BJTයං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස, ඉදං තං රූපං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදා.
Sinhala BJTයම් අපායෙක් අපාගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් (පෘතුවිධාත්‍වාදී) භූතරූපයාගේ බන්‍ධභාවයෙක් වේ ද, මේ ඒ ආපෝධාතුරූප යයි. මේ ඒ උපාදා නො වූ රූප යි.
Pali BJT656. කතමං තං රූපං උපාදින්නං?
Sinhala BJT656. ඒ උපාදින්නරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය පුරුෂේන්‍ද්‍රිය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය අකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න රූප යි.
Pali BJT657. කතමං තං රූපං අනුපාදින්නං?
Sinhala BJT657. ඒ අනුපාදින්නරූපය කවරෙ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපායගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය අකාශධාතු ය රූපයාගේ උපචය ය රූපායගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නරූප යි.
Pali BJT658. කතමං තං රූපං උපාදින්නුපාදානියං?
Sinhala BJT658. ඒ උපාදින්නුපාදානියරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නුපාදානියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නුපාදානියරූප යි.
Pali BJT659. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං?
Sinhala BJT659. ඒ අනුපාදින්නුපාදානියරූපය කවරෙ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං.
Sinhala BJTශබ්දායතන ය කායාවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යි. මේ ඒ අනුපාදින්නුපාදානිය රූප යි.
Pali BJT660. කතමං තං රූපං සනිදස්සනං?
Sinhala BJT660. ඒ සනිද්ස්සනරූපය කවරෙ යත්:
Pali BJTරූපායතනං, ඉදං තං රූපං සනිදස්සනං.
Sinhala BJTරූපායතන යි. මේ ඒ සනිදර්‍ශනරූප යි.
Pali BJT661. කතමං තං රූපං අනිදස්සනං?
Sinhala BJT661. ඒ අනිදස්සනරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනිදස්සනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ අනිදර්‍ශනරූප යි.
Pali BJT662. කතමං තං රූපං සප්පටිඝං?
Sinhala BJT662. ඒ සප්පටිඝරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං සප්පටිඝං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ශ්‍රෝතායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝරූප යි.
Pali BJT663. කතමං තං රූපං අප්පටිඝං?
Sinhala BJT663. ඒ අප්පටිඝරූපය කවරෙ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අප්පටිඝං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝරූප යි.
Pali BJT664. කතමං තං රූපං ඉන්ද්රියං?
Sinhala BJT664. ඒ ඉන්‍ද්‍රියරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ඉන්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය ඝ්‍රාණේන්‍ද්‍රිය ය ජිහ්වේන්‍ද්‍රිය ය කායේන්‍ද්‍රිය ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රියරූප යි.
Pali BJT665. කතමං තං රූපං න ඉන්ද්රියං?
Sinhala BJT665. ඒ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉන්ද්රියං.
Sinhala BJTරූපායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT666. කතමං තං රූපං මහාභූතං?
Sinhala BJT666. ඒ මහාභූතරූපය කවරෙ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං ආපොධාතු, ඉදං තං රූපං මහාභූතං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ මහාභූතරූප යි.
Pali BJT667. කතමං තං රූපං න මහාභූතං?
Sinhala BJT667. ඒ මහාභූත නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න මහාභූතං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ රූප යි.
Pali BJT668. කතමං තං රූපං විඤ්ඤත්ති?
Sinhala BJT668. ඒ විඥප්තිරූපය කවරෙ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, ඉදං තං රූපං විඤ්ඤත්ති.
Sinhala BJTකායවිඥප්ති ය, වාග්විඥප්ති යි. මේ ඒ විඥප්තිරූප යි.
Pali BJT669. කතමං තං රූපං න විඤ්ඤත්ති?
Sinhala BJT669. විඥප්ති නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න විඤ්ඤත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ විඥප්ති නො වූ රූප යි.
Pali BJT670. කතමං තං රූපං චිත්තසමුට්ඨානං?
Sinhala BJT670. ඒ චිත්තසමුට්ඨානරූපය කවරෙ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චිත්තසමුට්ඨානං.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යත්‍ව ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ චිත්තසමුත්‍ථානරූප යි.
Pali BJT671. කතමං තං රූපං න චිත්තසමුට්ඨානං?
Sinhala BJT671. ඒ චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න චිත්තජං න චිත්තහෙතුකං න චිත්තසමුට්ඨානං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චිත්තසමුට්ඨානං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද චිත්තජ නො වූ චිත්තහේතුක නො වූ චිත්තසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යත්‍ව ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ චිත්තසමුත්‍ථාන නො වූ රූප යි.
Pali BJT672. කතමං තං රූපං චිත්තසහභූ?
Sinhala BJT672. ඒ චිත්තසහභූරූපය කවරෙ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, ඉදං තං රූපං චිත්තසහභූ.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ චිත්ත සහභූරූප යි.
Pali BJT673. කතමං තං රූපං න චිත්තසහභූ?
Sinhala BJT673. ඒ චිත්තසහභූ නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චිත්තසහභූ.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චිත්තසහභූ නො වූ රූප යි.
Pali BJT674. කතමං තං රූපං චිත්තානුපරිවත්ති?
Sinhala BJT674. ඒ චිත්තානුපරිවර්ති රූපය කවරෙ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති, ඉදං තං රූපං චිත්තානුපරිවත්තී.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ චිත්තානුපරිවර්ති රූප යි.
Pali BJT675. කතමං තං රූපං න චිත්තානුපරිවත්ති?
Sinhala BJT675. ඒ චිත්තානුපරිවර්ති නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චිත්තානුපරිවත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චිත්තානුපරිවර්ති නො වූ රූප යි.
Pali BJT676. කතමං තං රූපං අජ්ඣත්තිකං?
Sinhala BJT676. ඒ අජ්ඣත්තිකරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, ඉදං තං රූපං අජ්ඣත්තිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූප යි.
Pali BJT677. කතමං තං රූපං බාහිරං?
Sinhala BJT677. ඒ බාහිරරූපය කවරෙ යත්:
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං.
Sinhala BJTරූපායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ බාහ්‍යරූප යි.
Pali BJT678. කතමං තං රූපං ඔළාරිකං?
Sinhala BJT678. ඒ ඕළාරිකරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඖදාරික රූප යි.
Pali BJT679. කතමං තං රූපං සුඛුමං?
Sinhala BJT679. ඒ සුඛුමරූපය කවරෙ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ ඒ සූක්‍ෂමරූප යි.
Pali BJT680. කතමං තං රූපං දූරෙ?
Sinhala BJT680. ඒ දූරේරූපය කවරෙ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ ඒ දූරේරූප යි.