Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1001-1100 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT360. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT360. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT361. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT361. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සතිපට්ඨානං භාවෙති -පෙ- ලොකුත්තරං සම්මප්පධානං භාවෙති -පෙ- ලොකුත්තරං ඉද්ධිපාදං භාවෙති -පෙ- ලොකුත්තරං ඉන්ද්රියං භාවෙති -පෙ- ලොකුත්තරං බලං භාවෙති -පෙ- ලොකුත්තරං බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සච්චං භාවෙති -පෙ- ලොකුත්තරං සමථං භාවෙති -පෙ- ලොකුත්තරං ධම්මං භාවෙති -පෙ- ලොකුත්තරං ඛන්ධං භාවෙති -පෙ- ලොකුත්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත්තරං ඵස්සං භාවෙති -පෙ- ලොකුත්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත්තරං සඤ්ඤං භාවෙති -පෙ- ලොකුත්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත්තරං චිත්තං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සති පට්ඨානය වඩා ද ... ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රිය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ... ලෝකෝත්තර වූ ශමථය වඩා ද ... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතනය වඩා ද ... ලෝකෝත්තර වූ ධාතු වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වු ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇත ... චිත්තය අධිපති කොට ඇත ... විමංසාව අධිපති කොට ඇති (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅධිපති පඨමො මග්ගො.
Sinhala BJTඅධිපති ප්‍රථමමාර්‍ගය යි.
Pali BJT362. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT362. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං කාමරාගව්යාපාදානං තනුභාවාය දුතියාය භූමියාය පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ කාමරාගව්‍යාපාදයන්ගේ තුනීබව පිණිස ද්විතීයභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTදුතියො මග්ගො.
Sinhala BJTද්විතීයමාර්‍ගය යි.
Pali BJT363. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT363. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානාය තතියා භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙක කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය පිණිස තෘතියභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතතියො මග්ගො.
Sinhala BJTතෘතීය මාර්‍ගය යි.
Pali BJT364. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT364. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානාය චතුත්ථාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපරාග - අරූපරාග - මාන - ඖධත්‍ය - අවිද්‍යාවගේ අනවශේෂප්‍රහාණය පිණිස චතුර්‍ත්‍ථභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT365. කතමං තස්මිං සමයෙ අඤ්ඤින්ද්රියං හොති?
Sinhala BJT365. කවරෙක් එසමයෙහි අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තෙසං ධම්මානං ඤාතානං දිට්ඨානං පත්තානං විදිතානං සච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJT(පළමු මගින්) දන්නා ලද දක්නා ලද අධිගම කරන ලද ප්‍රකට කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ඒ ධර්‍මයන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙන් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උප පරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවභාෂයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එකල්හි අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචතුත්ථො මග්ගො
Sinhala BJTචතුර්මාර්‍ගය යි.
Pali BJTලොකුත්තරං චිත්තං.
Sinhala BJTලෝකෝත්තරචිත්තය යි.
Pali BJTද්වාදස අකුසලචිත්තානි.
Sinhala BJTදොළොස් අකුසල්සිත්
Pali BJT366. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT366. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නා හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිච්ඡාදිට්ඨි හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිබලං{1} හොති, අනොත්තප්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ්ඣා හොති, මිච්ඡාදිට්ඨි හොති, අහිරිකං හොති, අනොත්තප්පං හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවායි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපන්නේ වේ ද, එකලැ ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි. සංඥාව වෙයි. චේතනාව වෙයි. චිත්තය වෙයි. විතර්‍කය වෙයි. විචාරය වෙයි. ප්‍රීතිය වෙයි. සුඛය වෙයි. චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි. සමාධින්‍ද්‍රිය වෙයි. මනින්‍ද්‍රිය වෙයි. සෝමනස්සින්‍ද්‍රිය වෙයි. ජීවිතේන්‍ද්‍රිය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය වෙයි. මිථ්‍යාව්‍යායාමය වෙයි. මිථ්‍යාසමාධිය වෙයි. වීර්‍ය්‍යබලය වෙයි. සමාධිබලය වෙයි. අහිරිකබලය වෙයි. අනොත්තප්පබලය වෙයි. ලෝභය වෙයි. මෝහය වෙයි. අභිධ්‍යාව වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. අහිරිකය වෙයි. අනොත්තප්පය වෙයි. ශමථය වෙයි. ප්‍රග්‍රාහය වෙයි. අවික්‍ෂේපය වෙයි. තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT367. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT367. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTඅයං තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශකළබවෙක් වේ ද, එකලැ මේ ස්පර්‍ශය වේ.
Pali BJT368. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT368. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වු යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
Pali BJT369. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
Sinhala BJT369. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥාවක් සංජානනාකාරයෙන් සඤ්ජාතිතබවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
Pali BJT370. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
Sinhala BJT370. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං{1}, අයං තස්මිං සමයෙ චෙතනා හොති.
Sinhala BJTඑසමයෙහි තදනුරූප මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
Pali BJT371. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
Sinhala BJT371. කවරක් එසමයෙහි චිත්ත වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භාවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
Pali BJT372. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
Sinhala BJT372. කවරක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා මිච්ඡාසඞ්කප්පො, අයං තස්මිං සමයෙ විතක්කො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණායෙක් ව්‍යාපර්‍ණායෙක් සිතට නහාලීමෙක් මිථ්‍යාසඞ්කල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
Pali BJT373. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
Sinhala BJT373. කවරක් එසමයෙහි විචාර වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා, අයං තස්මිං සමයෙ විචාරො හොති.
Sinhala BJTඑසමයෙහි යම් (අරමුණෙහි) හැසිරීමෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් චිත්තයාගේ (අරමුණෙහි සිත) ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
Pali BJT374. කතමා තස්මිං සමයෙ පීති හොති?
Sinhala BJT374. කවරක් එසමයෙහි ප්‍රිතී වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස, අයං තස්මිං සමයෙ පීති හොති.
Sinhala BJTඑසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔද වැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මෙ එසමයෙහි ප්‍රීති වේ.
Pali BJT375. කතමං තස්මිං සමයෙ සුඛං හොති?
Sinhala BJT375. කවරක් එසමයෙහි සුඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරිබවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
Pali BJT376. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT376. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං මිච්ඡාසමාධි, අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT377. කතමං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති?
Sinhala BJT377. කවරෙක් එසමයෙහි විරියින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං මිච්ඡාවායාමො, ඉදං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධුර ඇති බවෙක් වැර දැඩි වැ ගැන්මෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
Pali BJT378. කතමං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති?
Sinhala BJT378. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං මිච්ඡාසමාධි, ඉදං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJT379. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති. ?
Sinhala BJT379. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං, මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
Pali BJT380. කතමං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති?
Sinhala BJT380. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සොම්නස්සින්‍ද්‍රීය වේ.
Pali BJT381. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
Sinhala BJT381. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
Sinhala BJTඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
Pali BJT382. කතමා තස්මිං සමයෙ මිච්ඡාදිට්ඨි හොති?
Sinhala BJT382. කවරක් එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං{1} දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො{2} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො,{3} අයං තස්මිං සමයෙ මිච්ඡාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහකයෙක් පිහිටා සිටීමෙන් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙන් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යස්තග්‍රාහයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වේ.
Pali BJT383. කතමො තස්මිං සමයෙ මිච්ඡාසඞ්කප්පො හොති?
Sinhala BJT383. කවරෙක් එසමයෙහි මිථ්‍යාසඞ්කල්ප වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා මිච්ඡාසඞ්කප්පො, අයං තස්මිං සමයෙ මිච්ඡාසඞ්කප්පො හොති.
Sinhala BJTඑසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසඞ්කල්ප වේ.
Pali BJT384. කතමො තස්මිං සමයෙ මිච්ඡාවායාමො හොති?
Sinhala BJT384. කවරෙක් එසමයෙහි මිථ්‍යාව්‍යායාම වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං මිච්ඡාවායාමො, අයං තස්මිං සමයෙ මිච්ඡාවායාමො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිරභාවයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාව්‍යායාම වේ.
Pali BJT385. කතමො තස්මිං සමයෙ මිච්ඡාසමාධි හොති?
Sinhala BJT385. කවරෙක් එසමයෙහි මිථ්‍යාසමාධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං මිච්ඡාසමාධි, අයං තස්මිං සමයෙ මිච්ඡාසමාධි හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසමාධි වේ.
Pali BJT386. කතමං තස්මිං සමයෙ විරියබලං හොති?
Sinhala BJT386. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං මිච්ඡාවායාමො, ඉදං තස්මිං සමයෙ විරියබලං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍රපරාක්‍රමයෙක් ස්ථිර පරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
Pali BJT387. කතමං තස්මිං සමයෙ සමාධිබලං හොති?
Sinhala BJT387. කවරක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං මිච්ඡාසමාධි, ඉදං තස්මිං සමයෙ සමාධිබලං හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ.
Pali BJT388. කතමං තස්මිං සමයෙ අහිරිකබලං හොති?
Sinhala BJT388. කවරෙක් එසමයෙහි අහිරිකබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ න හිරීයති හිරීයිතබ්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං තස්මිං සමයෙ අහිරිකබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් ලජ්ජා කටයුතු කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීම පිළිකුල් නො කෙරේ ද, මේ එසමයෙහි අහිරිකබල වේ.
Pali BJT389. කතමං තස්මිං සමයෙ අනොත්තප්පබලං හොති?
Sinhala BJT389. කවරෙක් එසමයෙහි අනොත්තප්පබල වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං තස්මිං සමයෙ අනොත්තප්පබලං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් බියපත් වීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය නො වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය නො වේ ද, මේ එසමයෙහි අනොත්තප්පබල වේ.
Pali BJT390. කතමො තස්මිං සමයෙ ලොභො හොති?
Sinhala BJT390. කවරෙක් එසමයෙහි ලෝභ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං තස්මිං සමයෙ ලොභො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ලුබ්ධබවෙක් ඇල්මෙක් ඇලෙන අයුරෙක් ඇලුණුබවෙක් අභිධ්‍යායෙක් ලෝභසංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, මේ එසමයෙහි ලෝභ වේ.
Pali BJT391. කතමො තස්මිං සමයෙ මොහො හොති?
Sinhala BJT391. කවරෙක් එසමයෙහි මෝහ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං{1} දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං තස්මිං සමයෙ මොහො හොති.
Sinhala BJTඑසමයෙහි යම් නො දැනීමෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංග්‍රාහණයෙක් අපයර්‍ය්‍යවග්‍රාහණයෙක් (හාත්පසින් නො බැසගැන්මෙක්) සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙන් අපවිත්‍රබවෙක් බාලබවෙක් අසම්‍යග්ඥානයෙන් මෝහයෙන් ප්‍රමෝහයෙන් සම්මෝහයෙක් අවිද්‍යාවෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහසංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි මෝහ වේ.
Pali BJT392. කතමා තස්මිං සමයෙ අභිජ්ඣා හොති?
Sinhala BJT392. කවරක් එසමයෙහි අභිධ්‍යා වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං තස්මිං සමයෙ අභිජ්ඣා හොති.
Sinhala BJTඑසමයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ලුබ්ධබවෙක් ඇල්මෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යායෙක් ලෝභ සංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, මේ එසමයෙහි අභිධ්‍යා වේ.
Pali BJT393. කතමා තස්මිං සමයෙ මිච්ඡාදිට්ඨි හොති?
Sinhala BJT393. කවරක් එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං{2} දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො{3} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො,{4} අයං තස්මිං සමයෙ මිච්ඡාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යස්තග්‍රාහයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වේ.
Pali BJT394. කතමං තස්මිං සමයෙ අහිරිකං හොති?
Sinhala BJT394. කවරෙක් එසමයෙහි අහිරික වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ න හිරීයති හිරීයිතබ්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං තස්මිං සමයෙ අහිරිකං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් පිළිකුල් නො කෙරේ ද, මේ එසමයෙහි අහිරික වේ.
Pali BJT395. කතමං තස්මිං සමයෙ අනොත්තප්පං හොති?
Sinhala BJT395. කවරෙක් එසමයෙහි අනොත්තප්ප වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං තස්මිං සමයෙ අනොත්තප්පං හොති.
Sinhala BJTඑසමයෙහි තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය නො වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය නො වේ ද, මේ එසමයෙහි අනොත්තප්ප වේ.
Pali BJT396. කතමො තස්මිං සමයෙ සමථො හොති?
Sinhala BJT396. කවරක් එසමයෙහි ශමථ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං මිච්ඡාසමාධි, අයං තස්මිං සමයෙ සමථො හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ.
Pali BJT397. කතමො තස්මිං සමයෙ පග්ගාහො හොති?
Sinhala BJT397. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාන වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං මිච්ඡාවායාමො, අයං තස්මිං සමයෙ පග්ගාහො හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් ස්ථිරපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමතායෙක් බහා නො තැබූ ඡන්‍ද ඇති බවෙක් බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි වැ ගැනීමෙන් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
Pali BJT398. කතමො තස්මිං සමයෙ අවික්ඛෙපො හොති?
Sinhala BJT398. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං මිච්ඡාසමාධි, අයං තස්මිං සමයෙ අවික්ඛෙපො හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
Pali BJTයෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTතවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, පඤ්චඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොති, චත්තාරි බලානි හොන්ති, ද්වෙ හෙතු{1} හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා -පෙ-
Sinhala BJTඑසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති. ආයතනයෝ දෙදෙනෙක් වෙති. ධාතුහු දෙදෙනෙක් වෙති. ආහාරයෝ තිදෙනෙක් වෙති. ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති. පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි. චතුරඞ්ගික මාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති. හේතුහු දෙදෙනෙක් වෙති. එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි. එක් මැ ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍මකෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි. ...
Pali BJT399. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT399. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත්තප්පබලං ලොභො මොහො අභිජ්ඣා මිච්ඡාදිට්ඨි අහිරිකං අනොත්තප්පං සමථො පග්ගාහො අවික්ඛෙපො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාදෘෂ්ටි ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධි බලය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය මෝහ ය අභිධ්‍යා ය මිථ්‍යාදෘෂ්ටි ය අහිරික ය අනොත්තප්පය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුසලයෝ යි.
Pali BJT400. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT400. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගියා වූ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වු අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT401. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT401. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතකෙකා හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං{2} හොති, අනොත්තප්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ්ඣා හොති, අහිරිකං{3} හොති, අනොත්තප්පං හොති, සමථො හොති, අවික්ඛෙපො හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස්සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේවේ ද, එකල්හි - ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි,මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, පඤ්චඞ්ගිකං ඣානං හොති, තිවඞ්ගිකො මග්ගො හොති, චත්තාරි බලානි හොන්ති, ද්වෙ හෙතු හොන්ති, එකො ඵස්සො හොති, -පෙ- එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා -පෙ-
Sinhala BJTතවද, එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වු ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි. ...
Pali BJT402. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT402. කවරක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත්තප්පබලං ලොභො මොහො අභිජ්ඣා අහිරිකං අනොත්තප්පං සමථො පග්ගාහො අවික්ඛෙපො. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබල ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය අභිධ්‍යා ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥානස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT403. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT403. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
Pali BJT404. කතමෙ ධම්මා අකුසලා?
Sinhala BJT404. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, මිච්ඡාදිට්ඨි හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත්තප්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ්ඣා හොති, මිච්ඡාදිට්ඨි හොති, අහිරිකං හොති, අනොත්තප්පං හොති, සමථො හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අකුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාදෘෂ්ටිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, මිථ්‍යාදෘෂ්ටිය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.