Dhammasaṅgaṇī

Enumeration of Phenomena

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1601-1700 න් 3932

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-dhs-3:260.27
Pali BJTඅත්ථි රූපං ජීවිතින්ද්රියං, අත්ථි රූපං න ජීවිතින්ද්රියං.
Sinhala BJTජිවිතේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:260.28
Pali BJTඉන්ද්රියදුකං. (8)
Sinhala BJTඉන්‍ද්‍රිය දුක යි. (8)
ap-dhs-3:262.1
Pali BJTඅත්ථි රූපං කායවිඤ්ඤත්ති, අත්ථි රූපං න කායවිඤ්ඤත්ති.
Sinhala BJTකායවිඥප්තිරූපයෙක් ඇත, කායවිඥප්ති නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.2
Pali BJTඅත්ථි රූපං වචීවිඤ්ඤත්ති, අත්ථි රූපං න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTවාග්විඥප්තිරූපයෙක් ඇත, වාග්විඥප්ති නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.3
Pali BJTඅත්ථි රූපං ආකාසධාතු, අත්ථි රූපං න ආකාසධාතු.
Sinhala BJTආකාශධාතුරූපයෙක් ඇත, ආකාශධාතු නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.4
Pali BJTඅත්ථි රූපං ආපොධාතු, අත්ථි රූපං න ආපොධාතු.
Sinhala BJTඅබ්ධාතුරූපයෙක් ඇත, අබ්ධාතු නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.5
Pali BJTඅත්ථි රූපං රූපස්ස ලහුතා, අත්ථි රූපං රූපස්ස න ලහුතා.
Sinhala BJTරූපයාගේ ලඝුත්‍වරූපයෙක් ඇත. රූපයාගේ ලඝුත්‍ව නො වූ රූපයෙක් ඇත;
ap-dhs-3:262.6
Pali BJTඅත්ථි රූපං රූපස්ස මුදුතා, අත්ථි රූපං රූපස්ස න මුදුතා.
Sinhala BJTරූපයාගේ මෘදුත්‍වරූපයෙක් ඇත, රූපයාගේ මෘදුත්‍ව නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.7
Pali BJTඅත්ථි රූපං රූපස්ස කම්මඤ්ඤතා, අත්ථි රූපං රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTරූපයාගේ කර්‍මණ්‍යතා රූපයෙක් ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.8
Pali BJTඅත්ථි රූපං රූපස්ස උපචයො, අත්ථි රූපං රූපස්ස න උපචයො.
Sinhala BJTරූපයාගේ උපචයරූපයෙක් ඇත, රූපයාගේ උපචය නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.9
Pali BJTඅත්ථි රූපං රූපස්ස සන්තති, අත්ථි රූපං රූපස්ස න සන්තති.
Sinhala BJTරූපයාගේ සන්තතිරූපයෙක් ඇත, රූපයාගේ සන්තති නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.10
Pali BJTඅත්ථි රූපං රූපස්ස ජරතා, අත්ථි රූපං රූපස්ස න ජරතා.
Sinhala BJTරූපයාගේ ජරතාරූපයෙක් ඇත, රූපයාගේ ජරතා නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.11
Pali BJTඅත්ථි රූපං රූපස්ස අනිච්චතා, අත්ථි රූපං රූපස්ස න අනිච්චතා.
Sinhala BJTරූපයාගේ අනිත්‍යතාරූපයෙක් ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූ රූපයෙක් ඇත.
ap-dhs-3:262.12
Pali BJTඅත්ථි රූපං කබළීකාරො ආහාරො, අත්ථි රූපං න කබළීකාරො ආහාරො.
Sinhala BJTකවලීකාරාහාරරූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති.
ap-dhs-3:262.13
Pali BJTඑවං දුවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ දෙකොටසින් රූපසඞ්ග්‍රහය වේ.
ap-dhs-3:262.14
Pali BJTසුඛුමරූපදුකං. (12)
Sinhala BJTසූක්‍ෂ්මරූප දුක යි. (12)
ap-dhs-3:262.15
Pali BJTදුකං.
Sinhala BJTද්විකය යි.
ap-dhs-3:262.16
Pali BJT589. තිවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT589. තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
ap-dhs-3:262.17
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා. යං තං රූපං බාහිරං තං අත්ථි උපාදා, අත්ථි නො උපාදා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදාරූප ය. යම් බාහිරරූපයෙක් වේ ද එ උපාදාවූයේ ඇත, උපාදා නො වූයේ ඇති.
ap-dhs-3:262.18
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං උපාදින්නං. යං තං රූපං බාහිරං තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදින්න ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
ap-dhs-3:262.19
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං උපාදින්නුපාදානියං. යං තං රූපං බාහිරං තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය උපාදින්නූපාදානිය ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
ap-dhs-3:262.20
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං අනිදස්සනං. යං තං රූපං බාහිරං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අනිදර්‍ශන ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
ap-dhs-3:264.1
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං සප්පටිඝං. යං තං රූපං බාහිරං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටුම් සහිත) ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
ap-dhs-3:264.2
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං ඉන්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:264.3
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න මහාභූතං. යං තං රූපං බාහිරං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය මහාභූත නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
ap-dhs-3:264.4
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න විඤ්ඤත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි විඤ්ඤත්ති, අත්ථි න විඤ්ඤත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය විඥප්ති නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය විඥප්ති වූයේ ඇත, විඥප්ති නො වූයේ ඇති.
ap-dhs-3:264.5
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න චිත්තසමුට්ඨානං. යං තං රූපං බාහිරං තං අත්ථි චිත්තසමුට්ඨානං, අත්ථි න චිත්තසමුට්ඨානං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන වූයේ ඇත, චිත්තසමුත්‍ථාන නො වූයේ ඇති.
ap-dhs-3:264.6
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න චිත්තසහභූ. යං තං රූපං බාහිරං තං අත්ථි චිත්තසහභූ, අත්ථි න චිත්තසහභූ.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසහභූ නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසහභූ වූයේ (-සිත සමග උපන්නේ) ඇත. චිත්තසහභූ නො වූයේ ඇති.
ap-dhs-3:264.7
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න චිත්තානුපරිවත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි චිත්තානුපරිවත්ති, අත්ථි න චිත්තානුපරිවත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී වූයේ ඇත, චිත්තානුපරිවර්‍තතී නො වූයේ ඇති.
ap-dhs-3:264.8
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං ඔළාරිකං. යං තං රූපං බාහිරං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඖදාරික ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂ්ම වූයේ ඇති.
ap-dhs-3:264.9
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං සන්තිකෙ. යං තං රූපං බාහිරං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සන්තික වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ap-dhs-3:264.10
Pali BJTපකිණ්ණක තිකං. (13)
Sinhala BJTප්‍රකීර්‍ණක ත්‍රික යි. (13)
ap-dhs-3:264.11
Pali BJTයං තං රූපං බාහිරං තං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුසම්ඵස්සස්ස වත්ථු, අත්ථි චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
ap-dhs-3:264.12
Pali BJTයං තං රූපං බාහිරං තං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට වස්තු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ඇති.
ap-dhs-3:264.13
Pali BJTයං තං රූපං බාහිරං තං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායසම්ඵස්සස්ස වත්ථු, අත්ථි කායසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට වස්තු වූයේ ඇත, කායසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
ap-dhs-3:266.1
Pali BJTයං තං රූපං බාහිරං තං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි කායවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඥානයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥානයට වස්තු වූයේ ඇත, කායවිඥානයට වස්තු නො වූයේ ඇති.
ap-dhs-3:266.2
Pali BJTවත්ථුතිකං. (25)
Sinhala BJTවස්තු ත්‍රික යි. (25)
ap-dhs-3:266.3
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං චක්ඛුසම්ඵස්සස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං, අත්ථි චක්ඛුසම්ඵස්සස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
ap-dhs-3:266.4
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ඇති.
ap-dhs-3:266.5
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි කායසම්ඵස්සස්ස ආරම්මණං, අත්ථි කායසම්ඵස්සස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
ap-dhs-3:266.6
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි කායවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි කායවිඤ්ඤාණස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායසඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට. … කායවිඥානයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥානයට අරමුණු වූයේ ඇත, කායවිඥානයට අරමුණු නො වූයේ ඇති.
ap-dhs-3:266.7
Pali BJTආරම්මණතිකං. (25)
Sinhala BJTආලම්බන ත්‍රික යි. (25)
ap-dhs-3:266.8
Pali BJTයං තං රූපං බාහිරං තං න චක්ඛායතනං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛායතනං, අත්ථි න චක්ඛායතනං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන වූයේ ඇත, චක්‍ෂුරායතන නො වූයේ ඇති.
ap-dhs-3:266.9
Pali BJTයං තං රූපං බාහිරං තං න සොතායතනං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි සොතායතනං, අත්ථි න සොතායතනං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන වූයේ ඇත, ශ්‍රෝත්‍රායතන නො වූයේ ඇති.
ap-dhs-3:266.10
Pali BJTයං තං රූපං බාහිරං තං න ඝානායතනං -පෙ- න ජිව්හායතනං -පෙ- න කායායතනං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායායතනං අත්ථි න කායායතනං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ඝ්‍රාණායතන නො වූයේ ය … ජිව්හායතන නො වූයේ ය … කායායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායායතන වූයේ ඇත, කායායතන නො වූයේ ඇති.
ap-dhs-3:266.11
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න රූපායතනං. යං තං බාහිරං තං අත්ථි රූපායතනං, අත්ථි න රූපායතනං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපායතන නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය රූපායතන වූයේ ඇත, රූපායතන නො වූයේ ඇති.
ap-dhs-3:268.1
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න සද්දායතනං -පෙ- න ගන්ධායතනං -පෙ- න රසායතනං -පෙ- න ඵොට්ඨබ්බායතනං. යං තං රූපං බාහිරං තං අත්ථි ඵොට්ඨබ්බායතනං, අත්ථි න ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දායතන නො වූයේ ය. … ගන්‍ධායතන නො වූයේ ය … රසායතන නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යායතන වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ඇති.
ap-dhs-3:268.2
Pali BJTආයතනතිකං. (10)
Sinhala BJTආයතන ත්‍රික යි. (10)
ap-dhs-3:268.3
Pali BJTයං තං රූපං බාහිරං තං න චක්ඛුධාතු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුධාතු, අත්ථි න චක්ඛුධාතු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුධාතු වූයේ ඇත, චක්ඛුධාතු නො වූයේ ඇති.
ap-dhs-3:268.4
Pali BJTයං තං රූපං බාහිරං තං න සොතධාතු -පෙ- න ඝානධාතු -පෙ- න ජිව්හාධාතු -පෙ- න කායධාතු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායධාතු, අත්ථි න කායධාතු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රොතධාතු නො වූයේ ය. … ඝ්‍රාණධාතු නො වූයේ ය. … ජිහ්වාධාතු නො වූයේ ය. … කායධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායධාතු වූයේ ඇත, කායධාතු නො වූයේ ඇති.
ap-dhs-3:268.5
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න රූපධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි රූපධාතු, අත්ථි න රූපධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපධාතු වූයේ ඇත, රූපධාතු නො වූයේ ඇති.
ap-dhs-3:268.6
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න සද්දධාතු -පෙ- න ගන්ධධාතු -පෙ- න රසධාතු -පෙ- න ඵොට්ඨබ්බධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි ඵොට්ඨබ්බධාතු, අත්ථි න ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දධාතු නො වූයේ ය. … ගන්‍ධධාතු නො වූයේ ය … රසධාතු නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යධාතු වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ඇති.
ap-dhs-3:268.7
Pali BJTධාතුතිකං (10)
Sinhala BJTධාතු ත්‍රික යි. (10)
ap-dhs-3:268.8
Pali BJTයං තං රූපං බාහිරං තං න චක්ඛුන්ද්රියං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුන්ද්රියං, අත්ථි න චක්ඛුන්ද්රියං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය වූයේ ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:268.9
Pali BJTයං තං රූපං බාහිරං තං න සොතින්ද්රියං -පෙ- න ඝානින්ද්රියං -පෙ- න ජිව්හින්ද්රියං -පෙ- න කායින්ද්රියං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායින්ද්රියං, අත්ථි න කායින්ද්රියං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූයේ ය … ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූයේ ය … ජිහ්වේන්‍ද්‍රිය නො වූයේ ය … කායේන්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායේන්‍ද්‍රිය වූයේ ඇත, කායේන්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:268.10
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ඉත්ථින්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි ඉත්ථින්ද්රියං, අත්ථි න ඉත්ථින්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය වූයේ ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:268.11
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න පුරිසින්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි පුරිසින්ද්රියං, අත්ථි න පුරිසින්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය වූයේ ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:268.12
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ජීවිතින්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි ජීවිතින්ද්රියං, අත්ථි න ජීවිතින්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය වූයේ ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:268.13
Pali BJTඉන්ද්රියතිකං. (8)
Sinhala BJTඉන්‍ද්‍රිය ත්‍රික යි. (8)
ap-dhs-3:270.1
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න කායවිඤ්ඤත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි කායවිඤ්ඤත්ති, අත්ථි න කායවිඤ්ඤත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥප්ති වූයේ ඇත, කායවිඥප්ති නො වූයේ ඇති.
ap-dhs-3:270.2
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න වචීවිඤ්ඤත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි වචීවිඤ්ඤත්ති, අත්ථි න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය වාග්විඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය වාග්විඥප්ති වූයේ ඇත, වාග්විඥප්ති නො වූයේ ඇති.
ap-dhs-3:270.3
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ආකාසධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි ආකාසධාතු, අත්ථි න ආකාසධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ආකාශධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ආකාශධාතු වූයේ ඇත, ආකාශධාතු නො වූයේ ඇති.
ap-dhs-3:270.4
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ආපොධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි ආපොධාතු, අත්ථි න ආපොධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අබ්ධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය අබ්ධාතු වූයේ ඇත, අබ්ධාතු නො වූයේ ඇති.
ap-dhs-3:270.5
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න ලහුතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස ලහුතා, අත්ථි රූපස්ස න ලහුතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා වූයේ ඇත, රූපයාගේ ලඝුතා නො වූයේ ඇති.
ap-dhs-3:270.6
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න මුදුතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස මුදුතා, අත්ථි රූපස්ස න මුදුතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා වූයේ ඇත, රූපයාගේ මෘදුතා නො වූයේ ඇති.
ap-dhs-3:270.7
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න කම්මඤ්ඤතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස කම්මඤ්ඤතා, අත්ථි රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා වූයේ ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ඇති.
ap-dhs-3:270.8
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න උපචයො. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස උපචයො, අත්ථි රූපස්ස න උපචයො.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය වූයේ ඇත, රූපයාගේ උපචය නො වූයේ ඇති.
ap-dhs-3:270.9
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න සන්තති. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස සන්තති, අත්ථි රූපස්ස න සන්තති.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති වූයේ ඇත, රූපයාගේ සන්තති නො වූයේ ඇති.
ap-dhs-3:270.10
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස ජරතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස ජරතා, අත්ථි රූපස්ස න ජරතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා වූයේ ඇත, රූපයාගේ ජරතා නො වූයේ ඇති.
ap-dhs-3:270.11
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න අනිච්චතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස අනිච්චතා, අත්ථි රූපස්ස න අනිච්චතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා වූයේ ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූයේ ඇති.
ap-dhs-3:270.12
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න කබළීකාරො ආහාරො{1}. යං තං රූපං බාහිරං තං අත්ථි කබළීකාරො ආහාරො, අත්ථි න කබළීකාරො ආහාරො.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කවලීකාරාහාර නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කවලීකාරාහාර වූයේ ඇත, කවලීකාරාහාර නො වූයේ ඇති.
ap-dhs-3:270.13
Pali BJTඑවං තිවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ තුන් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
ap-dhs-3:270.14
Pali BJTසුඛුමරූපතිකං. (12)
Sinhala BJTසූක්‍ෂමරූප ත්‍රික යි. (12)
ap-dhs-3:270.15
Pali BJTතිකං.
Sinhala BJTත්‍රිකය යි.
ap-dhs-3:272.1
Pali BJT590. චතුබ්බිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT590. සතර කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
ap-dhs-3:272.2
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං, යං තං රූපං නො උපාදා තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇත යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
ap-dhs-3:272.3
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං. යං තං රූපං නො උපාදා තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
ap-dhs-3:272.4
Pali BJTයං තං රූපං උපාදානං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං නො උපාදා තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
ap-dhs-3:272.5
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං නො උපාදා තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇති.
ap-dhs-3:272.6
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං නොඋපාදා තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ap-dhs-3:272.7
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං, යං තං රූපං අනුපාදින්නං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන (=චක්‍ෂුර්විඥානයට ගෝචර බව සහිත) වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
ap-dhs-3:272.8
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටීම් සහිත) වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත. අප්‍රතිඝ වූයේ ඇති.
ap-dhs-3:272.9
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
ap-dhs-3:272.10
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
ap-dhs-3:272.11
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත. සන්තික වූයේ ඇති.
ap-dhs-3:272.12
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං.
Sinhala BJTයම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
ap-dhs-3:272.13
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් උපාදින්නූපාදානියරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
ap-dhs-3:274.1
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
ap-dhs-3:274.2
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
ap-dhs-3:274.3
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් උපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ap-dhs-3:274.4
Pali BJTයං තං රූපං සප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං. යං තං රූපං අප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං.
Sinhala BJTයම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
ap-dhs-3:274.5
Pali BJTයං තං රූපං සප්පටිඝං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං. යං තං රූපං අප්පටිඝං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
ap-dhs-3:274.6
Pali BJTයං තං රූපං ඉන්ද්රියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං න ඉන්ද්රියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
ap-dhs-3:274.7
Pali BJTයං තං රූපං ඉන්ද්රියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං න ඉන්ද්රියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ap-dhs-3:274.8
Pali BJTයං තං රූපං මහාභූතං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං න මහාභූතං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් මහාභූතරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
ap-dhs-3:274.9
Pali BJTයං තං රූපං මහාභූතං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං න මහාභූතං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් මහාභූතරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ap-dhs-3:274.10
Pali BJTදිට්ඨං සුතං මුතං විඤ්ඤාතං රූපං.
Sinhala BJTරූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටරූප ය, ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතරූපය, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතරූප ය, ධර්‍මායතන සඞ්ඛ්‍යාත විඥාතරූප යයි.
ap-dhs-3:274.11
Pali BJTඑවං චතුබ්බිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ සතර කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
ap-dhs-3:274.12
Pali BJTචතුක්කං. (22)
Sinhala BJTචතුෂ්ක යි (22)
ap-dhs-3:274.13
Pali BJT591. පඤ්චවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT591. පස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි: