Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා, අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් සිත (අරමුණෙහි) ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
Pali BJT493. කතමා තස්මිං සමයෙ උපෙක්ඛා හොති?
Sinhala BJT493. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ උපෙක්ඛා හොති.
Sinhala BJTඑසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
Pali BJT494. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT494. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT495. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT495. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT496. කතමං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති?
Sinhala BJT496. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
Pali BJT497. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT497. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් ස්ථිතියෙන් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනො විඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ මනෝවිඥානධාතුව වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT498. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT498. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති. -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකුසලවිපාකා මනොවිඤ්ඤාණධාතු උපෙක්ඛා සහගතා.
Sinhala BJTඋපේක්‍ෂාසහගත කුශලවිපාක මනෝවිඥානධාතු යි.
Pali BJT[අට්ඨ මහා විපාකා]
Sinhala BJT[අෂ්ටමහාවිපාක]
Pali BJT499. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT499. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා -පෙ- උපෙක්ඛා සහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන රූපාරම්මණා වා -පෙ- ධම්මාරම්මණා වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා. අලොභො අව්යාකතමූලං -පෙ- අදොසො අව්යාකතමූලං -පෙ- අමොහො අව්යාකතමූලං -පෙ-{*} ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි ... ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස් සහගත වු ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද ... සොම්නස් සහගත වු ඥානසම්ප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වු ඥානවිප්‍රයුක්ත වූ ... සොම්නස් සහගත වු ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂා සහගත වු ඥානසම්ප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත වු ඥානවිප්‍රයුක්ත වූ .... උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ (විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. අලෝභ අව්‍යාකෘතමූල ය ... අද්වේෂ අව්‍යාකෘතමූල ය ... අමොහ අව්‍යාකෘතමූල යි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅට්ඨ මහා විපාකා.
Sinhala BJTඅෂ්ටමහාවිපාකයෝ යි.
Pali BJT[රූපාවචර විපාකා]
Sinhala BJT[රූපාවචර විපාක]
Pali BJT500. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT500. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස්කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT501. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT501. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සුඛස්ස ච පහානා -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් පඨවිකසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTරූපාවචර විපාකා.
Sinhala BJTරූපාවචර විපාකයෝ යි.
Pali BJT[අරූපාවචර විපාකා]
Sinhala BJT[අරූපාවචර විපාක]
Pali BJT502. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT502. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ආකාසානඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ආකාසානඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වු, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් විපාක වූ ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT503. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT503. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විපාක වූ විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT504. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT504. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා සහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා විපාක වූ ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT505. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT505. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහතතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTඑ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා විපාක වූ නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅරූපාවචර විපාකා.
Sinhala BJTඅරූපාවචරවිපාකයෝ යි.
Pali BJT[ලොකුත්තරවිපාකා]
Sinhala BJT[ලෝකුත්තරවිපාකා]
Pali BJT[සුද්ධික පටිපදා]
Sinhala BJT[සුද්ධික පටිපදා]
Pali BJT506. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT506. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් විපාක වූ, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT507. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT507. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් විපාක වූ, කාමයන් ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT508. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT508. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT509. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT509. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුශල යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... යි දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT510. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT510. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන් ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට ... පැමිණ වෙසේ ද, මේ කුශල යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTසුද්ධිකපටිපදා.
Sinhala BJTසුද්ධිකපටිපදා යි.
Pali BJT[සුද්ධිකසුඤ්ඤතං]
Sinhala BJT[ශුද්ධික ශුන්‍යත]
Pali BJT511. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT511. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපම්පජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන්වෙන් ව ම ... ශුන්‍යතප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT512. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT512. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපම්පජ්ජ විහරති අනිමිත්තං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අනිමිත්ත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT513. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT513. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන්වෙන් ව ම ... ශුන්‍යතප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ මැ ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT514. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT514. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතන්ති කුසලං -පෙ- සුඤ්ඤතන්ති විපාකො -පෙ- සුඤ්ඤතන්ති කුසලං -පෙ- අනිමිත්තන්ති විපාකො -පෙ- සුඤ්ඤතන්ති කුසලං -පෙ- අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... අනිමිත්ත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි, ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... අප්‍රණිහිත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි
Pali BJTසුද්ධිකසුඤ්ඤතං.
Sinhala BJTශුද්ධිකශුන්‍යත යි.
Pali BJT[සුඤ්ඤතපටිපදා]
Sinhala BJT[ශුන්‍යතප්‍රතිපදා]
Pali BJT515. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT515. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTඑ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT516. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT516. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT517. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT517. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT518. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT518. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාකයි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාකයි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT519. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT519. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ... ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTසුඤ්ඤත පටිපදා.
Sinhala BJTශුන්‍යත ප්‍රතිපදා යි.
Pali BJT[සුද්ධික අප්පණිහිතං]
Sinhala BJT[ශුද්ධික අප්‍රණිහිත]
Pali BJT520. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT520. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT521. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT521. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අනිමිත්තං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අනිමිත්ත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT522. තකමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT522. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT523. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT523. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතන්ති කුසලං -පෙ- අප්පණිහිතන්ති විපාකො -පෙ- අප්පණිහිතන්ති කුසලං -පෙ- අනිමිත්තන්ති විපාකො -පෙ- අප්පණිහිතන්ති කුසලං -පෙ- සුඤ්ඤතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... අප්‍රණිහිත වු පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... අප්‍රණිහිත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ විපාක යි ... අප්‍රණිහිත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... අනිමිත්ත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... අප්‍රණිහිත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTසුද්ධිකඅප්පණිහිතං.
Sinhala BJTශුද්ධික අප්‍රණිහිතය යි.
Pali BJT[අප්පණිහිතපටිපදා]
Sinhala BJT[අප්‍රණිහිත ප්‍රතිපදා]
Pali BJT524. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT524. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT525. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT525. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි පෙ - පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTඑම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT526. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT526. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT527. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT527. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වු පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වු (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT528. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT528. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති කුසලං -පෙ- සුඛාපටිදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ... සුඛප්‍රතිපත් ඇති අප්‍රණිහිත වු ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි … සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅප්පණිහිත පටිපදා.
Sinhala BJTඅප්‍රණිහිතප්‍රතිපදා යි.
Pali BJT[වීසති මහානයා]
Sinhala BJT[විසිමහනය]
Pali BJT529. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT529. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සතිපට්ඨානං භාවෙති -පෙ- ලොකුත්තරං සම්මප්පධානං භාවෙති -පෙ- ලොකුත්තරං ඉද්ධිපාදං භාවෙති -පෙ- ලොකුත්තරං ඉන්ද්රියං භාවෙති -පෙ- ලොකුත්තරං බලං භාවෙති -පෙ- ලොකුත්තරං බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සච්චං භාවෙති -පෙ- ලොකුත්තරං සමථං භාවෙති -පෙ- ලොකුත්තරං ධම්මං භාවෙති -පෙ- ලොකුත්තරං ඛන්ධං භාවෙති -පෙ- ලොකුත්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත්තරං ඵස්සං භාවෙති -පෙ- ලොකුත්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත්තරං සඤ්ඤං භාවෙති -පෙ- ලොකුත්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත්තරං චිත්තං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- අනිමිත්තං පෙ - අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සතිපට්ඨානය වඩා ද ... ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රියය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ග වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ලෝකෝත්තර වූ ශමථය වඩා ද ...... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතන වඩා ද ... ලෝකෝත්තර වූ ධාතුව වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... අනිමිත්ත වූ .... අප්‍රණිහිත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
Pali BJTවීසති මහානයා.
Sinhala BJTවිසිමහනය යි.