Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාකායවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT449. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT449. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාකායවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
Pali BJT450. කතමං තස්මිං සමයෙ සුඛං හොති?
Sinhala BJT450. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
Sinhala BJTඑසමයෙහි යම් කාකිය වූ සාතයෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
Pali BJT451. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT451. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT452. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT452. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාකායවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප කායවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT453. කතමං තස්මිං සමයෙ සුඛින්ද්රියං හොති?
Sinhala BJT453. කවරෙක් එසමයෙහි සුඛේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සුඛින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් කායික වූ සාතයෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛේන්‍ද්‍රිය වේ.
Pali BJT454. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT454. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණින්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා කායවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ කායවිඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT455. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT455. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති. -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකුසලවිපාකානි පඤ්චවිඤ්ඤාණානි.
Sinhala BJTකුශලවිපාක පඤ්චවිඥානයෝ යි.
Pali BJT[කුසලවිපාකා මනොධාතු]
Sinhala BJT[කුසලවිපාකමනෝධාතු]
Pali BJT456. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT456. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොධාතු උප්පන්නා හොති උපෙක්ඛා සහගතා රූපාරම්මණා වා සද්දාරම්මණා වා ගන්ධාරම්මණා වා ඵොට්ඨබ්බාරම්මණා වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි ශබ්දාලම්බන ඇති වේවයි ගන්‍ධාලම්බන ඇති වේවයි රසාලම්බන ඇති වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන ඇති වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT457. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT457. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්: ...
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
Pali BJT458. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT458. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොධාතුසම්ඵස්සජං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතො සම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT459. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT459. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT460. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT460. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT461. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT461. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
Pali BJT462. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT462. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා, අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
Pali BJT463. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT463. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා, අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
Pali BJT464. කතමා තස්මිං සමයෙ උපෙක්ඛා හොති?
Sinhala BJT464. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ උපෙක්ඛා හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
Pali BJT465. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT465. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT466. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT466. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT467. කතමං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති?
Sinhala BJT467. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛකසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
Pali BJT468. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT468. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනොධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ මනෝධාතුව වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT469. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT469. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති. -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකුසලවිපාකා මනොධාතු.
Sinhala BJTකුශලවිපාකමනෝධාතු යි.
Pali BJT[කුසලවිපාකා මනොවිඤ්ඤාණධාතු සොමනස්සසහගතා]
Sinhala BJT[සොම්නස් සහගත කුශලවිපාක මනෝවිඥානධාතු]
Pali BJT470. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT470. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති සොමනස්සසහගතා රූපාරම්මණා වා සද්දාරම්මණා වා ගන්ධාරම්මණා වා රසාරම්මණා වා ඵොට්ඨබ්බාරම්මණා වා ධම්මාරම්මණා වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් රූපාලම්බන ඇති වේවයි, ශබ්දාලම්බන ඇති වේවයි, ගන්‍ධාලම්බන ඇති වේවයි, රසාලම්බන ඇති වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන ඇති වේවයි, ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සෝමනස්සසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT471. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT471. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT472. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT472. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT473. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT473. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT474. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT474. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT475. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT475. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.
Pali BJT476. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT476. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා, අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
Pali BJT477. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT477. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා, අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
Pali BJT478. කතමා තස්මිං සමයෙ පීති හොති?
Sinhala BJT478. කවරක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස, අයං තස්මිං සමයෙ පීති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.
Pali BJT479. කතමං තස්මිං සමයෙ සුඛං හොති?
Sinhala BJT479. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
Pali BJT480. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT480. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT481. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT481. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT482. කතමං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති?
Sinhala BJT482. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
Pali BJT483. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT483. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනො විඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ මනෝවිඥානධාතුව වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT484. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT484. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති. -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතාය ජීවිතේන්‍ද්‍රිය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකුසලවිපාකා මනොවිඤ්ඤාණධාතු සොමනස්ස සහගතා.
Sinhala BJTසෝමනස්සසහගත කුසලවිපාක මනෝවිඤ්ඤාණධාතු යි.
Pali BJT[කුසලවිපාකා මනොවිඤ්ඤාණධාතු උපෙක්ඛා සහගතා]
Sinhala BJT[උපේක්‍ෂා සහගත කුශලවිපාක මනෝවිඥානධාතු]
Pali BJT485. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT485. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා රූපාරම්මණා වා -පෙ- ධම්මාරම්මණා වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි, ... ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛක්‍රගතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT486. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT486. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT487. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT487. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූපමනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT488. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT488. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූපමනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT489. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT489. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූපමනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT490. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT490. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
Pali BJT491. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT491. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා, අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
Pali BJT492. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT492. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්: