Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 901-1000 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං, අයං තස්මිං සමයෙ අව්යාපාදො හොති.
Sinhala BJTඑසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක්බවෙක් අද්වේෂසඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අව්‍යාපාද වේ.
Pali BJT317. කතමො තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
Sinhala BJT317. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් අනිත්‍යාදි විසින් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
Pali BJT318. කතමා තස්මිං සමයෙ හිරි හොති?
Sinhala BJT318. කවරක් එසමයෙහි හිරි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, අයං තස්මිං සමයෙ හිරි හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් ලජ්ජාවිය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා කෙරේ ද, මේ එසමයෙහි හිරි වේ.
Pali BJT319. කතමං තස්මිං සමයෙ ඔත්තප්පං හොති?
Sinhala BJT319. කවරෙක් එසමයෙහි ඔත්තප්ප වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං තස්මිං සමයෙ ඔත්තප්පං හොති.
Sinhala BJTඑසමයෙහි යමෙකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන ත්‍රස්ත වේ ද, ලාමක වූ අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ත්‍රස්ත වේ ද, මේ එසමයෙහි ඔත්තප්ප (උත්ත්‍රස්ත) වේ.
Pali BJT320. කතමා තස්මිං සමයෙ කායපස්සද්ධි හොති?
Sinhala BJT320. කවරෙක් එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අයං තස්මිං සමයෙ කායපස්සද්ධි හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් ප්‍රශ්‍රබ්ධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වේ.
Pali BJT321. කතමා තස්මිං සමයෙ චිත්තපස්සද්ධි හොති?
Sinhala BJT321. කවරෙක් එසමයෙහි චිත්තප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අයං තස්මිං සමයෙ චිත්තපස්සද්ධි හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හුන් බවෙක් ප්‍රශ්‍රබ්ධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තප්‍රශ්‍රබ්ධි වේ.
Pali BJT322. කතමා තස්මිං සමයෙ කායලහුතා හොති?
Sinhala BJT322. කවරෙක් එසමයෙහි කායලඝුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා, අයං තස්මිං සමයෙ කායලහුතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ලඝුතායෙක් යුහු වැ පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි කායලඝුතා වේ.
Pali BJT323. කතමා තස්මිං සමයෙ චිත්තලහුතා හොති?
Sinhala BJT323. කවරෙක් එසමයෙහි චිත්තලඝුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා, අයං තස්මිං සමයෙ චිත්තලහුතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ලඝුතායෙක් යුහු වැ පිරිවැටෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තලඝුතා වේ.
Pali BJT324. කතමා තස්මිං සමයෙ කායමුදුතා හොති?
Sinhala BJT324. කවරෙක් එසමයෙහි කායමෘදුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා, අයං තස්මිං සමයෙ කායමුදුතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි කායමෘදුතා වේ.
Pali BJT325. කතමා තස්මිං සමයෙ චිත්තමුදුතා හොති?
Sinhala BJT325. කවරෙක් එසමයෙහි චිත්තමෘදුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා, අයං තස්මිං සමයෙ චිත්තමුදුතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තමෘදුතා වේ.
Pali BJT326. කතමා තස්මිං සමයෙ කායකම්මඤ්ඤතා හොති?
Sinhala BJT326. කවරෙක් එසමයෙහි කායකර්‍මණ්‍යතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, අයං තස්මිං සමයෙ කායකම්මඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ එසමයෙහි කායකර්‍මණ්‍යතා වේ.
Pali BJT327. කතමා තස්මිං සමයෙ චිත්තකම්මඤ්ඤතා හොති?
Sinhala BJT327. කවරෙක් එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, අයං තස්මිං සමයෙ චිත්තකම්මඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වේ.
Pali BJT328. කතමා තස්මිං සමයෙ කායපාගුඤ්ඤතා හොති?
Sinhala BJT328. කවරෙක් එසමයෙහි කායප්‍රාගුණ්‍ය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පගුණතා පගුණත්තං පගුණභාවො, අයං තස්මිං සමයෙ කායපාගුඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ ( නො ගිලන්) බවෙක් වේ ද, මේ එසමයෙහි කායප්‍රාගුණ්‍ය වේ.
Pali BJT329. කතමා තස්මිං සමයෙ චිත්තපාගුඤ්ඤතා හොති?
Sinhala BJT329. කවරෙක් එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස පගුණතා පගුණත්තං පගුණභාවො, අයං තස්මිං සමයෙ චිත්තපාගුඤ්ඤතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වේ.
Pali BJT330. කතමා තස්මිං සමයෙ කායුජ්ජුකතා හොති?
Sinhala BJT330. කවරෙක් එසමයෙහි කායඍජුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස උජුතා උජ්ජුකතා අජිම්හතා අවඞ්කතා අකුටිලතා, අයං තස්මිං සමයෙ කායුජ්ජුකතා හොති.
Sinhala BJTඑසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් ඍජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද, මේ එසමයෙහි කායඍජුතා වේ.
Pali BJT331. කතමා තස්මිං සමයෙ චිත්තුජ්ජුකතා හොති?
Sinhala BJT331. කවරෙක් එසමයෙහි චිත්තඍජුතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස උජුතා උජ්ජුකතා අජිම්හතා අවඞ්කතා අකුටිලතා, අයං තස්මිං සමයෙ චිත්තුජ්ජුකතා හොති.
Sinhala BJTඑසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් ඍජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලාතායෙක් වේ ද, මේ එසමයෙහි චිත්තඍජුතා වේ.
Pali BJT332. කතමා තස්මිං සමයෙ සති හොති?
Sinhala BJT332. කවරෙක් එසමයෙහි ස්මෘති වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සති හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් (අරමුණෙහි) පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්ඛොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘති වේ.
Pali BJT333. කතමං තස්මිං සමයෙ සම්පජඤ්ඤං හොති?
Sinhala BJT333. කවරෙක් එසමයෙහි සම්‍යග්ඥාන වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ සම්පජඤ්ඤං හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙක් විමසීමෙක් සියුසස් දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මෙ එසමයෙහි සම්‍යග්ඥාන වේ.
Pali BJT334. කතමො තස්මිං සමයෙ සමථො හොති?
Sinhala BJT334. කවරෙක් එසමයෙහි ශමථ වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ සමථො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමෘධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ.
Pali BJT335. කතමා තස්මිං සමයෙ විපස්සනා හොති?
Sinhala BJT335. කවරෙක් එසමයෙහි විදර්‍ශනා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ විපස්සනා හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සියුසස් දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරිප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි විදර්‍ශනා වේ.
Pali BJT336. කතමො තස්මිං සමයෙ පග්ගාහො හොති?
Sinhala BJT336. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාහ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ පග්ගාහො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩි වැ ගැන්මෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
Pali BJT337. කතමො තස්මිං සමයෙ අවික්ඛෙපො හොති?
Sinhala BJT337. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං තස්මිං සමයෙ අවික්ඛෙපො හොති.
Sinhala BJTඑසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
Pali BJTයෙවා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTඑසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, නවින්ද්රියානි හොන්ති, පඤ්චඞ්ගිකං ඣානං හොති, අට්ඨඞ්ගිකො මග්ගො හොති, සත්තබලානි හොන්ති, තයො හෙතු හොන්ති, එකො ඵස්සො හොති, එකා වෙදනා හොති, එකා සඤ්ඤා හොති, එකා චෙතනා හොති, එකං චිත්තං හොති, එකො වෙදනාක්ඛන්ධො හොති, එකො සඤ්ඤාක්ඛන්ධො හොති, එකො සඞ්ඛාරක්ඛන්ධො හොති, එකො විඤ්ඤාණක්ඛන්ධො හොති, එකං මනායතනං හොති, එකං මනින්ද්රියං හොති, එකා මනොවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTතවද එසමයෙහි සතර ස්කන්‍ධ කෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සප්තබල කෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක් චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්‍ධයෙක් වෙයි, එක් සංඥාස්කන්‍ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්‍ධයෙක් වෙයි, එක් විඥානස්කන්‍ධයෙක් වෙයි, එක් මැ මනායතනය වෙයි, එක් මනින්‍ද්‍රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි. එක් මැ ධර්‍මධාතුව වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT338. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT338. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙකග්ගතා සද්ධින්ද්රියං විරියින්ද්රියං{1} සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං ජීවිතින්ද්රියං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං අලොභො අදොසො අමොහො අනභිජ්ඣා අව්යාපාදො සම්මාදිට්ඨි හිරි{2} ඔත්තප්පං කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සම්පජඤ්ඤං සමථො විපස්සනා පග්ගාහො අවික්ඛෙපො, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං - අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති. -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතින්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්ප ය සම්‍යග්වාචා ය සම්‍යක්කර්‍මාන්ත ය සම්‍යක්-ආජීව ය සම්‍යග්ව්‍යායාම ය සම්‍යක්ස්මෘති ය සම්‍යක්සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල හා ප්‍රඥාබල හා හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අදෝස ය අමොහ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය සම්‍යග්දෘෂ්ටිය ය හිරි ය ඔත්තප්ප ය කායප්‍රශ්‍රබ්ධි ය චිත්තප්‍රශ්‍රබ්ධි ය කායලඝුතා ය චිත්තලඝුතා ය කායමෘදුතා ය චිත්තමෘදුතා ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍යතා ය චිත්තප්‍රාගුණ්‍යතා ය කායඍජුතා ය චිත්තඍජුතා ය ස්මෘති ය සම්‍යග්ඥාන ය ශමථ ය විදර්‍ශනා ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT339. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT339. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං{3} අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා{*}.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ද දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT340. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT340. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං{4} ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT341. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT341. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං{3} අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං{5} දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT342. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT342. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං{3} අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං{5} ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත වූ ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT343. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT343. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං{1} දන්ධාභිඤ්ඤං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං{2} දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... දුඃඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTසුද්ධිකපටිපදා.
Sinhala BJTසුද්ධිකපටිපදා යි.
Pali BJT[සුඤ්ඤතං]
Sinhala BJT[ශුන්‍යතය]
Pali BJT344. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT344. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමනයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT345. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT345. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං{3} -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵසෙසා හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … ශුන්‍යතපඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTසුඤ්ඤතං.
Sinhala BJTශුන්‍යත යි.
Pali BJT[සුඤ්ඤත මූලක පටිපදා]
Sinhala BJT[ශුන්‍යත මූලකප්‍රතිපදා]
Pali BJT346. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT346. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT347. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT347. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT348. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT348. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT349. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT349. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT350. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT350. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං{1} -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ශුන්‍යත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTසුඤ්ඤත මූලක පටිපදා.
Sinhala BJTශුන්‍යතමූලක ප්‍රතිපදා යි
Pali BJT[අප්පණිහිතං]
Sinhala BJT[අප්පණිහිතය]
Pali BJT351. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT351. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT352. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT352. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … අප්‍රණිහිත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅප්පණිහිතං.
Sinhala BJTඅප්‍රණිහිතය යි.
Pali BJT[අප්පණිහිත මූලකපටිපදා]
Sinhala BJT[අප්‍රණිහිත මූලකප්‍රතිපදා]
Pali BJT353. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT353. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT354. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT354. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT355. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT355. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT356. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT356. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT357. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT357. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත්ති ඇති, දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅප්පණිහිත මූලක පටිපදා.
Sinhala BJTඅප්‍රණීහිතමූලක ප්‍රතිපදා යි.
Pali BJT[විසතිමහානයා]
Sinhala BJT[විංශද්මහානය]
Pali BJT358. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT358. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සතිපට්ඨානං භාවෙති -පෙ- ලොකුත්තරං සම්මප්පධානං භාවෙති -පෙ- ලොකුත්තරං ඉද්ධිපාදං භාවෙති -පෙ- ලොකුත්තරං ඉන්ද්රියං භාවෙති -පෙ- ලොකුත්තරං බලං භාවෙති -පෙ- ලොකුත්තරං බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සච්චං භාවෙති -පෙ- ලොකුත්තරං සමථං භාවෙති -පෙ- ලොකුත්තරං ධම්මං භාවෙති -පෙ- ලොකුත්තරං ඛන්ධං භාවෙති -පෙ- ලොකුත්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත්තරං ඵස්සං භාවෙති -පෙ- ලොකුත්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත්තරං සඤ්ඤං භාවෙති -පෙ- ලොකුත්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත්තරං චිත්තං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සතිපට්ඨානය වඩා ද ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රිය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ... ලෝකෝත්තර වූ ශමථය වඩා ද ... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතනය වඩා ද ... ලෝකෝත්තර වූ ධාතු වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත්ති ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTවීසතිමහානයා.
Sinhala BJTවිංශද් මහානය යි.
Pali BJT[අධිපති පඨමො මග්ගො]
Sinhala BJT[අධිපති ප්‍රථමමාර්‍ගය]
Pali BJT359. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT359. කවර ධර්‍මයෝ කුසල්හ යත්: