Pali BJT405. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT405. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT406. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT406. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT407. කතමා තස්මිං සමයෙ උපෙක්ඛා හොති?
Sinhala BJT407. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ උපෙක්ඛා හොති.
Sinhala BJTඑසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
Pali BJT408. කතමං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති?
Sinhala BJT408. කවරෙක් එසමයෙහි උපෙක්ඛින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති. -පෙ-
Sinhala BJTඑසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපෙක්ඛින්‍ද්‍රිය වේ ...
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, චත්තාරි බලානි හොන්ති, ද්වෙ හෙතු හොන්ති, එකො ඵස්සො හොති, එකා වෙදනා හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, එක් මැ වේදනායෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
Pali BJT409. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT409. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත්තප්පබලං ලොභො මොහො අභිජ්ඣා මිච්ඡාදිට්ඨි අහිරිකං අනොත්තප්පං සමථො පග්ගාහො අවික්ඛෙපො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාදෘෂ්ටි ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය මෝහ ය අභිධ්‍යා ය මිථ්‍යාදෘෂ්ටි ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT410. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT410. කවර ධර්‍මයෝ අකුසල් වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ අකුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT411. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT411. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිවච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත්තප්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ්ඣා හොති, අහිරිකං හොති, අනොත්තප්පං හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙවා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, තිවඞ්ගිකො මග්ගො හොති, චත්තාරි බලානි හොන්ති, ද්වෙ හෙතු හොන්ති, එකො ඵස්සො හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගිකමාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
Pali BJT412. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT412. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත්තප්පබලං ලොභො මොහො අභිජ්ඣා අහිරිකං අනොත්තප්පං සමථො පග්ගාහො අවික්ඛෙපො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝභ ය මෝහය අභිධ්‍යා ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. … මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT413. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT413. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයේ යි.
Pali BJT414. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT414. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, දුක්ඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, දොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත්තප්පබලං හොති, දොසො හොති, මොහො හොති, ව්යාපාදො හොති, අහිරිකං හොති, අනොත්තප්පං හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙවා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට දොම්නස් සහගත වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි. දෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ද්වේෂය වෙයි, මෝහය වෙයි, ව්‍යාපාදය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT415. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT415. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
Pali BJT416. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT416. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ෂයෙක් උපන් අමිහිරි වූ දුඃඛවේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...
Pali BJT417. කතමං තස්මිං සමයෙ දුක්ඛං හොති?
Sinhala BJT417. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං අසාතං චෙතසිතං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ දුක්ඛං හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛය වේ ...
Pali BJT418. කතමං තස්මිං සමයෙ දොමනස්සින්ද්රියං හොති?
Sinhala BJT418. කවරෙක් එසමයෙහි දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ දොමනස්සින්ද්රියං හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දෝමනස්සින්‍ද්‍රිය වේ ...
Pali BJT419. කතමො තස්මිං සමයෙ දොසො හොති?
Sinhala BJT419. කවරෙක් එසමයෙහි දෝෂ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං තස්මිං සමයෙ දොසො හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යපත්තියෙක් ව්‍යාපජ්ජනයෙක් ව්‍යාපන්න බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් තද බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි දෝෂය වේ ...
Pali BJT420. කතමො තස්මිං සමයෙ ව්යාපාදො හොති?
Sinhala BJT420. කවරෙක් එසමයෙහි ව්‍යාපාද වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං තස්මිං සමයෙ ව්යාපාදො හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තීයෙක් ව්‍යාපජ්ජනයෙක් ව්‍යාපන්න බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් තද බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ව්‍යාපාද වේ ...
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, තිවඞ්ගිකො මග්ගො හොති, චත්තාරි බලානි හොන්ති, ද්වෙ හෙතු හොන්ති, එකො ඵස්සො හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තීවඞ්ගිකමාර්‍ගය වෙයි, සතර බලයෝ වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි ... එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇදීද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
Pali BJT421. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT421. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත්තප්පබලං දොසො මොහො ව්යාපාදො අහිරිකං අනොත්තප්පං සමථො පග්ගාහො අවික්ඛෙපො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ද්වේෂ ය මෝහ ය ව්‍යාපාද ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT422. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT422. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති දොමනස්සහගතං පටිඝසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට දොම්නස් සහගත වූ ප්‍රතිඝ සම්ප්‍රයුක්ත වූ අකුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT423. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT423. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං විචිකිච්ඡාසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, විරියබලං හොති, අහිරිකබලං හොති, අනොත්තප්පබලං හොති, විචිකිච්ඡා හොති, මොහො හොති, අහිරිකං හොති, අනොත්තප්පං හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, විචික්ච්ඡා ව වෙයි, මෝහය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ප්‍රග්‍රාහය වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙතෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT424. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT424. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...
Pali BJT425. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT425. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති. -පෙ-
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ ...
Pali BJT426. කතමං තස්මිං සමයෙ විචිකිච්ඡා හොති?
Sinhala BJT426. කවරක් එසමයෙහි විචිකිච්ඡා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො{1} ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනො විලෙඛො, අයං තස්මිං සමයෙ විචිකිච්ඡා හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් දේවළහකයෙක් දර්‍වධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් පසුබැස්මෙක් හාත්පසින් පසුබැස්මෙක් නො බැසැගැන්මෙක් තදබවෙක් සිත පිළිබඳ මනෝවිලේඛයෙක් වේ ද, මේ එසමයෙහි විචිකිච්ඡා වේ ...
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතිත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, චත්තාරි ඉන්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, දුවඞ්ගිකො මග්ගො හොති, තීණි බලානි හොන්ති, එකො හෙතු හොති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, දුවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ තිදෙනෙක් වෙති, එක් මැ හේතුයෙක් වෙයි, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙතෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...
Pali BJT427. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT427. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො විරියබලං අහිරිකබලං අනොත්තප්පබලං විචිකිච්ඡා මොහො අහිරිකං අනොත්තප්පං පග්ගාහො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාරය චිත්තෛකාග්‍රතාය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය වීර්‍ය්‍යබලය අහිරිකබලය අනොත්තප්පබල ය විචිකිත්සා ය මෝහ ය අහිරික ය අනොත්තප්ප ය ප්‍රග්‍රාහ යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ … මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT428. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT428. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං උද්ධච්චසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත්තප්පබලං හොති, උද්ධච්චං හොති, මොහො හොති, අහිරිකං හොති, අනොත්තප්පං හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වු ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත වූ අකුශලචිත්ත ය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ඖද්ධත්‍යය වෙයි, මෝහය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT429. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT429. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...
Pali BJT430. කතමං තස්මිං සමයෙ උද්ධච්චං හොති?
Sinhala BJT430. කවරෙක් එසමයෙහි ඖද්ධත්‍ය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තස්ස උද්ධච්චං අවුපසමො{1} චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං තස්මිං සමයෙ උද්ධච්චං හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ ඖද්ධත්‍යයෙක් චිත්තයාගේ අව්‍යුපශමයෙක් වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ එසමයෙහි ඖද්ධත්‍ය වේ ...
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, චතුරඞ්ගිකං ඣානං හොති, තිවඞ්ගිකො මග්ගො හොති, චත්තාරි බලානි හොන්ති, එකො හෙතු හොති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සතර දෙනෙක් වෙති, එක් මැ හේතුයෙක් වෙයි, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ ධර්‍මයෝ අකුශලයෝ යි..
Pali BJT431. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT431. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත්තප්පබලං උද්ධච්චං මොහො අහිරිකං අනොත්තප්පං සමථො පග්ගාහො අවික්ඛෙපො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාරය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබල ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ඖද්ධත්‍ය ය මෝහ ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTද්වාදස අකුසල චිත්තානි.
Sinhala BJTදොළොස් අකුසල් සිත්හුයි.
Pali BJTඅව්යාකත විපාකචිත්තානි
Sinhala BJTඅව්‍යාකෘත විපාක විඥාන
Pali BJT432. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රූපාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්‍ෂා සහගත විපාක වූ චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT433. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT433. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මෙ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT434. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT434. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාචක්ඛුවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT435. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT435. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාචක්ඛුවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වු චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT436. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT436. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාචක්ඛුවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT437. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT437. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාචක්ඛුවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
Pali BJT438. කතමා තස්මිං සමයෙ උපෙක්ඛා හොති?
Sinhala BJT438. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං තස්මිං සමයෙ උපෙක්ඛා හොති.
Sinhala BJTඑසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
Pali BJT439. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT439. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT440. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
Sinhala BJT440. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාචක්ඛුවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT441. කතමං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති?
Sinhala BJT441. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ උපෙක්ඛින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
Pali BJT442. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT442. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපිධර්‍මයන් ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා චක්ඛුවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ චක්‍ෂුර්විඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT443. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT443. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං, ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං, ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධ තබා සංඥාස්කන්‍ධ තබා විඥානස්කන්‍ධ තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT444. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT444. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සොතවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං සද්දාරම්මණං -පෙ- විපාකං ඝානවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ගන්ධාරම්මණං -පෙ- විපාකං ජිව්හාවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං රසාරම්මණං -පෙ- විපාකං කායවිඤ්ඤාණං උප්පන්නං හොති සුඛසහගතං ඵොට්ඨබ්බාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, සුඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගත විපාක වූ කායවිඥානය උපදනේ වේ ද ... එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සුඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍මකෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT445. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT445. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන ආකාරයෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT446. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT446. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාකායවිඤ්ඤාණධාතුසම්ඵස්සජං කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් කායික වූ මිහිරි බවෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT447. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT447. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාකායවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත (හැඳිනගත්) බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT448. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT448. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්: