Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1701-1800 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, යං ච රූපං උපාදා.
Sinhala BJTපෘථිවිධාතු ය, අබ්ධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, යම් උපාදාරූපයෙකුත් වේ ද ඒ යැයි.
Pali BJTඑවං පඤ්චවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ පස් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTපඤ්චකං.
Sinhala BJTපඤ්චකය යි.
Pali BJT592. ඡබ්බිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT592. ස කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTචක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සොතවිඤ්ඤෙය්යං රූපං, ඝානවිඤ්ඤෙය්යං රූපං, ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, කායවිඤ්ඤෙය්යං රූපං, මනොවිඤ්ඤෙය්යං රූපං.
Sinhala BJTචක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝවිඥේයරූප යයි.
Pali BJTඑවං ඡබ්බිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ ස කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඡක්කං.
Sinhala BJTෂට්කය යි.
Pali BJT593. සත්තවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT593. සත් කොටසෙකින් රූපසඞ්‍ග්‍රහය වෙයි:
Pali BJTචක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සොතවිඤ්ඤෙය්යං රූපං, ඝානවිඤ්ඤෙය්යං රූපං, ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, කායවිඤ්ඤෙය්යං රූපං, මනොධාතුවිඤ්ඤෙය්යං රූපං, මනොවිඤ්ඤාණධාතුවිඤ්ඤෙය්යං රූපං.
Sinhala BJTචක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.
Pali BJTඑවං සත්තවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ සත් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTසත්තකං.
Sinhala BJTසප්තකය යි.
Pali BJT594. අට්ඨවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT594. අට කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTචක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සොතවිඤ්ඤෙය්යං රූපං, ඝානවිඤ්ඤෙය්යං රූපං, ජිව්හාවිඤ්ඤෙය්යං{1} රූපං, කායවිඤ්ඤෙය්යං රූපං අත්ථි සුඛසම්ඵස්ස, අත්ථි දුක්ඛසම්ඵස්සං, මනොධාතුවිඤ්ඤෙය්යං රූපං, මනොවිඤ්ඤාණධාතුවිඤ්ඤෙය්යං රූපං.
Sinhala BJTචක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය සුඛසංස්පර්‍ශ වූයෙක් ඇත, දුඃඛ සංස්පර්‍ශ වූයෙක් ඇත, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.
Pali BJTඑවං අට්ඨවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ අට කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඅට්ඨකං.
Sinhala BJTඅෂ්ටකය යි.
Pali BJT595. නවවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT595. නව කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTචක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, යඤ්ච රූපං න ඉන්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණෛන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.
Pali BJTඑවං නවවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ නව කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTනවකං.
Sinhala BJTනවකය යි.
Pali BJT596. දසවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT596. දස කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTචක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, න ඉන්ද්රියං රූපං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූපයෙකුත් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.
Pali BJTඑවං දසවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ දස කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTදසකං.
Sinhala BJTදශකය යි.
Pali BJT597. එකාදසවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT597. එකොළොස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTචක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං, යඤ්ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං.
Sinhala BJTචක්‍ෂුරායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ජිහ්වායතන ය, කායායතන ය, රූපායතන ය, ශබ්දායතන ය, ගන්‍ධායතන ය, රසායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, යම් අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.
Pali BJTඑවං එකාදසවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසෙයින් එකොළොස් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඑකාදසකං.
Sinhala BJTඑකාදශකය යි.
Pali BJTමාතිකා.
Sinhala BJTමාතෘකා යි.
Pali BJTරූපවිභත්ති
Sinhala BJTරූපවිභත්ති
Pali BJT[එකකනිද්දෙසො:]
Sinhala BJT[ඒකකනිර්දේශය]
Pali BJT598. සබ්බං රූපං න හෙතුමෙව, අහෙතුකමෙව, හෙතුවිප්පයුත්තමෙව, සප්පච්චයමෙව, සඞ්ඛතමෙව, රූපීමෙව,{1} ලොකියමෙව, සාසවමෙව, සඤ්ඤොජනියමෙව, ගන්ථනීයමෙව, ඔඝනීයමෙව, යොගනීයමෙව, නීවරණියමෙව, පරාමට්ඨමෙව, උපාදානියමෙව, සංකිලෙසිකමෙව, අව්යාකතමෙව, අනාරම්මණමෙව, අචෙතසිකමෙව, චිත්තවිප්පයුත්තමෙව, නෙවවිපාකනවිපාකධම්මධම්මමෙව, අසංකිලිට්ඨසංකිලෙසිකමෙව, න සවිතක්කසවිචාරමෙව, න අවිතක්කවිචාරමත්තමෙව, අවිතක්කඅවිචාරමෙව, න පීතිසහගතමෙව, න සුඛසහගතමෙව, න උපෙක්ඛාසහගතමෙව, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බමෙව, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකමෙව, නෙව ආචයාගාමි න අපචයගාමිමෙව, නෙව සෙක්ඛනාසෙක්ඛමෙව, පරිත්තමෙව, කාමාවචරමෙව, න රූපාවචරමෙව, න අරූපාවචරමෙව, පරියාපන්නමෙව, නො අපරියාපන්නමෙව, අනියතමෙව, අනිය්යානිකමෙව, උප්පන්නං ඡහි විඤ්ඤාණෙහි විඤ්ඤෙය්යමෙව, අනිච්චමෙව, ජරාභිභූතමෙව, එවං එකවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJT598. හැම රූපය හේතු නො වූයේ ම ය, අහේතුක ම ය, හේතුවිප්‍රයුක්ත ම ය, සප්‍රත්‍යය ම ය, සඞ්ඛත (-ප්‍රත්‍යයසමවායෙන් කරන ලද) ම ය, රූපී ම ය, ලෞකික ම ය, සාස්‍රව ම ය, සංයෝජනීය ම ය, ග්‍රන්‍ථනීය ම ය, ඕඝනීය ම ය, යෝගනීය ම ය, නීවරණීය ම ය, පරාමෘෂ්ට ම ය, උපාදානිය ම ය, සාංක්ලේශික ම ය, අව්‍යාකෘත ම ය, අනාලම්බන ම ය, අචෛතසික ම ය, චිත්තවිප්‍රයුක්තය ම ය, නෛව විපාක න විපාකස්වභාවධර්‍ම ම ය, අසඞ්ක්ලිෂ්ටසාංක්ලේශික ම ය, සවිතර්‍කසවිචාර නො වූයේ ම ය, අවිතර්‍කවිචාරමාත්‍ර නො වූයේ ම ය, අවිතර්‍ක - අවිචාර ම ය, ප්‍රීතිසහගත නො වූයේ ම ය, සුඛසහගත නො වූයේ ම ය, උපේක්‍ෂාසහගත නො වූයේ ම ය, නො ම දර්‍ශනයෙන් නො ම භාවනායෙන් ප්‍රහාතව්‍ය ම ය, නො ම දර්‍ශනයෙන් නො ම භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත් ම ය, නො ම ආචයගාමී නො ම අපචයගාමී ම ය, නො ම ශෛක්‍ෂ නාශෛක්‍ෂ ම ය, පරිත්ත ම ය, කාමාවචර ම ය, රූපාවචර නො වූයේ ම ය, අරූපාවචර නො වූයේ ම ය, පර්‍ය්‍යාපන්න ම ය, අපර්‍ය්‍යාපන්න නො වූයේ ම ය, අනියත ම ය, අනෛර්‍ය්‍යාණික ම ය, උත්පන්න වූයේ ෂඩ්විඥානයන් විසින් විඥේය ම ය, අනිත්‍ය ම ය, ජරාභිභූත මැ යි. මෙසෙයින් එක් කොටසින් රූප සඞ්ග්‍රහය වේ.
Pali BJTඑකකනිද්දෙසො.
Sinhala BJTඒකකනිර්දේශය යි.
Pali BJT[දුකනිද්දෙසො]
Sinhala BJT[දුකනිර්දේශය]
Pali BJT(උපාදාරූපං)
Sinhala BJT(උපාදාරූප)
Pali BJT599. කතමං තං රූපං උපාදා?
Sinhala BJT599. ඒ උපාදාරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, කායවිඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, ආකාසධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචයො, රූපස්ස සන්තති, රූපස්ස ජරතා, රූපස්ස අනිච්චතා, කබලිංකාරො ආහාරො.
Sinhala BJTචක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය ආකාශධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යත්‍ව ය උපචය රූප ය සන්තතිරූප ය ජරතාරූප ය අනිත්‍යතාරූප ය කවලීකාරාහාර යි.
Pali BJT600. කතමං තං රූපං චක්ඛායතනං?
Sinhala BJT600. ඒ චක්‍ෂුරයාතනරූපය කවරෙ යත්:
Pali BJTයං චක්ඛුං{2} චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන චක්ඛුනා අනිදස්සනෙන සප්පටිඝෙන රූපං සනිදස්සනං සප්පටිඝං පස්සී වා පස්සති වා පස්සිස්සති වා පස්සෙ වා, චක්ඛුම්පෙතං, චක්ඛායතනම්පෙතං, චක්ඛුධාතුපෙසා, චක්ඛුන්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා{3}, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, නෙත්තම්පෙතං, නයනම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො ඉදං තං රූපං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා (උපන්) ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දකී නම් හෝ, (දර්‍ශනපරිණායකාර්‍ත්‍ථයෙන්) තෙලෙ චක්ඛු නමුදු වෙයි, (සඤ්ජාතිසමෝසරණාර්‍ත්‍ථයෙන්) තෙලෙ චක්ඛායතන නමුදු වෙයි, (ශුන්‍යතාදි අර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්‍ශන ලක්‍ෂණයෙහි ඉන්‍ද්‍රාර්‍ත්‍ථය කරවා නුයි) තෙලෙ චක්ඛුන්‍ද්‍රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්‍ත්‍ථයෙන්) තෙලෙ ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණීයාර්‍ත්‍ථයෙන්) තෙලෙ සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්‍ත්‍ථයෙන්) තෙලෙ පණ්ඩර නමුදු වෙයි, (ස්පර්‍ශාදීන් උපදනා හෙයින්) තෙලෙ ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට මැ ප්‍රතිෂ්ඨා වන හෙයින්) තෙලෙ වත්‍ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙලෙ නෙත්ත නමුදු වෙයි, (එ අරුතින් ම) තෙලෙ නයන නමුදු වෙයි, (සත්කාය පර්‍ය්‍යාපන්නාර්‍ත්‍ථයෙන්) තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, (බහුසාධාරණාර්‍ත්‍ථයෙන් අස්වාමිකාර්‍ත්‍ථයෙන්) තෙලෙ සුඤ්ඤගාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතනරූප නම් වේ.
Pali BJT601. කතමං තං රූපං චක්ඛායතනං?
Sinhala BJT601. ඒ චක්‍ෂුරායතනරූපය කවරෙ යත්:
Pali BJTයං චක්ඛුං{1} චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යම්හි චක්ඛුම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි රූපං සනිදස්සනං සප්පටිඝං පටිහඤ්ඤි වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, චක්ඛුම්පෙතං, චක්ඛායතනම්පෙතං, චක්ඛුධාතුපෙසා, චක්ඛුන්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා{2}, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, නෙත්තම්පෙතං, නයනම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා (උපන්) ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකැ සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම හෝ, තෙලෙ (චක්‍ෂුඃප්‍රසාදය) චක්‍ෂු නමුදු වෙයි, තෙලෙ චක්‍ෂුරායතන නමුදු වෙයි, තෙල චක්‍ෂුර්ධාතු නමුදු වෙයි, තෙලෙ චක්‍ෂුරින්‍ද්‍රිය නමුදු වෙයි, තෙලෙ ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙලෙ සමුද්‍ර නමුදු වෙයි, තෙලෙ පණ්ඩර නමුදු වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු වෙයි, තෙලෙ වාස්තු නමුදු වෙයි, තෙලෙ නේත්‍ර නමුදු වෙයි, තෙලෙ නයන නමුදු වෙයි, තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතන රූප යයි.
Pali BJT602. කතමං තං රූපං චක්ඛායතනං?
Sinhala BJT602. ඒ චක්‍ෂුරායතනරූපය කවරෙ යත්:
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං චක්ඛුං අනිදස්සනං සප්පටිඝං රූපම්හි සනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤි වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, චක්ඛුම්පෙතං, චක්ඛායතනම්පෙතං, චක්ඛුධාතුපෙසා, චක්ඛුන්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, නෙත්තම්පෙතං, නයනම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙක් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපයෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම හෝ, තෙලෙ චක්‍ෂු නමුදු වෙයි, තෙලෙ චක්‍ෂුරායතන ද වෙයි, තෙල චක්‍ෂුර්ධාතු ද වෙයි, තෙලෙ චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්‍ර ද වෙයි, තෙලෙ පඬෙර ද වෙයි, තෙලෙ කේතු දු වෙයි, තෙලෙ වාස්තු දු වෙයි, තෙලෙ නෙතු ද වෙයි, තෙලෙ නයන දු වෙයි, තෙලෙ මෙතෙර දු වෙයි, තෙලෙ සිස්ගමු දු වේ. මේ ඒ චක්‍ෂුරායතනරූප යයි.
Pali BJT603. කතමං තං රූපං චක්ඛායතනං?
Sinhala BJT603. ඒ චක්‍ෂුරායතනරූපය කවරෙ යත්:
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං චක්ඛුං නිස්සාය රූපං ආරබ්භ චක්ඛුසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙවා -පෙ- යං චක්ඛුං නිස්සාය රූපං ආරබ්භ චක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චක්ඛුවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා යං චක්ඛුං නිස්සාය රූපාරම්මණො චක්ඛුසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං චක්ඛුං නිස්සාය රූපාරම්මණා චක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චක්ඛුවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා චක්ඛුම්පෙතං, චක්ඛායතනම්පෙතං, චක්ඛුධාතුපෙසා. චක්ඛුන්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, නෙත්තම්පෙතං, නයනම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, යම් චක්‍ෂුසක් නිසා රූපය අරමුණු කොට චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් චක්‍ෂුසක් නිසා රූපය අරමුණු කොට චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව … සංඥාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම හෝ … යම් චක්‍ෂුසක් නිසා රූපාලම්බන වූ චක්‍ෂුස්සංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් චක්‍ෂුසක් නිසා රූපාලම්බන වූ චක්‍ෂුස්සංපර්‍ශයෙන් උපන් වේදනාව … සංඥාව … චේතනාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ, තෙලෙ චක්‍ෂු ද වෙයි, තෙලෙ චක්‍ෂුරායතන ද වෙයි, තෙල චක්‍ෂුර්ධාතු ද වෙයි, තෙලෙ චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්‍ර ද වෙයි, තෙලෙ පණ්ඩර ද වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර ද වෙයි, තෙලෙ වාස්තු ද වෙයි, තෙලෙ නේත්‍ර ද වෙයි, තෙලෙ නයන ද වෙයි, තෙලෙ ඔරිමතිර ද වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම ද වේ. මේ ඒ චක්‍ෂුරායතන රූප යයි.
Pali BJT604. කතමං තං රූපං සොතායතනං?
Sinhala BJT604. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
Pali BJTයං සොතං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන සොතෙන අනිදස්සනෙන සප්පටිඝෙන සද්දං අනිදස්සනං සප්පටිඝං සුණී වා සුණාති වා සුණිස්සති වා සුණෙ වා, සොතම්පෙතං, සොතායතනම්පෙතං, සොතධාතුපෙසා සොතින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං සොතායතනං.
Sinhala BJTයම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙකින් අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ඇසුයේ හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ තෙලෙ (ශ්‍රෝත්‍රප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රායතන නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු වෙයි, තෙලෙ ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙලෙ සමුද්‍ර නමුදු වෙයි, තෙලෙ පණ්ඩර නමුදු වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු වෙයි, තෙලෙ වාස්තු නමුදු වෙයි, තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
Pali BJT605. කතමං තං රූපං සොතායතනං?
Sinhala BJT605. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
Pali BJTයං සොතං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යම්හි සොතම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි සද්දො අනිදස්සනො සප්පටිඝො පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, සොතම්පෙතං, සොතායතනම්පෙතං, සොතධාතුපෙසා, සොතින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං සොතායතනං.
Sinhala BJTයම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝතයෙක්හි අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශ්‍රෝත්‍ර ද වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රායතන ද වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු ද වෙයි, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්‍ර ද වෙයි, තෙලෙ පණ්ඩර ද වෙයි, තෙලෙ ක්‍ෂේත්‍ර ද වෙයි, තෙල වාස්තු ද වෙයි, තෙලෙ ඔරිමතීර ද වෙයි, තෙලෙ ශුන්‍යග්‍රාම ද වේ. මේ ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
Pali BJT606. කතමං තං රූපං සොතායතනං?
Sinhala BJT606. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
Pali BJTයං සොතං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං සොතං අනිදස්සනං සප්පටිඝං සද්දම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, සොතම්පෙතං, සොතායතනම්පෙතං, සොතධාතුපෙසා, සොතින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං සොතායතනං.
Sinhala BJTයම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශබ්දයෙහි ගැටුණේ හෝ ගැටෙයි ගැටෙන්නේ ගැටේ නම් හෝ තෙලෙ (ශොත්‍ර ප්‍රසාදය) ශොත්‍ර නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රායතන නමුදු, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
Pali BJT607. කතමං තං රූපං සොතායතනං?
Sinhala BJT607. ඒ ශ්‍රෝත්‍රායතනරූපය කවරෙ යත්:
Pali BJTයං සොතං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං සොතං නිස්සාය සද්දං ආරබ්භ සොතසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං සොතං නිස්සාය සද්දං ආරබ්භ සොතසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සොතවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං සොතං නිස්සාය සද්දාරම්මණො සොතසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං සොතං නිස්සාය සද්දාරම්මණා සොතසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සොතවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා සොතම්පෙතං, සොතායතනම්පෙතං, සොතධාතුපෙසා, සොතින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං සොතායතනං.
Sinhala BJTයම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දය අරමුණු කොට ශ්‍රෝත්‍රසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දය අරමුණු කොට ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝත්‍රවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ ශ්‍රෝත්‍රසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ සොතසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝත්‍රවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, තෙලෙ (ශ්‍රෝත්‍ර ප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රායතන නමුදු, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු, තෙලෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙලෙ වාස්තු නමුදු, තෙලෙ ඔරිමතිර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ශ්‍රොත්‍රායතනරූප ය යි.
Pali BJT608. කතමං තං රූපං ඝානායතනං?
Sinhala BJT608. ඒ ඝ්‍රාණායතනරූපය කවරෙ යත්:
Pali BJTයං ඝානං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන ඝානෙන අනිදස්සනෙන සප්පටිඝෙන ගන්ධං අනිදස්සනං සප්පටිඝං ඝායී වා ඝායති වා ඝායිස්සති වා ඝායෙ වා ඝානම්පෙතං, ඝානායතනම්පෙතං, ඝානධාතුපෙසා, ඝානින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ඝානායතනං.
Sinhala BJTයම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ගන්‍ධය ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, තෙලෙ (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු, තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
Pali BJT609. කතමං තං රූපං ඝානායතනං?
Sinhala BJT609. ඒ ඝ්‍රාණායතනරූපය කවරෙ යත්:
Pali BJTයං ඝානං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යම්හි ඝානම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි ගන්ධො අනිදස්සනො සප්පටිඝො පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, ඝානම්පෙතං, ඝානායතනම්පෙතං, ඝානධාතුපෙසො, ඝානින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ඝානායතනං.
Sinhala BJTයම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ගන්‍ධය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙල වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
Pali BJT610. කතමං තං රූපං ඝානායතනං?
Sinhala BJT610. ඒ ඝ්‍රාණායතනරූපය කවරෙ යත්:
Pali BJTයං ඝානං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං ඝානං අනිදස්සනං සප්පටිඝං ගන්ධම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, ඝානම්පෙතං, ඝානායතනම්පෙතං, ඝානධාතුපෙසො, ඝානින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ඝානායතනං.
Sinhala BJTයම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ගන්‍ධයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු, තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙල වාස්තු නමුදු තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
Pali BJT611. කතමං තං රූපං ඝානායතනං?
Sinhala BJT611. ඒ ඝ්‍රණායතනරූපය කවරෙ යත්:
Pali BJTයං ඝානං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං ඝානං නිස්සාය ගන්ධං ආරබ්භ ඝානසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ඝානං නිස්සාය ගන්ධං ආරබ්භ ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ඝානවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ඝානං නිස්සාය ගන්ධාරම්මණො ඝානසම්ඵස්සො උප්පජ්ජි වා උපජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ඝානං නිස්සාය ගන්ධාරම්මණා ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ඝානවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, ඝානම්පෙතං, ඝානායතනම්පෙතං, ඝානධාතුපෙසා, ඝානින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ඝානායතනං.
Sinhala BJTයම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධය අරමුණු කොට ඝානසම්ඵස්ස උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධය අරමුණු කොට ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝ්‍රාණවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝාණවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ තෙලෙ (ප්‍රසාදය) ඝ්‍රාණ නමුදු, තෙලෙ ඝ්‍රාණායතන නමුදු, තෙල ඝ්‍රාණධාතු නමුදු, තෙලෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙලෙ වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ඝ්‍රාණායතනරූප ය යි.
Pali BJT612. කතමං තං රූපං ජිව්හායතනං?
Sinhala BJT612. ඒ ජිහ්වායතනරූපය කවරෙ යත්:
Pali BJTයං ජිව්හා චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යාය ජිව්හාය අනිදස්සනාය සප්පටිඝාය රසං අනිදස්සනං සප්පටිඝං සායී වා සායති වා සායිස්සති වා සායෙ වා, ජිව්හාපෙසා ජිව්හායතනම්පෙතං, ජිව්හාධාතුපෙසා, ජිව්හින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ජිව්හායතනං.
Sinhala BJTයම් ජිහ්වාවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්ම භාවපාර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් දිවෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය වින්දේ හෝ විඳී හෝ විඳුනේ හෝ විඳී නම් හෝ, තෙලෙ (ජිහ්වාප්‍රසාදය) ජිහ්වා නමුදු, තෙලෙ ජිහ්වායතන නමුදු, තෙල ජිහ්වාධාතු නමුදු, තෙලෙ ජිහ්වේන්‍ද්‍රිය නමුදු, තෙලෙ ලෝක නමුදු, තෙල ද්වාර නමුදු, තෙලෙ සමුද්‍ර නමුදු, තෙලෙ පණ්ඩර නමුදු, තෙලෙ ක්‍ෂේත්‍ර නමුදු, තෙල වාස්තු නමුදු, තෙලෙ ඔරිමතීර නමුදු, තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
Pali BJT613. කතමං තං රූපං ජිව්හායතනං?
Sinhala BJT613. ඒ ජිහ්වායතනරූපය කවරෙ යත්:
Pali BJTයා ජිව්හා චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යාය ජිව්හාය අනිදස්සනාය සප්පටිඝාය රසො අනිදස්සනො සප්පටිඝො පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා ජිව්හාපෙසා, ජිව්හායතනම්පෙතං, ජිව්හාධාතුපෙසා, ජිව්හින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ජිව්හායතනං.
Sinhala BJTයම් දිවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් දිවෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, ජිහ්වා නමුදු තෙල ය, ජිහ්වායතන නමුදු තෙලෙ ය, ජිහ්වාධාතු නමුදු තෙල ය, ජිහ්වේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
Pali BJT614. කතමං තං රූපං ජිව්හායතනං?
Sinhala BJT614. ඒ ජිහ්වායතන රූපය කවරෙ යත්:
Pali BJTයා ජිව්හා චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යා ජිව්හා අනිදස්සනා සප්පටිඝා රසම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා ජිව්හාපෙසා, ජිව්හායතනම්පෙතං, ජිව්හාධාතුපෙසා, ජිව්හින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ජිව්හායතනං.
Sinhala BJTයම් දිවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් දිවෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ ජිහ්වා නමුදු තෙල (ජිහ්වාප්‍රසාද) ය, ජිහ්වායතන නමුදු තෙලෙ ය, ජිහ්වාධාතු නමුදු තෙල ය, ජිහ්වේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
Pali BJT615. කතමං තං රූපං ජිව්හායතනං?
Sinhala BJT615. ඒ ජිහ්වායතනරූපය කවරෙ යත්:
Pali BJTයා ජිව්හා චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං ජිව්හං නිස්සාය රසං ආරබ්භ ජිව්හාසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ජිව්හං නිස්සාය රසං ආරබ්භ ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ජිව්හං නිස්සාය රසාරම්මණො ජිව්හාසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ජිව්හං නිස්සාය රසාරම්මණා ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, ජිව්හාපෙසා, ජිව්හායතනම්පෙතං, ජිව්හාධාතුපෙසා, ජිව්හින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසා, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං ජිව්හායතනං.
Sinhala BJTයම් දිවෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් දිවක් නිසා රසය අරමුණු කොට ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසය අරමුණු කොට ජිව්හාසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් දිවක් නිසා රසාලම්බන වූ ජිව්හාසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ජිහ්වාවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, ජිව්හා නුමුදු තෙල (ජිහ්වාප්‍රසාද) ය, ජිහ්වායතන නමුදු තෙලෙ ය, ජිහ්වාධාතු නමුදු තෙල ය, ජිහ්වේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙලෙ ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතිර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ ජිහ්වායතනරූප ය යි.
Pali BJT616. කතමං තං රූපං කායායතනං?
Sinhala BJT616. ඒ කායායතනරූපය කවරෙ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවාපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන කායෙන අනිදස්සනෙන සප්පටිඝෙන ඵොට්ඨබ්බං අනිදස්සනං සප්පටිඝං ඵුසී වා ඵුසති වා ඵුසිස්සති වා ඵුසෙ වා, කායොපෙසො, කායායතනම්පෙතං, කායධාතුපෙසා, කායින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං කායායතනං.
Sinhala BJTයම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් කයෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍ය පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහසා නම් හෝ, කාය නුමුදු තෙලෙ (කායප්‍රසාද) ය, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙලෙ ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතනරූප යි.
Pali BJT617. කතමං තං රූපං කායායතනං?
Sinhala BJT617. ඒ කායායතනරූපය කවරෙ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො සප්පටිඝො, යම්හි කායම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි ඵොට්ඨබ්බො අනිදස්සනො සප්පටිඝො පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, කායොපෙසො, කායායතනම්පෙතං, කායධාතුපෙසා, කායින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං කායායතනං.
Sinhala BJTයම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් කයෙක්හි යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ කාය නමුදු තෙලෙ ය, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතනරූප ය යි.
Pali BJT618. කතමං තං රූපං කායායතනං?
Sinhala BJT618. ඒ කායායතනරූපය කවරෙ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යො කායො අනිදස්සනො සප්පටිඝො ඵොට්ඨබ්බම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, කායොපෙසො. කායායතනම්පෙතං, කායධාතුපෙසා, කායින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං කායායතනං.
Sinhala BJTයම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් කයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ කාය නමුදු තෙලෙ යැ, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතීර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතනරූප යි.
Pali BJT619. කතමං තං රූපං කායායතනං?
Sinhala BJT619. ඒ කායායතනරූපය කවරෙ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යං කායං නිස්සාය ඵොට්ඨබ්බං ආරබ්භ කායසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං කායං නිස්සාය ඵොට්ඨබ්බං ආරබ්භ කායසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- කායවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං කායං නිස්සාය ඵොට්ඨබ්බාරම්මණො කායසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං කායං නිස්සාය ඵොට්ඨබ්බාරම්මණා කායසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- කායවිඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, කායොපෙසො, කායායතනම්පෙතං, කායධාතුපෙසා, කායින්ද්රියම්පෙතං, ලොකොපෙසො, ද්වාරාපෙසා, සමුද්දොපෙසො, පණ්ඩරම්පෙතං, ඛෙත්තම්පෙතං, වත්ථුම්පෙතං, ඔරිමං තීරම්පෙතං, සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං කායායතනං.
Sinhala BJTයම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යය අරමුණු කොට කායසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යය අරමුණු කොට කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ කායසංස්පර්‍ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් කයක් නිසා ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ කායසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … කායවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ කාය නමුදු තෙල (කායප්‍රසාද) ය, කායායතන නමුදු තෙලෙ ය, කායධාතු නමුදු තෙල ය, කායේන්‍ද්‍රිය නමුදු තෙලෙ ය, ලෝක නමුදු තෙලෙ ය, ද්වාර නමුදු තෙල ය, සමුද්‍ර නමුදු තෙලෙ ය, පණ්ඩර නමුදු තෙලෙ ය, ක්‍ෂේත්‍ර නමුදු තෙලෙ ය, වාස්තු නමුදු තෙලෙ ය, ඔරිමතිර නමුදු තෙලෙ ය, ශුන්‍යග්‍රාම නමුදු තෙලෙ යි. මේ ඒ කායායතන රූප යි.
Pali BJT620. කතමං තං රූපං රූපායතනං?
Sinhala BJT620. ඒ රූපායතනරූපය කවරෙ යත්:
Pali BJTයං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං: නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ්ජෙට්ඨකං{1} හරි{2} හරිවණ්ණං අම්බඞ්කුරවණ්ණං දීඝං රස්සං අණුං ථූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං{3} ඡළංසං අට්ඨංසං සොළසංසං නින්නං ථලං ඡායා ආතපො ආලොකො අන්ධකාරො අබ්භා මහිකා ධූමො රජො චන්දමණ්ඩලස්ස වණ්ණනිභා සුරියමණ්ඩලස්ස{4} වණ්ණනිභා තාරකරූපානං වණ්ණනිභා ආදාසමණ්ඩලස්ස වණ්ණනිභා මණිසඞ්ඛමුත්තාවෙළුරියස්ස වණ්ණනිභා ජාතරූපරජතසස වණ්ණනිභා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං, යං රූපං සනිදස්සනං සප්පටිඝං චක්ඛුනා අනිදස්සනෙන සප්පටිඝෙන පස්සි වා පස්සති වා පස්සිස්සති වා පස්සෙ වා, රූපම්පෙතං. රූපායතනම්පෙතං, රූපධාතුපෙසා. ඉදං තං රූපං රූපායතනං.
Sinhala BJTයම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ නිල් ය - කසාවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සියුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරු වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරු මඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමිණි පැහැ ය රන් රිදී පැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇසින් දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දකී නම් හෝ තෙලෙ (රූසටහන) රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
Pali BJT621. කතමං තං රූපං රූපායතනං?
Sinhala BJT621. ඒ රූපායතනරූපය කවරෙ යත්:
Pali BJTයං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං: නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ්ජෙට්ඨකං හරි හරිවණ්ණං අම්බඞ්කුරවණ්ණං දීඝං රස්සං අණුං ථූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං{3} ඡළංසං අට්ඨංසං සොළසංස නින්නං ථලං ඡායා ආතපො ආලොකො අන්ධකාරො අබ්භා මහිකා ධූමො රජො චන්දමණ්ඩලස්ස වණ්ණනිභා සුරියමණ්ඩලස්ස වණ්ණනිභා තාරකරූපානං වණ්ණනිභා ආදාසමණ්ඩලස්ස වණ්ණනිභා මණිසඞ්ඛමුත්තාවෙළුරියස්ස වණ්ණනිභා ජාතරූපරජතසස වණ්ණනිභා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං, යම්හි රූපම්හි සනිදස්සනම්හි සප්පටිඝම්හි චක්ඛුං අනිදස්සනං සප්පටිඝං පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, රූපම්පෙතං. රූපායතනම්පෙතං, රූපධාතුපෙසා. ඉදං තං රූපං රූපායතනං.
Sinhala BJTයම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරු වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරුමඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත් මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇස ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (රූසටහන) රූප නමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
Pali BJT622. කතමං තං රූපං රූපායතනං?
Sinhala BJT622. ඒ රූපායතනරූපය කවරෙ යත්:
Pali BJTයං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං: නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ්ජෙට්ඨකං හරි හරිවණ්ණං අම්බඞ්කුරවණ්ණං දීඝං රස්සං අණුං ථූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං ඡළංසං අට්ඨංසං සොළසංසං නින්නං ථලං ඡායා ආතපො ආලොකො අන්ධකාරො අබ්භා මහිකා ධූමො රජො චන්දමණ්ඩලස්ස වණ්ණනිභා සුරියමණ්ඩලස්ස වණ්ණනිභා තාරකරූපානං වණ්ණනිභා ආදාසමණ්ඩලස්ස වණ්ණනිභා මණිසංඛමුත්තාවෙළුරියස්ස වණ්ණනිභා ජාතරූපරජතසස වණ්ණනිභා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං, යං රූපං සනිදස්සනං සප්පටිඝං චක්ඛුම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, රූපම්පෙතං. රූපායතනම්පෙතං, රූපධාතුපෙසා. ඉදං තං රූපං රූපායතනං.
Sinhala BJTයම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මදටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරමඬලෙහි පැහැය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇසෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතන රූප යි.
Pali BJT623. කතමං තං රූපං රූපායතනං?
Sinhala BJT623. ඒ රූපායතනරූපය කවරෙ යත්:
Pali BJTයං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං: නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ්ජෙට්ඨකං හරි හරිවණ්ණං අම්බඞ්කුරවණ්ණං දීඝං රස්සං අණුං ථූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං ඡළංසං අට්ඨංසං සොළසංසං නින්නං ථලං ඡායා ආතපො ආලොකො අන්ධකාරො අබ්භා මහිකා ධූමො රජො චන්දමණ්ඩලස්ස වණ්ණනිභා සුරියමණ්ඩලස්ස වණ්ණනිභා තාරකරූපානං වණ්ණනිභා ආදාසමණ්ඩලස්ස වණ්ණනිභා මණිසඞ්ඛමුත්තාවෙළුරියස්ස වණ්ණනිභා ජාතරූපරජතසස වණ්ණනිභා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං, යං රූපං ආරබ්භ චක්ඛුං නිස්සාය චක්ඛුසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං රූපං ආරබ්භ චක්ඛුං නිස්සාය චක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චක්ඛු විඤ්ඤාණං උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං චක්ඛුං නිස්සාය රූපාරම්මණො{1} චක්ඛුසම්ඵස්සො උප්පජ්ජී වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං චක්ඛුං නිස්සාය රූපාරම්මණා චක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චක්ඛුවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, රූපම්පෙතං, රූපායතනම්පෙතං, රූපධාතුපෙසා ඉදං තං රූපං රූපායතනං.
Sinhala BJTයම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරුමඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත් මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, යම් රූපයක් අරමුණු කොට ඇස නිසා චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් රූපයක් අරමුණු කොට ඇස නිසා චක්ඛුසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඇසක් නිසා රූපාලම්බන වූ චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඇසක් නිසා රූපාලම්බන වූ චක්ඛුසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … චක්‍ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ, තෙලෙ රූප නමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
Pali BJT624. කතමං තං රූපං සද්දායතනං?
Sinhala BJT624. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
Pali BJTයො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: භෙරිසද්දො මුදිඞ්ගසද්දො සඞ්ඛසද්දො පණවසද්දො ගීතසද්දො වාදිතසද්දො සම්මසද්දො පාණිසද්දො සත්තානං නිග්ඝොසසද්දො ධාතූනං සන්නිඝාතසද්දො වාතසද්දො උදකසද්දො මනුස්සසද්දො අමනුස්සසද්දො, යො වා පනඤ්ඤොපි අත්ථි සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං සද්දං අනිදස්සනං සප්පටිඝං සොතෙන අනිදස්සනෙන සප්පටිඝෙන සුණි වා සුණාති වා සුණිස්සති වා සුණෙ වා, සද්දොපෙසො, සද්දායතනම්පෙතං, සද්දධාතුපෙසා. ඉදං තං රූපං සද්දායතනං.
Sinhala BJTයම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම් හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ නිග්ඝෝස (-අවියත්) හඬ ය ධාතූන් ගේ (උනුනුන්) ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස් හඬ ය නොමිනිස්හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශ්‍රෝතයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
Pali BJT625. කතමං තං රූපං සද්දායතනං?
Sinhala BJT625. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
Pali BJTයො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: භෙරිසද්දො මුදිඞ්ගසද්දො සඞ්ඛසද්දො පණවසද්දො ගීතසද්දො වාදිතසද්දො සම්මසද්දො පාණිසද්දො සත්තානං නිග්ඝොසසද්දො ධාතූනං සන්නිඝාතසද්දො වාතසද්දො උදකසද්දො මනුස්සසද්දො අමනුස්සසද්දො, යො වා පනඤ්ඤොපි අත්ථි සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යම්හි සද්දම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි සොතං අනිදස්සනං සප්පටිඝං පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, සද්දොපෙසො, සද්දායතනම්පෙතං, සද්දධාතුපෙසා. ඉදං තං රූපං සද්දායතනං.
Sinhala BJTයම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද, - බෙරහඬ ය මිහිඟු හඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම්හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශ්‍රෝතය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
Pali BJT626. කතමං තං රූපං සද්දායතනං?
Sinhala BJT626. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
Pali BJTයො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: භෙරිසද්දො මුදිඞ්ගසද්දො සඞ්ඛසද්දො පණවසද්දො ගීතසද්දො වාදිතසද්දො සම්මසද්දො පාණිසද්දො සත්තානං නිග්ඝොසසද්දො ධාතූනං සන්නිඝාතසද්දො වාතසද්දො උදකසද්දො මනුස්සසද්දො අමනුස්සසද්දො, යො වා පනඤ්ඤොපි අත්ථි සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යො සද්දො අනිදස්සනො සප්පටිඝො සොතම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤී වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, සද්දොපෙසො, සද්දායතනම්පෙතං, සද්දධාතුපෙසා. ඉදං තං රූපං සද්දායතනං.
Sinhala BJTයම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම්හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම්හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් ඇද්ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ශ්‍රෝතයෙහි ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
Pali BJT627. කතමං තං රූපං සද්දායතනං?
Sinhala BJT627. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
Pali BJTයො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: භෙරිසද්දො මුදිඞ්ගසද්දො සඞ්ඛසද්දො පණවසද්දො ගීතසද්දො වාදිතසද්දො සම්මසද්දො පාණිසද්දො සත්තානං නිග්ඝොසසද්දො ධාතූනං සන්නිඝාතසද්දො වාතසද්දො උදකසද්දො මනුස්සසද්දො අමනුස්සසද්දො, යො වා පනඤ්ඤොපි අත්ථි සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං සද්දං ආරබ්භ සොතං නිස්සාය සොතසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං සද්දං ආරබ්භ සොතං නිස්සාය සොතසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සොතවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං සොතං නිස්සාය සද්දාරම්මණො සොතසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං සොතං නිස්සාය සද්දාරම්මණා සොතසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සොතවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, සද්දොපෙසො, සද්දායතනම්පෙතං, සද්දධාතුපෙසා. ඉදං තං රූපං සද්දායතනං.
Sinhala BJTයම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම් හඬය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්‍වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස්හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ශබ්දයෙක් හෝ ඇද්ද, යම් ශබ්දයක් අරමුණු කොට ශ්‍රෝතය නිසා සෝතසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් ශබ්දයක් අරමුණු කොට ශ්‍රෝත්‍රය නිසා සොතසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝතවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ සෝතසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ශ්‍රොත්‍රයක් නිසා ශබ්දාලම්බන වූ සොතසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ශ්‍රෝතවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතන රූප යි.
Pali BJT628. කතමං තං රූපං ගන්ධායතනං?
Sinhala BJT628. ඒ ගන්‍ධායතන රූපය කවරෙ යත්:
Pali BJTයො ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලගන්ධො සාරගන්ධො තචගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ආමකන්ධො{1} විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො, යො වා පනඤ්ඤොපි අත්ථි ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං ගන්ධං අනිදස්සනං සප්පටිඝං ඝානෙන අනිදස්සනෙන සප්පටිඝෙන ඝායි වා ඝායති වා ඝායිස්සති වා ඝායෙ වා, ගන්ධොපෙසො, ගන්ධායතනම්පෙතං, ගන්ධධාතුපෙසා. ඉදං තං රූපං ගන්ධායතනං.
Sinhala BJTයම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ ද - මුල්ගඳ ය හරගඳ ය පොතුගඳ ය පත්ගඳ ය මල්ගඳ ය පලගඳ ය අමුගඳ ය කුණුගඳ ය සුවඳ ය දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, ගඳ නුමුදු තෙලෙ ය, ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතන රූප යි.
Pali BJT629. කතමං තං රූපං ගන්ධායතනං?
Sinhala BJT629. ඒ ගන්‍ධායතනරූපය කවරෙ යත්:
Pali BJTයො ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලගන්ධො සාරගන්ධො තචගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ආමකගන්ධො විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො, යො වා පනඤ්ඤොපි අත්ථි ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යම්හි ගන්ධම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි ඝානං අනිදස්සනං සප්පටිඝං පටිහඤ්ඤි වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා ගන්ධොපෙසො, ගන්ධායතනම්පෙතං, ගන්ධධාතුපෙසා. ඉදං තං රූපං ගන්ධායතනං.
Sinhala BJTයම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මූලගන්‍ධ ය සාරගන්‍ධ ය ත්‍වග්ගන්‍ධය ය පත්‍රගන්‍ධ ය පුෂ්පගන්‍ධ ය ඵලගන්‍ධය ය ආමකගන්‍ධ ය විස්‍රගන්‍ධ ය සුගන්‍ධ ය දුර්‍ගන්‍ධ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක්හි අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, ගන්‍ධ නමුදු තෙලෙය ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතනරූප යි.
Pali BJT630. කතමං තං රූපං ගන්ධායතනං?
Sinhala BJT630. ඒ ගන්‍ධායතනරූපය කවරෙ යත්:
Pali BJTයො ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලගන්ධො සාරගන්ධො තචගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ආමකගන්ධො විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො, යො වා පනඤ්ඤොපි අත්ථි ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යො ගන්ධො අනිදස්සනො සප්පටිඝො ඝානම්හි අනිදස්සනම්හි සප්පටිඝම්හි පටිහඤ්ඤි වා පටිහඤ්ඤති වා පටිහඤ්ඤිස්සති වා පටිහඤ්ඤෙ වා, ගන්ධොපෙසො, ගන්ධායතනම්පෙතං, ගන්ධධාතුපෙසා. ඉදං තං රූපං ගන්ධායතනං.
Sinhala BJTයම ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්ගඳ ය හරගඳ ය පොතුගඳ ය පත්ගඳ ය මල්ගඳ ය පලගඳ ය අමුගඳ ය කුණුගඳ ය සුවඳ ය දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙහි ගැනුණේ හෝ හැනේ හෝ හැනෙන්නේ හෝ හැනේ නම් හෝ, ගන්‍ධ නමුදු තෙලෙ ය, ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතනරූප යි.
Pali BJT631. කතමං තං රූපං ගන්ධායතනං?
Sinhala BJT631. ඒ ගන්‍ධායතනරූපය කවරෙ යත්:
Pali BJTයො ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො: මූලගන්ධො සාරගන්ධො තචගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ආමකගන්ධො විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො, යො වා පනඤ්ඤොපි අත්ථි ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං ගන්ධං ආරබ්භ ඝානං නිස්සාය ඝානසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ගන්ධං ආරබ්භ ඝානං නිස්සාය ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ඝානවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ඝානං නිස්සාය ගන්ධාරම්මණො ඝානසම්ඵස්සො උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා -පෙ- යං ඝානං නිස්සාය ගන්ධාරම්මණා ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- ඝානවිඤ්ඤාණං උප්පජ්ජි වා උප්පජ්ජති වා උප්පජ්ජිස්සති වා උප්පජ්ජෙ වා, ගන්ධොපෙසො, ගන්ධායතනම්පෙතං, ගන්ධධාතුපෙසා. ඉදං තං රූපං ගන්ධායතනං.
Sinhala BJTයම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූයේ - මුල්ගඳ ය හරගඳ ය පොතුගඳ ය පත්ගඳ ය මල්ගඳ ය පලගඳ ය අමුගඳ ය කුණුගඳ ය සුවඳ ය දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, යම් ගන්‍ධයක් අරමුණු කොට ඝ්‍රාණය නිසා ඝානසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ගන්‍ධයක් අරමුණු කොට ඝ්‍රාණය නිසා ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝ්‍රාණවිඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ ... යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඝ්‍රාණයක් නිසා ගන්‍ධාලම්බන වූ ඝානසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … ඝ්‍රාණවිඥානය උපනේ හෝ උපදි හෝ උපදනේ හෝ උපදි නම් හෝ, ගන්‍ධ නමුදු තෙලෙ ය, ගන්‍ධායතන නමුදු තෙලෙ ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ඒ ගන්‍ධායතන රූප ය.